Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, July 9, 2008

මෙන්න එජාපයේ මාධ්‍ය නිදහස

වෙල්ලස්සේ බණ්ඩාර සහ නුවන් කොඩිකාර

තර්ජනයට ලක්වූ මාධ්‍යවේදීන් දෙදෙනා
පිටකෝට්ටේ මංසන්ධියේ වාහන තදබදය පිළිබඳ සහ මාර්ග පද්ධතිය පිළිබඳ දර්ශන රූ ගත කරමින් සිටි ස්වාධීන රූපවාහිනී ප‍්‍රාදේශීය වාර්තාකරුවන් දෙදෙනෙකුට එක්සත් ජාතික පක්ෂයෙන් තර්ජන එල්ල වී තිබේ.
ඊයේ (08) පස්වරුවේ අදාළ රූගත කිරීමේ නිරතව සිටි ප‍්‍රාදේශීය වාර්තාකරුවන් වන තිලක් වීරසිංහ හා සුනෙත් හේවාවිතාරණ යන අයට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇත.
මාර්ග පද්ධතිය රූගත කරමින් සිටින විට එම ස්ථානයට පැමිණ ඇති සිරිකොත ආරක්ෂක අංශයේ නිලධාරින් පිරිසක් ඔවුන් දෙදෙනා බලහත්කාරයෙන් සිරිකොත මන්දිරය තුළට රැගෙන ගොස් ඔවුන්ව පැයකට අධික කාලයක් තර්ජනය කරමින් රඳවාගෙන සිට ඇත.
තමන්ගේ අනන්‍යතාව හා පැමිණි රාජකාරිය පිළිබඳ කරුණු පැහැදිලි කර සිටියදීත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා සහ තවත් මන්තී‍්‍රවරුන් පිරිසක් ඔවුන්ට දැඩි ලෙස තර්ජනය කර තිබේ. මේ අවස්ථාවේදී එහි සිටි ඇතැම් පුද්ගලයන් ඔවුන් ගේ කැමරා උදුරා ගැනීමටත් එයට හානි කිරීමටත් උත්සාහ දරා තිබේ.
සිරිකොත මන්දිරයේ සිිටි ඇතැම් පුද්ගලයන් අසභ්‍ය වචනයෙන් බැණ මරණීය තර්ජනද සිදුකළ බව එමා මාධ්‍යවේදීහු පවසති.
මේ පිළිබඳව ස්වාධීන රූපවාහිනීය මිරිහාන පොලිසියට දැනුම් දීමත් සමඟම පොලිසිය ගොස් ඔවුන් දෙදෙනා නිදහස් කරගෙන තිබේ.
එහෙත් ඔවුන් දෙදෙනා යළිත් ස්වාධීන රූපවාහිනිය බලා පැමිණෙන විට පසුපසින් සුදුපැහැති වෑන් රථයක් ඔවුන්ව ලුහුබැද තිබේ.
මේ පිළිබඳව තිලක් වීරසිංහ හා සුනෙත් හේවාවිතාරණ යන මාධ්‍යවේදීහු මිරිහාන පොලිසියට පැමිණිලි කැර ඇත.
සිද්ධියට මුහුණ දුන් මාධ්‍යවේදීන් දෙදෙනා එම බිහිසුණු අත්දැකීම පිළිබඳව මෙසේ අදහස් දක්වති.
මාධ්‍යවේදී තිලක් වීරසිංහ මහතා - ආයතනයෙන් භාර දුන් රාජකාරියකට අනුව මා පිටකෝට්ටේ මංසන්ධියේ වාහන තදබදය හා මාර්ග පද්ධතිය දර්ශන ගත කරමින් සිටින විට සිරිකොතේ සිට පැමිණි පිරිසක් මාව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් පරුෂ වචනයෙන් බැන මරණීය තර්ජනය එල්ල කර පැයකට ආසන්න කාලයක් පමණ රඳවාගෙන සිටියා.
එතන තිස්ස අත්තනායක, පාලිත රංගබණ්ඩාර යන මන්තී‍්‍රවරු දෙදෙනත් සිටියා. පටිගත කළ දර්ශන ඉල්ලුවා.
එය නොදී සිටින විට “මූට” මොනවා හරි කරපං කියලා තිස්ස අත්තනායකගේ කාමරයෙන් එළියට දැම්මා.
මාධ්‍යවේදී සුනෙත් හේවාවිතාරණ මහතා - අපේ මාධ්‍යවේදියකු සිරිකොතට ඇදගෙන ගිය බව දැනගත් විගස මා එතනට යන්න ගියා.
එවිට එතන සිටි පිරිස මටත් තර්ජනය කර මගේ කැමරාව උදුරා ගන්න උත්සහ කළා.
එහෙත් මම එයට ඉඩ දුන්නේ නැහැ. පොලිසිය පැමිණ අපව මුදවාගෙන එන විට සුදු පැහැති වෑන් රථයක් අප පසුපස පැමිණියා.
මේ පිළිබඳ අදහස් දැක්වූ ස්වාධීන රූපවාහිනි සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප‍්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් සුදර්මන් රදලියගොඩ මහතා, අප ආයතනයේ මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කරමින් සිරිකොතට ගෙන ගොස් සිදුකළ මරණීය තර්ජනය සමස්ත මාධ්‍යයට ම කළ තර්ජනයක්.
එක්සත් ජාතික පක්‍ෂය මාධ්‍ය නිදහස ගැන කතා කර කර සිදුකරන මෙවැනි සිදුවීම් ගැනත් කතා කරන්න කියලා මාධ්‍ය සංවිධානවලට අප කියනවා.
රට තුළ තිබෙන සුදු වාහන භීතිකාවන් මෙම සිදුවීම සමග එළියට පැමිණ සිටිනවා.
මෙයත් හොඳ අවස්ථාවක් සුදු වාහන භීතිකාව ගැන සොයන්න.
සිදුවීම දැන ගත් විගසම කි‍්‍රයාත්මක වී රාජකාරිය අකුරට කළ මිරිහාන පොලිසියට ස්වාධීන රූපවාහිනී සේවයේ ස්තූතිය පිරිනමනවා.

No comments: