Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, July 22, 2008

නඩේසන්ගේ කෙඳිරිල්ල හා කොටි පුල්ලි මාරු නොවීම

වහාම සාම සාකච්ඡා පැවැත්වීමට සටන් විරාමයකට සූදානම් බවත් ඒ නිසා සටන් විරාමයක් ප‍්‍රකාශයට පත්කරන ලෙසත් කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක නඩේසන් පසුගියදා ඉල්ලීමක් කළේ ය.
හිටි ගමන් නින්දෙන් ඇහැරුණු ලෙස නඩේසන්ට එක පාරම සටන් විරාම, සාම සාකච්ඡා මතක් වූයේ ඇයිද? කියා කොටි ත‍්‍රස්තවාදීන්ට කඩේ යන පිරිසට විශාල ප‍්‍රවෘත්තියක් වුණාට කොටි ත‍්‍රස්තවාදය ගැන හොඳින් දන්නා බහුතරයක් ජනතාවට නම් එය එතරම් ගැටලුවක් නොවේ. නඩේසන් සටන් විරාමයකට කොටි සංවිධානය එකඟයි කියන කතාව කිහිප අවස්ථාවකදීම ප‍්‍රකාශ කළේ ය. එතකින් නොනැවතුණු නඩේසන් විදෙස් මාධ්‍ය කිහිපයකටද සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් කියා සිටියේ කොටි සංවිධානය සටන් විරාමයකට හා සාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට කැමැති බවයි.
නැෙඟනහිර පළාත මුදා ගැනීමෙන් අනතුරුව වන්නියද ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමට හමුදා මෙහෙයුම් මේ වනවිට සාර්ථකව කි‍්‍රයාත්මක වේ.
සහල් බඳුන
මන්නාරම සහල් බඳුන මුදාගැනීමෙන් අනතුරුව ආරක්ෂක අංශ තවත් ඉදිරියට ගමන් කරන විට ප‍්‍රභාකරන් ඇතුළු කොටි නායකයෝ තව තවත් රත්වීමට පටන් ගත්හ. ඉන් අනතුරුව මන්නාරම කොටින්ගේ අවි සැපයුම් ජාලයේ මර්මස්ථානය වශයෙන් සැලකෙන විඩුතල්තිව් ප‍්‍රදේශය ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනීමත් සමගම කොටි නායකයන්ට ක‍්‍රම ක‍්‍රමයෙන් තම හුස්ම හිරවීම ආරම්භ වී ඇති ආකාරයක් දැනෙන්නට විය.
ඉතිහාසයේ ප‍්‍රථම වරට විඩුතල්තිව් ප‍්‍රදේශය ආරක්ෂක අංශ විසින් අත්පත් කරගැනීම කොටි ත‍්‍රස්තවාදය මෑත කාලයේ මුහුණ දුන් බරපතළ පරාජයකි. ටිකෙන් ටික ආරක්ෂක අංශ මුලතිව් කැලෑව පීරමින් සිටී. ඔවුන් කොටි නායකයා කුදලා ගන්නා දිනය වැඩි ඈතක නොවේ. යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාද මේ බව ප‍්‍රකාශ කර ඇත. ත‍්‍රස්තවාදය පරාජය කර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට නිදහසේ ජීවත්වන පරිසරයක් උදාකර දෙන බව රජය පවසයි.
නඩේසන්ගේ ප‍්‍රකාශයට කදිම ප‍්‍රතිචාරයක් දැක්වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි. සටන් විරාමයක් ප‍්‍රකාශ කර සාම සාකච්ඡා ආරම්භ කිරීමට නම් වහාම ආයුධ බිම තබා පැමිණෙන ලෙස ජනාධිපතිතුමා කියා සිටියේය. ජනාධිපතිතුමා ඉන්දියාවේ සංචාරයකට සහභාගි වූ අවස්ථාවේදීද එරට මාධ්‍යවේදීන් පුන පුනා මේ ගැන ප‍්‍රශ්න කළ අතර එහිදීද ජනාධිපතිවරයාගේ පිළිතුරෙහි, කිසිදු වෙනසක් නොවීය.
එම නිසා දැන් යළි එළඹ ඇත්තේ කොටි සංවිධානයේ අවස්ථාවය. සටන් විරාමයක් ප‍්‍රකාශකර යළි සාම සාකච්ඡා සඳහා පිවිසිය යුත්තේ් අවංකවමද? නැත්නම් මීට පෙර සෑම අවස්ථාවකදීම සිදු වූ පරිදි අවස්ථාවාදීවද? කියා දන්නේ් ප‍්‍රභාකරන්ම පමණි. එම නිසා ප‍්‍රභාකරන්ගේ ප‍්‍රතිචාරය ගැන යම් තීරණයක් ගැනීමට පෙර දෙවරක්, තුන්වරක් නොව සියවරකට වඩා කල්පනා කළද ගැටලුවක් නොවේ.
බොරු සටන් විරාම ප‍්‍රකාශයට පත් කරමින් බොරුවට ආයුධ බාර දුන් අවස්ථාද ඉතිහාසයේ ඕනෑ තරම් තිබීම ඊට හේතුවයි. එම නිසා වෙනත් රාජ්‍ය නායකයන් අල්ලේ නැටෙව්වාට බෙන්තර ගඟින් එහා ඉපඳුණු මහින්ද රාජපක්ෂ තැම්බීමට නම් ප‍්‍රභාකරන් හට එතරම් පහසු වන්නේ නැත.
ජේ.ආර්.ජයවර්ධන
මේ ප‍්‍රශ්නයේදී ජේ.ආර්.ජයවර්ධන හා මහින්ද රාජපක්ෂ හැරෙන්නට බලයට පත්වූ බොහෝ නායකයන් අනා ගත්තේය. එම නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් පමණක් නොව අග‍්‍රාමාත්‍යවරයා වශයෙන්ද කි‍්‍රයා කරන අවස්ථාවලදී ඉතා හොඳින් මෙම ගැටලුව අධ්‍යනය කළේ ය.
තම ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන්ට හමුදාවන්ගෙන් ඉහළ ප‍්‍රතිචාර ලැබී අන්ත අසරණ තත්ත්වයට පත්වන සෑම අවස්ථාවකදීම කොටි සංවිධානය සාම සාකච්ඡා වලට අවතීර්ණ වූයේත් සටන් විරාම ප‍්‍රකාශයට පත් කළේත් ප‍්‍රභාකරන්ගේ පණ බේරාගැනීමටය.
ඒ අවස්ථාව තුළදී ආයුධ රැස්කිරීම, ආයුධ නෞකා, රැගෙන ඒම, බංකර් තැනීම, ඉදිරිපෙළ බංකර් ප‍්‍රතිසංස්කරණය කිරීම, අලුතෙන් සාමාජිකයන් බඳවා ගැනීම අතුළු කොටි සංවිධානයට ශක්තිමත් වීමට අවශ්‍ය සෑම අංගයක්ම සපුරා ගැනීමට යොදා ගනී.
1987 ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් තැබීමෙන් පසුව කොටි සංවිධානය අවි ආයුධ බාරදෙන බව ප‍්‍රසිද්ධ කළේ ය. ඉන්දියාවේ බල කිරීම මත මෙම ගිවිසුමට අස්සන් තැබුවද එමගින් වාසි කිහිපයක්ම ශී‍්‍ර ලංකාවට ලැබුණේය. ඉන්දීය හමුදාව පැමිණ ත‍්‍රස්තවාදීන් සමග සටන් කිරීම නිසා අපේ රටේ හමුදාවට හානි සිදුවූයේ නැත.
1987 දී අස්සන් තැබුණු ඉන්දු - ලංකා ගිවිසුම අනුවද අවි බාරදීමේ කතාව කරළියට පැමිණියේ ගිවිසුමේ සිව්වැනි ඡේදයෙනි. ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන අධිකාරියකට ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ සටන්කාමී කණ්ඩායම් අවි භාරදිය යුතු අතර එය ශී‍්‍ර ලංකාවේ හා ඉන්දියාවේ රතු කුරුස සමාජ නියෝජිතයන්ගේ නිරීක්ෂණය යටතේ් සිදුවිය යුතු බවද එමගින් කියවිණි.
කොටි සංවිධානය ඇතුළු ද්‍රවිඩ සටන්කාමී කණ්ඩායම්වලට තමන් සතු අවි භාරදීම සඳහා පැය 72ක හෝ පැය 96ක කාල සීමාවක් ලබාදිය යුතු බවද යෝජනා කෙරිණ. නමුත් විවිධ හේතූන් මත ඉන්දියාවේත්, ශී‍්‍ර ලංකාවේත් හමුදා රහස් සේවා හා තානාපති කටයුතු පිළිබඳ උපදේශකවරුන් විසින් අවධාරණය කරනු ලැබුවේ අවි බාරදීම සඳහා විශේෂ කාල පරිච්ඡේදයක් සඳහන් නොකිරීමටය.
රජීව් ගාන්ධි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා 1987 අගෝස්තු 02 වැනිදා ප‍්‍රභාකරන් යළි යාපනයට යවන්නේ පොරොන්දු වූ පරිදි අවි බාරදීම සඳහාය. අගෝස්තු 4,5 දෙදින තුළ අවි බාරදීමේ අවස්ථාව උත්සවයක් ස්වරූපයෙන් සංවිධාන කිරීමට උපදෙස් ලබා දී තිබිණ. අවි බාරදීම යනු යටත් වීමක් ලෙස විස්තර නොකළ යුතු බව රජීව් ගාන්ධි අවධාරණය කළේ ය. ශී‍්‍ර ලංකා ජනතාවගේ සාමය හා යහපැවැත්ම උදෙසා මෙම කි‍්‍රයාවලිය සිදුකළ යුතු බව රජීව් ගාන්ධි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස විය.
අගෝස්තු 04 වැනිදා ප‍්‍රභාකරන් සුදුමාලෙයි කෝවිල් භූමියේදී ජනතාව අමතා කළ කතාව තරමක් ආන්දෝලනාත්මක එකක් විය. ඔහුගේ කථාව සටන්කාමී එකක් වූ අතර ගිවිසුමට පූර්ණ සහාය දක්වන්නක් නොවීය. ඔහු ගිවිසුමට පොදු වශයෙන් එකඟවූයේ ඉන්දියාවේ බලකිරීම මත බවත් ඉන්දියාව සෑම විටම ද්‍රවිඩ ජනතාවට සහයෝගයක් හා ශක්ති මූලාශ‍්‍රයක් වූ බවද ප‍්‍රභාකරන් කියා සිටියේය.
ප‍්‍රභාකරන් ගිවිසුමේ අන්තර්ගතයට එකඟ වුවද ගිවිසුම සැබවින්ම කි‍්‍රයාත්මක වන ආකාරය අනුව සිය අනාගත කි‍්‍රයාදාමය තීරණය කරන බවද ප‍්‍රභාකරන් මෙහිදී ඇඟවීය. ප‍්‍රභාකරන්ගේ කතාවේ ස්වරය හා අන්තර්ගතය ඔහු තමිල්නාඩු මහ ඇමැති රාමචන්ද්‍රන්ට හා ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට දුන් පොරොන්දුවලට ඉඳුරාම වෙනස් එකකි. ප‍්‍රභාකරන් ගිවිසුමට එකඟ වී ඇත්තේ ඉන්දියාවේ හොඳ හිත දිනාගැනීමට පමණක් බව අවබෝධ කර ගැනීමට තානාපති අංශවල නිලධාරින්ට එතරම් කාලයක් ගත නොවීය.
කොයි කවුරුත් බලාසිටි ආකාරයෙන් අවි භාරදීමේ උත්සවය අගෝස්තු 05 වැනිදා යාපනයේදී සිදුවිය. ආරක්ෂක ලේකම් සේපාල ආටිගල, ශී‍්‍ර ලංකා රතු කුරුස සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ, යාපනය බාර දිස්ති‍්‍රක් නිලධාරිවරයා, ඉන්දීය සාම සාධක හමුදාවේ ජෙනරාල් හර්කිරාත් සිං යන පිරිස ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව නියෝජනය කළහ.
අවි බාරදීම විහිළුවක් පමණක් විය. අවසානයේදී ප‍්‍රසිද්ධ කෙරුණේ සංකේතාත්මකව පමණක් අවි බාර දුන්නා කියායි. උත්සවයට රැගෙන එන ලද්දේ ට‍්‍රක් රථදෙකක පුරවාගත් පැරැණි අවිය. ඉන්පසුව ගත වූ සති කිහිපයේදී බාර දුන් අවි ප‍්‍රමාණය කිසිදු ආකාරයකින් ප‍්‍රමාණවත් නොවීය. මේ ගැන මාධ්‍යවේදීහු ජෙනරාල් දේවින්දර් සිංහගෙන් විමසා සිටියහ. ඒ අවස්ථාවේදී ඔහු කියා සිටියේ "එහෙම වුණොත් ඔවුන් පසුපස ගොස් අවි ලබා ගන්නවා" කියායි. නමුත් එසේ සිදු නොවීය.
1990 වන විට පෙ‍්‍ර්මදාස ජනාධිපතිවරයා හා කොටි සංවිධානය අතර මිත‍්‍රත්වය උපරිම මට්ටමට වර්ධනය වී තිබුණි. ඉන්දීය හමුදා දිවයිනෙන් පිටත්ව ගොස් දෙසතියක් ගත වන්නටත් පෙර එල්.ටී.ටී.ඊ. ය උතුරු නැඟෙනහිර පළාත්වල බලය සියතට ගැනීමට කි‍්‍රයා කළේ ය. මේ කාල සීමාව තුළදී උතුරු නැඟෙනහිර සිටි ආරක්ෂක හමුදාවන්ට මුහුනදීමට සිදුවූයේ ඉතා අසරණ තත්ත්වයන්ටය. ශී‍්‍ර ලංකා හමුදා බැරැක්කවලට පමණක් සීමා කෙරිණි. කොටි සාමාජිකයන් සමඟ කිසිඳු ආකාරයක ගැටුමකට නොයායුතු බව ඔවුන්ට ලැබී තිබූ නියෝගය විය. අඩුම තරමේ අවශ්‍ය විටකදී ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරිමටවත් ඔවුන්ට බලයක් නොවීය. කොටි සංවිධානයේ අවසර පත‍්‍රයක් නොමැතිව උතුරු නැඟෙනහිර කිසිදු ප‍්‍රදේශයක ගමන් කිරීම හමුදා නිලධාරීන්ට පවා තහනම් විය.
මෙම කොටි නීතිය කෙතරම් තදින් කි‍්‍රයාත්මක වූයේද යත් 1990 දී එවකට උතුර භාර ආඥාපතිවරයාව සිටි මේජර් ජනරාල් ස්ටැන්ලි සිල්වාට පවා යාමට සිදුවූයේ පලාලි කඳුවරුට ඔබ්බෙන් පිහිටි එල්.ටී.ටී.ඊ. මුරපොළෙහි ජීප් රථය නතර කොට අවසර ලබා ගැනීමෙනි. මේ සිද්ධිය හමුදා නිලධාරීන්ගේ ඉමහත් කළ කිරීමට හේතුවිය. මේ කටයුතු මෙසේ සිදුවූයේ විදේශ අමාත්‍ය ඒ.සී.එස්.හමීඩ් යාපනයේ දීත් කොටි නායකයන් කොළඹදීත් රජය සමග සාම සාකච්ඡා පවත්වමින් සිටියදීය.
සාකච්ඡා බිද වැටී යළි සටන් ආරම්භ වන විටත් සාකච්ඡාවලට සහභාගි වූ ජූඩ්, ලලිත්, ලෝරන්ස් යන කොටි නියෝජිතයන් සිටියේ කොළඹය. ඒ වනවිටත් හමීඩ් විදේශ අමාත්‍යවරයා සිටියේ යාපනයේ වීම තවත් විශේෂ සිද්ධියකි. මේ අතරවාරයේ කොළඹ සිටි කොටි සාමාජිකයෙකුට ප‍්‍රභාකරන්ගෙන් විශේෂ ගුවන් විදුලි පණිවිඩයක් ලැබිණ."මොනව වුණත් අර අපිට දෙනවයි කිව්ව මුදල් ටික කොහොම හරි අරගෙන එන්න" ගුවන් විදුලි පණිවිඩයෙන් එසේ කියවිණි. පෙ‍්‍ර්මදාස රජය මගින් ඒ දිනවල කොටි සංවිධානයට මුදල්, අවි ආයුධ, බංකර් තැනීමට සිමෙන්ති හා තවත් නොයෙක් දේවල් ජන් බවට වාර්තා පළ විය.
රජීව් ගාන්ධි
1987 දී තමාව බේරාගත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි හා 1990 දී තමාට විශාල සහයෝගයක් ලබාදුන් පෙ‍්‍ර්මදාස ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ප‍්‍රභාකරන් පසුබට නොවන්නේ ඇයි? යන කාරණය අදටත් ගැටලුවකි. ප‍්‍රභාකරන් උපායශීලීව කොටුකර ගැනීමට මෙම නායකයන් දෙදෙනා කි‍්‍රයාකරන බවක් ප‍්‍රභාකරන් දැන සිටියාද? නොඑසේ නම් ප‍්‍රයෝජන ගත් පසුව සිගරට්ටුවේ ෆිල්ටරය විසි කරන්නා සේ ඔවුන් දෙදෙනාද ඉවත දැමීමට තීරණය කළේ ද කියා වෙනමම විමසා බැලිය යුතුයි.

ප්‍රභාකරන්
පෙ‍්‍ර්මදාස රජය සමග සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුව 1990 ජූනි 11 වැනිදා කොටි ත‍්‍රස්තවාදීහු මඩකලපුව පොලිසිය යටත් කර ගත්හ. එදින සවස් වන විට අම්පාරේ හා මඩකලපුවේ සියලු පොලිස් ස්ථාන අවි ආයුධ සමග කොටි සංවිධානයේ භාරයට පත්විය. කොටින්ට යටත් වන ලෙස කොළඹ පොලිස් මූලස්ථානයෙන් පොලිස් ස්ථානවලට උපදෙස් ලැබී තිබූ නිසා කරකියා ගත නොහැකිව පොලිස් නිලධාරීහු අන්ත අසරණව සිටියහ. ප‍්‍රතිඵල වූයේ පොලිස් නිලධාරීන් 899ක් කොටි සංවිධානයේ අත්අඩංගුවට පත්වීමයි.
1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොදුජන එක්සත් පෙරමුණු රජය ද කොටි සංවිධානය සමග සටන් විරාමයක් ඇති කර ගත්තේය. ඒ කාලය තුළ ක‍්‍රම ක‍්‍රමයෙන් යළි ශක්තිමත්වූ කොටි සංවිධානය තෙවැනි ඊළාම් යුද්ධය ආරම්භ කරන්නේ 1995 අපේ‍්‍රල් 19 වෙනිදින ති‍්‍රකුණාමලය වරායේ නවතා තිබූ නාවික හමුදාවට අයත් නෞකා 2ක් විනාශ කරමිණි.
1995 අපෙ‍්‍ර්ල් 28 වැනිදින පලාලි අහසේදී ප‍්‍රථම වරට "ඇව්රෝ" යානයක් වෙඩි තබා බිම හෙලීමට ද කොටි සංවිධානය කි‍්‍රයා කරන්නේ ය. පසුව අපෙ‍්‍ර්ල් 29 වැනිදා දෙවන "ඇව්රෝ" යානයද බිම හෙළන්නේය. ඉන් පසුව ගුවන් යානා කිහිපයකටම කොටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාර එල්ල කළ අතර නෞකාවලට ද පහර දී සමහර නෞකා පැහැරගෙන යාමට ද ත‍්‍රස්තවාදීහු කි‍්‍රයා කළහ.
මේ කාලය තුළදී මුලතිව්, කිළිනොච්චිය ඇතුළු ප‍්‍රධාන හමුදා කඳවුරු කිහිපයක්ම කොටි ත‍්‍රස්තවාදීන්ගේ යටතට පත්වෙන්නේය. ඉන් අනතුරුව කොළඹ ආර්ථික මර්මස්ථානවලට ප‍්‍රහාර එල්ල කොට රටේ ආර්ථිකය අඩපණ කිරීමටද කොටි සංවිධානය කි‍්‍රයා කරන්නේය.
රිවිරැස
ඉන් අනතුරුව රිවිරැස මෙහෙයුම මගින් වසර කිහිපයක් මුළුල්ලේ කළ සටන්වල ප‍්‍රතිඵලයක් ලෙස 1998 දී යාපනය හා ඒ අවට ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමට ආරක්ෂක අංශවලට හැකිවන්නේ ය. ඉන්පසුව 1999 දෙසැම්බර් 21 ජනාධිපතිවරණය ආසන්නයේදී අලිමංකඩ ඇතුළු හමුදා කඳවුරු රැසක්ම යළිත් කොටි සංවිධානය විසින් අත්පත් කරගන්නා ලදි.

නඩේසන්
2000 ඔක්තෝම්බර් 3 වැනිදා දේශපාලන විසඳුමක් කරා යාමට තමන් කැමති බව ප‍්‍රභාකරන් ප‍්‍රථම වරට නෝර්වේජියාවට දැනුම් දුන්නේ කුමන අරමුණකින්ද යන්න එතරම් පැහැදිලි නැත. නමුත් ඔහුට අවශ්‍යව තිබුණේ බෙදුම්වාදයට රුකුල් දෙන රටවල් හා සංවිධාන සමග මනා සබඳතාවක් ඇති කරගැනීමටයි.
ගෝලීයකරණය වන සමාජය තුළ හුදෙකලා නොවීමට නම් පෙර සිටි ආකාරයෙන් නොසිට ජාත්‍යන්තර සබඳතා ඇති කළ යුතු බවට ප‍්‍ර‍්‍රභාකරන් විශ්වාස කරන්නට ඇත. ඉන් අනතුරුව 2001 එක්සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වීමත් සමග සාමය වෙනුවෙන් දෑතම කොටි නායක ප‍්‍රභාකරන් වෙත දිගු කරන්නේය.
එම සටන් විරාම කාලය තුළ ප‍්‍රභාකරන්ට වාසි රැසක් සිදුවිය. ආයුධ රැස්කිරීම, නව සාමාජිකයින් බඳවා ගැනීම, හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ඝාතනය කිරීම ඇතුළු සටන් විරාමයේ වැඩි පරිච්ඡේද ප‍්‍රමාණයක් ඔහුට වුවමනා ආකාරයට සකසා ගත්තේය.
පෙ‍්‍ර්මදාස රජය සමයේදී හා රනිල් වික‍්‍රමසිංහගේ රජය සමයේදී ඉතා හොඳින් කොටි සංවිධානයට පෝෂණය වීමට හැකි වන්නේය. පෙ‍්‍ර්මදාස රජයට වඩා රනිල් වික‍්‍රමසිංහගේ රජයේ යම් වෙනසක් තිබුණේ ආරක්ෂක අංශවලට යටත් වීමට උපදෙස් ලබා නොදීම පමණි. මෙම සටන් විරාම ගිවිසුම අස්සන් කළේ හිටපු ජනාධිපතිනියට හා කැබිනට් මණ්ඩලයට නොදන්වාය. සාම සාකච්ඡාවට 6ක් අවසානයේදී සුපුරුදු පරිදි සාකච්ඡා මේසයෙන් ඉවතට කොටින් ගමන් කරන්නේ නැවතත් සුපුරුදු කැළෑවට ගොස් දඩයම් කිරීමට අවශ්‍ය නිසාය. ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කළ නොහැකි අන්තර්වාර ස්වයං පාලන අධිකාරිය පිළිබඳ යෝජනාවක් සාකච්ඡා මේසයට එල්.ටී.ටී.ඊ. ය විසින් ඉදිරිපත් කරන්නේද මේ නිසාය.
හමුදාපති ඝාතන තැත
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුවද සාමයේ දෑත දිගු කරද්දී ඒ දෑත් දිගින් දිගටම සපා කෑවේ කොටියාය. ජිනීවා සාකච්ඡා වර්ජනය කිරීම, හමුදාපති ඝාතන සැලැස්ම , ආරක්ෂක ලේකම් ඝාතන සැලැස්ම, කැබිතිගොල්ලෑව බස් බෝම්බය ඇතුළු ත‍්‍රස්ත කි‍්‍රයා සිදු කරමින් මාවිල් ආරු අමුණ වැසීමටද කොටි ත‍්‍රස්තවාදීහු කි‍්‍රයා කළහ.
ත‍්‍රස්තවාදය හමුවේ බියගුළු නායකයකු නොවන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වලට නියෝග දෙන්නේ ත‍්‍රස්තවාදයෙන් මවුබිම බේරාගන්න ලෙසයි. මාවිල් ආරු හි සිට මුළු නැඟෙනහිර පළාතම මුදාගෙන අවසන්ය. නැඟෙනහිර මුදාගෙන වසරක් ගත වී ඇත.
උතුරු පළාත් මුදා ගැනීමට ආසන්න වෙමින් පවතී. ප‍්‍රභාකරන්ට ඉතිරි වී ඇත්තේ අවි බිම තබා බාර වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට සහාය වීම හෝ සයනයිඩ් ගිල දැමීම පමණි.
නැවතත් සටන් විරාමයක් ගැන කථාකර සාම සාකච්ඡා ගැන කොටි සිහින මවන්නේ මේ නිසාය. මේ දක්වා ජනාධිපතිවරයා කි‍්‍රයා කරපු ආකාරය අනුව කැළය මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව ඔහු හොඳින් දනී.
ජනතා මිත‍්‍ර

No comments: