Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 25, 2008

වව්නිකුලම් වැව හමුදාව යටතට. හමුදා ප්‍රහාර වලින් කොටි 25 ක් මරුට

වන්නි මෙහෙයුම් මන්නාරම - වව්නියා ඒකාබද්ධ යුද පෙරමුණෙන් සටනට අවතීර්ණ වී සිටින 57 වන සේනාංකයට අයත් යුද හමුදා භට පිරිස් වන්නි මෙහෙයුමේ තවත් විජයග්‍රහණයක් ලබමින් අද (ජූලි 24) වව්නිකුලම් වැව ප්‍රදේශයේ බලය සියතට ගැනීමට සමත් වූ බව වන්නි ආරංචි මාර්ග සඳහන් කරයි.වන්නි මෙහෙයුමේ ඉදිරියට ඇදෙමින් සිටි භට පිරිස් පාන්ඩියන්කුලම ප්‍රදේශයේ සිට තම මෙහෙයුම් දියත් කරමින් වව්නිකුලම් වැව දෙසට ගමන් කර ඇත. මුලතිව් දිස්ත්‍රීක්කයේ මල්ලාවි සිට කි.මී. 3 ක් පමණ නිරිත දෙසින් වව්නිකුලම් වැව පිහිටා තිබේ.මෙහිදී ආරක්ෂක හමුදා සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් හට ගෙන තිබේ. හමුදා ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් 25 දෙනෙකු මිය ගොස් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි වාර්තා සඳහන් කරයි. මේ වන විටත් මිය ගිය ත්‍රස්තවාදීන්ගේ සිරුරු 07 ක් හමුදා භාරයට ගෙන ඇත. වව්නිකුලම් ප්‍රදේශයේ වර්ග කි.මී. 10 ක පමණ ප්‍රදේශයක බලය මෙ වන විට හමුදා පාලනය යටතට ගෙන ඇත.මීට අමතරව මි.මී. 120 වර්ගයේ මෝටාර් විදිනයක්, මි.මී. 81 වර්ගයේ මෝටාර් විදින 02 ක්, ටී-56 වර්ගයේ ගිනි අවි 05 ක්, උණ්ඩ විශාල සංඛ්‍යාවක් සහ තවත් යුද උපකරණ රැසක්ද ට්‍රැක්ටර් රථයක්ද, යතුරු පැදි 02 ක් ද, දුර දක්නයක්ද හමුදා භාරයට ගෙන ඇත.මේ වන විටත් ප්‍රදේශය පුරා සෝදීසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

No comments: