Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 4, 2008

ශ‍්‍රී ලංකාව 308යි

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර කරච්චියේ ජාතික කී‍්‍රඩාංගණයේදී ඊයේ පැවැති ආසියානු කුසලාන එක්දින කි‍්‍රකට් තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 308 ක් ලැබීය.
ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ චාමර කපුගෙදර පහරක් එල්ල කරයි (ඒ. එෆ්. පී.)
ශ‍්‍රී ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව උදා වූයේ චාමර කපුගෙදර (75) මහේල ජයවර්ධන (50) චාමර සිල්වා (50) සහ සනත් ජයසූරිය (43) පෙන්වූ විශිෂ්ට පිතිහරඹයන් මතය.
චාමර කපුගෙදර පන්දු 78 කදී හයේ පහරක්හා හතරේ පහර හතක් සමග ලකුණු 75 ක් ද මහේල ජයවර්ධනච පන්දු 63 ක දී හතරේ පහර හතරක් සමග ලකුණු 50 ක් ද චාමර සිල්වා පන්දු 56 ක දී හයේ පහරක් හතරේ පහර දෙකක් සමග ලකුණු 50 ක් ද සනත් ජයසූරිය පන්දු 37 ක දී හතරේ පහර අටක් සමග ලකුණු 43 ක් ද රැස් කළහ.
ඉනිම අවසාන භාගයේ කෞෂල්‍ය වීරරත්න පන්දු 18 ක දී හතරේ තුනක් සමග ලකුණු 23 ක් ද තිළිණි තුෂාර පන්දු 14 ක දී හයේ පහරක් හතරේ පහර දෙකක් සමග ලකුණු 23 ක් ද වේගයෙන් ලබා ගැනීම විශේෂත්වයකි.
ආරම්භක පිතිකරු කුමාර සංගක්කාර (07) සිව්වන ඕවරයේදී දැවී යාමෙන් පසුව ජයසූරිය හා මහේල ජයවර්ධන ඕවර අටකදී එක් කළ ලකුණු සංඛ්‍යාව 56 කි.
ජයසූරිය දැවීයාමෙන් පසුව නායක ජයවර්ධන හා චාමර කපුගෙදර තෙවන කඩුල්ලට ලකුණු 78 ක වැඩිම සබඳතාව තැබුවේ ඕවර 15 ක දී ය. පසුව කපුගෙදර සහ චාමර සිල්වා සිව්වන කඩුල්ලට ඕවර 11 ක දී ලකුණු 68 ක් එක් කළහ.
ඉන්දීය පන්දු යවන්නන් අතුරින් ෂර්මා ඕවර 10 ක් යවා ලකුණු 55 කට කඩුලු 2 ක් දවාලුවේය.
ලකුණු පුවරුව
සනත් ජයසූරිය ඇ. දෝනි බෝ. ෂර්මා කුමාර සංගක්කාර ඇ. දෝනි බෝ. ෂර්මා මහේල ජයවර්ධන ඇ. ගම්භීර් බෝ. ඕජා චාමර කපුගෙදර එල්. බී. ඩබ්ලිව්. බෝ. කුමාර් චාමර සිල්වා දුවද්දී දැවී ගියා තිලකරත්න දිල්ෂාන් ඇ. සිං බෝ. පතන් කෞෂල්‍ය වීරරත්න ඇ. ගම්භීර් බෝ ආර් සිංතිළිණ තුෂාර දුවද්දී දැවී ගියානුවන් කුලසේකර නොදැවී මුත්තයියා මුරලිදරන් නොදැවී අතිරේක
එකතුව කඩුලු 8 ට (ඕවර 50) 308
4307507550152323060115
කඩුලු බිඳ වැටීම - 16, 71, 149, 217, 245, 263, 287, 307
පන්දු යැවීම - රුද්‍රා සිං 10 - 1 - 44 - 1 අයි. ෂර්මා 10 - 0 - 55 - 2 ඉර්ෆාන් පතන් 10 - 0 - 80 - 1 පී. කුමාර් 6 - 0 - 36 - 1 ඕජා 10 - 0 - 55 - 1 වී. සේවග් 3 - 0 - 22 - 0 ආර්. ෂර්මා 1 - 0 - 4 - 0

No comments: