Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 4, 2008

ජාතික මලල කී‍්‍රඩා සූරතාවලියේදී

පි‍්‍රන්ස් ගුණසේකර
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ අද ආරම්භ වන 86 වැනි ජාතික මලල කී‍්‍රඩා සූරතාවලියේදී ජයගන්නා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තහනම් ශරීර උත්තේජක පරීක්ෂණ සඳහා යොමු කිරීමට ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය තීරණය කර ඇත.
අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ නිර්දේශයක් අනුව හදිසියේම මෙම පියවර ගත් බව ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පැවැසීය.
ලබන මාසයේ චීනයේ බීජිං නුවර පැවැත්වෙන ඔලිම්පිත් උලෙළට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සුදුසුකම් ලැබීම සඳහා ඇති එකම අවස්ථාව වන මෙම ජාතික මලල කී‍්‍රඩා සූරතාවලියේදී අවම වශයෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසිදෙනෙකුගෙන් පමණ මුත‍්‍රා සාම්පල ලබාගැනීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
ජාතික මලල කී‍්‍රඩා සූරතාවලියේ ජයග‍්‍රාහී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් ලබාගන්නා මුත‍්‍රා සාම්පල මලයාසියාවේ පිහිටි රසායනාගාරයකට යැවීමට කටයුතු කරනු ඇත.
එක් පරීක්ෂාවක් සඳහා රුපියල් 25000 කට අධික මුදලක් වැයවේ. එම මුදලින් කොටසක් අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනය මගින් දරනු ඇත.

No comments: