Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 4, 2008

නාමයෝජනා අදින් අවසන්

දයා පෙරේරා
උතුරුමැද සහ සබරගමුව පළාත් සභා දෙකේ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා බාර ගැනීම අද (4) දහවල් 12.00 ට අවසන් වේ.
උතුරුමැද පළාත් සභාව වෙනුවෙන් අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලවලදී ද සබරගමුව පළාත් සභාව සඳහා රත්නපුර සහ කෑගල්ල දිසා ලේකම් කාර්යාලවලදී ද අදාළ දිසා ලේකම්වරුන් විසින් ඉකුත් 27 වැනිදා ඒ නාමයෝජනා බාරගනු ලැබිණි.
නාමයෝජනා බාර ගැනීම හා විරෝධතා දැක්වීම පස්වරු 11.30 ට අවසන් වීමෙන් පසු ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා අද ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (3) දහවල් 12.00 ට නිමාවට පත්විණි.
නාමයෝජනා බාර ගන්නා අවසන් දිනය බැවින් අදාළ දිස්ති‍්‍රක් කාර්යාල හා අවට දැඩි ආරක්ෂක විධිවිධාන යෙදීමට පොලිසිය කටයුතු කර ඇත.
දේශපාලන පක්ෂවල ආධාරකරුවෝ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල වෙත පැමිණෙනු ඇති බැවින් සිදුවිය හැකි මාර්ග අවහිරතා මඟහැරවීමට පොලිසිය අදාළ නගරවල විශේෂ රථවාහන ධාවන සැලසුම් පවා සකස් කර තිබේ.
රත්නපුර කච්චේරිය හා නගරය අවට පිහිටි සියලුම පාසල් අද දහවල් 11.00 වසා දැමීමට සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී. එස්. වනිගසේකර මහතා පාසල් ප‍්‍රධානීන්ට දැනුම් දී ඇත.

No comments: