Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 7, 2008

‘මයිකල් බේස්’ කඳවුරේ මහ කොටි පැන ගිහින්

මහින්ද කුලතුංග සහ චන්ද්‍රිකා පෙරේරා
ආරක්ෂක හමුදාව අත්පත්කරගත් ‘මයිකල් බේස්’ කොටි කඳවුර මුල් පෙළේ කොටි සන්නද්ධ නායකයන්ගේ අධි ආරක්ෂිත කඳවුරක් ලෙස පවත්වා ගෙන ගොස් ඇති බව හමුදාව විශ්වාස කරයි. මෙම කඳවුර ආරක්ෂිත වළල්ලක් ලෙස යොදාගෙන කොටි නායකයන්මෙහි සිට යුද්ධය මෙහෙයවා ඇතැයි ද සඳහන් වෙයි.
මුලතිව් මහ කැලේදී ඉකුත් 4 වැනිදා රාති‍්‍රයේ හමුදාව විසින් අත්පත්කරගන්නා ලද මෙම කඳවුර භූගත කොන්කී‍්‍රට් බංකර් සහ ගුහා සමූහයකින් සමන්විතවේ.
ගුවන් ප‍්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා මෙම කඳවුර යොදාගෙන තිබේ.
ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ දැවැන්ත ප‍්‍රහාර හමුවේ මෙම අධිආරක්ෂිත කඳවුර හැරදමා සන්නද්ධ නායකයන් සියලුම දෙනා පලාගොස් තිබේ.
වැලිඔය ජානකපුර උතුරේ සිට කිලෝමීටර් 7ක් පමණ උතුරු දෙසින් මෙම මයිකල් බේස් කඳවුර පිහිටා තිබී ඇති අතර එහි අඩි 50 x 50 ප‍්‍රමාණයේ විශාල භූගත බංකරයක් ද අඩි 8 x 10 ප‍්‍රමාණයේ ස්ථිර ගොඩනැගිලි 5ක් ද, අඩි 10 x 10 ප‍්‍රමාණයේ භූගත බංකර් ද තිබී ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේය.
අක්කර 10කින් පමණ සමන්විත මෙම කොටි කඳවුරු සංකීර්ණයේ
යටින් පිහිටි භූගත කඳවුරට උඩින් ගස් වවා උද්‍යානයක ආකාරයෙන් තිබී ඇත. මෙහි පනස් දෙනෙකුට නේවාසිකව සිටීමට පහසුකම් තිබී ඇත.
මෙම කඳවුරේ සුඛෝපභෝගී නාන කාමර පහසුකම් සහිත නල ජල පද්ධතියක් සහ වැසිකිළි පද්ධතියක් තිබී ඇති බවත් වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් 500 ක් පමණ එහි තිබී සොයාගත් බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
හමුදාව මෙයට පෙර අල්ලාගත් මුලතිව් කැලයේ පිහිටි ‘මූනගම් බේස්’ කඳවුරට උතුරු දෙසින් මෙම මයිකල් බේස් කඳවුර පිහිටා ඇති අතර මුලතිව් කැලයේ කොටින්ගේ තවත් කඳවුරු ගණනාවක් ඇති බවත් ආරක්ෂක අංශ පවසයි.

No comments: