Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 28, 2008

සබරගමුව - උතුරු මැද ඡන්දය: පැමිණිලි 50ක්: 30ක්ම සුළු පැමිණිලි

වෙල්ලස්සේ බණ්ඩාර
සබරගමුව හා උතුරුමැද පළාත්සභා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු කෙරෙන කාලය තුළ, පසුගිය 24 දින දක්වා මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 50ක් වාර්තා වී ඇති බවත් ඒවා අතුරින් 30ක්ම සුළු සිද්ධීන් පදනම් කැරගත් පැමිණිලි බවත් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පැමිණිලි අතුරින් 19ක්ම සුළු පහරදීම් මුල්කැරගත් ඒවා බවත්, තවත් පැමිණිලි 15 ක් විමර්ශනය කැර බැලීමේදී එම පැමිණිළිකරුවන් ඒහා සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ගැනීම අපේක්ෂා නොකරන බව සනාථ වී ඇතැයි ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නීති අනූ කමිටුව මගින් මෙම සියලු පැමිණිළි පිළිබඳව විමර්ශනය කළ බවද ඒ මහතා පවසයි

No comments: