ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොටි ත්රස්තවාදීන්ගේ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ යැයි යාපන දිස්ති‍්‍රක් ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එන්. සිවාජිලිංගම් මහතා ඉකුත් සිකුරාදා ඔස්ටේ්රලියාවේ සිඩ්නි නුවර ගුවන් විදුලි සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව එරට ශ්‍රී ලංකා ගාඩියන් ප්රකාශනයෙන් අනාවරණය කැර තිබේ.
ටෙලෝ සංවිධානයේ හිටපු සාමාජිකයකු වන ඔහු එහි නායක සභාරත්නම් ඝාතනය කළ කොටි ඝාතන කල්ලියකින් දිවි ගලවා ගැනීමෙන් පසු කොටි ත්රස්තවාදීන්ට සහාය දක්වමින් සිටින බවත් ”ඉන්බාත් ටැමිල් වනාලි” නම් එම ගුවන් විදුලි සාකච්ඡවේදී මේ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු ඊට පිළිතුරු දීම මගහැරිය බවත් ගාඩියන් වාර්තාවේ දැක්වේ.
බාහිර ප්‍රශ්නකිරීම් වලට අවස්ථාව සැලසුනු එම ගුවන් විදුලි සාකච්ඡාවේදී ඔස්ටේ්රලියාවේ පදිංචි ද්‍රවිඩ කොටස් දැඩි කෝපයකින් යුතුව දිගින් දිගටම ඔහුගෙන් ප්‍රශ්න කොට ඇති අතර ද්‍රවිඩ ජාතික සන්ධානය නැගෙනහිර පළාත් මැතිවරණයට තරග නොකළේ මන්දැයි විමසීමේදී එම පළාත උතුරෙන් වෙන් වූවක් ලෙස නොපිළිගන්නා බවත් මැතිවරණයට තරග කළේ නම් එම වෙන්කිරීම පිළිගැනීමක් වන බවත් ඔහු කියා තිබේ.
එසේ නම් ඔබ ශ්‍රී ලංකා පාර්ලිිමේන්තුවේ සිටින්නේ විශ්‍රාම වැටුප අපේක්ෂාවෙන් දැයි ප්‍රශ්නකරු අසා ඇත.
රජිව් ගාන්ධි ඝාතනය හා කොටි නායකයාගේ අමන කි‍්‍රයා ආදිය ගැන ප්‍රශ්න කිරීමේදී උගුරකට වේලී ගිය ඔහු සාකච්ඡාව වෙනතකට යොමු කරන තැනට තල්ලු වී ගොස් තිබේ.
ප්රභාකරන් ගේ ත්‍රස්ත මතවාදයන් ප්‍රචලිත කිරීමට අවශ්‍ය අරමුදල් සපයා ගැන්මට සංස්කෘතික ක්‍රියාවලියක මුවාවෙන් ‘පොංගු තමිල්’ උත්සවය පැවැත්වීම සඳහා සහාය ලබාදීමට සිවාජිලිංගම් ඔස්ටේ්රලියාවට යවා ඇති අතර ජූලි 5 දා මෙල්බර්න් හි පැවැත්වෙන මෙම උත්සවය සංවිධානය කරන එස්. සබේසන් නම් ත්‍රස්ත නියෝජිතයාට ඔහුගේ සහාය ලැබෙනු ඇති බවත් ගාඩියන් පුවතේ සඳහන් ව තිබේ.
ඔහුට අමතරව මෙම කාර්ය සාර්ථක කැරගැන්ම සඳහා ද්‍රවිඩ මන්තී‍්‍රන් බටහිර රටවලට යවා ඇති අතර, ගජේන්ද්ර පොන්නම්බලම් මහතා ජර්මනියට යවා ඇත්තේ ඒ අනුව බවත් එහි වැඩි දුරටත් සඳහනි.
සිවාජිලිංගම් සාකච්ඡාවකට එක් වූ ගුවන් විදුලි සේවය හා සමාන ද්‍රවිඩ සේවා රැසක්ම කොටි ත්රස්තවාදීන් සඳහා අරමුදල් රැස්කරන වැඩසටහන් මෙහෙයවමින් අන්තර්ජාතිකව තහනම් කි්රයාවක් වූ ත්‍රස්තවාදය පතුරුවාලීමෙහි නියුක්තව ඇති බව ද ගාඩියන් වාර්තාව නිදර්ශන සහිතව පෙන්වා දී තිබේ.
ඉන්බාත් ටැමිල් වනෝලි, 3222, 3 ඛ්අ ඔස්ටේලියානු ද්‍රවිඩ ගුවන් විදුලිය වැනි මෙවන් ගුවන් විදුලි සේවා විරුද්ධ පාක්ෂිකයන්ට අවස්ථාවක් ලබා නොදීම ප්රභාකරන්ට ආවඩන අතර සමහර වැඩසටහන් මගින් කොටි ත්රස්තවාදයට අනුගත නොවන කොටස්වලට වක්‍ර තර්ජන සිදු කැර ඇත්තේ වන්නියේ සිටින ඔවුන්ගේ ඥාතින් ප්‍රාණ ඇපකරුවන් කරමිනි.
වන්නි පාලනය ඔස්ටේ්රලියානු දායකත්වය මත රැඳී පවතින බව පෙන්වීමට ද සමහර සේවා උත්සාහ දරා ඇත.
මෙම ද්‍රවිඩ ගුවන් විදුලි සේවා ජාතිවාදය වපුරන්නේ නමුදු ඔවුන් අතින් සිදුවන ගුවන් විදුලි ආචාර ධර්ම උල්ලංඝනය පාලනය කිරීමට කිසිවකු නැති බවත් එකිනෙක සේවා උනුන් පරයා වන්නි නායකත්වයට ආවඩන්නේ එම ඒක පුද්ගල රාජධානියේ සැබවින්ම පීඩනයට පත් ජන දුක්ගැනවිලි වසං කරමින් බවත් ගාඩියන් වාර්තාව පවසයි.
ඔවුන්ගේ මෙම සිංහල විරෝධී ප්‍රචාරයන් හා ත්‍රස්ත ගැති වැඩසටහන් කෙරේ අප්‍රසාදය පල කරන මධ්‍යස්ථ ද්‍රවිඩ කොටස් මෙම ගුවන් විදුලි සේවා නිරීක්ෂණය කැරෙන වැඩ පිළිවෙළක් ඔස්ටේ්රලියා රජයෙන් කි‍්‍රයාත්මක කළ යුතු බව ඉල්ලා තිබේ.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment