Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 4, 2008

එස්. බී. ද - සන්නස්ගල ද - රන්ජන් ද - ගන්කන්ද ද - තලතා ද -

ඡන්දෙට පෝස්ටර් මුද්‍රණය කළ අයත් ‘ලෙඩා’ අතහැර සන්ධානයට එක්වෙති
පළාත් සභාවලට මහ ඇමැති අපේක්ෂකයන් නම් කිරීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය මහත් අවුලකට මුහුණ දී සිටියි. මේ නිසා මහ ඇමැති අපේක්ෂක පිළිබඳ ස්ථිර තීරණයක් නොමැතිව නාම යෝජනා බාර දීමට සිදුවී තිබේ.
සබරගමුව පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය මුලින්ම තීරණය කෙළේ එස්. බී. දිසානායක මහතාය. ඒ මහතා කල්පනා කර තිබුණේ එය එජාප නායකත්වය තමන්ට දෙන කැරට් අලයක් ලෙසය.
නීතිමය ප‍්‍රශ්න බලපාන බැවින් යැයි කියමින් දිසානායක මහතා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කෙළේය. උපුල්ශාන්ත සන්නස්ගල මහතා අපේක්ෂක ලෙස නම් කළ විට මාධ්‍යවේදීන් කැදවා ප‍්‍රකාශ කෙළේ ඉල්ලීම පිළිගන්නෙත් නැහැ.
ප‍්‍රතික්ෂේප කරන්නෙත් නැති බවයි. සබරගමුව පළාත් සභාව සඳහා තුන්වැනි අපේක්‍ෂකයා ලෙස නම් කෙළේ දුනේශ් ගන්කන්ද මහතායි. ප‍්‍රචාරයකට ඉඩ නොතබා ඒ මහතා ඉල්ලීම ප‍්‍රතික්ෂේප කෙළේය. දුනේශ්ගේ බාප්පා වන චන්ද්‍ර ගන්කන්ද මහතාද මහඇමැති අපේක්‍ෂක ලෙස තරඟ කිරීම බැහැර කළේය. ඊළඟට අපේක්ෂිකාවකි. තලතා අතුකෝරල මහත්මිය විදේශ සංචාරයක නිරතව සිටියදී ප‍්‍රදේශයේ මන්තී‍්‍රවරයක ලෙස ඇය සුදුසු බව එජාපය නම් කෙළේය.
සංචාරය නිමකොට පැමිණි අතුකෝරාල මහත්මිය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළාය.
පස්වැනි අපේක්‍ෂකයා නම් කිරීමට පෙර රන්ජන් රාමනායක මහතා තමා අපේක්‍ෂකත්වයට සුදුසු බව මාධ්‍යවේදීන් කැඳවා ඉල්ලීමක් කර තිබුණේය. නෙරංජන් විජේරත්න මහතා එජාපයේ ඊළඟ මහඇමැති අපේක්‍ෂකයා විය.
නාම යෝජනා බාරදීමේ අවසන් දිනය අදයි. ඊයේ වනවිටද එජාපයට මහ ඇමැති අපේක්‍ෂකයෙකු නම් කිරීමට නොහැකි තරමට පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් ඇති වී තිබෙන බවත් කණ්ඩායම් බෙදී ඇති බවත් වාර්තා වේ. ඒ අතර එජාපයේ මෙම අවුල නිසා දිසා මන්තී‍්‍ර අපේක්‍ෂකත්වය බලාපොරොත්තුවෙන් පෝස්ටර් පවා අලවා ප‍්‍රචාරක කටයුතුවල යෙදී සිටි අය ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබාදීමට ඊයේ එක්වූහ.

No comments: