දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
රජයේ සේවකයන්ගේ ප‍්‍රශ්න විසැඳීමට රජය උපරිමයෙන් කැපවී සිටිය දී පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා රජයේ සේවකයන් යොදාගෙන වැඩ වර්ජනයක් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්‍ෂය උත්සාහ දරන්නේ රජය අස්ථාවර කිරීමට බව පැහැදිලි බව කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පැවසුවේය.
ආරක්‍ෂක හමුදා ඉතා සාර්ථකව මේ රටට සාමය උදා කිරීම සඳහා කි‍්‍රයා කරගෙන යන අවස්ථාවක එය කඩාකප්පල් කිරීමේ කුමන්ත‍්‍රණයක් ද මේ වර්ජනය පිටුපස තිබියහැකි බවද ඇමැතිවරයා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවැසුවේය.
ඇමැති අනුර යාපා මහතා මෙසේද කීවේය.
රජයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 12, 000 ක් වන අයුරින් වැටුප් වැඩිකළේ අපේ රජයයි. ජීවන වියදම ඉහළ යෑම සලකා බලන අයවැය එනතෙක් තවත් රුපියල් දහසකින් රජයේ සේවක වැටුප් වැඩි කිරීමට පසුගියදා කි‍්‍රයා කළා. මේ අයුරින් රජය කටයුතු කරමින් සිටිය දී මෙවැනි වර්ජන සංවිධානය කරන්නේ රජය අස්ථාවර කිරීමට බව පැහැදිලියි. හමුදා කි‍්‍රයාමාර්ගත් මෙමගින් අඩාළ වෙනවා.
රජයේ සේවක ප‍්‍රමාණය තුනෙන් එකක් දක්වා අඩු කිරීමට සැලසුම් කළේ අපි නොවේ එ. ජා. ප. යයි. මේ වර්ජනයට සම්බන්ධ පක්‍ෂ දෙකට දෙකට වර්ජන සම්බන්ධ එතරම් හොඳ ඉතිහාසයක් නැහැ. 81, ජූලි වර්ජනය කි‍්‍රයාත්මක වුණේ එ. ජා. ප. රජය සමයේ දී බව ඔවුන්ට අද අමතක වෙලා. එදා ජ. වි. පෙ. තමයි මේ වර්ජනය පාවා දුන්නේ. අද මේ පක්‍ෂ දෙක එක්ව වර්ජන සංවිධාන කරනවා.
මෙම වර්ජනය දේශපාලන කි‍්‍රයාවක්. පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට සංවිධාන කරන මෙම වර්ජනයට සහභාගි නොවන ලෙස රජය වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේම මේ වර්ජනයට සහභාගි නොවන අයට අපගේ ආචාරය පිරිනමනවා.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment