විජයානි එදිරිසිංහ සහ චන්ද්‍රිකා පෙරේරා
කොටි ත‍්‍රස්තවාදීන් හෙලිකොප්ටර් යානයට ප‍්‍රහාරයක් එල්ල කරමින් ඉලක්ක කෙළේ තමා නම් එම අභියෝගයට ඉතාම සතුටින් මුහුණ දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා එසේ ප‍්‍රකාශ කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී දැනුම් දී සිටියේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී එම මාධ්‍ය හමුව පැවැත්විණි. කොටි ත‍්‍රස්තවාදීන් පෙරේදා (01) ආරුගම්බේ ප‍්‍රදේශයේදී ජනාධිපතිවරයාගේ පරිවාර කටයුතු සඳහා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයට ප‍්‍රහාරයක් එල්ල කළහ.
ඒ සම්බන්ධව කරුණු පැහැදිලි කළ රඹුක්වැල්ල මහතා ජනාධිපතිවරයාගේ අදහස් හෙළිදරව් කරමින් පැවසීය.
මෙම ප‍්‍රහාරයෙන් පසු ජනාධිපතිවරයාගේ ආත්ම ශක්තියත් චිත්ත ධෛර්යත් තව තවත් වර්ධනය වී ඇති බවත් මේ රටේ ස්වෛරීභාවය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් අහිංසක ජනතාවට නිදහසේ ජීවත් විය හැකි රටක් උරුම කර දීමට යන ගමනේදී කොටි ත‍්‍රස්තවාදීන් එල්ල කරන ඕනෑම ප‍්‍රහාරයකට සතුටින් මුහුණ දීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවද ප‍්‍රකාශ කෙළේ ය.
නැඟෙනහිර ජනතාව අද නිදහසේ සිටින ආකාරය මේ රටේ ජනතාවට දෑසින් දැක ගැනීමට අවස්ථාව සැළසී ඇත. උතුරේ ජනතාවටත් එම නිදහස උරුම කර දීම ජනාධිපතිවරයා යන ගමනේ අරමුණයි.
අහිංසක ජනතාව ඉලක්ක කර නොගෙන ඕනෑම අවස්ථාවක තමා ඉලක්ක කර ගන්නැයි ත‍්‍රස්තවාදීන්ට කියා සිටින බවද ජනාධිපතිවරයා පැවසු බව ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කීය.
ජනාධිපතිතුමා ගමන් ගත් හෙලිකොප්ටර් යානය සමඟ ගිය එම පරිවාර යානයට වැදුණු ප‍්‍රහාරයකින් යානයේ තෙල් ටැංකියේ කුඩා සිදුරක් සිදුවී ඇත.
යානයේ යම් දෝෂයක් ඇති බව නියමුවාට පෙනී ගිය නිසා එය පහතට බස්සවා ඇත. දැනට යානය කටුනායකට ගෙනවිත් පරීක්ෂණ කරන බවද ඇමැතිවරයා කීය
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment