වවුනියාව උතුර සමූහ සහ වවුනියාව මධ්‍යම සමූහ
කොටි සංවිධානයෙන් ලැබෙන ලක්ෂ ගණනින් මුදල් සහ තෑගිබෝගවලට යටවූ සිංහල ජාතිකයකුගේ නිවෙසක් තුළ පවත්වා ගෙන ගිය මහ පරිමාණයේ බෝම්බ ගබඩාවක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය ක්ලේමෝ බෝම්බ, බිම් බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් අත්අඩංගුවට ගත්තේය.
වවුනියාවේ අම්බලන්ගොඩැල්ල ප්‍රදේශයේ නිවෙසකින් පෙරේදා (01) අත්අඩංගුවට ගත් එම යුද උපකරණ හා බෝම්බ මෙසේය.
කිලෝ 11 ක් බරැති බිම් බෝම්බ 03 ක්, ක්ලේමෝ බෝම්බ 05 ක්, අත්බෝම්බ 04 ක්, ඩෙටනේටර් 05 ක්, කාලමාන 04 ක්, ක්ලේමෝ රඳවන 04 ක්, වෝල්ට් 9 බැටරි 05 ක්, ඩෙටනේටර් වයර් මීටර් 16 ක්, ජංගම දුරකථන 03 ක් සහ ති‍්‍රරෝද රථයක්ද වේ.
මෙම උපකරණ සමග ගෙහිමි සිංහල ජාතිකයා ඔහුගේ දෙමළ ජාතික බිරිය හා තවත් දෙමළ ජාතික සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් බෝම්බ පරීක්ෂා කරමින්....
ඡායාරූපය – බන්දුල සෙනෙවිරත්න
මොවුන්ට රුපියල් ලක්ෂ 03 ක් වියදම්කොට එල්. ටී. ටී. ඊය විසින් ති‍්‍රරෝද රථයක්ද රැගෙන දී ඇති බව හෙළිවී ඇති අතර වසරකුත් මාස 03 ක් පුරා මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටද තොරතුරු හෙළිවී තිබේ.
මෙම යුද උපකරණ නිවසේ වහල කොටසේ සඟවා තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් බෝම්බ විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්කි‍්‍රය අංශයේ උපපොලිස් පරීක්ෂක එච්. ජී. එල්. ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් විසින් නිෂ්කි‍්‍රය කරනු ලැබීය.
මේ අතර වවුනියාව සිදම්බරපුරම් ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබූ සී - 04 වර්ගයේ අදිබලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ විසින් ඊයේ (02) උදෑසන සොයාගෙන තිබේ.
පොල්ගෙඩි තුළ පුපුරන ද්‍රව්‍ය බහා රැගෙන යමින් සිටියදී පෙරේදා (01) සවස වවුනියාව හොරොව්පොතාන මාර්ගයේදී කාන්තාවක් අත්අඩංගුවට ගත් අතර ඇයගෙන් ලද තොරතුරු අනුව තවත් පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ආරක්ෂක අංශ පවසයි.
පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ක් පමණ පෙරේදා (01) සහ ඊයේ (02) මෙලෙස අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අංශ පවසයි. සැකකරුවන් දෙදෙනකුද මේ සමග අත්අඩංගුවට ගෙන ඇති අතර වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment