Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 3, 2008

පාසල් කී‍්‍රඩා වර්ණ ප‍්‍රදානෝත්සවය:

බන්දුල මොල්ලිගොඩ හා සම්පත් බණ්ඩාර
ශ‍්‍රී ලංකා පාසල් කී‍්‍රඩා සභාව සංවිධානය කළ පාසල් කී‍්‍රඩා වර්ණ ප‍්‍රදානෝත්සවයේදී දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ෂෙහාන් අඹේපිටියත් දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ආසියානු ජාත්‍යන්තර පාසලේ මිනේකා කරුණාරත්නත් සූරතා හිමි කර ගත්හ.
දක්ෂතම නැගී එන කී‍්‍රඩකයා ලෙස තේරුනේ මහනුවර ති‍්‍රත්ව විදුහලේ හේෂාන් බණ්ඩාර උනම්බුවයි. නැගී එන දක්ෂතම කී‍්‍රඩිකාව වූයේ මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසලේ මිනිරුවනි සමරකෝන්ය.
ෂෙහාන් අඹේපිටිය මලල කී‍්‍රඩාව නියෝජනය කළ අතර මිනේකා කරුණාරත්න හේෂාන් උනම්බුව හා මිනිරුවනි සමරකෝන් යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තිදෙනාම පිහිනුම් ක‍්‍රීඩාව නියෝජනය කළ අය වෙති.
නැගී එන හා දක්ෂතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තේරීමට කී‍්‍රඩකයන් හතර දෙනෙකුගේ හා කී‍්‍රඩිකාවන් හතර දෙනෙකුගේ නම් යෝජනා කර තිබූ අතර ඔවුන් අතුරින් දක්ෂතම කී‍්‍රඩකයා හා කී‍්‍රඩිකාවත් නැගී එන කී‍්‍රඩකයා හා කී‍්‍රඩිකාවත් තෝරා ගැනිණි.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ශ‍්‍රී ලංකා පාසල් මලල කී‍්‍රඩා උලෙළට මෙවරත් අනුග‍්‍රය දැක්වූයේ නෙස්ලේ ලංකා සමාගමයි.
ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා සීමාසහිත නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (වාණිජ) මොහොමඩ් හම්සා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම වර්ණ ප‍්‍රදානෝත්සවය පැවැත්විණි.
නෙස්ලේ සමාගමේ අලෙවි කළමනාකරු නෝමන් කන්නන්ගර ප‍්‍රවර්ධන කළමනාකරු බන්දුල එගොඩගේ යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.
නැගී එන හා දක්ෂතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තේරීම යෝජනා කර තිබූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අටදෙනා අතරට දුලාංජලී රණසිංහ (මලල කී‍්‍රඩා - දේවි බාලිකා කොළඹ) අකිලා නිමිති ජයවර්ධන (නෙට්බෝල් - ශ‍්‍රී හෘදය කන්‍යාරාමය ගාල්ල) තේජාන් ප‍්‍රනාන්දු (පාපන්දු - ශාන්ත බෙනඩික් කොළඹ) හා කැලුම් දිසානායක (ජූඩෝ - ජිනරාජ පිරිමි විදුහල, ගම්පොල) යෝජනා වී තිබිණි.
වර්ණ ප‍්‍රදානය කළේ පිහිනුම් මලල කී‍්‍රඩා බැඩ්මින්ටන්, බොක්සිං, පැසිපන්දු, කැරම්, කි‍්‍රකට් පාපන්දු, ජිම්නාස්ටික්, හොකී, ජූඩෝ, කබඩි, කරාටේ, නෙට්බෝල්, රගර්, සැහැල්ලු පන්දු කි‍්‍රකට්, මේස පන්දු, ත්‍රෝ බෝල්, වොලිබෝල් හා වුෂු යන කී‍්‍රඩා විස්ස වෙනුවෙනි.
ඉහත කී‍්‍රඩාවන්හි නිලධාරීන්ටද මෙදින තිළිණ ප‍්‍රදානය කැරිණි.
ඔලිම්පික් කී‍්‍රඩා උලෙළ නියෝජනය කර ඇති හේමසිරි ප‍්‍රනාන්දු මහතා (වෙඩි තැබීම) ජූලියන් බෝලිං (පිහිනුම්) කෝසල සහබන්ධු (මලල කී‍්‍රඩා) ශ‍්‍රියානි කුලවංශ (මලල කී‍්‍රඩා) සාෆ් දුරපැනීමේ සූරියක වු ඩිලීමා පීටර්සන් (මලල කී‍්‍රඩා) හා නෙස්ලේ සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මොහොමඩ් හම්සා හා අලෙවි කළමනාකරු නෝමන් කන්නන්ගර යන මහත්වරු ත්‍යාග ප‍්‍රදානය කළහ.
පාසල් වර්ණ ප‍්‍රදානෝත්සවයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස තේරුණු ෂෙහාන් අඹේපිටියට ප‍්‍රධාන අමුත්තා ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා සූරතාව ප‍්‍රදානය කරයි. අනුග‍්‍රාහක නෙස්ලේ සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (වාණිජ) මොහමඩ් හම්සා (වමේ සිට දෙවැන්නා) හා ප‍්‍රවර්ධන කළමනාකරු බන්දුල එගොඩගේ (දකණු කෙළවරේ) සිටිති.
දක්ෂතම පාසල් කී‍්‍රඩිකාව ලෙස තේරුණු ආසියානු ජාත්‍යන්තර පාසලේ මිනෝකා කරුණාරත්නට සුරතාව පිරිනමන්නේ ප‍්‍රධාන අමුත්තා වූ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතාය. නෙස්ලේ සමාගමේ ප‍්‍රවර්ධන කළමනාකරු බන්දුල එගොඩගේ මහතා (දකුණේ) සිටී.
ඡායාරූප - රන්ජිත් ජයවීර

No comments: