“ලංකාවේ ඉස්සෝ රසින් වැඩියි. ඒ නිසයි ඉන්දියාවටත් වැඩි ඉල්ලුමක් අපිට තියෙන්නේ.
ඒත් මේ කර්මාන්තෙන් ලාබ ගන්නේ අපි නෙවෙයි. අතරමැදියෝ. වයඹ පළාතේ විශාල පිරිසක් කඩා වැටෙනවා. මේ කර්මාන්තෙ නැති වුණොත්”
ඔහු එසේ කියන්නේ තවමත් බලාපොරොත්තු තබා ගත හැකි හඬකිනි. ඔහු ජෝන් විජේකාරියවසම් ය. ඉස්සන් කර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබඳ කියන්නට ඔහු වැනි තවත් පිරිසක් සිටිති.
අද දවසේ ඔවුන් කිසියම් තීරණාත්මක මං සන්ධියකට එළැඹ සිටින්නාක් වැනිය.
අනූව දශකයේ අග භාගයේදී පමණ ශී‍්‍ර ලංකාවේ වයඹ පළාතේ හලාවත පුත්තලම ආශි‍්‍රත ප‍්‍රදේශවල ඉස්සන් වගා ව්‍යාපාරය බොහෝ දෙනෙකු ආකර්ෂණය කරගත් සීග‍්‍රයෙන් පැතිර ගිය කර්මාන්තයක් බවට පත්විය.
එම ආකර්ෂණය කෙතරම්ද යත් එකල එය දෙවැනි වූයේ මැණික් ගැරීමෙන් ලැබෙන ලාභයට පමණක් බවට ඇතැම්හු කියා සිටියහ. එය එතරම් විශාල මුදල් උපයන මාර්ගයක් බවට පත්ව තිබිණි.
එහෙත් කල් යත්ම ඉස්සන් කර්මාන්තය හෝ පාරිසරික තත්ත්වයන් පිළිබඳ දැනුමක් හෝ සැලකීමක් නොමැති පිරිස මේ ක්‍ෂේත‍්‍රයට එකතු වී ලාභය පමණක් සලකා කටයුතු කිරීමෙන් තත්ත්වය නරක අතට හැරිණි.
එහි ප‍්‍රතිඵලයක් ලෙස පාරිසරික ගැටලු ද ඉස්සන් රෝග බෝවීම ද සිදුවිය.
එයින් පසුව ඉස්සන් කර්මාන්තය නැවතුණ තරමට අඩාල විය.
නමුත් මේ වන විට නැවතත් කර්මාන්තය පිළිබඳ යම් අවබෝධයක් ද පාරිසරය පිළිබඳ සැලකීමක් ද ඇති පිරිසක් ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ උපදෙස් මත හා වෙනත් සංවිධාන ගණනාවක ආධාර උපකාර ඇතිව ඉස්සන් කර්මාන්තයට යොමු වී සිටිති.
රෝග පැතිරීම නිසා වසා දමා ඇති ඉස්සන් කොටු හිමිකරුවෝ පවා ඉදිරි මාස කීපය තුළ වැඩ ආරම්භ කිරීමට රෝග තත්ත්වය සමනය වනතුරු පුල පලා බලා සිටිති.
බොහෝ සේ විදේශ විනිමය උපයාගත හැකි මාර්ගයක් ලෙස වර්ධනය කර ගත හැකි ඉස්සන් වගාව පිළිබඳ ඔවුන් කියන මේ කතාවලින් පැහැදිලි වන්නේ අඳුරු සලකුණු තිබුණ ඉස්සන් කර්මාන්තයට හෙට දවසේ යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි බවය.
හලාවත කරුක්කුපනේ ඉස්සන් වගාකරුවන්ගේ සමිතියේ සභාපති
ජෝන් විජේ කාරියවසම් මහතා
මට ඉස්සෝ ටැංකි (පොකුණු) හයක් තියෙනවා. මගේ පුතාට පහක් තියෙනවා. රෝග හැදුණ නිසා ගිය මාසේ ටැංකි වැහුවා. තව මාස දෙකහමාරකින් විතර පටන් ගන්නයි ඉන්නේ.
අපේ සමිතියේ සාමාජිකයෝ 200 ක් විතර ඉන්නවා. මම 1989 දී අක්කර භාගේ පොකුණක් ස්වයංරැකියා යටතෙයි පටන් ගත්තේ පටන් ගනිද්දී අපි කිසිම දෙයක් දන්නේ නැහැ.
අද්දැකීමෙන් තමයි ඉගෙන ගත්තේ. හොඳට ලාභ තිබුණා. දියුණු වුණා.
ටැංකි ප‍්‍රමාණය වැඩිවෙනකොට පිරිස වැඩිවෙන කොට තමයි රෝග හැදුණේ. ඊට පසසේ කර්මාන්තය කඩාවැටුණා. ඒ කාලේ මේවා හොයල බලන්න කවුරුත් හිටියේ නෑ.
දැන් නම් ජල ජීවි එකයි පෞද්ගලික සමාගම් කීපයකුයි තියෙනවා.
අපි රජයට ස්තූති කරන්න ඕන මේ ප‍්‍රශ්න හොයලා බලන්න නිලධාරීන් පත්කරලා, ඉස්සෝ කෑමවල වැට් එක අඩුකරලා දුන්නට, ඕලන්ද ඇළේ වතුර බහින්නේ නැති ප‍්‍රශ්නයක් අපට තිබුණා. දැන් ඇළ ශුද්ධ කරලා තව ටිකක් තියෙනවා.
ජල ජීවි එකෙන් ඉස්සෝ ගොවීන් දැනුවත් කරනවා.
රෝග පාලනයට උදව් කරනවා. ඒ වෙනුවෙන් රජය සෑහෙන මුදලක් වියදම් කරනවා. ඉස්සර නම් විදුලිය නැතිවෙච්ච ගමන් කිව්ව හැටියේ හදනවා. දැන් පැය ගානක් යනවා. එතකොට ඔක්සිජන් නැතුව ඉස්සෝ මැරෙනවා. ඒක අපිට ලොකු ප‍්‍රශ්නයක්.
රෝලන්ඩ් මිල්රෝයි මිරැන්ඩා
ඉන්දියාවේ පිලිපීනයේ වගේ රටවල ඉස්සන්ට වඩා ලංකාවේ ඉස්සන්ට හොඳ මිලක් තියෙනවා. ලංකා තේ වගේ ලංකා ඉස්සන්ට හොඳ නමක් අපි හදාගන්න ඕන. ඉස්සෝයි මාළුයි එක කන්නෙට හදනවා නම් රෝග පාලනය වෙනවා.
හුඟක් අයට තාක්‍ෂණික දැනුම නැති එක තමයි ප‍්‍රශ්නය.
මේ පාර මම පොකුණ 17 ක් කළා. සුදු පුල්ලි හැදුණා. එකක්වත් බේර ගන්න බැරිවුණා. ලක්‍ෂ 10 ක විතර අලාභයක් ඉදිරියේදී අඩුපාඩු හදාගෙන මාර්තු මාසේ විතර ආයිමත් කර්මාන්ත පටන් ගන්නවා.
පොකුණු සකස් කරන්න කලිනුත් පැටව් දැම්මට පස්සෙත් ජලජීවි එකේ නිලධාරීන් ඇවිත් පරීක්‍ෂා කරලා බලනවා නම් හොඳයි.
සංජීව නිශාන්ත ප‍්‍රනාන්දු
දැනට තියෙන වෙනත් රෝග තත්ත්වය අනුව අස්වනු නෙළන්න මාස තුන හමාරක කාලයක් යනවා. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ වේගෙන් වෛරස් පැතිරිලා යනවා. මගේ ෆාම් එක කිට්ටුවටම රෝග ඇවිත්.
අපේ අයමයි මේ කර්මාන්තේ නැති කරගෙන තියෙන්නේ. වෛරසයක් නිසා බේරගන්න අමාරුයි. ගොවි මහත්තුරු මීට වඩා ගොඩක් සැලකිල්ලෙන් තමුන්ගේ ලාබ මතම යැපෙන්නේ නැතුව කටයුතු කරනවා නම් තමා හොඳ.
එක්කෙනෙක් වරදක් කළොත් විපාක විඳින්න වෙන්නේ හැමෝටම. ඒ නිසා අනිත් අය ගැනත් හිතලා වැඩ කරන්න කියලා මම ඉල්ලනවා.
ජල ජීවී එකේ යම් කිසි අධීක්‍ෂණයක් තියෙනවා.
නමුත් ඒක මීට වඩා වැඩිවෙන්න ඕන. වැරැදි කරන අයට දඬුවම් හරි දීලා කි‍්‍රයා කරනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා.
කේ. එම්. එන්. ඇක්වා සර්විස් පෞද්ගලික ආයතනය රෝග පාලනය කිරීම හා ඉස්සන් වගාවේදී අවශ්‍ය තාක්‍ෂණික දැනුම ඇතුළු සේවා රැසක් ඉස්සන් වගා කරුවන් සඳහා නොමිලේ සපයා දෙයි.
වගාකරුවන් ළඟටම ගොස් මේ සියලු සේවා ලබා දෙන ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන කළමනාකරු චාමින්ද ප‍්‍රනාන්දු මහතා මේ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.
ඉස්සන් කර්මාන්තයේ මේ පසුබෑමට හේතු වී තිබෙන්නේ රෝගී තත්ත්වය පාලනය කර නොගැනීමයි.
ලෝකයේ ඕනෑම රටක මේ කර්මාන්තයේ රෝග ඇති වී තිබෙනවා. නමුත් ඒවා පාලනය කරගෙන තියෙනවා. අපි ඒක හරියට නොකළ නිසයි මේ ප‍්‍රශ්න.
දැනට ජලජීවී එකයි තවත් ආයතන කීපයකුයි විශාල වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා. අපි බිම් මට්ටමෙන් වගාකරුවන් දැනුවත් කරනවා.
රෝග පැතිරෙන ක‍්‍රමයයි සොයා බලා පාලනය කළ යුත්තේ එක කන්නයක් නොවේ දිගටම කළ යුතුයි. නැත්නම් කඩා වැටෙනවා.
මේ ක‍්‍රමයට දීර්ඝ කාලීන විනයක් අත්‍යවශ්‍යයි.
ලෝක වෙළෙඳ පොළේ ලොකු ඉස්සන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා. ලොකු ඉස්සෝ හදන වැඩපිළිවෙළක් අපට තියෙනවා නම් විශාල විදේශ විනිමයක් හොයන්න පුළුවන්. දැනට හදන ඉස්සෝ ප‍්‍රමාණය මදි. ලොකු ඉස්සෝ නිෂ්පාදනය කරන රටවල් අඩුයි. ඒ නිසා අපනයනය කළ හැකි ලොකු ඉස්සෝ හදන්න කියලයි අපි ගොවීන් දැනුවත් කරන්නේ.
ඉස්සෝ ෆාම්වලට සමහරු විරුද්ධයි.
මම කියන්නේ නම් එහෙම විරුද්ධ වෙන්න ඕන නෑ කියලයි. ජල ජීවී එකෙන් හඳුන්වා දී තිබෙන ක‍්‍රමය හරියට කරනවා නම් පරිසරයට කිසිම හානියක් වෙන්නේ නෑ. ඉස්සන් කර්මාන්තයේ දී ‘ෂෝට්කට්’ නැහැ. එහෙම කරන්න ගියොත් තමයි ප‍්‍රශ්න ඇති වෙන්නේ මේ නියමිත ක‍්‍රමවේද හරියට මුල සිටම පිළිපදිනවා නම් ඉදිරිය ගැන සුබවාදීව හිතන්න පුළුවන්.
ධම්මික ගුණවර්ධන (පරිපාලන කළමනාකරු)
තාක්‍ෂණය විද්‍යාගාර පහසුකම් උපදේශන සේවා අපි ෆාම්වලටම ගිහින් දෙනවා.
අපේ අරමුණ වගාකරුවන් සාර්ථක කිරීමයි. ඔවුන් සාර්ථක වුණොත් තමයි කර්මාන්තයේ සාර්ථකත්වය තියෙන්නේ. හොඳ පැටවෙක් තෝරා ගැනීමේ සිට අස්වනු නෙලීම දක්වා අපේ ජංගම විද්‍යාගාරයෙන් නොමිලේ පහසුකම් සපයා දෙනවා.
වගාකරුවෙකුට ප‍්‍රශ්නයක් ඇතිවුණොත් අවශ්‍ය විසැඳුම ඒ මොහොතෙම ලබා දෙනවා. මෙහි කර්මාන්තයේදී අද කළ යුතු දෙය අදම කළ යුතුයි. හෙටට කල් දාල බෑ.
මේ සියලු දෙනා ඉස්සන් කර්මාන්තයේ තිබෙන අඳුර පහවී හොද කලක් උදාවනු ඇතැයි බලාසිටින්නේ නොයිවසිල්ලෙනි.
සටහන රසිකාඡායාරූප ප‍්‍රසාද් පූර්මාල්
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment