නැඟෙනහිර මුදාගත්තා සේ උතුරේ ජනතාවටත් නිදහස ලබා දීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. දවසින් දවස ඉදිරියට යමින් අපේ රණවිරුවන් උතුරේ ජනතාවට - කිලිනොච්චියේ ජනතාවට නිදහස ලබා දීමට පියවර ගන්නා බව ද ඒ මහතා අවධාරණය කරයි.
උතුරේ ජනතාව නිදහස් කර ගැනීමේ ප්රයත්නයට නැගෙනහිර ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව ද ජනාධිපතිවරයා කියා සිටියි.
දෙහිඅත්තකණ්ඩිය මහවැලි කී‍්‍රඩාංගණයේ පැවැති පොදුජන එක්සත් පෙරමුණේ මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා එම අදහස් පළකළේය.
"සමහරු නැගෙනහිර ජනතාවගේ ඡන්දය ප්‍රසිද්ධියේ ඉල්ලා අනික් පැත්තෙන් කිලිනොච්චියට මුලතිව්වලට ගිහිල්ලා ප්රභාකරන් එක්ක ගිවිසුම් ගහගෙන නැගෙනහිර පාවා දෙන්න දැනටමත් සූදානම් වෙලා ඉන්නවලු. නැගෙනහිර ජනතාව මේවාට ඉඩ තියාවි කියල මම හිතන්නේ නැතැයි" රාජපක්ෂ මහතා කීය.
නිදහස් කර ගත් නැගෙනහිර නැවත ප්රභාකරන්ට දෙන්න සූදානම් නැති බව කී ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට දෙන ඡන්දය ප්රභාකරන්ට දෙන ඡන්දයක් වන්නේ යයි ද කීය.
නැගෙනහිර ජනතාව කෘතගුණ දන්නා ජනතාවක් බව මෙම පළාත් සභා මැතිවරණයෙන් අනිවාර්යයෙන් ම පෙන්වා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
අනුග්‍රහය : දිනමිණ
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment