Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 1, 2008

උතුරු-නැඟෙනහිර කි‍්‍රකට් කී‍්‍රඩකයෝ වසර 25කින් කොළඹ තරගාවලියකට මංචි ග්ලුකෝ ෆිට් සික්සස් පාසල් කි‍්‍රකට් තරග 10 දා සිට

ප‍්‍රින්ස් ගුණසේකර
වසර 25 කට පමණ පසුව ත‍්‍රස්තවාදී පීඩනයෙන් මිදෙන උතුරු නැගෙනහිර පළාත් දෙකේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයන් කොළඹ පැවැත්වෙන තරගාවලියකට සහභාගිවීම පාසල් කි‍්‍රකට් තරග ඉතිහාසයේ නව පරිච්ඡේදයකි.
කොළඹදී වාර්ෂිකව පැවැත්වෙන “මංචි ග්ලුකෝ ෆිට් සික්සස්” පාසල් කි‍්‍රකට් තරගාවලියට උතුරු නැගෙනහිරින් ඒකාබද්ධ පාසල් කි‍්‍රකට් කණ්ඩායම් මෙවර සහභාගිවීමට කැමැත්ත පළ කර ඇත.
ශ‍්‍රීී ලංකා ආරක්ෂක හමුදාව උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුකරමින් පවතින මානුෂික මෙහෙයුමෙන් සහනයට පත් පාසල් කී‍්‍රඩකයෝ කි‍්‍රකට් කී‍්‍රඩාව කෙරෙහි වේගයෙන් එක්වීම හරහා එම ප‍්‍රදේශවල කි‍්‍රකට් කී‍්‍රඩාව පිළිබඳ විශාල උනන්දුවක්ද හටගෙන ඇත.
කෙසේ වූවද ඔක්තෝම්බර් 10 දා ආරම්භ වන මංචි ග්ලුකෝ ෆිට් සය සාමාජික පාසල් කි‍්‍රකට් තරගාවලියට උතුරු නැගෙනහිරින් ඒකාබද්ධ පාසල් කණ්ඩායම් කිහිපයක් එක්වීමට දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි සිලෝන් බිස්කට් සමාගමේ අලෙවි ප‍්‍රවර්ධන කළමනාකරු ජානක බොතේජු මහතා දිනමිණට පැවැසීය.
මංචි ග්ලුකෝස් ෆිට් සික්සස් තරගාවලියට රටපුරා පාසල් කි‍්‍රකට් කණ්ඩායම් 36 ක් එක්වෙන අතර ඔක්තෝම්බර් 10, 11, හා 12 දිනවලදී බොරැල්ල කැම්බල් කී‍්‍රඩාංගනයේදී තරග පැවැත්වේ.
කොළඹ හා අවට ප‍්‍රධාන පෙළේ පාසල් කි‍්‍රකට් කණ්ඩායම් සමඟ යාපනය දිස්ති‍්‍රක් ඒකාබද්ධ පිල මඩකලපුව - අම්පාර දිස්ති‍්‍රක් ඒකාබද්ධ පිල, මොනරාගල – බදුල්ල දිස්ති‍්‍රක් ඒකාබද්ධ පිල, ති‍්‍රකුණාමලය – කන්තලේ ඒකාබද්ධ පිල, අනුරාධපුර දිස්ති‍්‍රක් පිල, නුවරඑළිය-බණ්ඩාරවෙල ඒකාබද්ධපිල සහභාගිත්වය ස්ථිර කර ඇත.
යාපනය දිස්ති‍්‍රක් ඒකාබද්ධ පිලට තරගාවලියේ ප‍්‍රථම වටයේ නිතරග ජයක් හිමිවූ අතර එම කණ්ඩායම දෙවැනි දිනයේ තරගාවලියට එක්වේ.
මංචි ග්ලුකෝ ෆිට් සික්සස් සය සාමාජික කි‍්‍රකට් තරගාවලියට තර්ස්ටන්, ආනන්ද, නාලන්ද, රාජකීය, ශාන්ත තෝමස්, ඉසිපතන, ශාන්ත ජෝෂප්, ශාන්ත පීතර්, රාජකීය, වෙස්ලි, පානදුර රාජකීය, මාරිස්ටෙලා, රාගම බැසිලිකා, ද මැසිනොද්, ශාන්ත බෙනඩික්ට්, පන්නිපිටිය ධර්මපාල, ශාන්ත සෙබස්තියන්, ලුම්බිනි, සහිරා, ඩී. එස්. සේනානායක මොරටු විද්‍යාලය, කෑගල්ල ම.වි., මලියදේව, මාතලේ ශාන්ත තෝමස්, රිච්මන්ඩ්, ජෝෂප් වාස් සහභාගි වෙති.
මෙම තරගාවලියේ පසුගිය සූරතාව රාගම බැසිලිකා විද්‍යාලය දිනා ගත්තේය. මෙවර මංචි ග්ලුකෝ ෆිට් සූරතාව හා ආදි වෙස්ලි අනු සූරතාව ජයග‍්‍රාහකයන්ට ප‍්‍රදානය කෙරේ.
ග්ලුකෝ ෆිට් හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, පන්දු රකින්නා, ග්ලුකෝ ෆිට් වැඩිම හයේ පහර වාර්තා කරන කී‍්‍රඩකයා තරගාවලියේ වීරයා හා පිට පළාත් හොඳම පාසල් කණ්ඩායමට කුසලාන හිමිවේ.

No comments: