Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, May 5, 2008

ඈන් පියුමාලිගෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක්

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී ඊයේ නිමාව දුටු ජාතික කණිෂ්ඨ මලල කී‍්‍රඩා සූරතාවලියේ් කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් බිහි කිරීමට වත්තල ශාන්ත ආනා බාලිකාවේ ඈන් පියුමාලී සමත් වූවාය.

ඇය විසින් මීටර් 2.95 ක දක්ෂතාවක් දක්වා නව ශී‍්‍ර ලංකා වාර්තාව බිහි කළ අතර පැරණි වාර්තාව වූයේ කොළඹ යසෝදරා බාලිකාවේ ඉෂාරා උදයාංගනී විසින් තබා තිබූ මීටර් 2.80 ක දක්ෂතාවයකි.

මෙහි ජාතික කණිෂ්ඨ වාර්තාව වලල ඒ. රත්නායක විදුහලේ එච්. එම්. පී. ටී. කේ. අබේරත්න මීටර් 2.41 කින් තබා තිබුණි.

වයස අවුරුදු 18 න් පහළ රිටි පැනීමේ ඉසව්වට සහභාගී වූ ඈන් පියුමාලි මෙවර ජාතික කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ වැඩි අවධානයක් දිනාගත් කී‍්‍රඩිකාව වූවාය.

අවුරුදු 20 න් පහළ මීටර් 400 කාන්තා තරගයේ අවසන් අවස්ථාව.

(ඡායාරූපය – රංජිත් ජයවීර)

වයස අවුරුදු 16 න්, 18 න්, 20 න් හා 23 න් පහළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 2600 ක් පමණ සහභාගී වූ මෙම කී‍්‍රඩා උළෙලේ නව තරග වාර්තා 7 ක් බිහි විය. තරගාවලිය මැයි 2 වැනිදා ආරම්භ වූ අතර ඊයේ නිමාවට පත් විය.

ජාතික කණිෂ්ඨ මලල කී‍්‍රඩා උළෙලේ නව වාර්තා

ශී‍්‍ර ලංකා වාර්තා

18 න් පහළ කාන්තා රිටි පැනීම
1. ඈන් පියුමාලී (වත්තල ශා. ආනා බා.වි) මීටර් 2.95 (පැරණි වාර්තාව ඉෂාරා උදයංගනී මී. 2.80 )

නව තරග වාර්තා

16 න් පහළ මීටර් 800 (පිරිමි)
1. ජී. අයි. එම්. හේරත් (වලල රත්නායක ම.ම.වි.) විනාඩි 2:05.01 (පැරණි වාර්තාව 2006 දී සංජීව උදයංග මාතර රාහුල වි. විනාඩි 2:06.29)

16 න් පහළ යගුලිය (පිරිමි)
1. සංජුන සුමනවීර (රෝයල් ඉන්ස්ටිටියුට් කොළඹ) මීටර් 14.87 (පැරණි වාර්තාව 2004 දී නිරෝෂන් ප්‍රේමරත්න. බණ්ඩාරනායක ම.වි. ගම්පහ මීටර් 14.28)

20 න් පහළ හෙල්ල විසි කිරීම (පිරිමි)
1. සචිත් මධුරංග (ආනන්ද වි. කොළඹ) මීටර් 63.68 (පැරණි වාර්තාව 1998 දී ජී. සී. තිලකරත්න බලංගොඩ ම.ම.වි. මීටර් 60.96)

20 න් පහළ රිටි පැනීම (කාන්තා)
ඉෂාරා උදයංගනී (යසෝදරා බා.වි. කොළඹ) මීටර් 2.70 (පැරණි වාර්තාව 2007 දී විශාල) හෙට්ටිආරච්චි අමුණුගම ම.වි. මීටර් 2.41)

20 න් පහළ මීටර් 100 කඩුලු (කාන්තා)
ඩී. ඒ. එච්. විජේසිංහ (කෑගල්ල ශා. ජෝශප් බා.වි.) තත්පර 15.13 (පැරණි වාර්තාව 2006 දී එම්. එන්. කලුුපහන සුමන බා. වි. රත්නපුර තත්පර 15.43)

23 න් පහළ කවපෙත්ත (කාන්තා)
1. ඩබ්ලිව්. ඒ. එස්. කේ. වීරසේකර (ගුවන් හමුදාව) මීටර් 41.61 (පැරණි වාර්තාව 1997 දී අනුරාධා රොද්‍රිගු ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාලය මීටර් 36.66

23 න් පහළ මීටර් 10000 ඇවිදීම (කාන්තා)
1. ඉන්දිරා පි‍්‍රයදර්ශනී (දෙටගමුව ක. විද්‍යාලය) විනාඩි 1:05.42 (පැරණි වාර්තාව 2006 දී ජී. විජේසිංහ අනුරාධපුර දී මලල කී‍්‍රඩා සංගමය විනාඩි 1:11:00)

No comments: