මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල වූ ප්‍රහාරයක් මැඩපවත්වයි.(යාවත්කාලීන
මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල වූ ප්‍රහාරයක් මැඩපවත්වයි. (යාවත්කාලීන)
අද (මැයි 5) උදෑසන 9.30 ට පමණ මුහමාලේ යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලට ප්‍රහාරයක් එල්ල කිරීමට එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් දැරූ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට යුද හමුදාව සමත් විය.
ලැබී ඇති තොරතුරු වලට අනුව විශාල සංඛ්‍යාවකින් යුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් ප්‍රහාරය සඳහා පැමිණ ඇති අතර, ඔවුන්ට මෝටාර් ප්‍රහාර මගින් සහාය ලබා දී ඇත. කෙසේ වුවද යුද හමුදාවේ සාර්ථක ප්‍රතිප්‍රහාර හමුවේ ත්රස්තවාදීන්ගේ උත්සාහය අසාර්ථක වී තිබේ.
ගැටුමෙන් යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු මිය ගොස් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර එක් සෙබලෙකු මෙම ගැටුමේදී අතුරුදන් වී ඇත. තුවාල ලැබූ තිදෙනෙකු වැඩි දුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන විත් ඇති අතර සෙසු තුවාල ලැබූවන් පලාලි රෝහලට ඇතුලත් කර ඇත.
යුද හමුදා ප්‍රතිප්‍රහාර වලින් කොටි නායකයන් දෙදෙනෙකු ඇතුළු 10 දෙනෙකු මිය ගොස් 52 දෙනෙකු තුවාල ලබා ඇති බව අනාවරණය වී ඇත. තුවාලකරුවන් සහ මිය ගිය ත්රස්තවාදීන් රැගෙන යාම සඳහා වාහන 5ක් ලබා දෙන මෙන් පණිවිඩ හුවමාරු යන්ත්‍ර හරහා භූමියේ සිටින කොටි නායකයන් ඉල්ලා තිබේ.
මිය ගිය ත්රස්තවාදියෙකුගේ මළ සිරුරක් මේ වන විට හමුදා භාරයට ගෙන තිබේ.
No comments:
Post a Comment