කී‍්‍රඩා අමාත්‍යාංශය මෙහෙය වන 2008 ජාතික මහා කී‍්‍රඩා උලෙළේ මැරතන්, තරග ඇවිදීම හා පාපැදි තරග ලබන මස 8 වැනිදා අනුරාධපුරයේ දී පැවැත්වීමට විධි විධාන යොදා තිබේ.
මේ තරග තුනම කාන්තා හා පිරිමි අංශ දෙකෙන්ම පැවැත්වෙන අතර අන්තර් ජාතික තරග සඳහා තෝරා ගැනීමේ තරග වශයෙන් ද මෙය සැළැකේ.
පළාත් තරගවලදී ප්‍රථම ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා තෙක් ජයග්‍රහණ හිමිකර ගත් තරග කරුවන් හා තරගකාරියන් අනුරාධපුරයේ අවසාන තරග වලට සහභාගි කරවති.
මැරතන් තරග සඳහා අනුග්‍රහය දක්වන්නේ නෙස්ලේ ලංකා සමාගම ය.
ජයග්‍රාහක ජයග්රාහිකාවනට පිරිනැමෙන රන් රිදී ලෝකඩ පදක්කම්වලට අමතරව මුදලින් ත්‍යාග ද පිරිනැමීමට නෙස්ලේ සමාගම අපේක්ෂා කරයි.
පාපැදි හා තරග ඇවිදීමේ තරගවල ජයග්‍රාහක ජයග්රාහිකාවනට ද පදක්කම් වලට අමතරව මුදල් ත්‍යාග ජාතික කී‍්‍රඩා අරමුදල මගින් පිරිනමන බව කී‍්‍රඩා නියෝජ්‍ය අධ්යක්ෂ ඩර්වින් පෙරේරා මහතා සඳහන් කරයි.
මැරතන් තරග උදේ 6.30 ටත් තරග ඇවිදීමේ කාන්තා පිරිමි තරග උදෑසන 7 ටත් පිරිමි පාපැදි උදේ 7.30 ටත් කාන්තා පාපැදි සවස 4.00 ටත් ඇරැඹේ. සියලු තරග ආරම්භ වන්නේ අනුරාධපුරය මහජන කී‍්‍රඩාංගණය ඉදිරිපිටිනි.
කී‍්‍රඩක කී්රඩිකාවනට ගමන් , නවාතැන් හා ආහාරපාන කී‍්‍රඩා අමාත්‍යාංශය සපයයි.
කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ හා උතුරු මැද මහ ඇමති බර්ටි පේර්මලාල් දිසානායක යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උලෙළ හා ත්‍යාග ප්රදානය සිදු කැරේ.
No comments:
Post a Comment