Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Saturday, April 19, 2008

ළිපිටම නායකත්වයට එරෙහිවී


කොටි පොලිසියේ තිදෙනෙක් හමුදාවට බාර වෙති

ආරක්‍ෂක හමුදා ප‍්‍රහාර හමුවේ කොටි සංවිධානයේ පරිපාලන සහ අභ්‍යන්තර කටයුතු බොහෝ සේ අඩපන වී ඇති අතර කොටි සාමාජිකයන් ප‍්‍රසිද්ධියේ ම කොටි නායකත්වයට එරෙහිව නැගී සිටින තත්ත්වයක් උද්ගත වී ඇතැයි එම සංවිධානය අතහැර පලා ආ කොටි ‘පොලිස්’ සාමාජිකයෝ පවසති.

මීට දින කිහිපයකට ඉහත දී කොටි පොලිසියේ කටයුතු කරමින් සිට ඉන් පලා ඇවිත් ආරක්‍ෂක හමුදා වෙත බාර වූ ප‍්‍රබල කොටි සාමාජිකයන් තිදෙනකු ආරක්‍ෂක අංශ වෙත මෙම තොරතුරු හෙළිදරව් කර ඇත.

මන්නාරම ප‍්‍රදේශයේ දී කොටි පොලිස් නිල ඇඳුමෙන්ම අමිල සුමන්යන් (26), රත්න කුමාර් සදීෂ් (23) සහ සෙබස්තියන් පිල්ලේ අරුල් රාජ් යන කොටි සාමාජිකයෝ තිදෙනා බාර වූහ.

මොවුන් තිදෙනා ආරක්‍ෂක අංශවලට කර ඇති පාපොච්චාරණ වලින් තව දුරටත් පැහැදිලි වෙන්නේ මොවුන් කාලයක් තිස්සේ කොටි පොලිසියේ සේවය කරමින් සිටි බවයි.

පසුව කොටි සංවිධානයේ ඇතිවී ඇති අවුල් සහගත තත්ත්වය හමුවේ තව දුරටත් එහි සිටිය නොහැකි නිසා ඔවුන් ඉන් පලාගොස් ඇත. එසේ පළා ගිය අවස්ථා දෙකකදීම නැවතත් ඔවුන් අත්අඩංගුවට ගෙන කිලිනොච්චි ප‍්‍රදේශයේ කනහපුර කොටි සිර කඳවුරක සිර කැර තිබේ.

සිර කඳවුරුවල සිටි පිරිස් ද යුද්ධයට එකතු කරන නිසා යළි ඔවුන් සේවයට යොදවා තිබේ.

එවැනි අවස්ථාවක ඔවුන් යළි පලාගොස් ඇත. මෙසේ පැනගිය කොටි සාමාජිකයන් යෝධ වැවේ ආරක්‍ෂක බල ප‍්‍රදේශයේ දී ආරක්‍ෂක හමුදා වෙත බාර වී තිබේ.

එසේ බාරවීමට පෙර මොවුන් මන්නාරම උයිලන්කුලම උතුරු ප‍්‍රදේශයේ කොටි පොලිස් මුරපොළක සේවයේ යොදවා ඇත. එම ස්ථානයේ තවත් කොටි සාමාජිකයන් 15 දෙනකු සිටි බව පවසන මෙම කොටි සාමාජිකයෝ එම 15 දෙනා ද එම මුර පොළෙන් පළා ගිය බවත් පවසති.

කොටි සාමාජිකයන් ගේ මෙම පලා යාම හමුවේ කොටි නායකයන් වියරු වැටී සිටින බව ද මෙසේ බාර වූ කොටි සාමාජිකයෝ පවසති. බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් කොටි සංවිධානයට බඳවා ගෙන ඇති ;මම කොටි සාමාජිකයන්ට “ඉරණමඩු” ප‍්‍රදේශයේ දී කොටි පොලිස් පුහුණුව ලබා දී ඇත.

කෙසේ වුවද තව ටික කාලයක් ගත වන විට කොටි පොලිසියේ පොලිස්පති හා දේශපාලන අංශ නායකයා ලෙස කටයුතු කරන “නඩේසන්” පමණක් ඉතිරිවන තත්ත්වයක් ඇතිවිය හැකි බව මෙම කොටි සාමාජිකයෝ පවසති.

ආරක්‍ෂක හමුදා බාරයට පත්වූ මෙම කොටි සාමාජිකයෝ ආරක්‍ෂක හමුදා යටතේ පුනරුත්ථාපනයට යොදවා ඇතැයි ද හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවසීය.

No comments: