Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, April 16, 2008

හේෂාන්-මිනිරුවනී ශී‍්‍ර ලංකා වාර්තා 5ක් බිහිකරති


පි‍්‍රන්ස් ගුණසේකර


එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී නිමාව දුටු 9 වැනි ලෝක සූරතා කෙටිදුර පිහිනුම් සූරතාවලියට සහභාගි වූ හේෂාන් උණම්බුව හා මිනිරුවනී සමරකෝන් නව ශී‍්‍ර ලංකා වාර්තා 5ක් බිහිකිරීමට සමත් වූහ.
හේෂාන් උණම්බුව මෙම තරගාවලියේදී සහභාගි වූ ඉසව් හතරේදීම නව ශී‍්‍ර ලංකා වාර්තා බිහිකිරීමට සමත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මිනිරුවනී තරග ඉසව් තුනකට සහභාගි වූ අතර එක් ශී‍්‍ර ලංකා වාර්තාවක් බිහි කළාය. හේෂාන් බිහිකළ නව ශී‍්‍ර ලංකා වාර්තා දෙකක් තමා විසින්ම පිහිටුවා තිබූ වාර්තා බිඳහෙලීමකි.
හේෂාන් විසින් මීටර් 50 පසුපස ආර තත්පර 27.79 කින් (පැරණි වාර්තාව තත්පර 28.62) මීටර් 50 නිදහස් ආර තත්පර 24.88 කින් (පැරණි වාර්තාව 24.98 ඩැනියල් ලී), මීටර් 100 පසුපස ආර තත්පර 59.94 කින් (පැරණි වාර්තාව වි. 1.00.27) මීටර් 100 නිදහස් ආර තත්පර 54.09 කින් (පැරණි වාර්තාව තත්පර 54.98 ඩැනියෙල් ලී) වාර්තා කර නව ශී‍්‍ර ලංකා වාර්තා හතර බිහි කළේය.
මිනිරුවනී විසින් මීටර් 200 සමනළ ආර ඉසව්ව විනාඩි 2.35.61කින් නිම කර තමා විසින්ම තබා තිබූ විනාඩි 2:38.48 ක වාර්තාව බිඳ හෙලීමට සමත් වූවාය.
ඇය සහභාගි වූ මීටර් 50 සමනළ ආර ඉසව්ව තතත්පර 32.68 කින්ද මීටර් 100 සමනළ ආර ඉසව්ව විනාඩි 1:11.17 කින්ද නිම කළාය. ශී‍්‍ර ලංකාවෙන් 9 වැනි ලෝක සූරතාවලියට සහභාගි වූ හේෂාන් උණම්බුව හා මිනිරුවනී සමරකෝන් යන දෙදෙනාගේම තරග කාලයේ වර්ධනයක් ඇතිවීම සතුටුදායක දක්ෂතා පෙන්වීමකි.
දින 5ක් පුරා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දහසකට අධික පිරිසක් සහභාගි වූ 9 වැනි ලෝක සූරතාවලියේදී නවලෝක වාර්තා 18 ක් බිහිවිය.
ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ හේෂාන් හා මිනිරුවනී ඊයේ මව්බිමට පැමිණියහ.

No comments: