Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, April 18, 2008

ත‍්‍රස්ත විරෝධී නීති උල්ලංඝනය කරන අවස්ථාවලදී එල්ටීටීඊයට එරෙහි පියවර ගැනීමට බි‍්‍රතාන්‍ය රජය කැප වී සිටිනවා

ත‍්‍රස්තවාදයට එරෙහිව පවතින නීති එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් උල්ලංඝණය කරන සෑම අවස්ථාවකදීම ඊට විරුද්ධව පියවර ගැනීමට එක්සත් රාජධානි රජය කැපවී සිටින බව එක්සත් රාජධානියේ ස්වදේශ කාර්යාලය සඳහා වන රාජ්‍ය අමාත්‍ය ටෝනි මැක්නුල්ට් මහතා ප‍්‍රකාශ කළේය.
ටෝනි මැක්නුල්ට් මහතා ඒ බව දැනුම් දුන්නේ විදේශ කටයුතු පිළිබඳ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා හමුවී පැවති සාකච්ඡාවකදීය.
මෙම හමුවේදී විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ත‍්‍රස්තවාදයේ නියැලී සිටින එල්.ටී.ටී.ඊ. ය ශ‍්‍රී ලංකාවේ සාරධර්ම කෙරෙහි අභියෝග එල්ල කරමින් සිටින බව පැවසීය.
එක්සත් රාජධානිය වැනි රටවල් වලදී අඛණ්ඩව සිදුවන එල්.ටී.ටී.ඊ. යේ අරමුදල් රැස් කිරීම හා ප‍්‍රචාරාත්මක කි‍්‍රයාකාරකම් මේ සඳහා ප‍්‍රධාන දායකත්වයක් ලබා දෙන සාධක බව අමාත්‍ය වරයා අවධාරණය කළේය.
එමෙන්ම එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය සහ එහි නියෝජිතයන් විසින් ත‍්‍රස්තවාදීන්ට අරමුදල් ගලා ඒම වැළැක්වීමට ගත් පියවර අගය කළ රෝහිග බෝගොල්ලාගම මහතා ඉදිරියේදී අඛණ්ඩව එම සහාය නොකඩවා ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
එහිදී එක්සත් රාජධානියේ ස්වදේශ කාර්යාලයේ සඳහා වන රාජ්‍ය අමාත්‍ය ටෝනි මැක්නුල්ට් මහතා අවධාරණය කළේ ත‍්‍රස්තවාදී කණ්ඩායම් වල හා එහි පෙරමුණු සංවිධානවල කි‍්‍රයාකාරකම් නිසා තම රට තුළ එල්ල වී ඇති අභියෝගයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය උපක‍්‍රම ප‍්‍රමාණවත් තරම් වැඩි දියුණු කර ඇති බවයි.
එක්සත් රාජධානියේ එල්.ටී.ටී.ඊ. පෙරමුණ සංවිධානවල කි‍්‍රයාකාරීන් සංවිධානය කරන කටයුතු හා ඒවාට සහභාගි වන අය සම්බන්ධයෙන් විමසිලිමත්වීම සඳහා බි‍්‍රතාන්‍ය පොලීසිය ගෙන තිබෙන කි‍්‍රයා මාර්ග රෝහිත බෝගොල්ලාගම මහතාගේ පැසසුමට ලක් විය.
එක්සත් රාජධානිය හා සම්බන්ධව ආගමන ගැටලු දෙරටේ ද්විපාර්ශවීය ප‍්‍රතිලාභ එකඟතා අනුව ශ‍්‍රී ලංකා රජය සමග පූර්ණ සහයෝගිතාවයෙන් කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය.
අධිකරණ වෛද්‍ය විමර්ශන කටයුතු කෙරෙහි ශ‍්‍රී ලංකා පොලිස් සේවයේ විශේෂඥ භාවය වැඩිදියුණු කිරීම සඳහා එක්සත් රාජධානියේ සහය ඉල්ලා සිටි අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ප‍්‍රසිද්ධ ඝාතන කිහිපයක් විමර්ශනය කිරීමේදී එක්සත් රාජධානියේ මෙට්ටෙ‍්රී පොලිටන් පොලීසිය මගින් ලබා දුන් සහය වෙනුවෙන් ස්තූතිය පුද කළේය. එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය සහ ශ‍්‍රී ලාංකික බලධාරීන් අතර සමීප සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වා ගැනීමට ද අමාත්‍යවරුන් දෙපළ එකඟත්වය ප‍්‍රකාශ කළහ

No comments: