Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, April 17, 2008

මිල ගණන් ගැසට් කරයි

සහල්වලට සහතික මිලක්
සම්බා 70යි
නාඩු-රතු කැකුළු 65යි
සුදු කැකුළු 55යි
වෙල්ලස්සේ බණ්ඩාර
සහල්වලට සහතික මිලක් ඊයේ (16) මධ්‍යම රාතී‍්‍ර සිට කි‍්‍රයාත්මක වන පරිදි නියම කෙරේ. මෙයට අදාළ ගැසට් පත‍්‍රය ඊයේම නිකුත් කෙරිණි.
නව සහතික මිල ගණන් අනුව සම්බා කිලෝ ග‍්‍රෑම් එකක මිල රුපියල් 70කි. නාඩු සහ රතු කැකුළු රුපියල් 65කි. සුදු කැකුළු කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 55කි.
ඉහත සඳහන් සිල්ලර මිලට සහල් අලෙවි කළයුතු බව ඊයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පාරිභෝගික කටයුතු අලෙවි සංවර්ධන සහ සමුපකාර ඇමති බන්දුල ගුණවර්ධන මහතා කීය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ විශේෂ රැස්වීමකදී මෙම තීරණ ගනු ලැබීය.
රජයේ මිල නියම කිරීම අනුව තොග මිල ගණන් මෙසේය. දේශීය නිෂ්පාදිත සම්බා සහල් කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 63/-ක්ද නාඩු රුපියල් 58/- , රතු කැකුළු රුපියල් 58/-ක් ද සුදු කැකුළු රුපියල් 48/-ක් ද වේ.
මෙම මිලට සහල් අලෙවි නොකරන හෝ තොග සඟවා සිටින වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියේ බලතල අනුව උපරිම මට්ටමෙන් නීතිය කි‍්‍රයාත්මක කරන බවද ඇමැතිවරයා පැවැසීය.
පසුගිය ජනවාරි මාසයේ සිට සහල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට රජය ප‍්‍රකාශයට පත්කැර තිබේ.
ඊයේ මධ්‍යම රාති‍්‍රයෙන් පසුව ඉහත මිල ගණන්වලට වැඩියෙන් සහල් අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධි වේ.
මෙයට අමතරව තොග සඟවා තැබීම පාරිභෝගිකයින්ට අසත්‍ය තොරතුරු සැපයීම නීතිවිරෝධි වේ. සහල් මිල පිළිබඳව හෝ තොග සඟවා තබා ගැනීම පිළිබඳව කිසියම් අක‍්‍රමිකතාවක් සිදු කළහොත් ඒ බව දැනුම් දීම සඳහා රජය දුරකථන අංකයක්ද ප‍්‍රකාශයට පත්කැර ඇත. එම අංකය වන්නේ 0112- 321696 යි. ප‍්‍රාදේශීය මට්ටමේ සිදු කෙරෙන අක‍්‍රමිකතා පිළිබඳව දිස්ති‍්‍රක් ;ල්කම්වරුන් වෙත දැනුම්දීමට හැකිය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෘෂිකර්ම හා ගොවිජන සේවා වෙළෙඳ, ආරක්‍ෂක හා ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශවල ඇමැතිවරුන් ලේකම්වරුන් හා ආයතන ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණවලට එළැඹ ඇති බවද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පැවැසීය.

No comments: