Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, April 24, 2008

මුහමාලේ කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට ගුවන් ප්‍රහාර 3ක

ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා සහ එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා උපයෝගී කර ගනිමින් මුහමාලේ කොටින්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලට ගුවන් ප්‍රහාර 3ක් එල්ල කළ බව ගුවන් හමුදාව පවසයි. අද (අප්‍රේල් 23) යාපනය මුහමාලේ යුද පෙරමුණේ හට ගත් දරුණු සටන් වලට සම්බන්ධ වී සිටින භට පිරිස් වෙත සහාය ලබා දීමේ අරමුණින් ප්‍රහාර දියත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ වි‍ජේසූරිය මහතා පවසයි.

පළමු ගුවන් ප්‍රහාරය ප.ව. 1.30 ට පමණ ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගනිමින් එල්ල කර ඇත. එල්.ටී.ටී.ඊ. ඉදිරි ආරක්ෂක වළල්ලට කි.මී. 10 – 12 පමණ දකුණු දෙසින් ස්ථාන ගත කර තිබූ බර අවි 2ක් මෙහි ඉලක්කය විය. ප්‍රහාර සාර්ථක වූ බව ගුවන් නියමුවන් සනාථ කර ඇති අතර ප්‍රහාර හේතුවෙන් බර අවි වලට හානි සිදු වන්නට ඇතැයි විශ්වාශ කෙරේ.

දෙවන ප්‍රහාරයද ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගනිමින් එල්ල කළ අතර මෙහි ඉලක්කය වූයේ ත්‍රස්තවාදීන්ගේ දෙවන ආරක්ෂක වළල්ලට පිටුපසින් වූ ත්‍රස්තවාදීන් එක්රැස් වන ස්ථානයකි. ප.ව. 1.45 ට පමණ එල්ල කළ මෙම ප්‍රහාරයද සාර්ථක වූ බව ගුවන් නියමුවන් සනාථ කර ඇත. ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට සිදු වූ හානි පිළිබඳ නිවරැදි වාර්තා ලැබී නොමැත.

තුන්වන ප්‍රහාරය සවස 3.45 ට පමණ එල්ල කළ අතර මේ සඳහා එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා උපයෝගී කර ගෙන ඇත. මෙහිදී දෙවන ආරක්ෂක වළල්ලට පිටුපසින් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට අයත් බංකර් පෙළක් ඉලක්කය විය. මෙම ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන්ට සිදු වූ හානි පිළිබඳවද නිවරැදි තොරතුරු තවමත් ලැබී නොමැති බව වාර්තා සඳහන් කරයි.

No comments: