Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, April 16, 2008

මුහමාලේ හා ඔඩ්ඩුසුඩාන් කොටි කඳවුරු වලට ගුවන් ප්‍රහාර

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 24 ප්‍රහාරක යානා විසින් අද (අප්‍රේල් 16) උදෑසන මුහමාලේ ඉදිරි ආරක්ෂක සීමාවට ඔබ්බෙන් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට අයත් බංකර් පෙළක් වෙත ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තාවේ.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය ප්‍රකාශ කර ඇති පරිදි ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ට එරෙහි ප්‍රහාරයන් දියත් කිරීමේ නිරත පාබල භට පිරිස් වෙත සහය දැක්වීමේ අරමුණින් මෙම ප්‍රහාරය අද උදෑසන 6.15 ට පමණ සිදුව ඇති බව පැවසේ.
මේ අතර, ඊයේ (අප්‍රේල් 15) දින රාත්‍රියේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි හඳුනාගත් ත්‍රස්තවාදී කඳවුරු 3 ක් වෙත ගුවන් හමුදාව විසින් ප්‍රහාරයන් සිදුකර ඇති බවද, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයට කිලෝමීටර් 8 ක් වයඹ දිගට වන්නට වන ලැහැබක් තුල පිහිටි මෙම කඳවුරු වෙත රාත්‍රී 11.50 ට පමණ මෙම ප්‍රහාරයන් සිදු කර ඇති බව වාර්තාවල දැක්වේ.
නිරතුරුව ප්‍රදේශයේ සිදු කරන ලද ගුවන් ආවේක්ෂණයන් මගින් ඉලක්කය හොඳින් තහවුරු කර ගෙන මෙම ප්‍රහාරයන් සාර්ථකව සිදු කර ඇති අතර, එදින සවස් කාලය වනවිට එම කඳවුර තුල ත්‍රස්ත ක්‍රියාකාරකම් දැඩිව දැක ගන්නට ලැබ ඇති බවද ප්‍රහාරය දියත් කර ඇති ගුවන් නියමුවන් උපුටා දක්වමින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක විසින් වැඩිදුරටත් පැවසීය.
දිවා කාලයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් වෙත ගුවන් හමුදාව වෙතින් එල්ල කරනු ලබන ප්‍රහාරයන් දැඩි වීමත් සමග, එල්.ටී.ටී.ඊ.ය. විසින් තම ක්‍රියාකාරකම් බොහෝ සෙයින් රාත්‍රී කාලයේදී සිදු කිරීමට නැඹුරු වී ඇති නිසා, ත්‍රස්තවාදීන්ට රාත්‍රී ක්‍රියාකාරකම් සීමා කිරීමේ ‍පෙරහුරුවක් වශයෙන් මෙම ප්‍රහාරය දියත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක විසින් ආරක්ෂක හමුදා වෙබ් අඩවිය වෙත පැවසීය.

No comments: