Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, April 22, 2008

වාහන කොල්ලකෑමේ සිද්ධියට ජවිපෙ මන්තී‍්‍ර ඇතුළු 3කට ඇප

වාහන කොල්ලකෑමේ සිද්ධියට ජවිපෙ මන්තී‍්‍ර ඇතුළු 3කට ඇප

රන්ජිත් පද්මසිරි

වාහන පැහැරගෙන යාමේ සිද්ධියකට රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි ජවිපෙ මන්තී‍්‍ර ජයන්ත විජේසේකර මහතා ඇතුළු තිදෙනාට ඇප ලබා දීමෙන් පසු

ඡායාරූපය - රංජිත් ජයවීර

මන්තී‍්‍රවරු දෙදෙනකුට අයත් වාහන පාර්ලිමේන්තු රථගාලේ නවතා තිබියදී කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත විජේසේකර මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් තිදෙනා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අජිත් අනවරත්න මහතා විසින් ඊයේ (21) ඇප මත මුදාහරින ලදී.

එක් අයකුට රුපියල් 5000 බැගින් මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම කළ අතිරේක මහේස්ත‍්‍රාත් වරයා පැමිණිල්ලේ සාක්කිකරුවන්ට තර්ජනයක් කර සාමය කඩවීමක් වාර්තා වුවහොත් ඇප අවලංගුකර යළි සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන බවට අවවාද කළේය.

රිමාන්ඩ්භාරයේ සිටි කම්මලපිටිය රාජපක්ෂ ගෙදර සුසන්ත කරුණාරත්න හා හෙට්ටිආරච්චිලාගේ දයාවංශ චන්ද්‍රසිරි පෙරේරා හෙවත් පොඩිමල්ලි යන දෙවන හා තුන්වන සැකකරුවන් ඊයේ (21) හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරනු ලැබීය.

ජ.වි.පෙ සාමාජිකයන් රැසක් අධිකරණ භූමියේ සිටියදී අතිරේක මහේස්ත‍්‍රාත් කුමාරි අබේරත්න මහත්මිය හමුවේ පෙරට්ටුව පැවැත්විණි. පහරකෑමට ලක් වූ බව කියන සැරයන් කුලරත්න මහතා දෙවැනි සැකකරු පමණක් හඳුනා ගත්තේය. පෙරට්ටුවේදී ඔහු පළමු සැකකරු වෙනුවට වෙනත් පුද්ගලයකු පෙන්වා සිටි අතර හඳුනා ගත් දෙවැනි සැකකරු පාර්ලිමේන්තු රථගාලේ වාහනය ළඟ සිටි බව පමණක් කීය.

අනතුරුව පැමිණිල්ල අතිරේක මහේස්ත‍්‍රාත් අජිත් අනවරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියහ. සිදුවී ඇත්තේ කුමක් දැයි අතිරේක මහේස්ත‍්‍රාත් වරයා විමසූවිට ඊට පැමිණිල්ල වෙනුවෙන් පිළිතුරුදුන් වැලිකඩ පොලිස් ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා, සැකකරුවන් වාහන දෙකක් මංකොල්ල කා පොලිස් නිලධාරියකුට පහරදී ඔහුගේ රාජකාරියට බාධා කර ඇති බව කීය.

පළමු සැකකරු වෙනුවෙන් නීතිඥ සුමිත් සිල්වා මහතා සමඟ පෙනී සිටි නීතිඥ නෙවිල් අබේරත්න මහතා පොලිස් නිලධාරියකුට පහර දීමක් සිදුවී නැති බව කීය.

පක්ෂයේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ආරවුලක් නිසා පක්ෂය සතු වාහන ආරක්ෂා කර ගැනීම සඳහා සැකකරුවන් කි‍්‍රයා කර ඇති බව කීය.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා

මෙම වාහන අයිති පක්ෂයට නොව පියසිරි විජේනායක හා අචල ජාගොඩ යන මන්තී‍්‍රවරුන්ටයි. ඔවුන් වාහන පාර්ලිමේන්තු රථ ගාලේ නවතා ඒ බව පොලිසියට දැනුම් දී වෙනත් වාහනයකින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සැරයන්වරයකු ආරක්ෂාව සඳහා යොදා තිබියදී සැකකරුවන් පැමිණ එම නිලධාරියාට පහරදී වාහන රැගෙන ගොස් තිබෙනවා.

නීතිඥ නෙවිල් අබේරත්න මහතා

මේ වාහන අයිති පක්ෂයටයි. පක්ෂය මුදල් යවා තිබෙනවා.

මහේස්ත‍්‍රාත්

පක්ෂයට අයිති යැයි කීවත් මේ විදියට රැගෙන යාමට හැකි ද ?

නීතිඥ අබේරත්න මහතා

වාහනවල ආරක්ෂාවට ඒවා රැගෙන ගියේ පක්ෂ මූලස්ථානයට. පැහැරගෙන යාමේ චේතනාවක් මොවුන්ට තිබුණේ නැහැ.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂක

මේ වාහන තමන්ට අයිති බව මන්තී‍්‍රවරු දෙදෙනා ප‍්‍රකාශ කර තිබෙනවා.

නීතිඥ අබේරත්න මහතා

මේ සැකකරුවන් පොලිසියට බාර වූවා. අදාළ වාහනත් පොලිසියට බාර දුන්නා. මෙහි චේතනාවක් නැහැ. මේ වනවිට විමර්ශන කටයුතු අවසන් කර ඇති නිසා සැකරුවන්ට ඇප ලබා දෙන්න.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂක

විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් වූවත් සැකකරුවන් වාහන පැහැර ගෙන යාම සඳහා යොදා ගත් යතුරු ව්‍යාජ ඒවාදැයි සොයා දැන ගත යුතුයි.

නීතිඥ අබේරත්න මහතා

මෙම වාහනවලට සමාගමෙන් යතුරු 3 ක් ලැබී ඇත.

එයින් දෙකක් භාවිතා කරන මන්තී‍්‍රවරයාටත් එකක් පක්ෂයටත් ලබා දී තිබෙනවා. මේවා පක්ෂයට අයත් වාහන මිලදී ගෙන ඇත්තේ පක්ෂයේ අරමුදල්වලින්. පහරකෑමටට ලක්වූවාය කියන නිලධාරියා රෝහලට ගොස් ඇත්තේ රාතී‍්‍ර 8.00ට පමණ.

දෙවන හා තුන්වන සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල මහතා සමඟ පෙනීසිටි නීතිඥ රන්ජිත් කල්දේරා මහතා පෙරට්ටුවේදී සාක්කිකරු හඳුනාගත්තේ එක්සැකකරුවකු පමණයි. ඔහු වාහනය ළඟ සිටි බව පමණක් ඔහු ප‍්‍රකාශ කළා. සියලු දෙනාට ඇප නියම කරන්න.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත‍්‍රාත් අජිත් අනවරත්න මහතා සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස නියම කළේය.

ඇපකරුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඉදිරිපත් වූ අතර සාමකාමීව හැසිරෙන ලෙසට අවවාද කෙරිණි.

පැමිණිල්ල ලබන මැයි මස 26 දින යළි කැඳවන ලෙස නියමකළ මහේස්ත‍්‍රාත් අනවරත්න මහතා එදිනට විමර්ශනයේ ප‍්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියම කළේය.

No comments: