Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, April 17, 2008

ඇමැති ආරක්ෂකයකු වෙසින් ජෙයරාජ් ඝාතකයා ආවාදැයි සැක

ඇමැති ආරක්ෂකයකු වෙසින් ජෙයරාජ් ඝාතකයා ආවාදැයි සැක
විජයානි එදිරිසිංහ
ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරයා ඝාතනයට කොටි ත‍්‍රස්තවාදියා පැමිණියේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියකුගේ වේශයෙන් දැයි යන්න පරීක්ෂණ අංශවල දැඩි අවධානයට ලක්වී තිබේ.
ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් කමිසයේ බොත්තම් ගෙල ආසන්නයටම දමන අතර යටට මේස් බැනියමක් ද පළඳියි. ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් නොහඳුනන එවැනි නිලධාරියකු සිටි බවට ද පරීක්ෂණ අංශවලට තොරතුරු ලැබී ඇත.
ඇමති ආරක්ෂක සේවයේ සියලුම නිලධාරීන්ගෙන් මේ වන විට කටඋත්තර ලබාගෙන ඇත. රහස් පොලීසිය සමඟ තවත් පොලිස් කණ්ඩායම් හතරක් පුළුල් ලෙස පරීක්ෂණ පවත්වති.
රජයේ රස පරීක්ෂකවරයා පවසන ආකාරයට මරාගෙන මැරෙන ජැකට්ටුව පැළඳගෙන මෙම ඝාතක කොටියා පැමිණි බව තහවුරු වී ඇත. කමිසයට යටින් ජැකට්ටුව පැළඳ ගෙන ඇතැයි හෙළිවෙයි.
කෙසේ වුවත් තව දින කීපයක් ඇතුළත සිද්ධිය සම්බන්ධ සියලුම තොරතුරු සොයාගත හැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිනමිණ’ ට කීය.
කෙසේ වුවද ඝාතක කොටියා ඇමති ආරක්ෂක නිලධාරියකු ලෙස සිට උත්සවය ආරම්භ කරන විට ඉලක්කය වෙත පැමිණෙන්නට ඇතැයි ද පරීක්ෂණ අංශ සැක කරයි.
අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ඉලක්ක කොටගෙන මීට දින කිහිපයකට ඉහතදී වැලිවේරිය ‘කාන්ති’ කී‍්‍රඩාංගණය අසල ආරම්භ වීමට නියමිතව තිබූ මැරතන් ධාවන තරගයක් අවස්ථාවේ මරාගෙන මැරෙන කොටියා එම බෝම්බය පුපුරුවා හැරියේය.

No comments: