Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Saturday, April 19, 2008

ජානිට වසර දෙකක තහනමක්


පදක්කම් සියල්ල අහෝසියි. ලක්‍ෂ 5ක් ගෙවීමට නියෝග

මලල කී‍්‍රඩිකා ජානි චතුරංගනී ද සිල්වා තහනම් ශරීර උත්තේජක ලබාගැනීමේ චෝදනාවට වැරදිකාරිය කරමින් ජාත්‍යන්තර මලල කී‍්‍රඩා සම්මේලනය වසර දෙකක දෙස් විදෙස් තරග තහනමක් පැනවිය.

ඒ අනුව 2006 වසරේ කොළඹ දී පැවැති දකුණු ආසියානු කී‍්‍රඩා තරගාවලියේ දී ඇය දිනාගත් රන් හා රිදී පදක්කම් දෙකත්, මේ වසරේ කෝචිහි පැවැති දකුණු ආසියානු මලල කී‍්‍රඩා තරගාවලියේ දී දිනාගත් රන් හා රිදී පදක්කම් දෙකත් සියලු මුදල් තෑගි ද, දේශීය තරගවලදී දිනාගත් සියලු පදක්කම් හා මුදල් තෑගි ද වහාම අදාල තරග සංවිධායකයන්ට භාර දෙන ලෙස ජාත්‍යන්තර මලල කී‍්‍රඩා සම්මේලනය නියෝග කොට ඇත.

මෙයට අමතරව ජානි චතුරංගනී වැරදිකාරිය බවට ඔප්පු වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය විසින් රුපියල් ලක්‍ෂ 5ක මුදලක් (ස්විස් ෆ‍්‍රෑන්ක් 5000ක්) ජාත්‍යන්තර මලල කී‍්‍රඩා සංගමය ට ගෙවන ලෙසට ද නියෝග කොට ඇත.

ජානි චතුරංගනී ද සිල්වාට පැනවූ දෙස් - විදෙස් තරග තහනම මෙම අපෙ‍්‍ර්ල් 14 වැනිදා සිට ඉදිරි වසර දෙකක කාලයකට බල පැවැත්වේ.

2010 වසරේ සිට නැවැත මලල කී‍්‍රඩාවට අවතීර්ණ වන්නේ නම් තහනම් කාලය තුළදී ඇය විසින් සපුරා යුතු අවම අවශ්‍යතා පිළිබඳව ද ජාත්‍යන්තර මලල කී‍්‍රඩා සම්මේලනය දන්වා ඇත. නියෝග කල පරිදි පදක්කම් හා මුදල් තෑගි භාරදී තිබීම, තහනම ඉවත් වීමට ආසන්න කාලයේ දී අන්තර් ජාතික මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය [WADA] මගින් නැවැත තහනම් උත්තේජක පරීක්‍ෂාවට ලක්කිරීම වැනි කොන්දේසි අනිවාර්ය කිරීම එම සපුරාගත යුතු අවම අවශ්‍යතා වේ.

2006 වසරේ කොළඹ දී පැවැති දහ වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ දී ජානි චතුරංගනී ද සිල්වා තහනම් ශරීර උත්තේජක ලබාගත්තේ යැයි චෝදනා ලැබුවාය.

එම තරගාවලියේදී ලබාගත් ඇයගේ මුත‍්‍රා සාම්පලයක ‘නැන්ඩ‍්‍රලොන්’ නැමැති තහනම් ඖෂධයට අයත් සංඝටක තිබුණේ යැයි සැකයකින් තොරව තීරණය කරන බවට දකුණු ආසියානු කී‍්‍රඩා තහනම් ශරීර උත්තේජක කමිටුව තීරණය කළේය.

එහි තීරණය දකුණු ආසියානු විනය කමිටුවට ඉදිරිපත් කෙරෙනු අතර ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ එම විනය කමිටුව ජානි චතුරංගනීව සියලු චෝදනා වලින් නිදහස් කළේය.

අනතුරුව ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සම්මේලනය මගින් සුනිල් ජයවීර මහතාගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත්කොට විශේෂ පරීක්ෂණයක් ද පැවැත්විය. එයින් ද ජානි චතුරංගනී නිදහස ලැබුවාය.

මේ අතර දකුණු ආසියානු මලල කී‍්‍රඩා තහනම් උත්තේජක කමිටුවේ සභාපති ගීතාංජන මෙන්ඩිස් මහතාගෙන් ජානි චතුරංගනී නිදහස් වීම පිළිබඳ විශේෂ වාර්තාවක් ජාත්‍යන්තර මලල කී‍්‍රඩා සම්මේලනය ඉල්ලා සිටි අතර ඔහු යැවූ වාර්තාව අනුව ජාත්‍යන්තර කී‍්‍රඩා බේරුම්කාර මණ්ඩලය පරීක්ෂණයක් පවත්වා වසර දෙකක තහනම් නියෝගය නිකුත් කළේය.

මේ පිළිබඳ මලල කී‍්‍රඩිකා ජානි චතුරංගනී පැවැසුවේ ජාත්‍යන්තර මලල කී‍්‍රඩා සංගමයේ මෙම තීරණයට එරෙහිව අභියාචනයක් නිකුත් කරන බව

No comments: