Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, April 18, 2008

ව්‍යාජ සංගම්වලට ඇමැතිගෙන් රතු එළියක්


නිලධාරීන්ගේ රට සවාරිවලටත් වැට තහනම් කළ කී‍්‍රඩා සම්මේලන ගැන සොයන්න තවත් කමිටුවක්

ප‍්‍රින්ස් ගුණසේකර

කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ
කී‍්‍රඩා සංගමයක් අටවා ගන්නා ඇතැම් අය ව්‍යාජ ලෙස ජාතික මට්ටමට, ඔලිම්පික් මට්ටමට හා ජාත්‍යන්තර මට්ටමට යෑම වලක්වාලීමට අවශ්‍ය දැඩි ප‍්‍රතිපත්තිමය තීන්දු ගෙන ඇතැයි කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.
“පසුගිය කාලයේ ක‍්‍රීඩකයන්ට වඩා නිලධාරීන් රට සවාරිවලට එක්ව තිබෙනවා.
මින් මතු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පුමුඛතාව ලැබෙන පරිදි කී‍්‍රඩා සංගම්වල පරිපාලන කටයුතු විනිවිද භාවයෙන් පවත්වා ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් යැයි කී‍්‍රඩා අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ නිලවරණ පැවැත්වීම තහනම්කළ ජාතික කී‍්‍රඩා සංගම් 13 ක අනුබද්ධිත කී‍්‍රඩා සංගම්වල සාමාජිකත්වය, කි‍්‍රයාකාරිත්වය හා මෙතෙක් සිදුවූ මූල්‍ය ගණුදෙනු පිළිබඳ තොරතුරු සොයා බැලීමට පත්කළ කී‍්‍රඩා නිලධාරීන්ගේ කමිටුව ගැන අප කල විමසුමකදීය.
කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් පත්කර ඇති මෙම විශේෂ කමිටුව ලබාදෙන නිර්දේශ අනුව අකී‍්‍රය කී‍්‍රඩා සංගම් ඉවත් කර පිරිසිදු නිලවරණයක් පැවැත්වීමට අදාල ජාතික කී‍්‍රඩා සංගම්වලට නියෝග නිකුත් කෙරේ.
විධිමත් මූල්‍ය පාලනය හා සාමාජික සංගම් නීත්‍යානුකූල තත්ත්වයෙන් තොරවීමේ චෝදනා මත නිලවරණ තහනම්කළ ජාතික කී‍්‍රඩා සංගම් සියල්ලට කී‍්‍රඩා අමාත්‍යංශය මගින් සාමාජික විස්තර, මුදල් ගනුදෙණු හා තරග සහභාගිත්වය පිළිබඳ ගත වූ වසර පහක විස්තර ඉල්ලා ලිපි යවා ඇත.
එම තොරතුරුවල සත්‍යතාව කී‍්‍රඩා නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුව සොයා බැලීමට ද බලාපොරොත්තු වෙයි.
කී‍්‍රඩා සංගම් ලබා දෙන තොරතුරුවලට අමතරව සාමාජිකත්වය ලබා දිය යුතුයැයි කී‍්‍රඩා අමාත්‍යංශය තීරණය කරන කී‍්‍රඩා සමාජවලට නව සාමාජිකත්වය පිරිනැමීම කෙරෙහිද අවධානය යොමුව ඇත.
දින 14 ක් තුල අකී‍්‍රය සංගම් ඉවත් කිරීමේ ලිපිය නිකුත් කරමින් ඒ පිළිබඳ ප‍්‍රසිද්ධ පුවත් පත් දැන්වීමක් පලකරන බවද කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.
ඒ සඳහා අභියාචනා ඇතොත් ඒවා අභියාචන මණ්ඩලයක් මගින් පරීක්ෂා කිරීමට ද සූදානම් බව ඒ මහතා පැවැසීය.
නිලවරණ තහනම් කළ කී‍්‍රඩා සංගම් අතුරින් විශාල වශයෙන් චෝදනා ඇති පාපැදි, නෙට්බෝල්, එල්ලේ හා වායු රයිපල් කී‍්‍රඩා සංගම්වල මූල්‍ය කටයුතු සොයා බැලීමට විශ‍්‍රාමික ගණකාධිකාරවරයෙකුගේ සේවය ලබාගන්නා බවද කී‍්‍රඩා අමාත්‍යවරයා සඳහන් කළේය.
“කී‍්‍රඩා සංගම්වල බොහෝ කාලයක් සිටි නිලධාරීන් හිතුවක්කාර ලෙස කි‍්‍රයා කිරීම නැවැත්වීමට කාලය ඇවිදින්. සමහර කොම්පැනි කාරයෝ කී‍්‍රඩා සංගම් මුදල් බලයට යට කරගෙන.
කවුරු අමනාප වුවත් එයට එරෙහිව කටයුතු කරනවා” යැයි කී‍්‍රඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
නිලවරණ අත්හිටවු කී‍්‍රඩා සංගම්වලට කරාටේ, ත්‍රෝබෝල්, ටෙනිස්, ජූඩෝ, බිලියඩ්, බේස්බෝල්, චෙස්, ජීවිතාරක්ෂක හා ඔරු පැදීම යන කී‍්‍රඩා සංගම්ද ඇතුලත් විය.

No comments: