Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, April 18, 2008

ජවිපෙ සෝමවංශ පිලෙන් දේශහිතෛෂීන්ට මැර ප්‍රහාර

ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර මතවාදයක් නිසා පක‍ෂයෙන් කැඩී ගිය විමල් වීරවංශ කණ්ඩායමට සෝමවංශ කණ්ඩායම තුළින් කෙරෙන හිරිහැර, පැහැරගෙන යෑම් හා පහරදීම් වීරවංශ මහතා ලේකම්ධූරය දරණ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය තුළටත් පැතිර ගොස් තිබේ. දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක හේමන් පෙරේරා මහතාට ඊයේ (17) බණ්ඩාරගම නගරයේදී සෝමවංශ කණ්ඩායමේ පිරිසක් විසින් කරන ලද පහරදීමකින් වීරවංශ මහතාට එරෙහිව දෙවන සටන ආරම්භ කොට ඇත.
පහර කෑමට ලක්වූ හේමන්ත පෙරේරා මහතා බණ්ඩාරගම පොලීසියට පැමිණිල්ලක් කොට ඇති අතර, පහර කෑමෙන් ලද තුවාලවලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බණ්ඩාරගම රෝහලට ඇතුලත්ව පසුව බාහිර වෛද්‍යවරයකුගෙන් දැන් ප්‍රතිකාර ලබාගනිමින් සිටී.
සිද්ධිය ගැන හේමන්ත පෙරේරා මහතාගෙන් zලංකා ඊ නිව්ස්Z විමසූ විට කීවේ බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී අජිත් අනුර මහතා සමඟ විමල් වීරවංශ මහතාගේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරමින් සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් කීපයක් ලැබීමෙන් පසුව විනාඩි 15 ක් තරම් සුළු වේලාවකදී යතුරුපැදි කීපයකින් 8 දෙනෙකු පමණ තමා සිටි ස්ථානයට පැමිණි බවත්, එහිදී ඔවුන්ද තමා සමඟ තරමක උණුසුම් වචන කීපයක් ජවිපෙ අර්බුදය ගැන හුවමාරු වෙද්දී එම පිරිස අතර සිටි අයකු ඔහු අතවූ හෙල්මටයෙන් තම හිසට පහරදුන් බවත්, පසුව ඔවුන් පොල්ලකින් හා අතින් පයින් පහර දුන් බවත්ය.
1986 සිට තමා ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යාපාරික ආධාරකරුවකු ලෙස සිටි අතර, 1989 දී ජීවිතාරක‍ෂාව පතා ප්‍රංශයට ගිය බවත්, එහිදී ද ජවිපෙ දේශපාලනය කරමින් පක‍ෂයට උදව් කළ බවත්, එහෙත් තමා තවමත් ජවිපෙ සාමාජිකයකු නොවන බවත් හේමන්ත පෙරේරා මහතා කීවේය.
විමල් වීරවංශ මහතාට පක‍ෂයෙන් සිදුකර ඇත්තේ අසාධාරණයක් මෙන්ම වරදක්ය යන මතයේ තමා සිටින බවත්, තමාට මේ ප්‍රහාරය එල්ල කළේ කිසියම් ආකාරයක හදිසි සැලසුමකින් බවත්, තමාට ප්‍රහාරය එල්ල කළ පිරිසට ජවිපෙ කලාප සංවිධායක සමඟ ජවිපෙ බණ්ඩාරගම ශාඛාවේ සාමාජික පිරිසක් ද සිටි බවත් පැවැසූ පෙරේරා මහතා තමාට කළ පහරදීම කළුතර දිස්ත්‍රික් ආරක‍ෂක කමිටුවේ සංවිධායක වීරවංශ නමැත්තාගේ නියමයකින් තොරව සිදු නොවන බවද කීය.
මෙම ප්‍රහාරය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කරන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, ජවිපෙ සාමාජිකයින්ගේ මෙවැනි හැසිරීම් වලක්වා සිටීම බුද්ධිමත් නායකත්වයක වගකීම බවත්, ශිෂ්ඨ සමාජය විසින් හෙළා දකින එවැනි කි්‍රයාවලින් වැලකී සිටිනු ලෙස ජවිපෙ සාමාජිකයින්ගෙන් කරුණා පෙරදැරිව ඉල්ලා සිටින බව ප්‍රකාශ කරයි.
පක‍ෂය තුළ ඇති අර්බුදය ඒ පක‍ෂය තුළම විසඳාගත යුතු අතර, ඒ සඳහා මෙවැනි මඟක් නොව බුද්ධිමත් ප්‍රඥා සම්පන්න මඟක් ගතයුතු බවත් එවැනි කි්‍රයාමාර්ගයක් අනුමත කරන ප්‍රඥා සම්පන්න ශිෂ්ඨ පිරිසක් ජවිපෙ තුළ ඇති බව විශ්වාස කරන බවත්, මෙවැනි අමනෝඥ කි්‍රයාමාර්ග ගැන සතුටට පත්වනු ඇත්තේ ජවිපෙ හෝ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ හෝ අභිවෘද්ධිය පතන පිරිස් නොව, රට තුළ ඉන්න අධිරාජ්‍යවාදී විජාතික බලවේග බව වටහා ගත යුතු බවත් එම නිවේදනයේ දැක්වේ.

No comments: