Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, April 21, 2008

මල්වතු මහ නාහිමියෝ විමල් වීරවංශට කියති



පක්‍ෂ අභ්‍යන්තරයේ පවතින ප‍්‍රශ්න සාකච්ඡා මගින් විසඳ්‍ර ගැනීමට නොහැකි වන්නේ නම් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා රජයට සම්බන්ධ වී කි‍්‍රයා කිරීම වරදක් නොමැති බව මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මාහිමියෝ ඊයේ (20) විමල් වීරවංශ මහතා ඇතුළු එම කණ්ඩායමේ මන්තී‍්‍රවරුන්ට පැවසූහ.

ත‍්‍රස්තවාදය සහමුලින් පරාජය කිරීම සඳහා ජනපතිතුමන්ගේ නායකත්වය යටතේ ති‍්‍රවිධ හමුදාව විශාල උනන්දුවකින් යුතුව කි‍්‍රයා කරන මේ මොහොතේ ඊට සහාය ලබාදීම අතිශය වැදගත් බවත්, ඒ වෙනුවෙන් අමාත්‍ය ධූර හෝ ලබාගැනීම වරදක් නොමැති බවත් උන්වහන්සේ කීහ.

ජ. වි. පෙ. හිටපු ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ප‍්‍රමුඛ පියසිරි විජේනායක, මොහොමඩ් මුසම්මිල්, දීපාල් ගුණසේකර, සමන්සිරි හේරත්, පි‍්‍රයංකර වීරකුමාර දිසානායක, රත්න උදය ශාන්ත, අචල ජාගොඩ, නිමල් පෙ‍්‍ර්මවංශ ජයසිංහ, ජයන්ත සමරවීර යන මහත්වරු ඊයේ (20) පෙරවරුවේ මල්වතු මහා විහාරයට ගොස් මහා නාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ එසේ කීහ.

වාමාංශික පක්‍ෂ මගින් මේ රටට එතරම් වැඩක් නොවුණු බවත්, පිලිප් ගුණවර්ධන, එන්. එම්. පෙරේරා වැනි නායකයින් ද ප‍්‍රධාන පක්‍ෂ සමඟ එකතු වී කි‍්‍රයා කළ බවත් පැවසූ නාහිමියෝ රටට වැඩක් කළ හැකි බව ප‍්‍රායෝගිකව ඔප්පු කළ මෙම පිරිස තමන්ගේ ශක්තිය රටේ අභිවෘද්ධිය උදෙසා යෙදවිය යුතු බව ද අවධාරණය කළහ.


මහානායක හිමියෝ මෙසේ ද කීහ.

”ති‍්‍රවිධ හමුදාව ධෛර්යමත් කිරීමට පසුගිය කාලයේ විමල් වීරවංශ මහතා සුවිශාල මෙහෙවරක් කළ බව අපි දන්නවා. එම සහාය ඉදිරියටත් ඒ ආකාරයෙන් ම ලබා දෙන්න. පවතින වාද භේද නැති කරගෙන හැමෝම එකතු වෙනවා නම් හොඳයි. එසේ කළ නොහැකි නම් රජයට සම්බන්ධ වෙන්න. එහි වරදක් නැහැ.

ඇමැතිකම් ලබාගන්න කියලා මම කියන්නේ නැහැ. අවස්ථාවේ හැටියට තීරණ ගන්න. පක්‍ෂ අභ්‍යන්තරයේ ප‍්‍රශ්න අපි හරියට දන්නේ නැහැ. නමුත් ඔබතුමා රටට විශාල සේවයක් කළ බව අපි දන්නවා.

අන්තවාදීව බලලා රටක ප‍්‍රශ්න විසඳන්න බැහැ. අද ජනතාවට ආර්ථික ප‍්‍රශ්න තදින් දැනෙනවා. මේවාට විසඳුම් දිය යුතුයි. ඔබතුමාලා දක්ෂයි. නියම පැත්තට ඇවිල්ලා රටට වැඩක් කරන්න. අද මේ ප‍්‍රදේශවල ට‍්‍රාන්ස්ෆෝමර විනාශ කරනවා.

ත‍්‍රස්තවාදීන්ට අවශ්‍ය රටේ වැදගත් පුද්ගලයින් මෙන් ම විශේෂ ස්ථානත් විනාශ කරන්නයි. මෙය තේරුම්ගෙන ප‍්‍රධාන සතුරා පරාජය කරන්න හැමෝම එකතු විය යුතුයි.

ේහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා - පක්‍ෂ අභ්‍යන්තරය තුළ රටට හිතකර තීන්දු තීරණ ගන්න අපි බරපතළ සටනක් කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි මාව පක්‍ෂයෙන් ඉවත් කරන්න තීරණය කෙළේ. රට වෙනුවෙන් අවසානයේ අභියෝගාත්මක තීරණයක් ගත්තා.

පක්‍ෂය නිවැරදි මාවතට ගෙන ඒමට අපිට තවමත් හැකිවෙතැයි අපේක්‍ෂා කරනවා.

එසේ නොවුණහොත් රටට ගැළපෙන දේශපෙ‍්‍ර්මී ගමන් මාර්ගයක් අප නිර්මාණය කරනවා. ඒ සඳහා ශක්තිය, ධෛර්යය අප සතුයි. එය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට ඔබවහන්සේලාගේ ආශිර්වාදය නිරතුරුව අප අපේක්‍ෂා කරනවා.

අපි තීරණ ගන්නේ රට ගැන හිතලයි. පක්‍ෂයේ වගකීම් දරපු අප තීරණ ගන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නොවෙයි. එය එසේ වන බවට ඔබවහන්සේට සහතික වෙනවා. අද පක්‍ෂය තුළ අනෙක් පාර්ශ්වය හැසිරෙන්නේ ප‍්‍රශ්නය සාකච්ඡා මගින් විසඳ්‍ර ගැනීමට පවතින ඉඩකඩ ඇහිරෙන අන්දමටයි.

බෙදුම්වාදය පරාජය කිරීම උදෙසා පෙර පරිදිම වෙර වීරිය යොදවන බවටද ඔබවහන්සේට සහතික වෙනවා. කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා නිරතුරුව අප කි‍්‍රයාත්මක වෙනවා.

රට බෙදීමට කුමන්ත‍්‍රණය කරන පිරිස්වලට පැවති ප‍්‍රධානතම අභියෝගය වුණේ් ජ. වි. පෙ. යි. ඔවුන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ජ. වි. පෙ. සාමාජිකයින් බිළිබා ගැනීමේ කුමන්ත‍්‍රණයක් දියත් කළා.

මේ පසුබිම තුළ අප කිසිදින අපේක්‍ෂා නොකළ දෙයක් සිදුවුණා. ජ. වි. පෙ. තුළ රට වෙනුවෙන් යමක් කරන්න නොහැකි නම් එම කාර්ය භාරය ඉන් පිටතට ගොස් හෝ අපි ඉටු කරනවා.

රජයට සම්බන්ධ වීමේ අදහසක් අප තුළ තවම නැහැ. ජාතික බලවේග ඒකරාශී කරගෙන නව ගමනක් යෑමට රට තුළ ඉඩක් පවතිනවා. බෙදුම්වාදය පරාජය කිරීමේ සටනට අපේ සහාය පෙර පරිදිම හිමිවෙනවා. පක්‍ෂය තුළ මතබේද ඇතිවීමට මුල් වූයේත් මෙම ප‍්‍රශ්නයයි.

විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස ශී‍්‍ර දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගත් අතර අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශී‍්‍ර බුද්ධරක්ඛිත මහානාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

No comments: