Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, June 16, 2008

ඕනෑම මැතිවරණයක දී ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ජය ගැනීමට රජයට පුළුවන්

ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ජයග‍්‍රහණය කිරීමට රජයට හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
රට සංවර්ධනය කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි ජනතා ප‍්‍රසාදයක් පළ වී ඇති බැවින් එල්ල වන ඕනෑම අභියෝගයක් ජය ගත හැකි යැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි.
සන්ධාන ගතව සිටි පිරිස් ඉවත් වී ගොස් ඇති අවස්ථාවක යම් යම් තීරණ ගැනීමට රජයට සිදුවන බවත්, එම ගන්නා තීරණ හමුවේ එන අභියෝගවලට කවුරු සමඟ තරග කළත් ජය ගැනීමේ හැකියාව රජය සතු බවත් ජනාධිපතිවරයා පැවසීය.
ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් හා පළාත් සභා නියෝජිතයන් දැනුවත් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පෙරේදා (14) පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කෙළේය.
උතුරු මැද හා සබරගමුව පළාත් සභා මැතිවරණ පිළිබඳව නොයෙක් අදහස් පළකළ ද මැතිවරණයක් පැවැත්විය යුතුයැයි මහ ඇමැතිවරයා තීරණය කළහොත් ඊට එරෙහිව යාමට හැකියාවක් නැති බවත් මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණයක් බවත් පැවසීය.
රජය කරගෙන යන වැඩපිළිවෙළට විරුද්ධ බලවේග කි‍්‍රයාත්මක වුවත්, රජයට හිතැති රටට ආදරය කරන විශාල පිරිසක් සිටින බව අමතක නොකළ යුතු යැයි පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වන විට ජනතාවට රට ගැන හැඟීමක් ඇති වී තිබෙන බවත් ප‍්‍රකාශ කෙළේය.
ඇතැම් පිරිස් රට පිළිබඳව ගෙන යන වැරදි ප‍්‍රචාරවලට ලෝකය ඉදිරියේ උත්තර බැඳීමට රජයට සිදුව ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා මවු බිම වෙනුවෙන් ගන්නා කි‍්‍රයාමාර්ග අඩපණ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් සඳහන් කෙළේය.
ගමට සංවර්ධනය ගෙන යෑමට රජයට හැකියාව ලැබී ඇතැයි පෙන්වාදුන් ජනාධිපතිවරයා ගම නැඟුම යටතේ ගමේ පාරවල් තැනීමටත්, සියයට 85කට විදුලිය සැපයීමටත් රජය සමත් වූ බවත් පැවසීය.
රනිල් වික‍්‍රමසිංහ මේ රටේ කොටසක් එල්. ටී. ටී. ඊ. යට භාරදීලා \බුණා.
අපේ හමුදාව එම පළාත්වලින් පන්නලා දාලා. පොලීසිය කොළඹට එවලා, අපේ බුද්ධි අංශය විනාශ කරලා තියෙද්දී අපට හැකි වුණා නැඟෙනහිර නිදහස් කර ගන්න. එකම සිවිල් වැසියකුටවත් සිරීමක්වත් නොකරයි අපි ඒක කෙළේ’ යැයි ජනාධිපතිවරයා එහිදී පැවසීය.
විදුලි අර්බුදය කල්තියාම දැක ඊට විසඳුම් ලෙස කෙරවලපිටිය, ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ වැනි දැවැන්ත ව්‍යාපෘති කි‍්‍රයාත්මක කළ බව පෙන්වාදුන් ජනාධිපතිවරයා තෙල් මිල පාලනයටත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර ඇති බවත් 2010 දී පළමු තෙල් ළිඳ කැණීම අරඹන බවත් පැවසීය.
රජය පිහිටුවා මාස 30ක් වැනි කෙටි කාලයක් තුළ ඉටු කළ විශාල වැඩකොටස පිළිබඳව ආඩම්බර විය හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

No comments: