Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, June 25, 2008

විජිත හේරත්ට කොටි නාදන්ගේ නම නිර්දේශ කළේ ජවිපෙ රාමලිංගම්

එසප සහ නව වාමාංශික පෙරමුණෙන්
කොළඹ - යාපනයට ඡන්දෙත් ඉල්ලලා

චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරමින් මරාගෙන මැරෙන කොටි කල්ලියක් මෙහෙයවූ දේවදාසන් නොහොත් ‘නාදන්’ එක්සත් සමාජවාදී පක්‍ෂය, නව වාමාංශික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සමීප සබඳතා පවත්වාගෙන ගෙන ගිය බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

විජිත හේරත් මහතා මොහු චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂ තනතුරට පත් කැර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පත්කළ මන්තී‍්‍රවරයකු වන රාමලිංගම් චන්ද්‍රසේකරගේ ඉල්ලීමට අනුව බවද හෙළිවී ඇත.

එම පත්කිරීම ගැන පරීක්‍ෂණ අංශ මන්තී‍්‍රවරුන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට ද බලාපොරොත්තු වෙයි.

දේවදාසන් එක්සත් සමාජවාදී පක්‍ෂයේ යාපනය දිසා සංවිධායක ලෙස කටයුතු කැර ඇත. 2001 වසරේදී ඔහු යාපනය දිසාවෙන් ඡන්දයට ඉදිරිපත් වී ඡන්ද පන්සියයක් ලබාගෙන තිබේ.

1998 වර්ෂයේදී මොහු බස්නාහිර පළාත් සභාවට නව වාමාංශික පෙරමුණෙන් තරග කැර ඇත. ඔහු ඉන් ඡන්ද 73ක් ලබා ගෙන ඇත.

දේවදාසන් හැඳුනුම්පත් දෙකක් භාවිතා කරමින් ති‍්‍රකුණාමල මුතූර් ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව ප‍්‍රකාශ කැර තිබීම අසත්‍ය බව හෙළි වී ඇත.

ඔහුගේ සත්‍ය පදිංචි ස්ථානය යාපනේ පරවෙඩ්ඩි ප‍්‍රදේශයේ බව පරීක්‍ෂණ අංශ සඳහන් කරයි.

දේවදාසන් කොටි සංවිධානයේ ඉහළම නායකයන් සමඟ සෘජු සබඳතා පැවැත්වූ පුද්ගලයෙකි.

කළු කොටි දස දෙනකු යොදවා ප‍්‍රභූ ඝාතන සිදුකිරීම සහ කොළඹදී තවත් අපරාධ විශාල ප‍්‍රමාණයක් සිදුකිරීම මොහුගේ අපරාධ ලයිස්තුවේ අන්තර් ගතවේ.

මොහු චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටින අවදියේ දී කාන්තාවන් සමඟ අනියම් සබඳකම් පවත්වන්නේ යැයි යාපනයේ සිටින ඔහුගේ බිරිය කොටි සංවිධානයට පැමිණිලි කර ඇත.

කොටි නායකයන් ඒ සම්බන්ධව ඔහුට දැඩි ලෙස අවවාද කළ බවත් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා කළු කොටි කණ්ඩායම මගින් ඝාතනය කැර කොටි නායකයන්ගෙන් පැසසුම් ලබා ගැනීමට දේවදාසන් ඔත්තු බැලුවත් “මුත්තප්පන් ගෲප්” නමැති කළු කොටි කණ්ඩායම මගින් ඊට පෙර ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කර ඇති බවත් පරීක්‍ෂණවලදී හෙලිවී ඇත.

දේවදාසන් යටතේ සිටි සෙසු කළු කොටි කණ්ඩායම පරීක්‍ෂණ අංශ මගින් ;ම් වන විට හඳුනාගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පැවැත්වේ.

දේවදාසන්ගේ ඝාතන ලයිස්තුවට ඇතුළත් මැති ඇමැතිවරුන් ඇතුළු ප‍්‍රභූවරුන් ඝාතනය කිරීමට ඔත්තු බැලීම සඳහා ඔහු තවත් පිරිසක් යොදා ඇතැයි පොලිසිය පවසයි.

වැල්ලවත්ත ප‍්‍රදේශයේ මාර්ග බාධකයකදී ඉකුත්දා අත්අඩංගුවට ගත් මරාගෙන මැරෙන කළු කොටි ත‍්‍රස්තවාදියාගෙන් ප‍්‍රශ්න කිරීමේදී දේවදාසන් හෙවත් ‘නාදන්’ නමැති මෙම අධ්‍යක්‍ෂකවරයා පිළිබඳ තොරතුරු හෙළිවිය.

මෙම මරාගෙන මැරෙන කළු කොටි ත‍්‍රස්තවාදියා අවුරුදු 23ක පමණ තරුණයෙකි. මූලතිව් පදිංචිකරුවෙකි.

අ. පො. ස. සාමාන්‍ය පෙළ අධ්‍යාපනය කටයුතු අවසන් කිරීමත් සමඟම කොටි සංවිධානයට බඳවා ගෙන කළු කොටි පුහුණුව ලබාදී කොළඹට එවා දේවදාසන් කණ්ඩායමට එක් කැර ඇත.

රජයේ ඇමැතිවරයකු ඝාතනය කිරීම සඳහා දේවදාසන් මෙම මරාගෙන මැරෙන කොටියා බොරැල්ලේ සිනමාහලක් අසලට කැඳවා තිබුණත් එදින තිබූ ආරක්‍ෂාව නිසා මොහුට නියමිත වෙලාවට එතැනට ළඟාවීමට නොහැකි වී ඇත.

දේවදාසන් සබඳකම් පැවැත්වූ බොහෝ දෙනකුගෙන් ප‍්‍රකාශ ලබාගැනීමට පරීක්‍ෂණ අංශ බලාපොරොත්තු වෙයි.

වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මංගල දෙහිදෙණිය මහතා ඇතුළු කණ්ඩායමක් ඉතාමත් සූක්‍ෂම ලෙස පැවැත්වූ පරීක්‍ෂණවල ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම කොටි ත‍්‍රස්තවාදියා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

වැල්ලවත්ත පොලිසිය තවත් පරීක්‍ෂණ කණ්ඩායම් කීපයක සහාය ඇතිව තවදුරටත් පරීක්‍ෂණ පවත්වයි.

No comments: