Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, June 24, 2008

ඇමති දැන් එනවා හනික මෙහෙට වරෙන්’

මරාගෙන මැරෙන කොටියකුට දේවදාසන්ගෙන් ඇමතුමක්

'ඇමති දැන් එනවා ඉක්මනට මෙතනට වරෙන්' යැයි ඇමතිවරයකු ඝාතනය කිරීමේ සැලසුම කි‍්‍රයාත්මක කිරීමට මඟ බලාගෙන සිටි ප‍්‍රබල කොටි නායක දේවදාසන් ප‍්‍රකාශ කර ඇත.
චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටි මෙම කොටි නායකයා එම පණිවුඩය මරාගෙන මැරෙන කොටියකුට දැනුම් දී ඇත්තේ මීට සති කිහිපයකට පෙර ජංගම දුරකතනයෙනි.
සිනමා ශාලාවක මුහුරත් උලෙළක් තිබූ අවස්ථාවකට මෙසේ පැමිණීමට කියා ඇත.
මේ අවස්ථාවේ මරාගෙන මැරෙන කොටියා ප‍්‍රකාශ කර තිබෙන්නේ 'මඟ දිගටම පොලීසිය සිටින නිසාත් මාර්ග බාධක නිසාත්වෙලාවට පැමිණීමට අපහසු බවයි. මීට සති දෙකකට පමණ පෙර රාති‍්‍රයේ වැල්ලවත්ත ප‍්‍රදේශයේ මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගත් කොටි ත‍්‍රස්තවාදියාගෙන් ප‍්‍රශ්න කිරීමේ දී මෙම තොරතුරු හෙළිදරව් වී ඇත.
රජයේ ප‍්‍රබල ඇමතිවරයකු ඝාතනය කිරීම පිණිස චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂකවරයා ඔත්තු බලා ඉලක්කය සම්පූර්ණ කිරීමට මරාගෙන මැරෙන කොටියා කැඳවීමට එම පණිවුඩය දී ඇති බව හෙළි වී ඇත.
දේවදාසන්ගේ දුරකතන පරීක්‍ෂා කිරීමේ දී අදාළ මරාගෙන මැරෙන කොටියාට ලබා දී තිබූ පනිවුඩ හුවමාරු ද තහවුරු වී තිබේ.
මෙම කොටියාට මරාගෙන මැරෙන කොටි දස දෙනෙක් බාර දී ඇත. කොටහේනේ තිබී සොයාගත් භාණ්ඩ අතර බෝම්බ දහයකට අවශ්‍ය උපකරණ තිබූ බව ද අනාවරණය වී ඇත.
මැති ඇමතිවරුන්, ආරක්ෂක නිලධාරින් ඇතුලු කොටි ඝාතන ඉලක්කවලට ලක්කර ගැනීමට උත්සාහ කරන පිරිස ඝාතනය කිරීම පිණිස කොටි බුද්ධි අංශය මරාගෙන මැරෙන කණ්ඩායම් ගණනාවකට බාරදී තිබිණි.
දේවදාසන් ද එහි එක් කණ්ඩායමක් බාරව සිටි අයෙකි. ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයා ඝාතනය කිරීමට ද දේවදාසන් ඔත්තු බලා ඇත. එහෙත් ඔහුගේ කණ්ඩායමට පෙර වෙනත් මරාගෙන මැරෙන කණ්ඩායමක් ;ජයරාජ් අමාත්‍යවරයා ඝාතනය කළ බව සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේ දී හෙළි වී තිබේ.
කොළඹ ඇස්වාට්ටුවේ ‘ඔඩෙල් ආයතනය, සළාකා ඇතුලු ස්ථාන ගණනාවකදී ම මහජනතාව ඉලක්ක කරගෙන බෝම්බ පිපිරවීමට දේවදාසන්ගේ කණ්ඩායම සැළසුම් කර තිබූ බව ද පරීක්‍ෂණවල දී හෙළි වී ඇත.
කලා උළෙල කිහිපයකදීම ප‍්‍රභූවරු ඝාතනය කිරීමට ද සැළසුම් සකස් කර තිබී ඇත.
පාමංකඩ ප‍්‍රදේශයේ ද මොහුට නිවසක් තිබී ඇත. මොහු ඇසුරු කළ විශාල පිරිසක් ඇති අතර එහි දී සැකකටයුතු පිරිසගෙන් ප‍්‍රශ්න කිරීමට පරීක්‍ෂණ අංශ බලාපොරොත්තු වෙයි.
දේවදාසන් මුත්තූර් ප‍්‍රදේශයේ උපන් අයෙකි. එල්. ටී. ටී. ඊ. සංවිධානය මොහු නාදන් නමින් හඳුන්වයි. හැඳුනුම්පත් දෙකක් මොහු භාවිතා කර තිබේ.
මොවුන් ඉලක්ක කරගෙන සිටි ප‍්‍රභූ ඝාතන ගණනාවක් කොළඹ පැවැති ආරක්‍ෂක තත්ත්වය නිසා සිදු කරගැනීමට නොහැකි වී ඇත. මොහුගෙන් ප‍්‍රශ්න කිරීමේ දී තවත් වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වෙමින් පවතී.
වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මංගල දෙහිදෙනිය මහතා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන මෙම මහා අපරාධ රැල්ලේ සුලමුල හෙලිකර ගැනීමට කටයුතු කළේය.
ඒ මහතා ඇතුලු වැල්ලවත්ත පොලීසියේ සෙසු පොලිස් නිලධාරිහු ගල්කිස්ස පොලිස් කොට්ඨාසයක සහයෝගයෙන් ඉදිරි පරීක්‍ෂණ කරගෙන යති.

No comments: