Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Sunday, June 1, 2008

මාධ්‍ය මර්දනයේ පියා එජාපයයි

රනිල් මාධ්‍යයේ මිතුරකු ලෙස පෙනී සිටීම හාස්‍යජනකයි

මාධ්‍ය මර්දනයේ පියා එජාපයයි

- ඇමැති රාජිත සේනාරත්න

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍යවේදීන්ගේ මිතුරකු ලෙස පෙනී සිටීම හාස්‍යජනක බවත් මාධ්‍ය මර්දනයේ පියා එක්සත් ජාතික පක්ෂය බවත් ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

දිවයින පුවත්පතේ ඡායාරූප ශිල්පි විමල්සුරේන්ද්‍ර සහ ජනප‍්‍රිය රූපවාහිනි නිවේදක රිචඩ් ද සොයිසා යන මාධ්‍යවේදීන් අභිරහස් ලෙස ඝාතනය කෙරුණේ එ.ජා.ප. ආණ්ඩු සමයේ දී බැව් සිහිපත් කරන ඇමැතිවරයා, රනිල් වික‍්‍රමසිංහ මහතා එ.ජා.ප. ආණ්ඩුවේ ඇමැතිවරයකු ලෙස සිටියදී අවස්ථා ගණනාවකදී ජනමාධ්‍යවේදීන්ට ශාරීරිකව පහර දුන් බවත් ගයිරික පේරුසිංහ නිහාල් චන්ද්‍රකුමාර සහ ගාමිණී සිල්වා යන මාධ්‍යවේදීන් වික‍්‍රමසිංහ මහතා ගේ පහර දීමට ලක් වූ බවත් පෙන්වා දුන්නේ ය.

ඊට අමතරව සුනිල් මාධව පෙ‍්‍ර්මතිලක, යූනුස් වැනි මාධ්‍යවේදීන් දරුණු ප‍්‍රහාරයන්ට හා මරණීය තර්ජනවලට ලක් වූයේත් එ.ජා.ප. ආණ්ඩු සමයේදී ය.

එඩ්මන් රණසිංහ වැනි ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරුන් ගේ වාහනවලට අලාභ හානි සිදු කිරීම පමණක් නොව මෑතකදී කර්තෘ සංසදයේ සභාපති උපාලි තෙන්නකෝන් මහතාට ද වික‍්‍රමසිංහ මහතා බැණ වැදුණේ ය.

ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදියකුට දුරකථනයෙන් තර්ජනය කළ රනිල් වික‍්‍රමසිංහ මහතා, මෑතකදීත් දිගින් දිගටම පුවත්පත් කතුවරුන්ට ප‍්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කළ බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එදා මෙන් නොව අද රාජ්‍ය නායකයාට එරෙහිව විවිධාකාරයේ විවේචන පළ කිරීමට ජනමාධ්‍යයට නිදහස තිබෙන බැව් පෙන්වා දුන් ඇමැතිවරයා, ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ශාරීරික ප‍්‍රචණ්ඩත්වය හා වාචික තර්ජන සිදු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එජාපය ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු මුත් දැන් ඔවුන් ජනමාධ්‍යවේදීන් ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීම ලෝකය හිනස්සවන විහිළුවක් බවත් සඳහන් කෙළේය.

No comments: