Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, June 2, 2008

රත්නපුර - කළුතර - ගම්පහ - මාතර - කොළඹ




අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර සහ නායයෑමෙන් රත්නපුර, කළුතර, ගම්පහ, මාතර හා කොළඹ දිස්ති‍්‍රක්කවල පවුල් 75000ක් පමණ අවතැන්ව පුද්ගලයන් සිවු දෙනකු මරණයට පත්ව තිබේ.
නිවාස 35ක් පමණ සම්පූර්ණයෙන්ම කැඩී විනාශ වී ඇති අතර නිවාස දහස් ගණනක් ජලයට යටවී තිබේ.
කුඹුරු ඉඩම් අක්කර දහස් ගණනක් සහ එළවළු වගා මහ වැස්සෙන් විනාශ වී තිබේ.
ගංවතුර හේතුවෙන් වැඩිම අලාභයක් සහ ජනතාව අවතැන්වී සිටින්නේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ වන අතර, එහි පවුල් 3000ක් අවතැන් වී තිබෙන බව ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය කීය.
රත්නපුර, අගලපාත, අයගම, කලවාන හා කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගම්මාන රැසක් ජලයෙන් යටවී තිබේ. කළුතර දිස්ති‍්‍රක්කයේ බුලත්සිංහල, සාලින්දනුවර හා බදුරලිය ප‍්‍රදේශ ජලයෙන් යටවී තිබෙන අතර පවුල් 3600ක් අවතැන්වී සිටිති.
සාලින්දනුවර ප‍්‍රදේශය් ජනතාව ප‍්‍රවාහනය කිරීම සඳහා බෝට්ටු සේවාවක්ද රජය මගින් කි‍්‍රයාත්මක කැර ඇත. ගම්පහ අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් අත්තනගල්ල හා ගම්පහ ප‍්‍රදේශය, කැලණිගඟ පිටාර ගැලීමෙන් දොම්පේ ප‍්‍රදේශයේ පහත්බිම් ජලයෙන් යටවී තිබේ.
මේ අතර ඊයේ (101) දහවල් 11.00 වන විට කැලණි ගඟේ ජල මට්ටම අඩි 5යි අඟල් 7ක් දක්වා ඉහළ ගොස් තිබු අතර කොලොන්නාව මැතිවරණ කොට්ඨාශයේ පහත්බිම් ජලයෙන් යටවෙමින් තිබිණි.
කැලණිමුල්ල අඹතලේ සහ කොටුවිල ප‍්‍රදේශද යටවී තිබිණි. මාතර සහ ඇල්ල දිස්ති‍්‍රක්කයේත්, කෑගල්ල දිස්ති‍්‍රක්කයේත් ජල ගැලීම් සහ නායයෑමෙන් දැඩි හානි සිදුව තිබු අතර අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගය කැලණි ගඟේ ජලයෙන් යටවී ගමනා ගමනය නතර වී තිබිණි.
තල්දුව ප‍්‍රදේශයේ ගම් කීපයක්ද ගංවතුරට යට වී තිබිණි. අවතැන් වූ පවුල් සඳහා රජය කඩිනමින් සහන සැලසීමට කටයුතු යොදා තිබු අතර මේ සඳහා රුපියල් ලක්ෂ 120ක මුදලක් මේ වන විටත් ලබා දී ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක එන්. ඩී. හෙට්ටිආරච්චි මහතා දිනමිණට කීය.
අවශ්‍යතාවය අනුව අවතැන්වූවනට තවත් සහන ලබාදීමට සූදානමින් සිටින බවත් ඒ මහතා කීය. වැඩිම පිරිසක් අවතැන් වී සිටින රත්නපුර දිස්ති‍්‍රක්කය සඳහා පමණක් රුපියල් ලක්ෂ 100ක් ලබා දී ඇතැයි කී ඒ මහතා කළුතර හා ගම්පහ දිස්ති‍්‍රක්කවලට රුපියල් 10 බැගින් ලබා දී ඇති බවත් කීය.
අවතැන් වූ ජනතාවට පිසූ ආහාර සහ වියළි ආහාර ලබාදීමටත් කටයුතු යොදා ඇතැයි කී ඒ මහතා, මියගිය අයකු වෙනුවෙන් රුපියල් 15000/- බැගින් වන්දි ලබාදෙන බවත් පැවසීය.

No comments: