Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, June 5, 2008

වැල්ලවත්ත බෝම්බයෙන් මඟීන් 18කට තුවාල ප‍්‍රධාන සැකකරු ඇතුළු 9ක් අත්අඩංගුවේ

කොළඹ වැල්ලවත්ත අසේල පටුමග ආසන්න දුම්රිය මාර්ගයේ ඊයේ (04) උදෑසන ත‍්‍රස්තවාදීන් විසින් පුපුරවාහරින ලද බෝම්බයට හසුවී මගීහු 18 දෙනෙක් තුවාල ලබා සිටිති.
බෝම්බ ප‍්‍රහාරය එල්ල කර පලාගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇතුළත් නව දෙනකු ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
පානදුර සිට මරදන දක්වා ගමන් ගනිමින් තිබූ මගී දුම්රිය ඉලක්ක කැර දුරස්ථ පාලකයක ආධාරයෙන් මෙම බෝම්බය පුපුරවා හැර තිබෙන බව අනාවරණය වී ඇත.
බෝම්බය පුපුරා යාමෙන් දුම්රිය මාර්ගයට හා දුම්රියේ එක් මැදිරියකට හානි සිදුව ඇත.
සිද්ධියෙන් පසු ප‍්‍රහාරය එල්ලකළ බවට සැක කැරෙන තැනැත්තා පලායන අයුරු අසල සිටි අය දැක ඇති අතර දුරස්ථ පාලකය සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ තිබී ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
එදින උදෑසන 7.15 ට පමණ මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවත් උදෑසන 6.35 ට පමණ පානාදුර සිට මරදානට පැමිණෙමින් තිබූ දුම්රිය ඉලක්ක කැර පුපුරුවා හැරීම සිදුකර තිබෙන බවත් දුම්රිය පාලන අංශය පවසයි.
දුම්රියේ තෙවන මැදිරිය පසුවන විටම එම ස්ථානයේ දුම්රිය මාර්ගයේ අවටා තිබී ඇති බෝම්බය පුපුරුවා හැර සැකකරු පලාගොස් ඇත.
එසේ පළාගිය සැකකරු ඔහුගේ බෑගය අසල ගෙවත්තකට විසිකර දමා තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබේ. එහි දින පොතක්, ඇතුළු බඩු බාහිරාදිය කීපයක් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබූවන් දකුණු කොළඹ රෝහලට ඇතුළත් කර ඇති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවැසීය.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින අතර මෙම පිරිස සාමාන්‍ය තුවාල ලැබූවන් බව පොලිසිය කීය.
සිද්ධියෙන් පසු පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ එක්ව නිල සුනඛයන් ගේද ආධාරයෙන් පලාගිය බව කියන සැකකරු සොයා හදිසි සෝදිසියක් දියත්කැර තිබේ.
කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතාගේ හා කොළඹ දකුණ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න යන මහත්වරුන්ගේ උපදෙස් හා මෙහෙයවීම මත වැල්ලවත්ත හා දෙහිවල පොලිසි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අරඹා ඇත.

No comments: