Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Sunday, June 1, 2008

වොට් 75ට වැඩි විදුලි බුබුලු තහනම්!

ගෙන්වීම, බෙදාහැරීම, විකිණීම, පාවිච්චි කිරීම...

වොට් 75ට වැඩි විදුලි බුබුලු තහනම්!

වොට් 75ට වැඩි සාමාන්‍ය විදුලි බුබුලු භාවිතය වහා ම තහනම් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ යටතේ වොට් 75ට වැඩි සාමාන්‍ය විදුලි බුබුලු භාවිතා කිරීම, විකිණීම, බෙදාහැරීම, නිෂ්පාදනය කිරීම හා ආනයනය කිරීම ද තහනම් වෙයි.

අදාළ තහනම කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට මේ වනවිටත් යොමු කොට ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

දැනට වෙළෙඳපොළේ පවතින ප‍්‍රමිතියකින් තොර වොට් 75ට වඩා වැඩි විදුලි බුබුලු භාවිත කිරීම නිසා ජාතික විදුලිබල පද්ධතියෙන් වැඩි ධාරිතාවක් අපතේ යන බවත් සීඑෆ්එල් (ප‍්‍රතිදීප්ත) වැනි පලදායීතාවෙන් යුත් විදුලි බුබුලු භාවිතා කිරීමෙන් සියයට 80ක පමණ විදුලිබල ඉතිරියක් ඇති කැර ගත හැකි බවත් විදුලිබල අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යෑම නිසා විදුලිබල නිෂ්පාදනයටද දැඩි අභියෝගයක් ඇති වී තිබෙන අතර ඒ තත්ත්වය හැකිතාක් අවම කැරගැනීම සඳහා විදුලිබලය කාර්යක්ෂම ලෙස පරිභෝජනය කළ යුතුව තිබෙන බවත් විදුලිබල අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව මින් ඉදිරියට සියලුම විදුලි බුබුලු සඳහා තරු එකේ සිට පහ දක්වා ප‍්‍රමිතිකරණයක් හඳුන්වා දීමටත් ශ‍්‍රී ලංකාවට ආනයනය කෙරෙන සියලු විදුලි බුබුලු ලංකා ප‍්‍රමිති කාර්යාංශයේ හා ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූල වියයුතු යැයි ද විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

No comments: