Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, June 19, 2008

ආර්ථිකය සුරැකීමට මේ තරම් පියවර ගත් තවත් රජයක් නෑ - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක


ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආරක්ෂා කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය ගත් පියවර තරම් කිසිම රජයක් පියවර ගෙන නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විණි. මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීමේ වාරයේදී රවි කරුණානායක මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ ණය කාඩ්පත් පිළිබඳ වංචාවන් අප රටට පමණක් නොව ඇමරිකාව වැනි රටවලට පවා සිදුව තිබෙන බවත්, මේ රටේ සිදුවන එවැනි වංචා ක්‍රියා සහ පිරමිඩ් වැනි ගනුදෙනු නැවැත්වීමට මහ බැංකුව නව පියවරයන් ගැනීමට කටයුතු කරගෙන යන බවත්ය.2002 වසරේදී රුපියල් මිලියන 6072ක්ව තිබූ ණය කාඩ්පත් මගින් ජනනය වූ ගනුදෙනු ප්‍රමාණය 2007 වන විට මිලියන 21,635ක් දක්වා ඉහළ ගොස් තිබේ. බාහිර ණය කාඩ්පත් ගනුදෙනුවලදී නියෝජිත ආයතනවලට ප්‍රේෂණය වූ මුළු මුදල් ප්‍රමාණය මිලියන 739.3කි. එම මුදල් මාස්ටර් කාඩ් සඳහා රුපියල් මිලියන 301.3ක් ද, වීසා කාඩ්පත් සඳහා මිලියන 246.2ක් සහ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් සඳහා මිලියන 91.8ක් ද ලෙසින් ප්‍රේෂණය වී ඇත. මෙරට උද්ධමනය 33%ක් තරම් ඉහළ අගයක පවතින අතර ණය කාඩ්පත් මගින් මුදල් මැවීමක් සිදු වන බව කරුණානායක මන්ත්‍රීවරයා පැවසුවේය. ණය කාඩ්පත් සඳහා ණය සීමාවන් ඇති බවත්, මහ බැංකුව ප්‍රාග්ධන මුදල් පිටරටට ඇදී යාම වැළැක්වීමට පියවර ගනිමින් සිටින බවත් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

No comments: