Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, June 20, 2008

ඉන්දියානු තෙල් සමාගම රජයට පවරා ගන්නවා - අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි

ඉන්දියානු තෙල් සමාගම (අයි.ඕ.සී.) වැඩිකල් යාමට පෙර රජයට පවරා ගන්නා බවට තමා එම සමාගමට ලිපියකින් දැනුම් දුන් බව බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය. ඉන්දියානු තෙල් සමාගමට කැමති මිලකට තෙල් විකිණිය හැකිය. ඔවුන් ඩීසල් මිල වැඩි කර තිබීම නිසා ඩීසල් අලෙවි වන්නේ අනෙක් තෙල් සැපයුම් හල්වලින් පමණි. දැනටමත් රජය ඩීසල් ලීටරයකින් රුපියල් 30ක අලාභයක් ලබන අතර මේ තත්ත්වය නිසා එම අලාභය තවත් වැඩි වී ඇත. ඉන්දියානු තෙල් සමාගම භූමිතෙල් ද අලෙවි නොකරයි.“තෙල් මිල ඉහළ යාම තුළින් ජන ජීවිතයේ බොහෝ අංශවලට බලපෑම් ඇති වී තිබේ. ලෝකයේ සංවර්ධිත හොඳ ආර්ථික තත්ත්වයක් ඇති රටවලුත් තෙල් මිල ඉහළ දමා තිබේ. අපි තෙල් මිල ඉහළ දැමීම කළේ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ඇතිවයි. රජය පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ක්ෂණිකව ඉහළ දමා නැත.”“පසුගිය වර මිල ඉහළ දැම්මේ මැයි මාසයේදී. ඊට පෙර ජනවාරි මාසයේදී ඒ කාලයේ ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක් ඩොලර් 98.2 සිට ඩොලර් 137 දක්වා මේ වන විට ඉහළ නැග තිබෙනවා. අප ජනවාරි මාසයේ ලැබූ පාඩුව රුපියල් මිලියන 1191ක්. එය පෙබරවාරියේ 1116ක්. මාර්තුවේ 2960ක්. අප්‍රේල් මාසයේ 4490 සහ මැයි මුල් දෙසතියේ 4471 දක්වා අලාභයක් කරා වැඩි වී තිබෙනවා. මුළු අලාභය බිලියන 14කට වැඩියි.”“ජනාධිපතිතුමා ඉරාන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා. පොලී රහිතව බනිජ තෙල් ඉරානයෙන් ලබා ගැනීමට. සහනයක් දෙන නිසා පාඩු ලබද්දිත් අපි මිල වැඩි නොකළ බවත් ෆවුසි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මිල ඉහළ යාමට පෙර බනිජ තෙල්, දැවි තෙල් හා එල්.පී. ගෑස්වලින් බනිජ තෙල් සංස්ථාව ලාභයක් ලැබුවා. අපි තෙල් ගබඩා කිරීම් හා එල්.පී. ගෑස් නිපදවීම පටන් ගන්නවා. ඒ අනුව පාරිභෝගිකයින්ට හා ගොවීන්ට සහනයක් දීමට බලාපොරාත්තු වෙනවා.සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කරනවා. එම නවීකරණයෙන් පසුව මිලියන ගණනාවක් ඉතුරු කරගත හැකි වෙනවා. ඉන්පසුව අපට අවශ්‍ය බනිජ තෙල් රට තුළම නිපදවා ගත හැකි වෙනවා. පැහැදිලිවම අපි පෞද්ගලීකරණ ක්‍රියාවලිය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. එලෙසම ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගියත් පාරිභෝගිකයාට අනවශ්‍ය බර පැටවීම නතර කිරීමට පියවර රැසක් ගෙන ඇති බව ද ෆවුසි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

No comments: