Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, February 13, 2009

බොරු ප‍්‍රචාර යවන අයගේ මනස හදන්න මට බෑ



මහේල ජයවර්ධන
ප‍්‍රින්ස් ගුණසේකර
”මා නායකත්වයෙන් ඉවත්වීමත් සමග නොයෙක් බොරු ප‍්‍රචාර යනවා. ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් මා සමග අමනාප බවට, තේරුම් කමිටුවේ බලපෑම මත හා ඉන්දීය සංචාරයේ පරාජය ඉල්ලා අස්වීමට හේතුව බවට යන සියලු කතා මුළුමනින්ම අසත්‍යයි. මම ඇත්ත කියන්නම්” මහේල ජයවර්ධන ප‍්‍රකාශ කෙළේය.
නායකත්වයෙන් ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කරමින් ඊයේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව අවධාරණය කෙළේය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට කල්පනා කෙළේ පසුගිය බංග්ලාදේශ සංචාරය අතරතුරදීයි. හදිසිියේම පාකිස්තාන හා ඉන්දීය තරගාවලි පැමිණි නිසා නව නායකයෙකුට ඉක්මනින් වගකීම් පැවැරීම අසාධාරණ නිසා ඒ තීරණය කල් දැමීමට සිදුවුණා” යැයි මහේල පැවැසීය.
ඉල්ලා අස්වීමට ගත්් තීරණය නිවැරැදි වෙලාවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙනුවෙන් ගත් තීරණයක් බවත් ඉදිරියේ පත්වෙන ඕනෑම නායකයකු යටතේ සියයට එකසිය පනහක දායකත්වයක් රට වෙනුවෙන් ලබා දෙන බවත් මහේල සඳහන් කෙළේය. 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සූදානම් වීමට දැන් සිටම අලුත් නායකයකු පත් කළ යුතුයි.
නව නායකයාට කණ්ඩායම සුදුසු පරිදි සකස් කර ගැනීමට හොඳ කාලයක් අවශ්‍යයි. ඒ ගැනත් මා කල්පනා කළා.”
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ බලපෑමක් මත ඉල්ලා අස්වූවේ යැයි මතයක් ගොඩනැගී ඇතැයි මාධ්‍යවේදියකු මතු කළ අදහසකට පිළිතුරු දුන් මහේල පැවැසුවේ එය පදනම් විරහිත ප‍්‍රකාශයක් බවයි.
“මෙය මා පෞද්ගලිකව හිතා ගත් තීරණයක්. කිසිදු බලපෑමක් නෑ. ඉල්ලා අස්වීම පිළිබඳ තේරීම් කමිටුවට දැනුම් දෙද්දී ඔවුන් පුදුමයට පත් වුණා.
එක්දින කණ්ඩායමෙන් ඉවත් වුණද ටෙස්ට් පිලේ නායකත්වය තවදුරටත් භාරගන්නා ලෙස තේරීම් කමිටුව මගෙන් ඉල්ලීමක් කළා. මා එයට එකඟ වූයේ නෑ.”
”එක් එක් අය ගෙන යන බොරු ප‍්‍රචාරවලට මා පිළිතුරු දෙන්නේ නෑ. බොරු ප‍්‍රචාර යවන අයගේ මනස හදන්නත් මට බෑ” මහේල හැඟීම් බරව සඳහන් කෙළේය.
කෙසේ වුවද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ ජ්‍යෙෂ්ඨ මෙන්ම කණිෂ්ඨ කී‍්‍රඩකයන් කණ්ඩායම මෙහෙයවීමේදී තමාට සුවිශාල සහයෝගයක් ලබා දීම අගය කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Thursday, February 12, 2009

කොටි ඝාතනය කළ සිවිල් වැසියෝ 13ක් හඳුනා ගැනෙති

වවුනියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න
කොටි ත‍්‍රස්තවාදීන් මුලතිව් උදයාර්කට්ටුකුලම් ප‍්‍රදේශයේදී පෙරේදා (10) වෙඩිතබා ඝාතනය කරන ලද පුද්ගලයන් 19 දෙනාගෙන් 13 දෙනෙකුගේ අනන්‍යතාවය තහවුරුකරගත් බව වවුනියාව පොලිසිය පවසයි.
මේ මළ සිරුරු 19 ඊයේ (11) අලුයම වවුනියාව රෝහල වෙත ආරක්‍ෂක අංශ බාරදී තිබූ අතර මියගිය පිරිසේ බාල වයස්කාර දැරියන් දෙදෙනකු සහ කාන්තාවන් සිවුදෙනකුද සිටින බව පොලිසිය පවසයි.
වරදමුත්තු කන්දයියා (50), යෝගම්මා සාමි අම්මා (60), රාමලිංගම් ජේසුබාලන් (30), බාලමුත්තු සෝමාවතී (70), රාජේන්ද්‍රන් (40), විදුෂමිනි නඩරාසා (30), අරුල්රාජ් දිනේෂ් (18), විජය පාලනියන්(45), සෙල්වරාජ් පුෂ්පකුමාර් (30) වේලු රාමයියා (60), තංගවේලු සෙල්ලයියා (40) සහ සිවරාජා ඩික්සියා (12) යන අය හඳුනාගත් අයවෙති

කි‍්‍රකට් නායකත්වයෙන් මහේල සමුගනී

මහේල ජයවර්ධන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායකත්වයෙන් ඉවත්වන බව ඊයේ නිවේදනය කෙළේය.
ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් තෝරන නිලධාරීන් සමග ඊයේ උදේ සාකච්ඡාවක් කැඳ වූ මහේල ජයවර්ධන තමන්ගේ තැන ගන්නා නව නායකයාට 2011 ලෝක කුසලාන තරගාවලියට සුදුසු කණ්ඩායමක් ගොඩනැගීම ප‍්‍රමාණවත් කාලයක් ලබාදීම සඳහා තමාට නායකත්වයෙන් ඉවත්වීමට කාලය පැමිණ ඇතැයි ප‍්‍රකාශ කෙළේය.
පාකිස්තානයේ පැවැත්වෙන ද්විත්ව ටෙස්ට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලේ නායකත්වය දැරීමට ජයවර්ධන මේ සාකච්ඡාවේදී එකඟ විය.
මහේල ජයවර්ධන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායකත්වයට පිවිසියේ 2006 පෙබරවාරියේදීය. ඒ තෙවසරක කාලයේදී ඔහු ටෙස්ට් තරග 26 ක් හා අන්තර්ජාතික එක්දින තරග 97 කට නායකත්වය දුන්නේය.
ටෙස්ට් තරග ක්ෂේත‍්‍රයේ සියයට 62.50 ක ජයග‍්‍රාහී අනුපාතයක්ද එක්දින තරග බිමේ සියයට 57 ක අනුපාතයක්ද ජයවර්ධන සටහන් කර තිබේ. ටෙස්ට් අනුපාතය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ නායකයකු වාර්තා කළ වැඩිම අනුපාතය වේ. නායකයා ලෙසින් ටෙස්ට් තරග බිමේ 64.70 ක සාමාන්‍යක්ද පසුගිය තෙවසරේදී ශතක 11 ක්ද ඔහු වාර්තා කොට තිබේ. අන්තර්ජාතික එක්දින තරග ක්ෂේත‍්‍රයේ නායකයෙකු වශයෙන් ඔහුගේ සාමාන්‍යය 34.22 කි.
මහේල ජයවර්ධන කි‍්‍රකට් නායකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ යහපත වෙනුවෙන් නායකත්වයෙන් ඉවත්වීමට මා තීරණය කළා. ළඟ එන පාකිස්තාන සංචාරයෙන් පසුව මා ඉවත් වෙනවා. මෙය මා දිගු කලක් තිස්සේ සලකා බලාගෙන ආ කාරණයකි. හේතුව 2011 ලෝක කුසලානය සඳහා වන කණ්ඩායම සඳහා නව නායකයාගේ දර්ශනය කාවැද්දීමට ඔහුට අවම වශයෙන් මාස දහඅටක් තිබිය යුතුය යන්න මම දීර්ඝ කාලයක පටන් විශ්වාස කිරීමයි.
සෑහෙන සිතා බැලීමකින් පසුව මා එළැඹි තීරණය වී ඇත්තේ නව නායකත්වයක් විසින් කණ්ඩායම බාර ගැනීමේ කාලය උදා වී ඇති බවයි. මේ තීරණය ලෙහෙසි එකක් නොවන්නේ ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ නායකයාව සිටීම ඉමහත් ආඩම්බරයක් වූ බැවිනි. පසුගිය තෙවසරේ කණ්ඩායමේ නායකයාව සිටීමේ ගෞරවය මට ලබාදීම පිළිබඳ මම ඉතාමත් කෘතඥ වෙමි.
මගේ කාර්යය පහසු කිරීම පිළිබඳ කණ්ඩායමේ සගයන්ටත්, මා කෙරෙහි විශ්වාසය තැබූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් හා තේරීම් නිලධාරීන්ටත් මගේ පවුලේ අයටත් මට සහාය දුන් හිතමිතුරන් හා කී‍්‍රඩා ලෝලීන්ටත් විශේෂ ස්තූතිය පිරිනැමීමට මම මෙය අවස්ථාව කර ගනිමි. මගේ දැන් ඉදිරි දැක්ම වනුයේ මගෙන් පසුව එන නායකයාට මගේ උපරිම සහාය ලබාදීම හා ඉදිරියේ එන වසරවලදී පිතිකරුවකු ලෙසින් ප‍්‍රධාන කාර්යභාරයක් ඉටුකිරීමයි.

Friday, February 6, 2009

ලෝකෙටම 1යි මුරලි


මුත්තයියා මුරලිදරන් එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරග බිමේ වැඩිම කඩුලුලාභියාගේ ලෝක වාර්තාව ඊයේ බිඳහෙළීය. පාකිස්තානයේ වසීම් අක‍්‍රම් කඩුලු 502 ක් ලබාගෙන තබා තිබූ එම වාර්තාව මුරලිදරන් බිඳහෙලනු ලැබුවේ ඉන්දියාවේ ගෞතම් ගාම්බීර්ගේ කඩුල්ල දවාගනිමිනි. මුරලි ටෙස්ට් හා එක්දින කි‍්‍රකට් තරග දෙඅංශයෙන් ම වැඩිම කඩුලුලාභියා වීමද විශේෂත්වයකි.

සචින් තෙන්දුල්කාර්ට ජනධිපති සුබ පැතූ අයුරු...


ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ සාමාජිකයන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (4) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණගැසුණි. එම අවස්ථාවේදී ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර්ට ජනධිපතිවරයා සුබ පැතූ අයුරු.

ඡායාරූපය - සුදත් සිල්වා

කොටින්ගෙන් අල්ලා ගත් සබ්මැරීනයක්...


කොටින්ගෙන් අල්ලා ගත් සබ්මැරීනයක් ‘දැයට කිරුළ’ ප‍්‍රදර්ශන භූමියේ ප‍්‍රදර්ශනයට තබා ඇති අයුරු

චලෙයි මුහුදු කොටි කඳවුර සුන්: කොටි කෙරුමෝ 5ක් මැරුම් කති

විජයානි එදිරිසිංහ, භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස් සහ වෙල්ලස්සේ බණ්ඩාර
කොටි ත‍්‍රස්තවාදීන්ගේ අවසන් වර්ග සැතපුම් 200 අත්පත් කැර ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටින ආරක්‍ෂක බළසේනාවෝ චලෙයි පිහිටි කොටින්ගේ ප‍්‍රධානම මුහුදු කොටි කඳවුර සමඟ සම්පූර්ණ චලෙයි සහ විශ්වමඩු ප‍්‍රදේශ අත්පත් කැර ගත්හ.
චලෙයි මුහුදු කොටි කඳවුර ඇතුළු එම ප‍්‍රදේශ ආරක්‍ෂක අංශ යටතට පත්වූයේ වසර 20 කටත් වඩා වැඩි කාලයකට පසුවය.
චලෙයි මුහුදු කොටි බලය සම්පූර්ණයෙන් ම අහිමිවීමත් සමඟ කොටි සංවිධානයේ සමස්ත මුහුදු කොටි බලයම විනාශ වී ගිය බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පැවැසීය. එම ප‍්‍රදේශ අත්පත් කැර ගැනීමට ඊයේ (05) පෙරවරුවේ සිට එම ප‍්‍රදේශයේ පැවැති දරුණු සටන්වලදී ප‍්‍රබල කොටි නායකයන් පස්දෙනෙක් ද ජීවිතක්‍ෂයට පත් වූහ.
විනයාගම්, බගලවන්, නාදර්, සින්නත්තන්නන්, අන්නවෙලන් යන අය එම කොටි නායකයෝ වෙති. ඔවුන් කොටි සංවිධානය ආරම්භයේ සිටම කොටි නායක ප‍්‍රභාකරන් සමඟ කටයුතු කැර ඇත.
විනයාගම් වසර 25 ක් එම සංවිධානයේ කටයුතු කළ අතර ඔහු මුහුදු කොටි බළකායේ තෙවැනි අණ දෙන නායකයාය.
සෙසු පිරිස වසර 15, 20 පමණ කාලයක් සංවිධානයේ සිටි සන්නද්ධ නායකයෝ වෙති. ඓතිහාසික වඩමාරච්චි සටනේදී පවා ඔවුන් තුවාල ලබා ඇති බව බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවැසීය.
බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් යුත් 55 වැනි බළසේනාංකය, මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් 57 වැනි බළසේනාංකය, බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් 58 වැනි සේනාංකය සහ කාර්ය සාධක 1, 2, 3 සේනාංක සමඟ එක්වූ ආරක්‍ෂක බළසේනා මේ සුවිශේෂී ජයග‍්‍රහණය අත්පත් කැර ගත්හ.
කොටි ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රධානම කළු මුහුදු කොටි හෙවත් මරාගෙන මැරෙන මුහුදු කොටි කඳවුර වූ චලෙයි මුහුදු කොටි කඳවුරේ රැඳී සිටි මුහුදු කොටි නායක සුසෙයි පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.
අධි ආරක්‍ෂක කලාපයක් ලෙස නම් කැර තිබූ එම මුහුදු කොටි කඳවුරට අමතරව වෙනත් කිසිදු මුහුදු කොටි කඳවුරක් ඔවුන්ට නැත. මෙය කොටි ත‍්‍රස්තවාදීන් ලැබූ අන්ත පරාජයකි.