ප‍්‍රින්ස් ගුණසේකර
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ටේරවර් බේලිස් මහතාගේ සේවය අවසන් කිරීමට තීරණය වී ඇත. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සමග ටේරවර් බේලිස් මහතා අස්සන් කළ වසර දෙකක කොන්ත‍්‍රාත් ගිවිසුම මේ වසරේ ජුනි මාසයෙන් අවසන් වන අතර එයින් පසු වෙනත් පුහුණුකරුවෙකුගේ සේවය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලට ලබාගැනීමට බලාපොරොත්තු වේ.
පසුගිය සතියේදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් හා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් බලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී ටේරවර් බේලිස් මහතා වෙනුවට වෙනත් පුහුණුකරුවකු ගේ සේවය ඉදිරියේදී ලබාගැනීමට අදහස් පළ වී ඇතැයි වාර්තා විය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් කිහිප දෙනෙකුම කරුණු දක්වමින් වෙනත් පුහුණුකරුවකුගේ සේවය ලබාගැනීම යෝග්‍ය බව මේ සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.
ලබන ජුනි මාසයෙන් පසුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ පුහුණුකරු තනතුර භාරගැනීමට දකුණු අපි‍්‍රකාවේ පුහුණුකරුවෙකු හා ඕස්ටේ‍්‍රලියාවේ පුහුණුකරුවන් දෙදෙනකු දැනටමත් කැමැත්ත පළකර ඇතැයි දැනගන්නට ඇත.
කෙසේ වුවද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය මගින් පත්කරන හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායකයන් හා කී‍්‍රඩකයන් පිරිසකගෙන් සමන්විත පරීක්ෂණ මඩුල්ලකින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු පිළිබඳ අවසන් නිගමනයකට එළැඹීමට නියමිතව ඇත.
මේ පිළිබඳ කළ විමසීමකදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිසි බලධාරී හා කී‍්‍රඩා අමාත්‍යංශ ලේකම් එස්. ලියනගම මහතා සඳහන් කෙළේ නව පුහුණුකරුවෙකු කෙරෙහි අවධානය යොමුකර ඇතත් ඒ පිළිබඳ අවසන් නිගමනයකට එළඹ නොමැති බවයි.
“නව පුහුණුකරු තෝරා ගැනීමට ඒ සඳහා විශේෂඥ දැනුමැති අයට භාර කරනවා. ජුනි මාසය නිමාවනතුරු නව පුහුණුකරුවෙකු පත් කෙරෙන්නේ නෑ” ලියනගම මහතා පැවැසීය.
මේ අතර ඊයේ දිනට යෙදී තිබූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායකයා තේරීම් සඳහා කරුණු විමසීමේ සාකච්ඡාව කල්දැමීමට සිදුව ඇත. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ පාකිස්තාන සංචාරය නිමාවීමෙන් අනතුරුව එම සාකච්ඡාව පැවැත්වේ.
නිව් සවුත්වේල්ස්හි උපත ලද ටේරවර් බේලිස් මහතා 2007 වසරේ අගොස්තු 1 දා සිට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු තනතුර භාරගත්තේය. එතෙක් ශ‍්‍රී ලංකා පිලේ කි‍්‍රකට් පුහුණුකරු වූයේ ඕස්ටේ‍්‍රලියානු ජාතික ටොම් මුඩි මහතාය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු තනතුරු භාරගැනීමට පෙර ටේරවර් බේලිස් මහතා නිව්සවුත්වේල්ස් කි‍්‍රකට් පිලේ පුහුණුකරු ලෙස වසර කිහිපයක්ම කටයුතු කෙළේය.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Showing posts with label Sport. Show all posts

Tuesday, February 17, 2009
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට වැඩිම අනුග‍්‍රාහක මුදල ටෙලිකොම් මොබිටෙල් වෙතින්
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව නිල අනුග‍්‍රාහකයා ලෙස ‘ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය’ එක්ව සිටියි.
ඩයලොග් ටෙලිකොම් සමාගම ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වත්මන් නිල අනුග‍්‍රාහකයා වන අතර එළැඹෙන මාර්තු මස 31 දායින් එම නිල කාලය අවසන් වේ.
අනතුරුව එළැඹෙන අපේර්ල් මස 1 දා සිට ශ‍්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් ආයතනය නව නිල අනුග‍්‍රාහකයා ලෙස පත්වන්නේ මිලියන 4.85ක් වටිනා මුල්‍යමය ප‍්‍රතිපාදන ලබා දෙමිනි.
එම මුදල ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට පිරිනමනු ලැබූ වැඩිම අනුග‍්‍රාහක මුදලය.

Friday, February 13, 2009
‘හරිම සිම්පල් ප්ලෑන් එකක්’ සංගා නායකත්වයට?
මහේල ජයවර්ධනගේ ඉල්ලා අස්වීමෙන් පසුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායකත්වයට කුමාර් සංගක්කාර පත්කිරීමේ සැලැස්මක් ඇත්නම් එය පුදුමවිය යුතු කරුණක් නොවේ. සංගක්කාරගෙන් තොරව වෙනත් කී‍්‍රඩකයෙකු ඒ සඳහා නම් කිරීමට සැලැස්මක් ඇත්නම් එය බොහෝ දෙනාගේ දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් වනු ඇත.
කුමාර් සංගක්කාර නායකත්වයට සුදුසු බවට ඉඟි පළවූයේ අද ඊයේ නොවේ. ඔහු ටෙස්ට් වරම් ලබා වසරක් දෙකක් ගතවෙද්දී පෙන්වූ පරිණතවීමේ ගති ලක්ෂණ ගැන කි‍්‍රකට් විචාරකයෝ බොහෝසෙයින් කතා කළහ.
වයස අවුරුදු 23 සම්පූර්ණ වීමෙන් පසු 2000 වසරේ ජූලි මාසයේ ප‍්‍රථම ටෙස්ට් තරගයට සහභාගී වූ සංගක්කාර මෙතෙක් ටෙස්ට් තරග 78කට සහභාගී වී ඇත.
ටෙස්ට් ද්විත්ව ශතක 6 ක් හා ශතක 11 ක් ලැබූ ඔහු ලකුණු 150ට වැඩියෙන් අවස්ථා 5 කදී දක්ෂතා දැක්වීය. සංගක්කාර ලබා ඇති ටෙස්ට් අර්ධශතක ගණන 28කි. එක් තරගයකදී ලබා ඇති ලකුණු සාමාන්‍ය 55.65කි.
නායකත්වයෙන් ඉල්ලා අස් වූ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ඉතාම සමීප මිතුරන් දෙදෙනෙකු ලෙස කටයුතු කළහ. මහේල ජයවර්ධන පසුගිය වසරේ මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේ කුමාර් සංගක්කාර ස්ථිර වශයෙන්ම නායකත්වයට සුදුසු කී‍්‍රඩකයෙකු බවයි.
“කි‍්‍රකට් කී‍්‍රඩාව හා දැනුමත් ඔහු ඊට ප‍්‍රවේශ වන ආකාරයත් අති විශිෂ්ටයි. සංගක්කාර උපනායකයෙකු ලෙසත් අතිශය සාර්ථක වුණා. කි‍්‍රකට් තරග සැලැසුම්වලදී හා කණ්ඩායම ශක්තිමත් කිරීම පිළිබඳ අප දෙදෙනා නිතරම කථා කරනවා.
අප දෙදෙනා හිතන ආකාරයත් බොහෝදුරට සමානයි. මා නායකත්වයෙන් ඉල්ලා අස්වන දවසක නායකත්වයට ඉතාම සුදුස්සා සංගක්කාරයි.
මහේල එම සාකච්ඡාවේදී පවසා සිටියේය. හදිසියේම ඉල්ලා අස්වුවද මහේල වැනි ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට නායකයෙකුගෙන් සංගක්කාර පිළිබඳ ලැබුණු එම සහතිකය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අනාගතයට බලපාන ප‍්‍රබලතම මතයක් විය හැකිය.
අනාගත ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායකයා කවුරුන්ද යන පැනයට පිළිතුරු සොයන කි‍්‍රකට් කී‍්‍රඩාලෝලීන් සමස්තයකගේ මතයද එයම වන බව නිසැකය. සංගා මීළඟ ක‍්‍රිකට් නායකයා වීම “හරිම සිම්පල් ප්ලෑන් එකක්” වන්නේ එබැවිනි.

බොරු ප‍්‍රචාර යවන අයගේ මනස හදන්න මට බෑ

මහේල ජයවර්ධන
ප‍්‍රින්ස් ගුණසේකර
”මා නායකත්වයෙන් ඉවත්වීමත් සමග නොයෙක් බොරු ප‍්‍රචාර යනවා. ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් මා සමග අමනාප බවට, තේරුම් කමිටුවේ බලපෑම මත හා ඉන්දීය සංචාරයේ පරාජය ඉල්ලා අස්වීමට හේතුව බවට යන සියලු කතා මුළුමනින්ම අසත්‍යයි. මම ඇත්ත කියන්නම්” මහේල ජයවර්ධන ප‍්‍රකාශ කෙළේය.
නායකත්වයෙන් ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කරමින් ඊයේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව අවධාරණය කෙළේය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට කල්පනා කෙළේ පසුගිය බංග්ලාදේශ සංචාරය අතරතුරදීයි. හදිසිියේම පාකිස්තාන හා ඉන්දීය තරගාවලි පැමිණි නිසා නව නායකයෙකුට ඉක්මනින් වගකීම් පැවැරීම අසාධාරණ නිසා ඒ තීරණය කල් දැමීමට සිදුවුණා” යැයි මහේල පැවැසීය.
ඉල්ලා අස්වීමට ගත්් තීරණය නිවැරැදි වෙලාවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙනුවෙන් ගත් තීරණයක් බවත් ඉදිරියේ පත්වෙන ඕනෑම නායකයකු යටතේ සියයට එකසිය පනහක දායකත්වයක් රට වෙනුවෙන් ලබා දෙන බවත් මහේල සඳහන් කෙළේය. 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සූදානම් වීමට දැන් සිටම අලුත් නායකයකු පත් කළ යුතුයි.
නව නායකයාට කණ්ඩායම සුදුසු පරිදි සකස් කර ගැනීමට හොඳ කාලයක් අවශ්‍යයි. ඒ ගැනත් මා කල්පනා කළා.”
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ බලපෑමක් මත ඉල්ලා අස්වූවේ යැයි මතයක් ගොඩනැගී ඇතැයි මාධ්‍යවේදියකු මතු කළ අදහසකට පිළිතුරු දුන් මහේල පැවැසුවේ එය පදනම් විරහිත ප‍්‍රකාශයක් බවයි.
“මෙය මා පෞද්ගලිකව හිතා ගත් තීරණයක්. කිසිදු බලපෑමක් නෑ. ඉල්ලා අස්වීම පිළිබඳ තේරීම් කමිටුවට දැනුම් දෙද්දී ඔවුන් පුදුමයට පත් වුණා.
එක්දින කණ්ඩායමෙන් ඉවත් වුණද ටෙස්ට් පිලේ නායකත්වය තවදුරටත් භාරගන්නා ලෙස තේරීම් කමිටුව මගෙන් ඉල්ලීමක් කළා. මා එයට එකඟ වූයේ නෑ.”
”එක් එක් අය ගෙන යන බොරු ප‍්‍රචාරවලට මා පිළිතුරු දෙන්නේ නෑ. බොරු ප‍්‍රචාර යවන අයගේ මනස හදන්නත් මට බෑ” මහේල හැඟීම් බරව සඳහන් කෙළේය.
කෙසේ වුවද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ ජ්‍යෙෂ්ඨ මෙන්ම කණිෂ්ඨ කී‍්‍රඩකයන් කණ්ඩායම මෙහෙයවීමේදී තමාට සුවිශාල සහයෝගයක් ලබා දීම අගය කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
Thursday, February 12, 2009
කි‍්‍රකට් නායකත්වයෙන් මහේල සමුගනී
මහේල ජයවර්ධන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායකත්වයෙන් ඉවත්වන බව ඊයේ නිවේදනය කෙළේය.
ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් තෝරන නිලධාරීන් සමග ඊයේ උදේ සාකච්ඡාවක් කැඳ වූ මහේල ජයවර්ධන තමන්ගේ තැන ගන්නා නව නායකයාට 2011 ලෝක කුසලාන තරගාවලියට සුදුසු කණ්ඩායමක් ගොඩනැගීම ප‍්‍රමාණවත් කාලයක් ලබාදීම සඳහා තමාට නායකත්වයෙන් ඉවත්වීමට කාලය පැමිණ ඇතැයි ප‍්‍රකාශ කෙළේය.
පාකිස්තානයේ පැවැත්වෙන ද්විත්ව ටෙස්ට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලේ නායකත්වය දැරීමට ජයවර්ධන මේ සාකච්ඡාවේදී එකඟ විය.
මහේල ජයවර්ධන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායකත්වයට පිවිසියේ 2006 පෙබරවාරියේදීය. ඒ තෙවසරක කාලයේදී ඔහු ටෙස්ට් තරග 26 ක් හා අන්තර්ජාතික එක්දින තරග 97 කට නායකත්වය දුන්නේය.
ටෙස්ට් තරග ක්ෂේත‍්‍රයේ සියයට 62.50 ක ජයග‍්‍රාහී අනුපාතයක්ද එක්දින තරග බිමේ සියයට 57 ක අනුපාතයක්ද ජයවර්ධන සටහන් කර තිබේ. ටෙස්ට් අනුපාතය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ නායකයකු වාර්තා කළ වැඩිම අනුපාතය වේ. නායකයා ලෙසින් ටෙස්ට් තරග බිමේ 64.70 ක සාමාන්‍යක්ද පසුගිය තෙවසරේදී ශතක 11 ක්ද ඔහු වාර්තා කොට තිබේ. අන්තර්ජාතික එක්දින තරග ක්ෂේත‍්‍රයේ නායකයෙකු වශයෙන් ඔහුගේ සාමාන්‍යය 34.22 කි.
මහේල ජයවර්ධන කි‍්‍රකට් නායකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ යහපත වෙනුවෙන් නායකත්වයෙන් ඉවත්වීමට මා තීරණය කළා. ළඟ එන පාකිස්තාන සංචාරයෙන් පසුව මා ඉවත් වෙනවා. මෙය මා දිගු කලක් තිස්සේ සලකා බලාගෙන ආ කාරණයකි. හේතුව 2011 ලෝක කුසලානය සඳහා වන කණ්ඩායම සඳහා නව නායකයාගේ දර්ශනය කාවැද්දීමට ඔහුට අවම වශයෙන් මාස දහඅටක් තිබිය යුතුය යන්න මම දීර්ඝ කාලයක පටන් විශ්වාස කිරීමයි.
සෑහෙන සිතා බැලීමකින් පසුව මා එළැඹි තීරණය වී ඇත්තේ නව නායකත්වයක් විසින් කණ්ඩායම බාර ගැනීමේ කාලය උදා වී ඇති බවයි. මේ තීරණය ලෙහෙසි එකක් නොවන්නේ ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ නායකයාව සිටීම ඉමහත් ආඩම්බරයක් වූ බැවිනි. පසුගිය තෙවසරේ කණ්ඩායමේ නායකයාව සිටීමේ ගෞරවය මට ලබාදීම පිළිබඳ මම ඉතාමත් කෘතඥ වෙමි.
මගේ කාර්යය පහසු කිරීම පිළිබඳ කණ්ඩායමේ සගයන්ටත්, මා කෙරෙහි විශ්වාසය තැබූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් හා තේරීම් නිලධාරීන්ටත් මගේ පවුලේ අයටත් මට සහාය දුන් හිතමිතුරන් හා කී‍්‍රඩා ලෝලීන්ටත් විශේෂ ස්තූතිය පිරිනැමීමට මම මෙය අවස්ථාව කර ගනිමි. මගේ දැන් ඉදිරි දැක්ම වනුයේ මගෙන් පසුව එන නායකයාට මගේ උපරිම සහාය ලබාදීම හා ඉදිරියේ එන වසරවලදී පිතිකරුවකු ලෙසින් ප‍්‍රධාන කාර්යභාරයක් ඉටුකිරීමයි.

Friday, February 6, 2009
ලෝකෙටම 1යි මුරලි

මුත්තයියා මුරලිදරන් එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරග බිමේ වැඩිම කඩුලුලාභියාගේ ලෝක වාර්තාව ඊයේ බිඳහෙළීය. පාකිස්තානයේ වසීම් අක‍්‍රම් කඩුලු 502 ක් ලබාගෙන තබා තිබූ එම වාර්තාව මුරලිදරන් බිඳහෙලනු ලැබුවේ ඉන්දියාවේ ගෞතම් ගාම්බීර්ගේ කඩුල්ල දවාගනිමිනි. මුරලි ටෙස්ට් හා එක්දින කි‍්‍රකට් තරග දෙඅංශයෙන් ම වැඩිම කඩුලුලාභියා වීමද විශේෂත්වයකි.
ඉන්දියා පිතිහරඹය හමුවේ ශී‍්‍ර ලංකාව යළිත් පසුබසී
වර්නන් ගුණසේකර
ඉන්දියා ආරම්භක පිතිකරු ගෞතමි ගාම්භීර් හා නායක මහේන්ද්‍ර සිං ද්‍රෝනී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 188 ක අගනා සබඳතාවයක් වර්තා කරමින් ශී‍්‍ර ලංකාවට එරෙහිව පිට පිට සිවුවැනි ජයග‍්‍රහණය කරා ඉන්දියාව ඊයේ මෙහෙය වූහ.
ගාම්භීර් ලකුණු 150 ක් ලබා ගනිමින් ඔහුගේ කී‍්‍රඩා දිවියේ හොඳම එක්දින ඉනිමේ නියලුණු අතර ද්‍රෝනි ලකුණු 94 ක් රැස් කෙළේය.
ලකුණු 333 ක ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා පිලට ඕවර 48 ක් ඇතුළත සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 265 ක් පමණි. ඒ අනුව ඉන්දියාව ලකුණු 67 කින් තරගය ජයග‍්‍රහණය කෙළේය.
තරගයේ වීරයා ගෞතම් ගාම්භීර්
ඉන්දියාව වෙනුවෙන් ඉර්ෆාන් පතන් ලකුණු 58 කට කඩුලු 3 ක් බිඳ හෙළීය.
නුවන් කුලසේකර තරගයේ අවසන් අවස්ථාවේ දර්ශනීය පිතිහරඹයක නියැලෙමින් පන්දු 22 කදී ලකුණු 39 ක් රැස් කෙළේය. ඔහුගේ නොදැවුණු ඉනිමට හතරේ පහර 4 ක් හා හයේ පහර 2 ක් ඇතුළත් විය.
ලකුණු 333 ක ජයග‍්‍රාහී ඉලක්කය හඹා යාමේදී ශ‍්‍රී ලංකාව සිය ඉනිමේ හරි අඩක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 136 ක් රැස්කර ගෙන සිටියේය.
ඉන්දියාව ඔවුන්ගේ පළමු ඕවර 25 නිමාවනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 151 ක් ලබාගෙන සිටියේය.
කෙසේ වෙතත් පළමු ඕවර 20 අවසන් වනතෙක් ලකුණු ලබාගැනීමේ වේගය අතින් ශ‍්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිිටියේය. ශ‍්‍රී ලංකා ඉනිමේ ආරම්භය වේගවත් එකක් විය.
ආක‍්‍රමණශීලී පිති හරඹයක නියැළුණු තිලකරත්න ඩිල්ෂාන් හා සනත් ජයසූරිය පළමු පන්දු 44 ඇතුළත ලකුණු 55 ක් රැස් කිරීමට සමත්වූහ. පළමු ඕවර 10 අවසන් වනවිට මේ පිතිකරුවන් දෙදෙනා ඕවරයකට ලකුණු 7 කට වැඩි වේගයක් වාර්තා කොට සිටියහ.
මුලින්ම දැවී ගියේ ජයසූරියයි. යුසුෆ් පතාන්ගේ පන්දුවකට ෂෝට් මිඩ් ඕෆ් හි රෝහිත් ෂර්මා අතට උඩ පන්දුවක් දෙමින් 8 වැනි ඕවරයේ දී දැවී ගියේය. ජයසූරිය ලකුණු 27 ක් ලබා ගත්තේ පන්දු 15 කට පමණක් මුහුණ දෙමිනි. හයේ පහර 2 ක් හා හතරේ පහරක් ඔහු එල්ල කෙළේය.
පන්දු 35 කදී හතරේ පහර හයක් සමඟ ලකුණු 38 ක් ලබා ගත් තිලකරත්න ඩිල්ෂාන් මුළු ලකුණු 79 දී දැවී ගියේය. අනතුරුව කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන (28) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක් රැස් කරමින් සිටියදී විරේන්ද්‍ර ෂෙවාග් ජයවර්ධන දවාලමින් ඒ සබඳතාවය බිඳ දැමීය.
ශ‍්‍රී ලංකා පිල කඩුලු 2 කට ලකුණු 108 ක් ලබාගෙන සිටියදී (ඕවර 17.2) තරගය මද වේලාවකට ඇන හිටිණි. නරඹන්නෙක් විසින් යම් ද්‍රව්‍යයක් පිටියට විසි කළ බවට හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි ඉන්දියා කී‍්‍රඩකයෙක් පැමිණිලි කිරීම හේතුවෙන් ඉන්දියා කී‍්‍රඩකයෝ පිටියෙන් ඉවතට ගියහ.
කෙසේ වෙතත් හතරේ සීමාව වටා මුරකාවල් තර කිරීමෙන් පසුව තරගය මිනිත්තු විස්සකට පමණ පසුව යළි ආරම්භ වූයේ එකම ඕවරයක් හෝ අඩු නොකරය.
තිළිණ කණ්ඩම්බි හට ඊයේ ලබාගත හැකිවූයේ ලකුණු 10 ක් පමණි. සංගක්කාර පන්දු 74 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සමඟ ලකුණු 56 ක් වාර්තා කළේය.
ශී‍්‍ර ලංකාව ඊයේ තරගය සඳහා අජන්ත මෙන්ඩිස් වෙනුවට තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන කී‍්‍රඩක ඇන්ජලෝ මැතිව්ස් කැඳවා තිබිණි. ඉන්දියාව සචින් ටෙන්ඩුල්කාර් හා සහීර් ඛාන් වෙනුවට රෝහිත් ෂර්මා සහ ඉර්ෆාන් පතන් නම් කර තිබිණි.
මේ තරගාවලියේ පිට පිට සිවුවැනි වතාවටත් මහේන්ද්‍ර සිං දෝනි ඊයේ කාසියේ වාසිය දිනාගත්තේය. ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඉන්දියානුවෝ කඩුලු 5 ක් දැවී ලකුණු 332 ක් වාර්තා කළහ.
ගෞතම් ගාම්භීර් හා මහේන්ද්‍ර සිං දෝනි ගේ ලකුණු 188 ක දෙවැනි කඩුලු සබඳතාවය මෙන් ම ගාම්භීර්ගේ පෞද්ගලික ලකුණු 150 වටා ඉන්දියා ඉනිම ගොඩනැගිණි.
ඉන්දියා පිලේ පළමු කඩුල්ල බිඳ වැටුණේ මුළු ලකුණු 14 දීය. නුවන් කුලසේකර යැවූ තරගයේ තෙවැනි ඕවරයේදී විරේන්ද්‍ර ෂෙවාග් (5) “ෂෝට් මිඩ් විකට්” ස්ථානයට දුන් උඩ පන්දුවක් සනත් ජයසූරිය විසින් අති විශිෂ්ට අයුරින් රැකගැනිණි.
පිතිකරු පෙළේ ඉහළට පිවිසෙමින් නායක මහේන්ද්‍ර සිං දෝනි ඊළඟට පිටියට පැමිණියේය.
නිරායාසයෙන් පන්දුවට පහර දුන් දෝනි සහ ගෞතම් ගාම්භීර් හතරේ හයේ පහර එල්ල කරමින් ප‍්‍රදර්ශනීය පිතිහරඹයක නියැළුණහ. ඉන්දියා ඉනිමට ශක්තිමත් අත්තිවාරමක් දමමින් මේ දෙදෙන දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 188 ක් එක්කරමින් සිටියදී ඒ සබඳතාවය බිඳ දැමුවේ ජයසූරියයි.
ඔහුගේ දඟ පන්දුවකට දිල්හාර ප‍්‍රනාන්දු අතට උඩ පන්දුවක් ලබා දෙමින් දෝනි ලකුණු 94 දී දැවී ගියේය. 34 වැනි ඕවරයේදී දැවී යාමට පෙර දෝනි හතරේ පහර 4 ක් හා මුරලිට සහ ජයසූරියට එරෙහිව හයේ පහර 2 ක් ද එල්ල කළ අතර ඔහු ලකුණු 94 වාර්තා කළේ පන්දු 96 කදීය.
ඊළඟ ඕවරයේදී කි‍්‍රයාත්මක වූ වේග පන්දු යවන නුවන් කුලසේකර පිට පිට කඩුලු 2 ක් දවාලීමට සමත් විය. ඔහුගේ තෙවැනි හා සිව්වැනි පන්දු කෙළින්ම වැදීමෙන් පළමුව යුවරාජ් සිං (5) ද, දෙවැනුව යූසුෆ් පතාන් (0) ද දැවී ගියහ.
මුළු ලකුණු 207 දී එම කඩුලු ද්විත්වය බිඳ වැටීමෙන් පසුව ගාම්භීර් හා සුරේෂ් රයිනා එක්ව 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 103 ක් රැස්කරමින් සිටියදී ගාම්භීර් දැවී ගියේය.
පන්දු 147 කට මුහුණ දුන් ඔහු හතරේ පහර 13 ක් හා හයේ පහරක් සමඟ ලකුණු 150 ක් රැස් කළේය. එය ගාම්භීර්ගේ ;හාඳම එක්දින ඉනිම වූ අතර ආර්. පේර්මදාස කී‍්‍රඩාංගණයේ වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරුවා බවටද ඔහු පත් විය.
නුවන් කුලසේකර ලකුණු 63 කට කඩුලු 3 ක් ද, මුරලිදරන් ලකුණු 66 කට එක් කඩුල්ලක් ද, ජයසූරිය ලකුණු 46 කට එක් කඩුල්ලක් ද ලබා ගත්හ.ඉන්දියාව
වී.ෂෙවාග් ඇ. ජයසූරිය බෝ. කුලසේකර 05
ජී.ගාම්භීර් ඇ.ත සංගක්කාර බෝ. මුරලිදරන් 150
එම්. දෝනි ඇ. ප‍්‍රනාන්දු බෝ. ජයසූරිය 94
වයි.සිං බෝ. කුලසේකර 05
වයි. පතාන් බෝ.කුලසේකර 00
එස්. රයිනා නොදැවී 49
ආර්.ෂර්මා නොදැවී 04
අතිරේක 25
එකතුව (කඩුලු 5 ට) 332
කඩුලු බිඳ වැටීම 1 – 14, 2 – 202, 3 – 207, 4 – 207, 5 - 310
පන්දු යැවීම: කුලසේකර 10 – 0 – 63 – 3, මහරූෆ් 10 – 0 – 60 – 0, ප‍්‍රනාන්දු 9 – 0 – 64 – 0,
මැතිව්ස් 3 – 0 – 24 – 0, මුරලිදරන් 10 – 0 – 66 – 1, ජයසූරිය 8 – 0 46 - 1
ශී‍්‍ර ලංකාව
ටී.ඩිල්සාන් ඇ.සිං බෝ.කුමාර් 38
එස්. ජයසූරිය ඇ.ෂර්මා බෝ. පතාන් (ඉරිෆාන්) 27
කේ. සංගක්කාර ඇ.ගාම්භීර් බෝ.ෂෙවාග් 56
එම්. ජයවර්ධන ඇ. දෝනි බෝ. ෂෙවාග් 28
ටී. කණ්ඩම්බි කඩුල්ල මුවා කළා බෝ.පතන් (යුසුප්) 10
සී. කපුගෙදර බෝ.ඔජා 16
ඒ.මැතිව්ස් ඇ. දෝනි බෝ.යුවරාජ් 06
එෆ්.මහරූෆ් ඇ. ෂර්මා ප පතාන් 28
එන්. කුලසේකර නොදැවී 39
එම්. මුරලිදරන් ඇ. රේනා ප පතාන් (ඉර්ෆාන්) 00
ඩී. ප‍්‍රනාන්දු ප කුමාර් 09
අතිරේක 08
එකතුව (ඕවර් 48 කදී) 265
කඩුලු බිඳ වැටීම: 1-55, 2 – 79, 3 – 140, 4 – 163, 5 – 174, 6 – 183, 7 – 207,
8 – 220, 9 – 220, 10 - 265
පන්දු යැවීම: කුමාර් 9 – 0 – 38 – 2 ඉර්ෆාන් පතන් 7 – 0 – 58 – 3 ෂර්මා 5 – 0 - 39 –0
- ඔජා 10 – 0 - 34 – 1 ෂෙවාග් 9 – 0 43 – 2 යූසූෆ් පතාන් 3 – 0 – 13 – 1 යුවරාජ් 5 – 0 – 37 - 1

මුරලි නැවත ඉතිහාසගත වෙයි
වර්නන් ගුණසේකර
ශී‍්‍ර ලංකාවේ සුපිරි දඟ පන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් ඊයේ ඔහුගේ 503 වැනි එක්දින කඩුල්ල ලබා ගනිමින් අන්තර්ජාතික එක්දින තරග බිමේ වැඩිම කඩුලුලාභියා ලෙසින් ඉතිහාසගත විය.
මුරලි ඊයේ මකා දමනු ලැබුවේ පාකිස්තානයේ වසීම් අක‍්‍රම් එක්දින කඩුලු 502 ක් ලබා ගෙන තබා තිබූ ලෝක වාර්තාවයි.
ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර ආර්.පේර්මදාස කී‍්‍රඩාංගණයේ ඊයේ පැවැති සිවුවැනි අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් තරගයේදී මුරලිදරන්ගේ ලෝක වාර්තාගත ගොදුර බවට පත්වුයේ ආරම්භක පිතිකරු ගෞතම් ගාම්භීර්ය.
මුරලි ඔහුගේ ඓතිහාසික කඩුල්ල ලබා ගත්තේ ඔහුට සීමිත අවසාන 10 වැනි ඕවරයේ පලමු පන්දුවෙනි. ඔහුගේ ඒ පන්දුවට කඩුලු රකින කුමාර් සංගක්කාර අතට උඩ පන්දුවක් දෙමින් ගාම්භීර් (150) දැවී ගියේය.
මේ අනුව මුරලිදරන් දැන් අන්තර්ජාතික කි‍්‍රකට් තරගබිමේ ලෝක වාර්තා දෙකක හිමිකරුවා වෙයි. ඔහු මීට කළින් කඩුලු 769 ක් ලබා ගෙන වැඩිම ටෙස්ට් කඩුලුලාභියා බවට පත් විය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිසි බලධාරී හා කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් එස්. ලියනගම, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන විධායක දුලිප් මෙන්ඩිස් හා කාර්ය මණ්ඩලය නව ලෝක වාර්තාවේ හිමිකරු මුරලිදරන්ට සුභ පැතූහ.

දිරිය දියණිය තරග බිමෙන් සමුගනී ජනපතිගෙන් මිලියන 5ක තිළිණයක් කී‍්‍රඩාවට සේවය කරන්නැයි ඇරැයුම්
පි‍්‍රන්ස් ගුණසේකර
ශී‍්‍ර ලංකාව රනින් බැබළ වූ “ දිරිය දියණිය “ ලෙස හැඳින්වූ සුපිරි කෙටිදුර ධාවන සූරී සුසන්තිකා ජයසිංහ තරග බිමෙන් සමුගන්නා බව ඊයේ නිලවශයෙන් නිවේදනය කළාය.
මලල කී‍්‍රඩාවෙන් ඔලිම්පික් පදක්කමක් ලෝක සූරතා පදක්කමක්, ආසියාතික පදක්කම් හා දකුණු ආසියානු පදක්කම් රැසක් දිනාදුන් ඇය ඊයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයේදී බැහැදැක තරග බිමෙන් සමුගන්නා බව පවසා ඇත.
එහිදී ජනාධිපතිතුමා සුසන්තිකාගෙන් ඉල්ලා ඇත්තේ කී‍්‍රඩාව වෙනුවෙන් ඉදිරියේදී සේවයක් කිරීමට එක්වන ලෙසයි.
තරග බිමෙන් සමුගත් සුසන්තිකා වෙත සමරු සිහිවටනයක්ද සමග රුපියල් මිලියන 5ක් ජනාධිපතිතුමා ප‍්‍රදානය කර ඇත.
මේ අවස්ථාවට කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ හා කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් එස්. ලියනගම යන මහත්වරුද සහභාගී වී සිටියහ.
තරග බිමෙන් සමුගැනීම පිළිබඳ සුසන්තිකාගෙන් අප කළ විමසීමේදී ඇය සඳහන් කෙළේ මවක්වීමේ අපේක්‍ෂාවෙන් පසුවන හෙයින් මේ තීරණය ගත් බවයි.
“ ජනාධිපතිතුමා මගේ කී‍්‍රඩා දිවියට විශාල සහයෝගයක් දුන් අයෙක්.
ඒ නිසා එතුමා හමු වී මාගේ සමුගැනීම දැන්වූවා.” යනුවෙන් සුසන්තිකා පැවැසුවාය.
“ මා ලැබූ අත්දැකීම් හා දැනුම අනුව කී‍්‍රඩාවට සම්බන්ධ වී කුමන හෝ සේවයක් කරන ලෙස ජනාධිපතිතුමා මාගෙන් ඉල්ලා සිටියා.
තවත් වසර කිහිපයකින් ඒ ඉල්ලීම ඉටු කරනවා. මා දැන් ඉන්නේ මවක් වීමේ අපේක්‍ෂාවෙන්. රට වෙනුවෙන් දුවලා රටට කීර්තියක් අත්කර දුන්නා.
සමුගන්නේ සතුටෙන් යුතුවයි. විවිධ බාධක හැලහැප්පීම් මැද ඉදිරියට පැමිණීමේදී උපකාර කළ සැමට සිය ස්තූතිය පළ කරන බවද ඇය පැවැසුවාය.
“ මම රටට ණය නෑ “ සුසන්තිකා වැඩිදුරටත් කීවාය.
සුසන්තිකා 2000 වසරේ පැවැති සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර් 200 තරගයේදී ලෝකඩ පදක්කම දිනාගත් අතර, 1997 ඇතැන්ස් ලෝක සූරතා මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර් 200 රිදී පදක්කම ඇතුළු පදක්කම් රැසක් දිනා ගත් කී‍්‍රඩිකාවකි.
ඇය තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනාවක් එල්ල වුවද පසුව කෙරුණු පරීක්‍ෂණවලදී නිදොස් වූවාය.

Tuesday, February 3, 2009
අද අපි දිනන්නම ඕනෑ
ජගත් පේ‍්‍රමචන්ද්‍ර
සංචාරක ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අතර තෙවැනි එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගය අද (3) දිවා / රාති‍්‍රයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ලක්ෂ්මිපති බලාජි
තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය දැනටමත් 2 – 0ක් ලෙස ඉදිරියෙන් සිටින ඉන්දීය කී‍්‍රඩකයෝ අද තරගයට පිවිසෙන්නේ ජයග‍්‍රාහී මානසිකත්වයෙනි.
පසුගිය වසරේදී ද දෙරට අතර පැවැති එක්දින තරගාවලියේ සූරයන් වූ ඉන්දියානුවන් මේ තරගාවලියද වේලාසනින් ම ජය ගැනීමට තම උපරිම ශක්තිය අද තරගයේ දී ද යොදවනු ඇත.
සත්කාරක ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට අද තරගය තීරණාත්මක වීම නිසා දැඩි පීඩනයකින් යුක්තව පිටියට පිවිසීමට සිදුවනු ඇත.
තරගාවලියේ ජයග‍්‍රහණය සඳහා බලාපොරොත්තු තබාගැනීමට නම් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ අද තරගය අනිවාර්යයෙන් ම ජය ගත යුතුව තිබේ.
ඒ සඳහා යම් තරමකට හෝ අස්වැසිල්ලක් ලැබෙනුයේ මේ වන විට පිතිකරු ලැයිස්තුව තරමක ප‍්‍රගතියක් දැක්වීම ය.
පිතිකරුවෙකු ලෙස දිගින් දිගටම අසාර්ථකව සිටි නායක මහේල ජයවර්ධන පසුගිය තරගයේදී ලකුණු අතරට පිවිසීම කණ්ඩායමේ ප‍්‍රගමනයට හේතුවී තිබේ.
එම තත්ත්වය දිගින් දිගටම පවතින්නේ නම් අද තරගය එතරම්ම අභියෝගයක් විය නොහැකිය. ලෝක වාර්තාවක් අභියස සිටින මුත්තයියා මුරලිදරන්ට අද නැවත වතාවක් වාර්තාව කරා යාමට අවස්ථාව උදාවී තිබේ.
ලොව වැඩිම ටෙස්ට් කඩුලු (769) ලාභියා වන මුරලිදරන්ට ලොව වැඩිම එක්දින ජාත්‍යන්තර කඩුලුලාභියා වීමට තවත් ඇත්තේ කඩුලු 2ක අඩුවකි.
පසුගිය තරගයේ දී මුරලිදරන්ට කිසිදු කඩුල්ලක් නොලැබුණු අතර අජන්ත මෙන්ඩිස්ට හිමිවූයේද අවසන් කඩුලු ද්විත්වයයි.
ඒ පිළිබඳව ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි මාධ්‍ය හමුවේ උදම් ඇනුවේ “ශී‍්‍ර ලංකා දඟ පන්දුයවන්නන්ට අපේ පිතිකරුවෝ හොඳින් මුහුණදුන්නා” කියාය.
ඒ සමඟම ඔහු “ඔවුන්ට අපි කඩුලු ලබා දුන්නෙ නෑ. ඒ වගේම ඔවුන් අපිට ලෙහෙසියෙන් ලකුණු ලබාගන්න දුන්නෙත් නෑ” යන ගෞරවය ද ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන්නන්ට ලබා දුන්නේය.
මේ පිළිබඳව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන ප‍්‍රකාශ කෙළේ “මුරලි යමක් කරාවි. එය ඉතා ඉක්මනින් ම සිදුවේවි” කියාය.
එමෙන්ම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අලුත්ම දඟ පන්දු තුරුම්පුව වන අජන්ත මෙන්ඩිස් පිළිබඳව මහේල ප‍්‍රකාශ කළේ “අඩු වයසෙ ඉන්න අජන්තගෙන් නිතරම කඩුලු ලබාදෙන්න කියල කියන්න බෑ.
නමුත් ඔහු ඉතා හොඳ මෙහෙයක් කරනවා. ඔහු නැවැත කඩුලුලාභී පන්දුයන්නෙක් වේවි” කියාය. මේ අතර පළමු තරගයට කී‍්‍රඩා කරද්දී ආබාධයකට ගොදුරුවී දෙවැනි තරගයට කී‍්‍රඩා නොකළ මුනාෆ් පටෙල් වෙනුවට 27 හැවිරිදි දකුණත් මදවේග පන්දුයවන ලක්ෂ්මිපති බලාජි ඉන්දීය කණ්ඩායමට කැඳවා ඇත.
ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 8කට සහ එක්දින ජාත්‍යන්තර තරග 29 කට මුහුණදී ඇති බලාජි අවසන් වරට එක්දින තරගයකට සහභාගී වී ඇත්තේ 2005 වසරේදී ය. ඒ ද ශී‍්‍ර ලංකාවට එරෙහිව ය.
අද තරගයේදී ඉන්දීය වේගපන්දු යවන සහීර් කාන් කඩුලු 2ක් ලබාගතහොත් ඔහු ශී‍්‍ර ලංකාවට එරෙහිව වැඩිම කඩුලු ලබාගත් කී‍්‍රඩක ලැයිස්තුවේ දෙවැනියා බවට පත්වේ. ඔහු මේ වන විට තරග 29කට සහභාගී වී කඩුලු 42ක් ලබා සිටී.
එම ලැයිස්තුවේ පළමු වැනියා ලෙස තරග 25කදී කඩුලු 49ක් ලබාගත් අජිත් අගාකාර් ද දෙවැනියා ලෙස තරග 36කදී කඩුලු 43ක් ලබාසිටින හර්බජන් සිංද ශ්‍රේණිගතව සිටී.
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් කඩුලු 70 බැගින් ලබා සම තත්ත්වයේ පසුවෙති.
මේ කී‍්‍රඩකයෝ අද තරගයේදී තම වාසනාව උරගා බලද්දී මහේල ද අද තරගයේදී වාසනාව තමා වෙත නතු කරන ගැනීමට ප‍්‍රබල උත්සාහයක නිරත වෙනු ඇත.
ඒ ඉතිරි තරගවල තරගකාරිත්වය රැකගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්ය වන නිසාය. මහේලට එතැනින් නොනැවතී සෙසු තරග දෙකේදී ද මේ සෑම අභියෝගයකටම මුහුණදීමට සිදුවනු ඇත.
ඒ ඉන්දු - ශී‍්‍ර ලංකා එක්දින තරගමාලාවක ජයග‍්‍රහණ පිපාසාවෙන් පෙළෙන කි‍්‍රකට් කී‍්‍රඩා ලෝලීන් නිසාය.
ශී‍්‍ර ලංකාව ඉන්දියාවට එරෙහිව අවසන්වරට එක්දින තරගාවලියක් ජයගෙන ඇත්තේ 1997 වසරේ තරම් ඈතකය. එය ‘මෑතක’ ලෙස ළඟා කර ගැනීමට නම් මහේලට මේ තරග තුනම ජයගැනීමට සිදුවනු ඇත.

චැම්පියන්ස් කුසලාන කි‍්‍රකට් ශ‍්‍රී ලංකාවේදී
පසුගිය වසරේ පකිස්තානයේදී පැවැත්වීමට නියමිතව තිබූ චැම්පියන්ස් කුසලාන කි‍්‍රකට් තරගාවලිය ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය වී තිබේ.
ඒ අනුව එම තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මස 25 සිට ඔක්තෝබර් මස 5 දක්වා පැවැත්වීමට නියමිතය.

Monday, January 26, 2009
ඩිල්ෂාන්ගේ සුපිරි පිතිහරඹයෙන් ශ‍්‍රී ලංකාවට දැවැන්ත ජයක් මුරලි එක්දින කඩුලු 500යි

තිලකරත්න ඩිල්ෂාන්ගේ විශිෂ්ට පිති හරඹයත් පාකිස්තාන පිතිකරුවන් සහමුලින්ම වනසා දැමීමට සමත් වූ පන්දු බල ඇණියත් හේතුවෙන් පාකිස්තානය පරදා ලකුණු 234 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවිය.
ලාහෝර්හී ගඩාෆි කී‍්‍රඩාංගණයේ පැවැති මේ තුන් වැනි අන්තර්ජාතික එක්දින තරගයේ ජයත් සමඟ ශ‍්‍රී ලංකාව තරගාවලිය 2 – 1 කින් ජය ලැබීය.
තිලකරත්න ඩිල්ෂාන් තම එක් දින තරග දිවියෙහි හොඳම දක්ෂතාව සටහන් කරමින් නොදැවී ලකුණු 137 ක් වාර්තා කෙළේය. පන්දු 139 කදී හතරේ පහර 10 ක් එල්ල කිරීමට හෙතෙම සමත්විය. ශ‍්‍රීී ලංකා පිල ඕවර් 50 දී ලකුණු 309 ක් ලබාගත් අතර පාකිස්තානය ලකුණු 75 කට දැවී ගියේය.
පාකිස්තාන කි‍්‍රකට් පිල එරටදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වූ අතර දරුණුතම පරාජය ලෙසද වාර්තාවිය. ශ‍්‍රී ලංකා පිලේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වූ නුවන් කුලසේකර ලකුණු 17 කට කඩුලු 3 ක්ද තිලාන් තුෂාර ලකුණු 33 කට කඩුලු 3 ක්ද බිඳහලා මුල් පෙළේ පිතිකරුවන්ට තර්ජන එල්ල කළහ.
මුත්තයියා මුරලිදරන් ලකුණු 2 කට කඩුලු 2 ක් බිඳහෙළා එක්දින අන්තර්ජාතික තරගබිමේ කඩුලු 500 ක් වාර්තා කළ දෙවැනි කී‍්‍රඩකයා බවට පත්වීමද විශේෂත්වයකි. පාකිස්තානයේ වසීම් අක‍්‍රම්ගේ ලෝක වාර්තාව සම කිරීමට මුරලිදරන්ට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 2 ක් පමණි.
ශ‍්‍රී ලංකා ඉනිම සනත් හා ඩිල්ෂාන් ආරම්භ කළ අතර ප‍්‍රථම කඩුල්ලට ලකුණු 76 ක සම්බන්ධතාවක් ඇතිවිය. සනත් ලකුණු 45 කට දැවී ගියේය. කුමාර් සංගක්කාර එක්වී ශ‍්‍රී ලංකා ඉනිම තවත් ශක්තිමත් කෙළේය. සංගක්කාර ලකුණු 50 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය.
ඩිල්ෂාන් ට එක්වූ කණ්ඩම්බි පන්දු 34 කදී ලකුණු 32 ක් ලබාගත් අතර නායක ජයවර්ධන ලකුණු 18 ක් ලබා සිිටියදී උමාර් ගුල්ගේ පන්දුවකට කම්රන් අක්මාල් අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේය.
නිමා වූ තරග තුනේදීම මහේල ජයවර්ධන දැවී ගියේ විකට් රකින කී‍්‍රඩකයාට උඩපන්දු ලබාදෙමින් එකම ආකාරයකටය. පාකිස්තාන පිතිකරුවන් අතරින් ලකුණු 10 ට වඩා රැස් කෙළේ දෙදෙනෙකු පමණි. නායක මලික් ලකුණු 19 ක්ද උමාර්ගුල් ලකුණු 27 ක්ද ලබා ගත්තේය.
පාකිස්තාන ඉනිමේ මුල්පිතිකරුවන් හයදෙනෙකු ලකුණු 22 කට දවා ගැනීමට කුලසේකර හා තුෂාර සමත්වූහ.
ප‍්‍රවේගකාරී පිතිකරුවෙකු වූ සහිඩ් අෆ්රිඩිට කුලසේකර එවු පන්දුවක් නිදැල්ලේ යෑමට ඉඩ හරිද්දී පන්දුව විකට්ටුවට දෝලනය වී ආ අයුරු පිතිකරුට අදහාගත නොහැකි විය.
තරගයෙන් අනතුරුව අදහස් දැක් වූ සනත් ජයසූරිය ප‍්‍රකාශ කෙළේ කලකට පසුව හොඳ ආරම්භක පිතිකරුවෙකු හමුවූ බවයි. මීළඟ ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි මුරලිදරන් පැවැසීය.
ශ‍්‍රී ලංකා පාකිස්තාන එක් දින තරගාවලියේ මෙන්ම අවසන් තරගයේ වීරයා සම්මානය ඩිල්ෂාන්ට හිමිවිය. ජයග‍්‍රාහී පිල ඊයේ පෙරවරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණියේය.

කුලසේකර දෙවැනි තැනට
එක්දින අන්තර්ජාතික පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ නවතම ලැයිස්තුව අනුව වේගපන්දු යවන කී‍්‍රඩක නුවන් කුලසේකර දෙවැනි ස්ථානයට පත්විය.
ශ්‍රේණිගත කිරීම අනුව තවදුරටත් පෙරමුණ ගැනීමට නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි සමත්ව ඇති අතර තක්සේරු ලකුණු ප‍්‍රමාණය 754කි. නුවන් කුලසේකර ලකුණු 749ක් ලබා ඇත.
මේ ශ්‍රේණිගත කිරීම අනුව මුත්තයියා මුරලිදරන් සිවුවැනි ස්ථානයට පත්ව තිබේ. ඔහු ලබා ඇති ලකුණු ප‍්‍රමාණය 714කි. ඔස්ටේ‍්‍රලියාවේ නෙදන් බ්‍රේකන් ලකුණු 745ක් ලබා තෙවැනි ස්ථානයේ සිටී.
නුවන් කුලසේකර සහභාගීවූ අවසන් එක්දින තරග 10යේ දී කඩුලු 18ක් බිඳහෙලා ගැනීමට සමත්ව ඇත. පාකිස්තානය සමඟ නිමාවූ තරග තුනේදී කඩුලු පහක් බිඳහෙළා ගැනීමට සමත්විය

Wednesday, January 21, 2009
සල්මාන් බට් ගේ ශතකයෙන් පාකිස්තානයට ජය
කරච්චි (ඒ.එෆ්.පී)
ආරම්භක පිතිකරු සල්මාන් බට් අගනා ශතකයක්ද වේග පන්දු යවන රාඕ ඉෆ්ටිකාර් සිය කී‍්‍රඩා දිවියේ හොඳම පන්දු යැවීමද වාර්තා කරමින් පාකිස්තානය ඊයේ ශී‍්‍ර ලංකාවට එරෙහිව පළමු එක්දින තරගයේ කඩුලු 8 ක ජයග‍්‍රහණයක් කරා මෙහෙයවූහ.
වමතින් පිත්ත හසුරුවා බට් පන්දු 117 කදී හතරේ පහර 13 ක් සමග නොදැවී ලකුණු 100 ක් රැස් කළ අතර එය ඔහුගේ 8 වැනි අන්තර්ජාතික එක්දින ශතකය විය.
ඔහු කුරාම් මන්සූර් (83) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 168 ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගු අතර පාකිස්තානය තරගයේ තවත් ඕවර 4.0 ක් ඉතිරිව තිබියදි ලකුණු 220 ක ජයග‍්‍රාහී ඉලක්කය සම්පූර්ණ කෙළේය.
ඕවර 45.2 කදි ලකුණු 219 කට දැවී ගිය ශී‍්‍ර ලංකා පිල ප‍්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කිරීමට අසමත් වූ අතර ඔවුන්ගේ කීර්තිමත් පන්දු යවන්නන් යුගලය වන මුත්තයියා මුරලිදරන් හා අජන්ත මෙන්ඩිස් පාකිස්තාන ආක‍්‍රමණශීලී පිතිහරඹය හමුවේ නිරර්ථක තත්ත්වයකට පත්වූහ.
තරගයේ වීරයාසල්මාන් බට්
මන්සූර්, මුරලිදරන්ගේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවී යාමට පෙර හතරේ පහර 9 ක් එල්ල කළ අතර ඔහු පන්දු 128 කට මුහුණ දුන්නේය.
යූනුස් ඛාන් ලකුණු 20 කට දැවී ගියද ෂොයිබ් මලික් (11) ජයග‍්‍රාහී ඉලක්කය පසු කිරිමට බට් හට සහාය විය.
ඉෆ්තිකාර් ලකුණු 42 කට කඩුලු 4 ක්ද උමාර් ගුල් ලකුණු 30 කට කඩුලු 3 ක්ද බිඳ හෙලූහ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 219ක් පමණි.
ලකුණු හඹා යෑමේ දී අනවශ්‍ය පීඩනයක පැටලුණ ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට තම ඉනිම නිමා කර ගැනීමට සිදු වූයේ තවත් පන්දු 28ක් ඉතිරිව තිබිය දී ය.
කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කෙළේ ය.
ඒ අනුව පිටියට පිවිසි සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ෂාන් පාකිස්තාන පන්දු යවන්නන්ට රිසි සේ බැට දෙමින් ඉනිමේ පළමු ලකුණු 50 පන්දු 40ක දී රැස් කිරීමට සමත් වූහ.
ඩිල්ෂාන් ඉනිම ආරම්භ කිරීමට තරමක කෝඩුකාරයෙක් වුව ද ජයසූරියට වඩා වැඩි අවස්ථාවක් ලබා ගනිමින් අලංකාර ඉනිමක නිරත වූවේ ය.
පළමු කඩුල්ල ලෙස ඩිල්ෂාන් ලකුණු 42ක් ලබා තිබිය දී දැවී ගියේ ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව 71 නතර ව තිබිය දී ය. ඩිල්ෂාන්ගේ ඉනිම පන්දු 33කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 7ක් එල්ල කිරීමට ද ඔහු සමත් විය.
ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව බිඳ දැමූ උමාර් ගුල් දෙවැනි කඩුල්ලේ සබඳතාව තැබීමට හිස ඔසවමින් සිටිය දී ජයසූරිය ද දවාලූවේ ය. ඒ ඔහු පන්දු 35ක දී හතරේ පහර 6ක් සමඟ ලකුණු 38ක් ලබා තිබිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමෙනි.
ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලු 2ක් ලකුණු 86කට දැවී තිබිය දී උප නායක කුමාර් සංගක්කාර හා නායක මහේල ජයවර්ධන එක් වූහ. එහෙත් ලකුණු පුවරුවට තවත් ලකුණු 3ක් පමණක් එකතු වෙද්දී මහේලගේ ඉනිම නිමා කිරීමට ඉෆ්ටිකාර් අන්ජුම් සමත් විය.
බංග්ලාදේශ සංචාරයේ දීද පිතිකරුවෙකු ලෙස අසාර්ථක වූ මහේල ඊයේ තරගයේ දී ද ලබා ගත්තේ එක් ලකුණක් පමණි. පිතිකරු ඉදිරි පෙළ කඩා වැටීමෙන් වළකාගත් කුමාර් සංගක්කාර චාමර කපුගෙදර සමඟ එක්වෙමින් ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව ගෞරවනීය තත්ත්වයකට රැගෙන ආවේ ය.
ඔවුන් දෙදෙනා එක්ව 4 වැනි කඩුල්ලට ලකුණු 54ක් එක්කර තිබිය දී කපුගෙදර ලකුණු 27කට දැවී ගියේ ය.දක්ෂ ලෙස පන්දුවට පහර දුන් කුමාර් සංගක්කාර ඊයේ දැවී යන විට අහිමිකර ගත්තේ තමාගේ 45 වැනි එක්දින අන්තර්ජාතික අර්ධ ශතකයයි.
ඔහු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟ ලකුණු 49ක් රැස් කෙළේ ය. සංගක්කාරගෙන් අනතුරුව අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි නුවන් කුලසේකර පන්දු 33ක දී ලකුණු 24ක් ලබා ගත්තේ ය.
පාකිස්තානය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉෆ්ටිකාර් අන්ජුම් ලකුණු 42ට කඩුලු 4ක් ද උමාර් ගුල් ලකුණු 30ට කඩුලු 3ක් ද දවාලූහ.
දෙපිල අතර දෙවැනි තරගය අද පැවැත්වේ.ශ‍්‍රී ලංකාවටී. එම්. ඩිල්ෂාන් ඇ. බට් ප. ගුල් 42
එස්. ටී. ජයසූරිය ක.මු.කළා ප. ගුල් 38
කේ. සී. සංගක්කාර ඇ. බට් ප. අන්ජුම් 49
ඩී. පී. එම්. ඩී. ජයවර්ධන ඇ. අක්මාල් ප. අන්ජුම් 01
සී. කේ. කපුගෙදර ප. අෆ්රිඩි 27
ජේ. මුබාරක් දුවද්දී දැවී ගියා (අක්මාල්) 08
එම්. එෆ්. මහරූෆ් ඇ. මිෂ්බා අල්හක් ප. මලික් 11
ටී. තුෂාර ඇ. අක්මාල් ප. අන්ජුම් 00
කේ. එම්. ඩී. එන්. කුලසේකර ඇ. අක්මාල් ප. ගුල් 24
එම්. මුරලිදරන් නොදැවී 07
බී. ඒ. ඩබ්ලිව්. මෙන්ඩිස් ප. මලික් 01
අතිරේක 11
එකතුව (ඕවර් 45.2 කදී) 219
කඩුලු බිඳ වැටීම - 1 – 71, 2 – 86, 3 – 89, 4 –
143, 5 – 170, 6 – 176, 7 – 176,8 – 209, 9 – 211,
10 - 219
පන්දු යැවීම - ෂොහිබ් අක්තාර් 7 – 0 – 43 – 0, ෂොහෙල් ටන්වීර් 5 – 0 – 35 – 0,
ඉෆ්තිකා අන්ජුම් 8 – 1 - 36 – 3, උමාර් ගුල් 9 – 0 – 30 – 3, ෂහිඩ් අෆ්රිඩි 10 – 1 – 47 – 1,
ෂොහිබ් මලික් 6.2 – 0 – 25 - 2
පාකිස්තානයකුරාම් මන්සූර් ඇ.හා බෝ.මුරලිදරන් 83
සල්මන් බට් නොදැවී 100
යූනුස් ඛාන් ඇ.මෙන්ඩිස් බෝ.මහරූෆ් 20
සොයිබ් මලික් නොදැවී 11
අතිරේක 6
එකතුව (කඩුලු 2 ට, ඕවර 45.5) 220
කඩුලු බිඳ වැටීම 1 – 168, 2 - 205
පන්දු යැවීම – කුලසේකර 8 – 1 – 35 – 0 තුෂාර 8 – 0 – 31 – 0
මහරූෆ් 7.5 - 0 – 44 – 1, මුරලිදරන් 10 – 1 – 42 – 1,
මෙන්ඩිස් 7 – 0 – 41 – 0, ජයසූරිය 3 – 0 – 16 – 0, ඩිල්ෂාන් 2 – 0 – 7 - 0

Monday, January 19, 2009
අජන්තට-මුරලිට මුහුණදීමට සූදානම් ෂොහිබ් මලික් ශ‍්‍රී ලංකා-පාකිස්තාන ප‍්‍රථම තරගය හෙට
ශ‍්‍රී ලංකා පිලේ පාකිස්තාන සංචාරයේදී සාර්ථකව මුහුණදීමට තම කණ්ඩායම සූදානම් බව පාකිස්තාන කි‍්‍රකට් නායක ෂොහිබ් මලික් පැවැසීය.
හෙට කරච්චිහිදී ආරම්භ වන ප‍්‍රථම එක් දින අන්තර්ජාතික තරගය ජය ගැනීම තම අපේක්ෂාව බව මලික් මාධ්‍යවේදීන්ට පැවැසීය.
ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රධාන තුරුම්පු දෙක වන අජන්ත මෙන්ඩිස්ට හා මුත්තයියා මුරලිදරන්ට සාර්ථකව මුහුණදීම සඳහා පාකිස්තාන පිතිකරුවන් හොදින් පුහුණු වී ඇතැයිද මලික් පැවැසීය.
මුරලිට හා අජන්තට මුහුණ දෙන්න හොඳ ක‍්‍රමෝපායක් සකස්කර තිබෙනවා. කෙටි තරගාවලියක් නිසා පළමු තරගය ජයගැනීම වැදගත්. මලික්ගේ මේ අදහසට අමතරව ශ‍්‍රී ලංකා පිලට විශේෂ ස්තුතියක්ද කර ඇත.
ඉන්දියාව සමඟ තරගාවලිය නොපැවැත්වීම නිසා රටවල් කිහිපයකටම ආරාධනා කළද ශ‍්‍රී ලංකාව පමණක් ආරාධනාව පිළිගැනීම ගැන සතුටට පත්වන බවද ඔහු පවසා ඇත. “හැමෝම බෑ කීවාම ශ‍්‍රී ලංකාව පමණක් ආවා.
එයට ප‍්‍රශංසා කරනවා. ඒ උපකාරයට ශ‍්‍රී ලංකා පිලට ස්තුතිය හිමිවෙනවා. මේ තරග තුනම උණුසුම් වේවි. ශ‍්‍රී ලංකා පිල ලෝකයේ හොඳම කණ්ඩායමක්. ෂොහිබ් අක්තාර නැවත එක්වීමත් අපට ශක්තියක්” යනුවෙන් මලික් පැවැසීය.
ෂොහිබ් අක්තාර් අබුඩාබිහිදී නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ තරගාවලියට එක්නොවූහ. පාකිස්තාන පිලට වේග පන්දු යවන්නන් හයදෙනෙකු ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි.
ශ‍්‍රී ලංකා සුපිරි දගපන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් එක් දින කි‍්‍රකට් ලොවේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව පිහිටුවීමට තවත් කඩුලු 9 ක් පසුපසින් සිටී. වසීම් අක‍්‍රම් එක්දින කඩුලු 502 ක් ලබා එම වාර්තාව පිහිටුවා ඇත. මුරලි ටෙස්ට් කඩුලු 769 ක් ලබා වැඩිම ටෙස්ට් කඩුලු ලාභියාගේ වාර්තාවටද හිමිකම් කියයි.
ශ‍්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි තරගය බදාදා හා තෙවැනි තරගය සෙනසුරාදා පැවැත්වීමට නියමිතය. සියලු තරග දිවා රාතී‍්‍ර තරග වේ.
පාකිස්තාන පිල මෙසේය - ෂොහිබ් මලික් (නායක), මිෂිබා උල්හක්, සල්මන් බට්, යුනුස් ඛාන්, සහිඩ් අෆ්රිඩි, කම්රන් අක්මාල්, ෂොහෙල් ටන්වීර්, ෂොහිබ් අක්තාර්, උමාර් ගුල්, රාඕ ඉෆ්තිකාර්, ෂහිඩ් අජ්මාල්, කුරාම් මන්සූර්, ෂොහෙල් ඛාන්, යසීර් අර්ෆත්, උමාර් අමීන්

ශී‍්‍ර ලංකාවට එන ඉන්දීය පිල නම් කරයි රංජි කුසලානයෙන් මතු වූ අලුත් තරුවක් එක්වෙයි
ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගාවලිය සඳහා රංජි කුසලාන කි‍්‍රකට් තරගවලදී දස්කම් දැක් වූ රවීන්ද්‍ර ජඩේජා හා එංගලන්ත තරගාවලියට එක් නොකළ ප‍්‍රවීන් කුමාර් ඉන්දීය පිලට කැඳවා ඇත.
ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට මුල්වරට කැඳ වූ රවීන්ද්‍ර ජඩේජා තුන් ඉරියව් කී‍්‍රඩකයෙකි.
ඉන්දියාව අවසන් වරට පැවැත් වූ එංගලන්තය සමඟ එක්දින තරගාවලියට කී‍්‍රඩා කළ හර්බජං සිං හා විරාට් කොහොලි කණ්ඩායමෙන් ඉවත් කර ඇත.
කණ්ඩායමට අලුතින් එක් වූ රවීන්ද්‍ර ජඩේජා 19 න් පහළ ලෝක කුසලාස දිනූ ඉන්දීය පිලේ ද ඉන්දීය පි‍්‍රමියර් ලීග් සූරතාව දිනාගත් රාජස්තාන් රෝයල් පිලේද සාමාජිකයෙකි.
20 හැවිරිදි ජඩේජා නිමා වූ ඉන්දීය ප‍්‍රධාන අන්තර් සමාජ කි‍්‍රකට් තරගාවලිය වූ රංජි කුසලාන තරග 9 කදී ලකුණු 739 ක් ලබා ගත්තේය.
රවීන්ද්‍ර ජඩේජා
ශතක 2 ක් හා අර්ධ ශතක 2 ක්ද සමග සාමාන්‍ය 67.18 ක් විය.
වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 323 කි. සවුරාෂ්ට‍්‍ර පිලට කී‍්‍රඩා කළ ඔහු එම තරගාවලියේදී පන්දු යැවීමෙන් තරග 9 කදී ලකුණු 837 කට කඩුලු 42 ක් ලබා ගත්තේය. එක් තරගයකදී ලකුණු 88 කට කඩුලු 10 ක් වාර්තා කිරීම කැපී පෙනුණි.
ශී‍්‍ර ලංකාවට පැමිණෙන ඉන්දීය කි‍්‍රකට් පිලට සහීර් ඛාන්, ඉෂාන්ට් ෂර්මා, මුනාෆ් පටෙල් වැනි වේගපන්දු යවන්නන් අතරට ප‍්‍රවීන් කුමාර් ද එක්කොට ඇත.
රංජි කුසලාන තරගාවලියේදී ප‍්‍රවීන් කුමාර් පන්දු යැවීමෙන් දස්කම් නොදැක් වුවද ඔහුගේ උත්තර ප‍්‍රදේශ කණ්ඩායම එම තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණියේය.
හර්බජන් සිං ආබාධායකට ලක්ව සිටීම හේතුවෙන් සංචාරයට එක් නොවේ.
වමතින් පන්දු යවන පේරග්සන් ඕජා සමග යුසුප් පතාන්, රවීන්ද්‍ර ජඩේජා, විරේන්ද්‍ර ෂෙවාග් හා යුවරාජ් සිං දගපන්දු බලඇනිය ශක්තිමති කරති.
ඉන්දීය පිතිකරු ලැයිස්තුවේ සිටින රෝහිත් ෂර්මා අන්තර්ජාතික තරගවලදී වැඩි දස්කමක් නොදැක්වුවද නිමා වූ ඔස්ටේ‍්‍රලියාව සමග තරගාවලියේදී හොඳින් කී‍්‍රඩා කිරීමට සමත් විය.
ඔහු නිමා වූ රංජි කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී ශතකයක්ද සමග ශතක 3 ක් ලබා ගැනීමට සමත් විය.
ඉන්දීය කි‍්‍රකට් පිල මේ මස 23 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණෙන අතර 28 දා දඹුල්ලේදී ප‍්‍රථම දිවා රාතී‍්‍ර එක්දින තරගයට එක්වේ.
30 දා දෙවැනි දිවා රාතී‍්‍ර තරගය දඹුල්ලේදී පෙබරවාරි 2 දා හා 5 දා තෙවැනි හා සිවුවැනි දිවා රාතී‍්‍ර එක්දින තරග ආර්. පේර්මදාස කී‍්‍රඩාංගණයේදී පස්වැනි තරගය පෙබරවාරි 8 දා කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පෙබරවාරි 10 වැනිදා ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර ප‍්‍රථම ඕවර් 20 යි විස්ස අන්තර් ජාතික තරගය කොළඹ ආර්. පේර්මදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ශී‍්‍ර ලංකාවට පැමිණෙන ඉන්දීය පිල මෙසේය.
මහේන්ද්‍ර සිං දෝනි (නායක), සචිත් තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ෂෙවාන්, ගෞතමි ගාම්බීර්, යුවරාජ් සිං, සුරේෂ් රයිනා, රෝහිත් ෂර්මා, යුසුප් පතාන්, ෂහීර් ඛාන්, ඉෂාන්ට් ෂර්මා, මුතාප් පටෙල්, රවීන්ද්‍ර ජඩේජා, ප‍්‍රවීන් කුමාර්, ඉර්ෂාන් පතාන්, පේරග්සන් ඕජා.

Thursday, January 15, 2009
ශී‍්‍ර ලංකා පාකිස්තාන තරග ස්ථානවල වෙනසක්
කරච්චි (ඒ. එෆ්. පී.)
පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් තරගමාලාවේ තරග පැවැත්වෙන ස්ථාන ශී‍්‍ර ලංකාවේ ඉල්ලීම පරිදි වෙනස්කොට ඇතැයි පාකිස්තාන කි‍්‍රකට් මණ්ඩලය ඊයේ ප‍්‍රකාශ කෙළේය. මේ අනුව තරග ති‍්‍රත්වය කරච්චි හා ලාහෝර් හි පැවැත්වෙනු ඇත.
“පළමු තරග දෙක ජනවාරි 20 හා 21 කරච්චියේදීත්, අවසාන තරගය ජනවාරි 24 ලාහෝරයේත් පැවැත්වීමට දැන් තීරණය කොට තිබෙනවා” පාකිස්තාන කි‍්‍රකට් මණ්ඩලයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි සලිම් අල්ටාෆ් පැවැසීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා පෙබරවාරි 14 වැනිදා යළි පාකිස්තානයට එන බවද අල්ටාෆ් ප‍්‍රකාශ කෙළේය

බංග්ලාදේශයට පෙරැළිකාර ජයක් ෂකිබ් අල් හසන් පන්දු 69කදී නොදැවී ලකුණු 92යි
ධකා (ඒ. එෆ්. පී.)
ආක‍්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ ෂකිබ් අල් හසන් නොදැවී ලකුණු 92ක් ලබා ගනිමින් බංග්ලාදේශය තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ අවසාන තරගයට ඊයේ රැගෙන ගියේ ශී‍්‍ර ලංකාවට එරෙහිව කඩුලු පහක පෙරැළිකාර ජයග‍්‍රහණයක් වාර්තා කරමිණි.
වමතින් පිත්ත හැසිරවූ අල් හසන් ඔහුගේ පන්දු 69ක ඉනිම ඇතුළත හයේ පහර 2ක් හා හතරේ පහර 10 ක් එල්ලකළ අතර බංග්ලාදේශය තරගයේ තවත් ඕවර 7.1 ක් ඉතිරිව තිබියදී ශී‍්‍ර ලංකා මුළු ලකුණු 147 අභිබවා ගියේය. උදය කාලයේ පැවැති මීදුම හේතුවෙන් තරගය දෙපිලට ඕවර 31 බැගින් සීමාවී තිබිණි.
තරග 1 බැගින් ජය ගෙන බෝනස් ලකුණ බැගින් ලබාගෙන දෙපිලම ලකුණු 5 බැගින් ලීග් අදියර අවසන් කළ බැවින් ශී‍්‍ර ලංකාව හා බංග්ලාදේශය යළිත් හෙට අවසන් තරගයේදී මුණගැසෙනු ඇත.
එක් තරගයක් ජයගත් සිම්බාබ්වේ පිලද ලීග් අදියර අවසන් කෙළේ ලකුණු 4 ක් ලබා ගෙනය.
අන්තර් ජාතික එක්දින කි‍්‍රකට් තරග 25 කදී බංග්ලාදේශය ඊයේ ශී‍්‍ර ලංකාව පැරද වූයේ දෙවැනි වතාවට පමණි.
සත්කාරක බංග්ලාදේශ පිල දුවද්දී දැවී යාම් දෙකකට ලක්ව ලකුණු 11 කට කඩුලු 3 ක් දැවී අසරණ තත්ත්වයකට පත්ව සිටියද හසන් ශී‍්‍ර ලංකා පන්දු ප‍්‍රහාරයට තියුණු අභියෝගයක් එල්ල කරමින් නායක මොහොමඩ් අෂ්රෆුල් (26) සමග සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක් එක් කිරීමට සමත් විය.
නයීම් ඉස්ලාම් (නොදැවී 12) 24 වැනි ඕවරයේදී අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවකට “ලෝන්ග් ඕන්” හරහා හයේ පහරක් එල්ල කරමින් තරගය අවසන් කෙළේය. ඒ වන විට හසන් සිටියේ ඔහුගේ තෙවැනි එක්දින ශතකයට තවත් ලකුණු අටක් පමණක් අඩුවෙනි.
බංග්ලාදේශ ජයග‍්‍රහණයේ එකම තරුව වූයේ 21 හැවිරිදි හසන් පමණක් නෙවේ.
සිය මංගල එක්දින තරගයට සහභාගි වූ වේගපන්දු යවන රුබෙල් හොසේන් (ලකුණ් 33 ට කඩුලු 4) සහ වේගපන්දු යවන මෂ්රෆි මොටාසා (ලකුණු 25 ට කඩුලු 3) කඩුලු 7 ක් බෙදා ගනිමින් ශී‍්‍ර ලංකා ඉනිම ලකුණු 147 කට සීමා කළහ.
සනත් ජයසූරියගේ ලකුණු 54 න් පසුව ශ‍්‍රී ලංකාව ලකුණු 95 කට කඩුලු 3 ක් අහිමි කරගෙන සිටි අතර ඔවුන්ගේ අවසන් කඩුලු 7 ලකුණු 52 කට බිඳ වැටිණි.
ප‍්‍රථමයෙන් ලකුණු රැස් කිරීමට කැඳවීමෙන් පසුව ශ‍්‍රී ලංකාව කඩුලු 2 ක් ලකුණු 4 කට බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්ව සිටියද ජයසූරිය තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක මහේල ජයවර්ධන (20) සමග ලකුණු 71ක සබඳතාවක් ගොඩ නගමින් ඉනිම ස්ථාවර කෙළේය.
මොටාසා ශ‍්‍රී ලංකා පිලට මුල්ම හානිය සිදු කරමින් ඔහුගේ තෙවැනි පන්දුවේදී උපුල් තරංගත් ඊළඟ ඕවරයේ කුමාර් සංගක්කාරත් දවාලීය. මේ පිතිකරුවන් දෙදෙනාටම ලකුණු ලබා ගැනීමට නොහැකි වූහ.
ජයසූරිය ඊයේ ලබා ගත් ඔහුගේ 67 වැනි එක් දින අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් විය. ඔහු මේ සඳහා පන්දු 64 කට මුහුණ දුන්නේය.
චාමර කපුගෙදර පන්දු 30 කදී ලකුණු 20ක් රැස් කෙළේය.
ශී‍්‍ර ලංකාව
යූ. තරංග ක. මු. කළා ප. මෝර්ටසා 00
එස්. ජයසූරිය ඇ. සහ ප. මෝර්ටසා 54
කේ. සංගක්කාර ප. මෝර්ටසා 00
එම්. ජයවර්ධන ඇ. හොසේන් ප. ඉස්ලාම් 28
සී. කපුගෙදර ප. අලාම් 28
ජේ. මුබරක් දුවද්දී දැවීගියා 10
ඒ. මැතිව්ස් ඇ. මෝර්ටාසා ප. හොසේන් 02
ටී. තුෂාර ඇ. මුෂ්නිකර් ප. හොසේන් 00
එන්. කුලසේකර ඇ. ඉස්ලාම් ප. හොසේන් 05
එම්. මුරලිදරන් නොදැවී 06
ඒ. මෙන්ඩිස් ඇ. අෂ්රෆුල් ප. හොසේන් 00
අතිරේක 14
එකතුව (ඕවර් 30.3 කදී) 147
කඩුලු බිදවැටීම - 1 – 0, 2 – 4, 3 – 75, 4 – 95, 5 – 124, 6 – 128,
7 – 130, 8 – 135, 9 – 141, 10 - 147
පන්දු යැවීම - මොර්ටසා 7 – 1 – 25 – 3, අලාම් 4 – 0 – 25 – 1,
හොසේන් 5.3 – 0 – 33 – 4, අල්හසන් 6 – 0 – 24 – 0,
නයීම් ඉස්ලාම් 6 – 0 – 24 – 1, මහමුදුල්ලා 2 – 0 – 13 - 0
බංග්ලාදේශය
තමීම් ඉක්බාල් දුවද්දී දැවීගියා (කපුගෙදර) 09
ජුනයිඩ් සිද්ධික් දුවද්දී දැවීගියා (මුබරක්) 00
මුෂ්ෆිකර් රහීම් ඇ. සංගක්කාර ප. තුෂාර 01
මොහොමඩ් අෂ්රාෆුල් ඇ. ජයසූරිය ප. කුලසේකර 26
ෂකීබ් අල් හසන් නොදැවී 92
රකිබුල් හසන් ඇ. මුරලිදරන් ප. මෙන්ඩිස් 03
නයීම් ඉස්ලාම් නොදැවී 12
අතිරේක 08
එකතුව (කඩුලු 5 කට ඕවර් 23.5 කදී ) 151
කඩුලු බිදවැටීම – 1 – 0, 2 – 10, 3 – 11, 4 – 102, 5 - 126
පන්දු යැවීම – කුලසේකර 6 – 1 – 45 – 1, තුෂාර 4 – 1 – 12 – 1,
මෙන්ඩිස් 6.5 – 0 – 37 – 1, මැතිව්ස් 1 – 0 – 12 – 0,
මුරලිදරන් 6 – 0 – 40 - 0

Monday, December 22, 2008
ජාතික එල්ලේ තරගාවලියේ සූරතාව තෙවැනි වරටත් තොටළඟ අරුණ දිනයි දහසික් බැඳි පියලි පිරිනැමීමේ යෝජනාව කෙළේ ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ
ප‍්‍රින්ස් ගුණසේකර
දිවංගත මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුව ශ‍්‍රී ලංකා එල්ලේ සම්මේලනය මෙහෙය වූ ජාතික එල්ලේ සූරතාව තොටළඟ අරුණ කී‍්‍රඩා සමාජය දිනාගත්තේය.
රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගය දිනාගත් තොටළඟ අරුණ කී‍්‍රඩකයන් වෙතින් පරාජයට පත්වූයේ පිට පිට ජාතික එල්ලේ සූරතා 2 ක් දිනා සිටි ප‍්‍රබල කණ්ඩායමක් වන මූදුකටුව පාතිමා කී‍්‍රඩා සමාජයයි.
සුගතදාස කී‍්‍රඩාංගණයේ විදුලි ආලෝකධාරා මැද පසුගියදා පැවැති ජාතික සූරතා අවසන් එල්ලේ මහා තරගයේදී ඉනිමක හා ලකුණු 2 ක ජයග‍්‍රහණයක් අරුණ ක‍්‍රීඩකයෝ අත්කර ගත්හ.
තොටළඟ අරුණ කී‍්‍රඩා සමාජය මෙතෙක් පැවැති ජාතික එල්ලේ සූරතා 3 ක් දිනා ඇති අතර ඔවුන් මෙයට පෙර 1981 හා 1989 වසරවල සූරතාව දිනා ගැනීමට සමත්ව ඇත.
මෙවර පරාජයට පත්වූ මූදුකටුව පාතිමා පිල 2003 හා 2004 වසරවලදී ජයග‍්‍රහණය හිමිකරගෙන තිබුණි.
දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ශ‍්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති ලෙස පත්වනතුරුම සම්මේලනයේ විටින්විට පැවැති අර්බුද හේතුවෙන් ජාතික එල්ලේ සූරතාවලිය පැවැත්වීමට නොහැකිවිය.
එමෙන්ම ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතාගේ අදහසක් අනුව ප‍්‍රථමවරට වැඩිම මුදල් ප‍්‍රමාණයක් ජයග‍්‍රාහකයන්ට පිරිනැමීමටද සංවිධායකයෝ කටයුතු කළහ.
එමෙන්ම තරගාවලියේ වීරයාට රුපියල් ලක්ෂයක් වටිනා යතුරුපැදියක් ප‍්‍රදානය කිරීමට දිවංගත අමාත්‍යතුමා කළ යෝජනාවද කි‍්‍රයාවට නැංවිය. ඒ අනුව තරගාවලියේ වීරයාට හිමි සම්මානයද සමඟ යතුරුපැදිය තොටළඟ අරුණ කී‍්‍රඩා සමාජයේ අරුණ හර්ෂනට හිමිවිය.
එල්ලේ තරග ඉතිහාසයේ දොළොස් දහසකට අධික නරඹන්නන් ඉදිරියේ පැවැති අවසන් තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් මූදුකොටුව පාතිමා පිල ලකුණු 3 කට දවා ගැනීමට තොටළඟ අරුණ කී‍්‍රඩකයෝ සමත්වූහ.
තොටළඟ අරුණ පිලේ දක්ෂ උඩපන්දු රැකීම හා පන්දු යැවීම හමුවේ මූදුකටුව පාතිමා පිලට දෙවැනි ඉනිමද ලකුණු 4 කට සීමාවීමට සිදුවිය.තොටළඟ අරුණ කී‍්‍රඩකයෝ ප‍්‍රථම ඉනිමට ලබාගත් ලකුණු නවය ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් විය.
අවසන් තරගයේ ජය සංකේත ප‍්‍රදානයට පැමිණ සිටි කටාන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායිකා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය තොටළඟ අරුණ කී‍්‍රඩා සමාජයට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනැමුවාය.
අනුසූරතාව දිනාගත් මූදුකටුව පාතිමා පිලට රුපියල් 50000 ක්ද තෙවැනි ස්ථානය දිනූ කෝපියාවත්ත ජයශ‍්‍රී කී‍්‍රඩා සමාජට රුපියල් 25000 ක්ද පිරිනැමුණි.
තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් කී‍්‍රඩකයා ලුණුවිල ප‍්‍රදීප කී‍්‍රඩා සමාජයේ අසේල උදයංගම හා වැඩිම උඩපන්දු ලැබූ තොටළඟ අරුණ කී‍්‍රඩා සමාජයේ ප‍්‍රදීප් සුරංගට රුපිල් 7500 බැගින් හිමිවිය.ජය සංකේත ප‍්‍රදානය සඳහා සතොස සභාපති දේශමාන්‍ය නලින් ප‍්‍රනාන්දු හා පළාත් සභා මන්තී‍්‍ර නිහාල් ජයවර්ධන යන මහත්වරුද සහභාගි වූහ.
කී‍්‍රඩාංගණ 20 කදී කණ්ඩායම් 161 ක සහභාගිත්වයෙන් මෙවර ජාතික එල්ලේ සූරතාවලිය පැවැත්වුණි.

Wednesday, December 17, 2008
ජය අපටයි ශ‍්‍රී ලංකාවේ සැම තැන ජය දද නංවන යුද හමුදාවට වසරේ පාපන්දු කිරුළ

වටිනාම කී‍්‍රඩකයා - යුද හමුදාවේ ඉසෙඩීන්
කසුන් ජයසූරියට ගෝල්ඩන් බූට් සම්මානය
ප‍්‍රින්ස් ගුණසේකර
සැමතැන සැමවිට ජයදද නංවන යුද හමුදාව වසරේ ප‍්‍රධානතම පාපන්දු කිරුළ දිනාගැනීමට ඊයේ සමත්විය.
පිට පිට දෙවතාවක්ම ප‍්‍රිමියර් ලීග් පාපන්දු සූරතාව දිනා සිටි රත්නම් කී‍්‍රඩා සමාජය ගෝල් 2 – 1 කින් පරදවා අපරාජිත යුද හමුදා කී‍්‍රඩකයෝ රුපියල් ලක්ෂ 5 ක මුදල් ත්‍යාගය හා ඩයලොග් ප‍්‍රිමියර් ලීග් පාපන්දු සූරතාවට හිමිකම් කීය.
කොළඹ සී.ආර්.පිටියේ ඊයේ පැවැති මේ තරගයේ ආරම්භයේ පටන්ම යුද හමුදා කී‍්‍රඩකයෝ ඉදිරියෙන් සිටියහ.
ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු පිලට කී‍්‍රඩා කරන සුපිරි පාපන්දු තරු 9 ක් සිටි ප‍්‍රබල රත්නම් කී‍්‍රඩා සමාජයට එරෙහිව යුද හමුදා කී‍්‍රඩකයෝ වේගවත් මෙන්ම සිත්ගන්නා සුළු කී‍්‍රඩා විලාශයක් දැක්වූහ.
උතුරු - නැගෙනහිර මානුෂික මෙහෙයුමෙන් ජයගෙන ඉදිරියට ඇදෙන සමස්ත හමුදා විරුවන්ටම ධෛර්යය හා ශක්තිය පිණිස අවසන් තරගය ජයගන්නා බව තරගය ආරම්භවීමට පෙර යුද හමුදා පිලේ පුහුණුකරු පැවැසීය.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම ලීග් පාපන්දු තරගාවලියක අවසන් තරගයට වසර 23කට පසුව පිවිසි යුද හමුදාව සූරතාව දිනා ගැනීමද විශේෂත්වයක් විය.
තරගයේ ප‍්‍රථම භාගය ගෝල් 1 – 0 ක් ලෙස ඉදිරියෙන් සිටීමට යුද හමුදා කී‍්‍රඩකයෝ සමත් වූහ.
තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනාගත් යුද හමුදා පිලේ මොහොමඩ් ඉසෙඩීන් 30වැනි මිනිත්තුවේදී එල්ල කළ අලංකාර පහරකින් වාර්තා වූ ගෝලයඑම පිලේ විශ්වාසය වැඩි කිරීමට ඉවහල් වුණි.
දෙවැනි භාගයේදී යුද හමුදාවේ අසංකද සිල්වා (තරගයේ 55 වැනි මිනිත්තුවේදී) එල්ල කළ පහරක් රත්නම් පිලේ ආරක්ෂක වළල්ලේ කී‍්‍රඩක ඩඩ්ලි ස්ටෙන්වෝල්ගේ ඇඟේ වැදී ගෝලයක් බවට පරිවර්තනය විය.
රත්නම් කී‍්‍රඩක චතුර මධුරංග වෙනුවට දෙවැනි භාගයේ ආදේශ කළ මොහොමඩ් රවුම් තරගයේ 85 වැනි මිනිත්තුවේදී රත්නම් පිලට ගෝලයක් එක් කෙළේය.
අනතුරුව ඩඩ්ලි ස්ටෙන්වෝල්ට නිදහස් පහරකින් ගෝල් වාර්තා කිරීමට අවස්ථාවක් උදා වුණද එහි ප‍්‍රතිඵලය රත්නම් පිලට වාසිදායක නොවීය.
පිටිය පුරා වේගවත් කී‍්‍රඩා විලාශයක් දැක්වූ යුද හමුදා කී‍්‍රඩකයන්ගේ වේගය පාලනය නොවීම හේතුවෙන් නීති විරෝධී කී‍්‍රඩා විලාශයට ලැබෙන කහ කාඩ්පත් අවවාද 3 ක් ලැබුණි.
එස්.ඩී.ඛාන් කාකි තා ජයතුංග හා අසංක ද සිල්වා එසේ කහ කාඩ්පත් අවවාද ලැබූහ.
රත්නම් පිලේ ෆ‍්‍රැන්සිස් කැම්ලස් හා ඩබ්ලිව්.ඒ. තරුෂ ද කහ කාඩ්පත් අවවාද ලැබූහ.

Subscribe to:
Posts (Atom)