Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Showing posts with label Sports. Show all posts
Showing posts with label Sports. Show all posts

Thursday, October 30, 2008

ජාතික රුවල් ඔරු තරග නොවැම්බර් 1-2 දිනවල

ප‍්‍රින්ස් ගුණසේකර
ශ‍්‍රී ලංකා රුවල් ඔරු සම්මේලනය ජනශක්ති රක්‍ෂණ සමාගමේ පූර්ණ අනුග‍්‍රහයෙන් ජාතික රුවල් ඔරු තරගාවලිය නොවැම්බර් 01 හා 02 දිනයන්හි බොල්ගොඩ වැවේදී පැවැත්වේ.
කිසිදු යාන්ති‍්‍රක - මෝටර් ආධාරයකින් තොරව පවතින සුළඟ මගින් රුවලේ ආධාරයෙන් තරග වදින තරගකරුවන්ට වටිනා තෑගි පිරිනැමීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
මෙම ජාතික රුවල් ඔරු තරගාවලියට ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය බෝට්ටු වර්ග 4 ක් එකම අවස්ථාවක තරග කිරීම කැපී පෙනේ. අවුරුදු 15 ට අඩු දරු දැරියන් උදෙසා ඔප්ටිමිස්ට් පන්තියේ බෝට්ටුවේ එක් අයකු යාත‍්‍රා කරමින් තරගයට එක්වේ.
අවුරුදු 19 න් පහළ ඉසව්වේ කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට ලේසර් 4.7 බෝට්ටුවේ තරග කළ හැකි අතර එක් අයෙකු බැගින් යාත‍්‍රා කළ යුතුය.
මෙම තරගාවලියට සහභාගිවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට එන්ටර්ප‍්‍රයිසස් හා ජී. පී. 4 පංතිවලදී යාත‍්‍රාවක දෙදෙනකුට සහභාගි විය හැක. ලේසර් රේඩියල් හා ස්ටෑන්ඩඩ් පංතියේදී එක් යාත‍්‍රාවක එක් අයෙක් තරග වැදිය යුතුය.
දිවයිනේ ප‍්‍රසිද්ධ රුවල් ඔරු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගි වන මෙම තරගාවලියට සිලෝන් මෝටර් යොට් ක්ලබ්, රෝයල් කලම්බු යොට් ක්ලබ්, ශ‍්‍රී ලංකා නාවික හමුදා රුවල් ඔරු සමාජය, රුහුණු රුවල් ඔරු සමාජය හා බෙන්තොට රුවල් ඔරු සමාජයට එක්විය හැක.

Monday, October 27, 2008

ප‍්‍රබල බ්ලූස්ටාර් පරදවා රිනවුන් ජය ගනී

ප‍්‍රින්ස් ගුණසේකර
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන ඩයලොග් ප‍්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ කොළඹ සී.ආර්. පිටියේ පැවැති තරගයේදී ප‍්‍රබල බ්ලූස්ටාර් පිල ගෝල් 4 – 2 කින් පරදවා රිනවුන් පිල ජයග‍්‍රහණය වාර්තා කළේය.
තරගයේ ප‍්‍රථම භාගයේදී රිනවුන් පිල ගෝල් 1 – 0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.
රිනවුන් පිල වෙනුවෙන් එම්.ෆසාල් ගෝල්3ක්ද, එම්.අනාම් ගෝලයක් හා බ්ලූස්ටාර් පිල වෙනුවෙන් එම්.ෆර්සීන් ගෝල් 2ක් වාර්තා කළහ.
රත්නම් පෙරමුණේ
ඩයලොග් ප‍්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ තවදුරටත් පෙරමුණ ගැනීමට කොටහේන රත්නම් කී‍්‍රඩා සමාජයට හැකි විය.

රත්නම් හා පොලිස් කී‍්‍රඩා සමාජය අතර පැවැති තරගයේ දී රත්නම් පිලට ගෝල් 2 – 1 ක ජයක් හිමිවීමත් සමග ‘ඒ’ කොටසේ ප‍්‍රසාද ලකුණු සටහනේ රත්නම් ඉදිරියෙන් සිටී.
පසුගිය වසරේදී ද ප‍්‍රිමියර් ලීග් පාපන්දු සූරතාව දිනාගත් රත්නම් පිල මෙවර තරග 5කදී ජයග‍්‍රහණ 4ක් ලබා සිටී.
මීගමුවේ දී පැවැති ජුපිටර්ස් සමග තරගය ගෝල් 2 – 1 කින් රත්නම් පරාජයට පත් විය.
කොළඹ සී. ආර්. පිටියේ දී නිමාවූ රත්නම් හා පොලිස් අතර තරගයේ දී රත්නම් පිල වෙනුවෙන් කසුන් ජයසූරිය හා ඊ. බී. චන්න ගෝල් වාර්තා කළහ.
නිව්යංග්ස් - යුද හමුදාව
වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් කී‍්‍රඩාංගණයේ දී නිමා වූ නිව් යංග්ස් හා යුද හමුදාව අතර තරගයෙන් ගෝල් 1 – 0ක් ලෙස යුද හමුදාව ජයග‍්‍රහණය වාර්තා කළේ ය.
සරසවි – කලුතර පාක්
ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ කැපීපෙනෙන කණ්ඩායමක් බවට පත්ව සිටින කෝට්ටේ සරසවි කී‍්‍රඩා සමාජය කලුතර පාක් පිල ගෝල් 1 – 0 කින් පරාජයට පත්කිරීමට සමත්විය.
කලුතර දී පැවැති මෙම තරගය සරසවි කී‍්‍රඩා සමාජය මෙවර තරගාවලියේ දී මුහුණදුන් 5වැනි තරගය වූ අතර තරග 4ක් ජයගැනීමට සමත් විය.
ඒ අනුව කෝට්ටේ සරසවි කී‍්‍රඩා සමාජය ‘බී’ කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු සටහන් ඉදිරියෙන් ම සිටී.

Friday, October 24, 2008

ජනපතිගෙන් ෂෙහාන්ට ලක්ෂ 32ක මුදල් තෑග්ගක් සහාය දිවීමේ කී‍්‍රඩකයන්ට පුහුණුකරුවන්ට මුදල් තෑගි

ප‍්‍රින්ස් ගුණසේකර
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සිටින සුපිරිතම කෙටිදුර ධාවන සූර ෂෙහාන් අඹේපිටියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 32ක මුදල් ත්‍යාගයක් ප‍්‍රදානය කළේය. ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී ෂෙහාන් අඹේපිටියට නිල පිළිගැනීමේ උත්සවයක් පවත්වා එහිදී මෙම මුදල් ත්‍යාගය පිරිනැමීය.
එමෙන්ම ෂෙහාන් අඹේපිටියගේ පුහුණුකරු වූ සුනිල් ගුණවර්ධන මහතාට රුපියල් 862500ක මුදලක්ද මීටර් 100 ය 4සහය දිවීමේ කණ්ඩායමේ රොෂාන් චාමර, රනිල් ජයවර්ධන හා කීත්ද මෙල් යන කී‍්‍රඩකයන්ට රුපියල් 225000 බැගින් ද ජනාධිපතිතුමා පිරිනැමීය.
නලීන් විතාරණ, ජේ.ඩබ්ලිව්.විමලරත්න හා සුරේෂ් චම්පික යන එම කී‍්‍රඩකයන්ගේ පුහුණුකරුවන්ට ද රුපියල් 62,500 බැගින් පිරිනැමුණි. කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙම මුදල් ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවට එක්වූවේය.
ෂෙහාන් අඹේපිටිය ඇතුළු යොවුන් කී‍්‍රඩකයන් මෙවැනි අවස්ථාවක දැක්වූ දක්ෂතාව අගය කළ ජනාධිපතිතුමා ඉදිරියේ දී අවශ්‍ය සියලු සහයෝගයන් ලබාදීමට පොරොන්දු විය.
මෙම මුදල් ත්‍යාගයෙන් තම නිවසේ බොහෝ අඩුපාඩු සකසා ගැනීමට බලාපොරොත්තුවන බව යොවුන් කෙටිදුර ධාවන සූර ෂෙහාන් අඹේපිටිය ප‍්‍රකාශ කළේය. මගේ අම්මා අසනීප වෙලා හිටියේ.
ඒ අසනීපය සුව කරගන්න විශාල මුදලක් වැයවුනා. අපේ ගෙදර අය ණය වුනා. ඒ ණයටික බේරගන්න මේ මුදලින් දැන් පුළුවන් “ෂෙහාන් අරලිය ගහ මන්දිරයේදී දිණමිනට පැවැසීය.

Thursday, October 23, 2008

ශී‍්‍ර ලංකා පිල නොවැම්බර් මාසයේ සිම්බාබ්වේ කි‍්‍රකට් තරග සංචාරයක

පි‍්‍රන්ස් ගුණසේකර
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල ලබන නොවැම්බර් මාසයේදී එක්දින කි‍්‍රකට් තරග 5ක් සඳහා සිම්බාබ්වේ හී සංචාරයක නියැලීමට නියමිතය. නොවැම්බර් 10 වැනිදා සිම්බාබ්වේ බලා පිටත්වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරග 5කට එක්වේ.
දැනට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මගින් සිම්බාබ්වේ කි‍්‍රකට් පිලට ටෙස්ට් තරග තහනමක් පනවා ඇති බැවින් ශී‍්‍ර ලංකා පිල හා සිම්බාබ්වේ අතර ටෙස්ට් තරග නොපැවැත්වේ.
ශී‍්‍ර ලංකාව හා සිම්බාබ්වේ අතර මෙතෙක් එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරග 37ක් පවත්වා ඇති අතර එයින් ශී‍්‍ර ලංකාව තරග 30ක් ජයග‍්‍රහණය කර ඇත. සිම්බාබ්වේ පිල තරග 6කින් ජයග‍්‍රහණය වාර්තා කළ අතර එක් තරගයක් විසඳුමකින් තොරව නිමා විය.
සිම්බාබ්වේ පිල ශී‍්‍ර ලංකාව වෙතින් දරුණුම පරාජයකට ලක්වූයේ 2001 වසරේ කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ දීය.
එහිදී සිම්බාබ්වේ පිල ලකුණු 38කට දැවීගිය අතර චමින්ද වාස් ලකුණු 19කට කඩුලු 8ක් බිඳහෙළීය. එම තරගය කඩුලු 9කින් ශී‍්‍ර ලංකාව ජයගත්තේය.
සිම්බාබ්වේහී සංචාරය කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල පුහුණු සිව්දින තරගයකට සහභාගී වීමට නියමිතය. සිම්බාබ්වේ ඒකාබද්ධ කි‍්‍රකට් පිල සමඟ එම පුහුණු තරග පැවැත්වීමට නියමිතය.
පුහුණු එක්දින තරගයකින් අනතුරුව නොවැම්බර් 21 වැනිදා හරාරේ කී‍්‍රඩාංගණයේදී ප‍්‍රථම එක්දින තරගය පැවැත්වේ. නොවැම්බර් 30 දා ක්වීන්ස් කී‍්‍රඩා පිටියේදී පැවැත්වෙන 5 වැනි එක්දින තරගයෙන් ශී‍්‍ර ලංකා පිලේ සංචාරය නිමාවන අතර දෙසැම්බර් 1 දා බ‍්‍රලවායෝ නුවරින් ශී‍්‍ර ලංකාව බලා පිටත්වේ.