උප්පැන්න සහතිකයක් වැනි අවශ්‍ය සහතිකයක් විනාඩි 5 ක් ඇතුළත ඕනෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකි ක‍්‍රමවේදයක් සකස් කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) ප‍්‍රකාශ කළේය.
අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
පළාත් පාලන හා පළාත් සභා සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිලිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අරඹමින් කතා කළ ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජෝශප් මයිකල් පෙරේරා මහතා (එ. ජා. ප.)
රාජ්‍ය සේවයේ වැටුප් විසමතාව ඉතා බරපතල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. රාජ්‍ය පරිපාලනයේ කඩා වැටීමක් වෙලා.
නිරූපමා රාජපක්ෂ මහත්මිය මූලාසනයට පැමිණියාය.
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ඉතාම මන්දගාමීවයි සිදු වන්නේ. අයදුම්පත් යොමු කර මාස ගණනාවක් බලා සිටීමට සිදු වෙනවා. වර්තමානයේ හැඳුනුම්පතේ ඇති වටිනාකම සලකා මේ කාර්යය කාර්යක්ෂම කරන්න.
ග‍්‍රාම සේවා නිලධාරීන්ගේ කටයුතු ඉතා මන්දගාමීවයි සිදු වන්නේ. ඡන්ද නාම ලේඛන තවම දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත යොමු කරලා නැහැ. සමහර විට කොට්ඨාස දෙකක වැඩ කිරීමට ග‍්‍රාම සේවක නිලධාරීන්ට සිදු වීම නිසා මේ තත්ත්වය ඇති වන්නට ඇති එහෙත් මේවාට විසැඳුම් අවශ්‍යයි.
සෑම රජයේ සේවකයකුම මාසිකව රුපියල් දහසක මුදලක් අර්ථ සාධක අරමුදලේ තැන්පත් කරනවා. මේ අර්ථ සාධක මුදලින් සියයට 60 ක් නිවාසයක් සකස් කර ගැනීම හදිසි අසනීපයකට ප‍්‍රතිකාර ගැනීම වැනි දේකට ලබා දෙන්න. රාජ්‍ය සේවක නිවාස ණය රු. 250,000 දක්වා අඩුකරලා. එය ප‍්‍රමාණවත් නැහැ.
රාජ්‍ය සේවක ස්ථාන මාරුවීම් අවුල් ජාලයක් බවට පත් වෙලා. ක‍්‍රමවත් ස්ථානමාරු වැඩපිළිවෙලක් සකසන්න. එකම තැන දීර්ඝ කාලයක් සිටිය නොහැකි ක‍්‍රමයක් සකස් කිරීම වඩාත් හොඳයි. නීත්‍යානුකූල නොවන ආකාරයට පත්වීම් දීමෙන් වළකින්න.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති කරු ජයසූරිය මහතා රාජ්‍ය පරිපාලනය තුළ අප විසින් කිසියම් පරිවර්තන කි‍්‍රයාවලියක් සිදු කරමින් සිටිමු. යහ පාලනය පිළිබඳ විශ්වාසයකින් යුතුව අප විසින් මේ කටයුතු ඇරඹුවෙමු.
මේ කටයුතු සාර්ථකව සිදු කිරීමට නම් මේ රට තුළ සාමය ස්ථාපිත විය යුතුයි. ඒ කාර්යයෙහිලා දිවි පරදුවට තබා කැපවී සිටින වීරෝදාර ආරක්ෂක හමුදාවන්ට අපගේ ප‍්‍රශංසනාත්මක ස්තුතිය පුද කරමු.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දර්ශනය තුළ ග‍්‍රාමීය ප‍්‍රදේශ සංවර්ධනයට ප‍්‍රමුඛත්වයක් හිමි වෙනවා. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණය තුළද අප මේ ග‍්‍රාමීය හා නාගරික ප‍්‍රදේශ අතර පැවති පරතරය අඩු කිරීමට කටයුතු ආරම්භ කළා. ග‍්‍රාමීය ජනතා ප‍්‍රශ්න විසඳීමට පසුගිය කාල සීමාව තුළ ජනතා සත්කාර සේවා වැඩසටහන් 12 ක් පැවැත්වුවා.
මේ ජනතා සත්කාර වැඩසටහනකට ගැටලු 20,000 ක් පමණ ඉදිරිපත් වූ අතර ඒවායෙන් 75 % කට පමණ ඒ අවස්ථාවේදීම විසඳුම් ලබා දුන්නා. මන්නාරම, වව්නියාව වැනි ප‍්‍රදේශවලටද මේ ජනතා සත්කාර සේවාව ගෙන යෑමට සැලසුම් කොට තිබේ.
සෑම රාජ්‍ය ආයතනයකටම මහජන සේවා ප‍්‍රඥප්තියක් හඳුන්වා දී තිබේ. යල් පැන ගිය මහජන සේවා ක‍්‍රම වෙනුවට වඩාත් ක‍්‍රමවත් හා යහපත් මහජන සේවාවක් ඇරඹීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. නිදසුනක් ලෙස ‘යන’ ‘එන’ ලිපි ක‍්‍රමය ඉවත් කොට ඒ වෙනුවට කාර්යක්ෂම ක‍්‍රමවේදයක් හඳුන්වා දුන්නා.
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ ජාතික තොරතුරු කාර්යාංශය අපට ලබා දෙන සහයෝගය අති විශිෂ්ඨයි. නිලධාරීන් නිතරම කොළඹට කැඳවීම වැළැක්වීමට දුරකතන ජාල පද්ධතියක් ස්ථාපිත කොට ඇත.
සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමට ද මේ ක‍්‍රමවේදය ඉවහල් කර ගනී. උප්පැන්න සහතිකයක් වැනි දෙයක් විනාඩි 5 ක් ඇතුළත ඕනෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කාර්යාලයකින් ලබා ගැනීමේ ක‍්‍රමයක් සකස් කෙරෙමින් තිබෙනවා. සහතික පත‍්‍රවල නිරවද්‍යතාව තාක්ෂණික ක‍්‍රමවේදයකින් සහතික කර ගැනීමේ ක‍්‍රමයක් ද සකසනවා.
2008 දී 4089 දෙනකුට නව පත්වීම් අප අමාත්‍යාංශය මගින් ලබා දුන්නා. නියමිත රජයේ බඳවා ගැනීම් පටිපාටියට අනුව මෙම බඳවා ගැනීම් සිදු කළා. රාජ්‍ය සේවක කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සහාය ඇතිව වැඩපිළිවෙළක් සකස් කළා.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නවරත්න බණ්ඩාර මහතා ජ. වි. පෙ.
ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ පුරප්පාඩු අමාත්‍යාංශයට ඕනෑ පරිදි පිරෙව්වා. පරිපාලන සේවයේ උසස්වීම් දීලා නැහැ. පරිපාලන සේවයේ 11 පන්තියට බඳවා ගැනීම සඳහා වූ ගැසට් නිවේදනය අඩු පාඩු සහිතයි.
රාජ්‍ය සේවයේ රුපියල් 1000 ක් වැඩි කළා කීවාට හරියටම වැඩි වුණේ රුපියල් 675 /- ක් පමණයි. වැඩ කරන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා වැඩිපුර ප‍්‍රතිපාදන ලබා දෙන්න.
පළාත් පාලන හා පළාත් සභා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ අමාත්‍යාංශය සුවිශේෂ කි‍්‍රයාමාර්ගයක් ඉටු කරනවා.
පළාත් සභා නවයක් හා පළාත් පාලන ආයතන 330 ක් සමග අප කටයුතු කරනවා. ඒවායේ මහජන නියෝජිතයන් ගණන හාරදහසක් වෙනවා. පළාත් සභා සියල්ල රජය සමග අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. මේ හැම ආයතනයක් සෑම අංශයකින්ම සවි බල ගැන්වීම අමාත්‍යාංශයට පැවැරී තිබෙනවා.
රට සංවර්ධනයේ වැඩි වැඩ කොටසක දායකත්වය පළාත් සභා හා පළාත් පාලන ආයතන වලට පැවැරෙනවා. මහින්ද චින්තනයෙහි ඇතුළත් ප‍්‍රධාන සේවා අමාත්‍යාංශයට ආලෝකයක්.
ග‍්‍රාම කේන්ද්‍රිය වැඩ පිළිවෙලේදී වැඩි බරක් දැරුවේ පළාත් පාලන ආයතනයි. පළාත් පාලන කොමිසන් නිර්මාණය කර තිබෙනවා පළාත් පාලන ආයතන වලට පුරවැසි ප‍්‍රඥප්තියේ කෙටුම්පත ජනතාව ලබාදී තිබෙනවා.
පළාත් පාලන ක‍්‍රමය අනුව මැතිවරණයකදී ගෑණියි මිනිහයි ඉල්ලුවත් වාර්තා වෙනවා. පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සංශෝධන සඳහා පනතක් අද ඉදිරිපත් කළා.
පළාත් පාලන ආයතන රැසක් පසුගාමීයි. ඒ හැම පළාත් පාලන ආයතනයක්ම නගා සිටුවීමට මුදල් සැපයිය නොහැකියි. පළාත් පාලනයට නව මංපෙත් සොයා යෑමට තීන්දු ගෙන තිබෙනවා.
පළාත් සභා හා පළාත් පාලන ආයතන වලට අවශ්‍ය ප‍්‍රතිපාදන සොයා ගැනීමට සිදුවී තිබෙනවා. ආයතන රාශියක සහයෝගය අප ලබා ගත්තා. ගම නැගුම හා මග නැගුම යටතේ උතුරුමැද හා ඌවේ නව යෝජනා කි‍්‍රයාත්මකයි.
වන්නි දිස්ති‍්‍රක් මන්ති‍්‍ර සුරේෂ් පේර්මචන්ද්ර මහතා (දෙ. ජා. සං.) ඉන්දු ශ‍්‍රී ලංකා ගිවිසුම මගින් ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස පළාත් සභා ඇති කළා.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අක්මීමණ දයාරතන හිමි (ජා. හෙ.උ) රාජ්‍ය පරිපාලනය නිසියාකාරව විමධ්‍යගත වීමක් දක්නට ලැබෙන්නෙ නෑ. කොළඹ නගරය බරපතළ ලෙස ජනාකීර්ණය වෙලා.
කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පියසිරි විජේනායක මහතා (ජා. නි.පෙ) 6/2006 චක‍්‍රලේඛය අනුව වැටුප් විසමතාවක් පැන නැගී තිබෙනවා. විශ‍්‍රාමිකයින්ගෙ ගැටළුව බරපතළ ගැටළුවක් විශ‍්‍රාමගෙන සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අට දෙනෙක් දවසකට මිය යනවා.
වරාය සංවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා එ.ජා.ප. නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාගේ හා ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අමාත්‍යාංශ වල වැය ශීර්ෂ අද ඉදිරිපත් කරනවා.
හාලි ඇල ප‍්‍රදේශයේ පවතින ඇටම්පිටිය වෙනම ප‍්‍රාදේශීය සභාවක් බවට පත් කරන්න. ඒ වගේම හපුතලේ කොස්ලන්දත් වෙනම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන්න.
මාතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජිනදාස කිතුලෙගොඩ (ජ.වි.පෙ) මේ රටේ පළාත් සභා ක‍්‍රමය ජනතාව ඉල්ලා සිටි එකක් නොවෙයි. මෙය රට මත බලෙන් පැටවූවක්. එදා මධ්‍යම රජයෙන් සිදුකළ කාර්ය පළාත් සභාවලට පවරා තිබෙනවා. අද මධ්‍යම රජයක් හා පළාත් සභාවක් කි‍්‍රයාත්මක වෙනවා. අද වෙනකොට සමහර පළාත් සභා මධ්‍යම රජයෙන් යැපෙන තැනට පත්වෙලා. පළාත් සභා ක‍්‍රමය රටේ ආර්ථික දේහයට බරවා කකුලක්.
ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පළාත් සභා ක‍්‍රමය හරහා විශාල වැඩකොටසක් ඉටුකරනවා.
කිතුලෙගොඩ මහතා කොහොම වුනත් පළාත් සභා ක‍්‍රමය සාර්ථක නැහැ.
නුවරඑළිය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රේණුකා හේරත් මහත්මිය (එ.ජා.ප) ප‍්‍රාදේශීය සභාවලින් පාලනය වන මාර්ගවලින් ගන්න දෙයක් නැහැ. වලපනේ ප‍්‍රාදේශීය සභාවේ මාර්ග හොඳම උදාහරණයක්. පළාත් පාලන ආයතනවල සේවය වඩාත් විනිවිද, භාවයෙන් සිදු විය යුතුයි.
ගාල්ල දිස්ති‍්‍රක් මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා (එ.ජා.ප)
දාහත්වන ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාත්මක නොවීම රාජ්‍ය පරිපාලන ක‍්‍රමයේ ගැටළු රැසක් ඇති වීමට හේතු වෙලා. ස්වදේශ කටයුතු ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා කොළඹ කැප්පෙටිපොල මාවතේ තට්ටු 13කින් යුත් රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයක් ඉදි කරනවා.
වැය ශීර්ෂය සංශෝධන සහිතව සම්මත විය.
පාර්ලිමේන්තුව අද (03) උදේ 9.30ට රැස් වේ.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Wednesday, December 3, 2008
පළාත් පාලන කෙටුම්පත් දෙකක් මැතිසබයට
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (02) ඉදිරිපත් කෙළේය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් වන අතර පළාත් පාලන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත මහ නගර සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ 1987 අංක 15 දරන ප‍්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පතකි.

යෞවන කී‍්‍රඩා තරග ප‍්‍රතිඵල
මීටර් 100 (බාලක – 20න් පහළ) - 01. ආර්. සී. පීරිස් (තත්. 11.3 – කළුතර), 02. සමන් කුමාර (තත් 11.6 - පොලොන්නරුව), 03. ජී. එම්. බී. එස්. පත්මවීර (තත්. 11.7 – ගාල්ල)
මීටර් 100 (බාලිකා - 20න් පහළ) - 01. ජී. ඒ. අයි. එස්. දයානන්ද (තත්. 13.0 – රත්නපුරය), 02. ශලිනි පි‍්‍රයංගිකා (තත්. 13.2 - මොනරාගල), 03. ඊ. ඒ. අයි. ශ්‍යාමලී (තත්. 13.5 – හම්බන්තොට)
හෙල්ල විසිකිරීම (පිරිමි) - 01. ඩී. ජී. එස්. රූපසිංහ (මී. 64.01 – ගාල්ල), 02. කේ. පී. එන්. සිල්වා (මී. 55.04 – කළුතර), 03. ආර්. ජී. ඩබ්. ලක්ෂාන් (මී. 54.50 – පුත්තලම)
මීටර් 10,000 (පිරිමි) - 01. එල්. එල්. ඒ. පී. කුමාර (වි. 35.49.3 – කුරුණෑගල), 02. ඩබ්ලිව්. ඒ. කේ. වීරසිංහ (වි. 36.00.5 – රත්නපුරය), 03. එස්. ඩබ්ලිව්. එස්. ගුණසිරි (වි. 36.05.9 – අනුරාධපුරය)
මීටර් 400 (කාන්තා) - 01. එම්. ජී. ඩී. ඩී. සිල්වා (තත්. 52.1 – නුවර), 02. පුබුදු සම්පත් සිල්වා (තත්. 52.2 – කළුතර), 03. එම්. එම්. අස්මින් (තත්. 54.0 – අම්පාර)
මීටර් 400 (පිරිමි) - 01. ජී. ඒ. එස්. ලක්මිණි (තත්. 63.3 – හම්බන්තොට), 02. කේ. එම්. ඒ. ඩී. කේ. එන්. කුලරත්න (තත්. 63.3 – රත්නපුරය), 03. නිලූකා දුෂාන්ති (තත්. 65.1 – කුරුණෑගල)
යගුලිය දැමීම (කාන්තා) - 01. සොනාලි කුමාරි වීරසේකර (මී. 11.21 - පොළොන්නරුව), 02. ඇන්ජලා අප්පුහාමි (මී. 9.72 – පුත්තලම), 03. කේ. ඒ. නිලන්ති (මී. 8.32 – හම්බන්තොට)
මීටර් 100 (කාන්තා) - 01. කේ. බී. සී. පි‍්‍රයදර්ශනි (තත්. 13.3 – කළුතර), 02. ජේ. එම්. ටී. ආර්. ජයසුන්දර (තත්. 13.9 – කුරුණෑගල), 03. ආර්. නිසංසලා (තත්. 14.0 – වවුනියාව)
මීටර් 5000 (කාන්තා) - 01. ආර්. විග්නේශ්වරි (වි. 21.24.9 – නාගරික තරුණයා), 02. ආර්. කේ. ඒ. එස්. සඳමාලි (වි. 22.13.9 – කුරුණෑගල), 03. එම්. පී. අයි. දිල්රුක්ෂි (වි. 22.26.8 – පුත්තලම)
මීටර් 100 ය 4 (බාලිකා - 20න් පහළ) 01. කුරුණෑගල (තත්. 53.4), 02. නාගරික තරුණයා (තත්. 55.7), 03. ගාල්ල (තත්. 56.3)
මීටර් 100 ය 4 (බාලක – 20න් පහළ) 01. රත්නපුරය (තත්. 45.2), 02. ගාල්ල (තත්. 45.4), 03. කුරුණෑගල (තත්. 45.7)
මීටර් 400 ය 4 (බාලිකා - 20න් පහළ) 01. නුවරඑළිය (වි. 4.32.8), 02. කුරුණෑගල (වි. 4.42.5), 03. නාගරික තරුණයා (වි. 4.53.5)
මීටර් 400 ය 4 (කාන්තා) 01. හම්බන්තොට (වි. 4.24.3), 02. කුරුණෑගල (වි. 4.32.5), 03. බදුල්ල (වි. 5.02.5)

ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණය නියම ජයක්ද?සිම්බාබ්වේ පිල පරාද කළත් අපේ පිතිකරුවන් ආපස්සට ගිහින්
දුර්වල ප‍්‍රතිවාදීන් ඉදිරියේ අත්දැකීම් වැඩි දක්ෂතම පිතිකරුවන් අසරණ වන අයුරු පෙන්වා දුන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල අද පස්වරු 4.15 පෙරලා මවුබිමට එයි.
සංචාරක ශ‍්‍රී ලංකා පිල සිම්බාබ්වේ පිලට එරෙහිව තරග 5කින් සමන්විත වූ එක්දින තරගාවලිය සම්පූර්ණයෙන් ජයගත්තද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආපස්සට ගමන් කරමින් ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුයි.
පිතිකරණයේදී ශ‍්‍රී ලංකා පිලේ නායකයා ඇතුළු ඉදිරිපෙළ මුළුමනින්ම අසාර්ථක වෙද්දී සිම්බාබ්වේ ජයග‍්‍රහණ ශ‍්‍රී ලංකා පෙරැළිකාර පන්දු යවන්නන්ගේ ප‍්‍රහාරවලින් උදුරාගත් බව නොරහසකි.
එසේ නොවන්නට එක්දින කි‍්‍රකට් වර්ගීකරණයේ එකොළොස් වැනි ස්ථානයේ සිටින සිම්බාබ්වේ පිල හමුවේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල විශාල අසීරුතාවකට ලක්වනු ඇත.
එහෙයින් සිම්බාබ්වේ සමඟ පැවැති කි‍්‍රකට් තරගාවලියේ සියලු ජයග‍්‍රහණවල සම්පූර්ණ ගෞරවය ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට පමණක් හිමිවිය යුතුව ඇත.
එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරග 288කට සහභාගිවී විශාල අත්දැකීම් ලබා ඇති ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන නිමා වූ සිම්බාබ්වේ තරග සංචාරයේදී තරග දෙකකදී බිංදුවට දැවී ඉනිම 4කදී ලබාගත්තේ ලකුණු 19 ක් පමණි.
කි‍්‍රකට් ලොව අත්දැකීම් වලින් හා පිළිගැනීම් අතින් පහළින්ම සිටින සිම්බාබ්වේ පිලේ සුපිරි වේගපන්දු යවන්නන්, සුපිරි දඟ පන්දු යවන්නන් නොමැතිව සිටියදී ශ‍්‍රී ලංකා නායකයා හා ඉදිරිපෙළ පිතිකරුවන්ගේ ප‍්‍රබල පසුබෑමට හේතු වශයෙන් දක්වන නිදහසට කරුණු කිසිවක් පිළිගැනීමට අවශ්‍ය නැත.
සිම්බාබ්වේ පන්දු යවන්නන් හමුවේ ශ‍්‍රී ලංකා පිතිකරුවන් අධිතක්සේරුවෙන් පිටියට පිවිසීමේ ප‍්‍රතිවිපාක සුළුකොට තැකිය නොහැකිය. සිම්බාබ්වේ පිලට අත්දැකීම් අවම නිසා තරග ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය උපක‍්‍රම නොතිබීමේ අවාසිය ශී‍්‍ර ලංකා පිලට ලැබුණු හොඳම වාසිය බව අවබෝධ කරගත යුතුය.
සිම්බාබ්වේ පිල අවසන් තරග තුනේදීම ශ‍්‍රී ලංකා පිලට තියුණු තරගයක් ලබාදීමෙන් ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ඉස්මතු විය.
තෙවැනි තරගයේදී ශී‍්‍ර ලංකා පිල ලබාගත් ලකුණු 171 ට පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ සිම්බාබ්වේ කී‍්‍රඩකයෝ ලකුණු 166ක් ලබා ජයග‍්‍රහණයේ ආසන්නයට පැමිණියහ.
සිවුවැනි තරගයේදී සිම්බාබ්වේ පිල ලකුණු 146කට මෙන්ඩිස්, තුෂාර හා මුබරක්ගේ පන්දු යැවීමේ දක්ෂතා මත සීමා වුවද ජයග‍්‍රහණයට අවශ්‍ය ලකුණු ප‍්‍රමාණය ඉක්මවීමට ශී‍්‍ර ලංකා කඩුලු 8ක් පූජා කිරීමට සිදුවිය.
මුල් කඩුලු 4ක්ම ලකුණු 55කට බිඳ වැටුණි. ඉදිරිපෙළ කී‍්‍රඩා කළ තරංග උඩවත්ත, සංගක්කාර, කපුගෙදර අඩු ලකුණු වලටද මහේල බිංදුවට කඩා වැටෙද්දී මුබරක් නොදැවී ලකුණු 57ක් ලබා ශී‍්‍ර ලංකා පිලේ ගැලවුම්කරුවා විය.
පස්වැනි තරගයේදී මහේල ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පැමිණ අලුත් අත්හදා බැලීමක් සිදු කළද ප‍්‍රතිඵලය බිංදුවකි. එවිට ද ප‍්‍රථම කඩුලු 4ක් ලකුණු 62කට කඩා වැටුණි.
මෙන්ඩිස්ට කඩුලු නොලැබුණත් සිම්බාබ්වේ පිලට ප‍්‍රබල පීඩනයක් ගෙනදීමද මුරලි හා කුලසේකර සිම්බාබ්වේ පිතිකරුවන් අසරණ කිරීමද ජයග‍්‍රහණයට හේතු විය.
ඒ අනුව ප‍්‍රථම එක්දින තරග දෙක හැරෙන්නට අනෙක් තරග තුනම සිම්බාබ්වේ පිලට ජයගැනීමට වැඩි ඉඩකඩක් තිබූ තරග බව කාගේත් විශ්වාසය විය.
ජයග‍්‍රහණයේ මාවත තවමත් විවර නොවූ සිම්බාබ්වේ කි‍්‍රකට්පිල දක්ෂතා අතින් ඉදිරියෙන් සිටියේය. සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ දක්ෂතා ඔප මට්ටමවී ජයග‍්‍රහණයේ මාවතට ඉතාම මෑතකදී පැමිණෙන බව ශී‍්‍ර ලංකාව සමග තරගවාරයේදී ප‍්‍රබල ඉඟියක් සැපයුවේ ය.
එය මහේල ජයවර්ධන ඊයේ දිනයේ විදෙස් මාධ්‍යවේදීන්ට ද පවසා තිබුණි. එහෙත් වුවමනාවටත් වඩා වැඩි විශ්වාසයක් සිම්බාබ්වේ පිල හමුවේ තබා ගැනීම තමාගේ අසාර්ථකත්වයට හේතුව බවට ඇති මතය මහේල ප‍්‍රතික්ෂේප කෙළේ ය.
“වසර එකොළහකදීම තරගයකට ඕනෑවට වඩා විශ්වාසයකින් මා ගිහින් නෑ.
ලකුණු ලබාගත යුතු බව මා දන්නවා වරද කොතැනද කියා ඉක්මනින් සොයා ගැනීම මට අසීරු නෑ” යනුවෙන් පිතිකරණයේදී අසාර්ථකවූ නායක මහේල පැවැසීය.
මේ මස අගදී ශී‍්‍ර ලංකා පිල බංග්ලාදේශයේදී ටෙස්ට් තරග දෙකකට හා තුන්කොන් එක්දින තරගාවලියකට එක්වීමට නියමිතය.
එහිදී නැවැත සිම්බාබ්වේ පිල ශී‍්‍ර ලංකාවට මුණ ගැසේ. මහේලගේ ප‍්‍රකාශයේ ඇත්ත නැත්ත එදිනට බලාගැනීමට හැකියාව අපට ලැබෙනු ඇත.
සටහන පි‍්‍රන්ස් ගුණසේකර

Tuesday, December 2, 2008
ජනාධිපති පාප්වහන්සේ හමු වී
හමුදාවෝ මහ වැසි මැද කොකාවිල් නගරය අල්ලති
චන්ද්‍රිකා පෙරේරා සහ භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්
මහවැසි මැද සටන් වැද සිටින රණවිරුවෝ කොකාවිල් නගරය ඇතුළු ප‍්‍රදේශයේ බලය ඊයේ (1) උදෑසන වන විට සම්පූර්ණයෙන්ම තහවුරු කර ගත්හ. 57 වැනි සේනාංකයේ වැඩබලන සේනාංකාධිපති බි‍්‍රගේඩියර් චාගී ගාල්ලගේ ගේ නායකත්වයෙන් මේ මෙහෙයුම සිදුකෙරිණි.
කොකාවිල් ප‍්‍රදේශය හමුදා අතට පත් වූයේ වසර දහ අටකට පසුව බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවැසීය.
57 වැනි සේනාංකයේ සෙබළුන් මෙම ප‍්‍රදේශය අත්පත් කර ගන්නා අවස්ථාව වන විටත් කොකාවිල් ඇතුළු ප‍්‍රදේශයට ධාරානිපාත වර්ෂාව පතිත වෙමින් තිබී ඇත.
කොකාවිල් ප‍්‍රදේශය මෙසේ කොටි ග‍්‍රහණයෙන් මුදාගැනීමෙන් පසු ඒ නවය සැපැයුම් මාර්ගයේද වැඩි ප‍්‍රමාණයක ආරක්ෂාව තහවුරු කිරීමට හමුදා භට පිරිස්වලට හැකිව තිබේ.
ත‍්‍රස්තවාදීන් සිය අවශ්‍යතා ලොව පුරා ප‍්‍රචාරය කළ ‘කොටි හඬ’ ගුවන් විදුලිය පැවැති මේ ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම මුදාගැනීමෙන් පසු ඔවුන්ට සිය ප‍්‍රචාරක කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී ඇති අතර තමන්ට අහිමිවන සම්පේ‍්‍රෂණ කුලුන ඉකුත් සතියේදී මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදීන් විසින් පුපුරුවා හරින ලදී. ඉතිරිවී සිටි ත‍්‍රස්තවාදීන්ට පහර දෙමින් යුද හමුදා භට පිරිස් එම ප‍්‍රදේශය නතු කරගෙන ඇත.
වන්නි ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ යෙදී සිටින පාබල හමුදා මේ වනවිට කිළිනොච්චි නගරය ආසන්නය දක්වා අත්පත් කරගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින බව යුද හමුදාව පැවැසීය.
කිලිනොච්චි අත්පත් කර ගනිමින් සිටින භට පිරිස්වලට තවදුරටත් බලය තහවුරු කර ගැනීමට ඉතිරිව ඇත්තේ ප‍්‍රධාන වශයෙන් පරන්තන් හා මුලතිව් ප‍්‍රදේශ පමණක් බවද කීය. මේ වනවිට ත‍්‍රස්තවාදීන්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට තිබූ ගොඩබිම් මාර්ග සියල්ලම පාහේ යුද හමුදාව අත්පත් කරගෙන අවසානය. 57, 58 හා 59 සේනාංක සමඟ 1, 2, 3 කාර්ය සාධක බළකා තවදුරටත් මෙම ප‍්‍රදේශවල බලය තහවුරු කර ගනිමින් ඉදිරියට ගමන් කරති. මේ අතර අක්කරායන්කුලම් සිට කිලෝමීටර් හතහමාරක් පමණ ඊසාන දෙසින් පිහිටි ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් සැඟවී සිටි ප‍්‍රබල ස්ථාන තුනකට ගුවන් හමුදාව ඊයේ (01) දහවල් පහර දී තිබේ.
මෙම ප‍්‍රදේශයේ ස්ථානගතව සිටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ යෙදී සිටි 57 වැනි සේනාංක භටපිරිස්වලට ප‍්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ගුවන් හමුදාව මෙසේ පහර දී ඇති බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.
ජෙට් වර්ගයේ ප‍්‍රහාරක යානා මගින් එදින දහවල් 12.30 ට පමණ එල්ල කළ ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන්ට බරපතල ලෙස හානි සිදුව ඇති බවට හෙළිව තිබේ.

ප‍්‍රභාට වැලේ වැල් නැතිවූ මෙදා මහවිරු සතිය
මීට වසර කිහිපයකට පෙර නොවැම්බර් 27 දිනය උදා වන තුරු බොහෝ දෙනෙක් බලා සිටියේ මහත් උනන්දුවකිනි. රටට වැදගත්ම දිනය නොවැම්බර් 27 වෙනිදා යැයි සිතූ ඇතමෙක් එය සමාන කෙළේ පාර්ලිමේන්තුවට නව අයවැයක් ඉදිරිපත් කරන දිනයක් ලෙසයි. නොවැම්බර් 27 මෙතරම් වැදගත් යයි බොහෝ දෙනෙකු කල්පනා කරන්නට වූයේ ඇයි ? ඒකට හේතු 3 ක් තිබිණි.
කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ගේ උපන් දිනය නොවැම්බර් 26 වෙනිදාට යෙදී තිබීම, කොටි මහවිරු සතියේ ආරම්භක දිනය නොවැම්බර් 27 වෙනිදාට යෙදී තිබීම හා කොටි ත‍්‍රස්තකි‍්‍රයා වලට බියේ එකට සිටි රාජ්‍ය නායකයන් කොන්ද කෙළින්තබාගෙන කි‍්‍රයා නොකිරීම යන කරුණු 3 හේතුවෙන් නොවැම්බර් 27 වෙනි දින ඉතා වැදගත් කොට සැළකේ.
මළවුන්ගේ මාසය
නොවැම්බර් මාසය හැඳින්වෙන්නේ මළවුන්ගේ මාසය ලෙසය. නොවැම්බර් 27 ‘මහාවීර සතිය’ කොටි සංවිධානය විසින් ඒකාලයේ ප‍්‍රකාශයට පත්කරන විට අපේ පාලකයන්ගේ කකුල් ගැහෙන්නට වුහ. කෙතරම් කාලයක් කකුල් ගැහුනද කීවොත් 2005 ජනාධිපතිවරණය දක්වාම කකුල් ගැහෙන්නට වූයේ යූ. ඇන්. පී, ශ‍්‍රී ලංකා බේදයකින් තොරවය.
නොවැම්බර් 27 වෙනි දින මහාවීර සතිය ආරම්භ කරමින් ප‍්‍රභාකරන් කරන කතාව රාජසන කතාවට අපගේ ඇතැම් රාජ්‍ය නායකයන් සමාන කෙළේ කිසිදු හිරිකිතයකින් තොරවයි. ඒ තරමටම ඔවුහු ප‍්‍රභාකරන්ට බිය වී දීන වී සිටියහ. රටේ සියලු කරුණු කාරණා සිද්ධ විය යුත්තේ මේ විරු දින කතාවට අනුව බව සමහරෙක් කල්පනා කරන්නට වූහ. ‘ප‍්‍රභාකරන් මේ පාර කතාවට මොනව කියයිද ? දන්නේ නැහැ. ඒ කතාව අහල තමයි සේරම කරන්න වෙන්නේ’ යනුවෙන් ඇතැම් රාජ්‍ය නායක නායිකාවන් කියා සිටියේ මේ රටේ ඒකීයභාවය තුට්ටුවකට මායිම් නොකරමිණි.
ඉදිරි වර්ෂයේ රජයේ සැලසුම්, සංවර්ධන කි‍්‍රයා, ආරක්ෂක කටයුතු , අන්තර්ජාතික ගිවිසුම් ඇතුළු මේ එකී නොකී සෑම කටයුත්තක්ම සංවිධාන කෙළේ ප‍්‍රභාකරන්ගේ මේ විරුදින කතාවට අනුවය. ඒ තරමටම එදා ප‍්‍රභාකරන්ගේ ගෙරවිල්ලට මේ පිරිස භය බිරාන්ත වූහ.
මහාවීර සතිය
සමහරුන් නොවැම්බර් අවසන් සතියේදී කොළඹ නගරයට පැමිණීමට එතරම් කැමැත්තක් නොදැක්වූයේද මේ විරු සතිය හේතුවෙනි. ප‍්‍රභාකරන්ට මේ සතියේදී හොඳටම කේන්ති යන නිසා පරිස්සමෙන් සිටින ලෙස උපදෙස් ලබාදීමට ද ඇතැම් නක්ෂත‍්‍රකරුවෝ අමතක නොකළහ. මහාවීර සතියේදී ප‍්‍රභාකරන් විශාල වශයෙන් ප‍්‍රහාර එල්ල කර සිංහල ජනතාව මරා දමනවා යන්න බොහෝ දෙනෙක් එල්බ ගෙන තිබූ මතයකි.
ඊට එරෙහිව අපේ රටේ ආරක්ෂක අංශ මෙහෙයවීමට මීට පෙර සිටි එකදු පාලකයෙකුවත් නිවැරැදි ආකාරයෙන් කි‍්‍රයා නොකළ නිසා ‘මහවිරු සතිය’ මහ ඉහළින් සැමරීමට ප‍්‍රභාකරන් හැම අවස්ථාවකදීම කි‍්‍රයා කෙළේය. මේ සතියේදී කොටි සංවිධානයේ චිත්ත ධෙර්ය ඉහළ නැංවීම ප‍්‍රභාකරන්ගේ ප‍්‍රධාන අරමුණ විය. කොටි සංවිධානයට ආධාර ලබා දෙන ලෝකයේ විවිද රටවල සිටින පිරිස් වෙත ඉතා ආකර්ෂණීය පණිවිඩයක් ලබාදීමද මහා විරු දින කතාවේ එක් අරමුණකි.
එසේම කොටි සංවිධානය විසින් බලහත්කාරයෙන් කප්පම් හා මුදල් එකතු කර ගැනීමේ කි‍්‍රයාව වඩාත් සාධාරණීකරණයකට ලක් කිරීමද මහවිරු සතියේ තවත් අරමුණකි. තමන්ගේ වාසියට ගත හැකි උපරිම වාසි ලබාගැනීම සඳහා ප‍්‍රභාකරන් විසින් මහවිරු සතිය සැලසුම් කළ අතර ඊට කොටි හඬ ගුවන් විදුලිය හා කොටි හිතවාදී මාධ්‍ය මගින් විශාල ප‍්‍රචාරයක් ලබා ගැනීමටද කොටි සංවිධානය කි‍්‍රයා කෙළේය.
එහෙත් මෙවර මහා විරු දින කතාව හා මහා විරු දින සතිය පුස්සක් බවට පත් කරමින් ප‍්‍රභාකරන්ට වැලේ වැල් නැති තත්ත්වයක් ඇති කෙළේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව අපේ ආරක්ෂක අංශ විසින් බව කවුරුත් දන්නා කරුණකි. මහවිරු දිනය මහා පුස්සක් බවට පත් කළ කතාව ඓතිහාසිකය. ඒ වගේම රටට ආදරය කරන සියලු දෙනාම දැනගත යුතුයි. ඊට පෙර මහවිරු දින සතියේ ඉතිහාස කතාවට මදක් අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.
ඉතිහාසය
ප‍්‍රභාකරන් මහාවීර සතිය පවත්වන්න ආරම්භ කෙළේ මීට දහනව වසරකට පෙරය. එනම් 1989 නොවැම්බර් 27 වෙනි දින සිටය. 1982 වසරේදී මිය ගිය ප‍්‍රථම ගරිල්ලා සාමාජිකයාගේ මරණය සිහිපත් කිරීම මුල් කොට ගෙන ඇරඹුණු ‘මහාවීර සතිය’ හරහා ප‍්‍රභාකරන්ට අවශ්‍ය වනුයේ කොටි ගරිල්ලන්ගේ මානසිකත්වය වර්ධනය කිරීමට හා කොටි සංවිධානයට හැකි තරම් ආධාර උපකාර ලබා ගැනීමත්ය.
ඊළාම් අභිප‍්‍රාය වෙනුවෙන් සටන් කොට මිය ගිය සියලු දෙනා සිහිපත් කිරීම සඳහා එක්වන ලෙස ලොව පුරා සිටින දෙමළ ජාතිකයන් ගෙන්ද ප‍්‍රභාකරන් විවෘත ඉල්ලීමක් කෙළේය. ශංකර් මිය ගියේ 1982 නොවැම්බර් 27 වෙනිදාය. එම දිනය සමරමින් 1989 සිට මහාවිරු දින කතාව ප‍්‍රභාකරන් පවත්වනු ලබන්නේ තම සටන්කරුවන් හා ආධාරකරුවන් ඇමතීමටය.
1990 වේදී ප‍්‍රභාකරන් කළ මහා විරු දින කතාවට කොටි හඬ ගුවන් විදුලියෙන් හා ඇතැම් මාධ්‍ය මගින් විශාල ප‍්‍රචාරයක් ලබාදී තිබුණි. මෙහිදී ඔහු ප‍්‍රතිඥා දුන්නේ අරගල කිසිදාක අත්නොහරින බවටය. සෑම එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙකුම ප‍්‍රභාකරන්ගේ කතාවට සවන් දීගෙන සිටියේ මහත් ඕනෑකමකිනි. ප‍්‍රභාකරන් දිගින් දිගටම කියා සිටියේ තම මිය ගිය සගයන්ට කළ හැකි ඉහළම හා එකම උපහාරය වන්නේ ඊළාම් රාජ්‍යය බිහි කිරීම දක්වා සටන් කිරීම යන්නයි.
අනතුරු ඇඟවීම
ප‍්‍රභාකරන්ගේ සෑම විරු දින කතාවකින්ම ප‍්‍රකාශ කර ඇත්තේ කෙසේ හෝ ඊළාම් රාජ්‍යය බිහි කරන බවකි. ඉදිරි වර්ෂයේදී තම සංවිධානයේ කි‍්‍රයාකාරකම් හේතුවෙන් දකුණේ ජනතාවට සිදු විය හැකි හිරිහැර ගැන යම් අනතුරු ඇඟවීමක් කිරීමටද ප‍්‍රභාකරන් අමතක නොකරන්නේ ය. එසේ කියන ලද සමහර කරුණු ප‍්‍රායෝගිකව සිදු කළ අවස්ථාද තිබුණි.
සමහර අවස්ථාවලදී පැවැති රජයන් සමග සිදු කෙරුණු සාම සාකච්ඡා වලින් ඉවත් වීමට යන බවද ප‍්‍රභාකරන් දැනුම් දුන්නේ මහාවීර දින කතාවෙනි. ඔහුගේ වාසියට හැම දෙයක්ම සිදු වෙන විට ප‍්‍රභාකරන් සටන් විරාම, සාම සාකච්ඡා, ගැන වචනයක්වත් කතා නොකරන පුද්ගලයෙකු බව මහා විරු දින කතාවල ඉතිහාසය දෙස බලන විට පෙනී යයි.
එවැනි අවස්ථාවලදී ඔහු කතා කරනුයේ කොටි සංවිධානයේ පුරාජේරුව ගැන පමණකි. අපේ රටේ දුර්වල රාජ්‍ය නායකයන් සිටි කාලවලදී ප‍්‍රභාකරන් විරුදින කතාවෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගත්තේය. කෙතරම් ප‍්‍රයෝජන ලබා ගත්තේද කියනවා නම් සමහර කතා අසා එවකට සිටි රාජ්‍ය නායකයන් වෙවුලනට විය. මේ අවස්ථාවේදී ප‍්‍රභාකරන් කියා සිටියේ තම ඉල්ලීම් වලට නිසි ප‍්‍රතිචාර නොලැබෙනවා නම් දකුණට අත් විඳීමට සිදු වන ප‍්‍රතිවිපාක වඩාත් බරපතල විය හැකි බවයි.
සමහර අවස්ථාවලදී පවතින ආණ්ඩුවලට විවිධ කොන්දේසි ප‍්‍රභාකරන් ඉදිරිපත් කෙළේද මේ විරුදින කතා හරහාය. ඇතැම් රාජ්‍ය නායකයන්ගෙන් යම් යම් වරදාන, වරප‍්‍රසාද ලබා ගැනීමට ප‍්‍රභාකරන් කි‍්‍රයා කෙළේද මේ විරුදින කතා ඔස්සේය. විරුදින කතා වලින් අන්තර්ජාතික වශයෙන් උපරිම අවධානයක් දිනා ගැනීමටද ප‍්‍රභාකරන් කි‍්‍රයා කෙළේය. ඒ සඳහා වෙනම සංවිධානාත්මක ජාලයක් පිහිටුවීමටද ප‍්‍රභාකරන් කි‍්‍රයා කෙළේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල උපකාරයෙනි.
ප‍්‍රභාකරන්ගේ විරුදින කතා සියල්ල හොඳින් අධීක්ෂණයකට ලක් කෙළේ නම් ඇතැම් රාජ්‍ය නායකයන්ට ප‍්‍රභාකරන්ට රැවටෙන්නේ නැතිව මීට වඩා උපායශීලීව කටයුතු කිරීමට ඉඩ තිබුණි. විශේෂයෙන්ම හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට සටන් විරාමයකට ගොස් ප‍්‍රභාකරන්ගේ අල්ලේ නැටවීමට පෙර ප‍්‍රභාකරන්ගේ විරුදින කතා ගැන අවධානය යොමු කිරීමට ඉඩ තිබුණි.
මං ඊළාම් රාජ්‍ය අත්හැරීමට කි‍්‍රයා කළොත් අපේ සංවිධානයේ ඕනෑම සාමාජිකයෙකුට පුළුවන් වෙඩි තියලා මාව ඝාතනය කරන්න. මං කවදාවත් අපේ සටන පාවලා දෙන්නේ නැහැ. ඒ ගැන සැකයක් ඇති කරගන්න ඉඩ දෙන්න එපා. අපේ ඉලක්කයට යන්න නම් උපාය උපක‍්‍රම අවශ්‍ය වෙනවා. ඒ උපාය උපක‍්‍රම කි‍්‍රයාත්මක කරන විට යම් නම්‍යශීලීභාවයක් දක්වන්න සිදු වුනොත් ඒ සියල්ල කරනුයේ අපගේ යහපත වෙනුවෙන්.
අපගේ ඉලක්ක සපුරා ගැනීමට කරන්න හැකි හැම දෙයක්ම කරනවා. ඒ නිසා මං කියන්නේ ඊළාම් රාජ්‍ය බිහිවෙන දිනය වැඩි ඈතක නොවෙයි. හැමදාම සිංහල නායකයන් කෙළේ අපිව රැවැට්ටීම. මින් පසුව අපි රැවටෙන්නේ නැහැ. අපි කරන්නේ ඔවුන් රැවටීමයි යනුවෙන් ප‍්‍රභාකරන් විරුදින කතා කිහිපයකම කතා කොට තිබුණි.
මේ කතා ගැන හොඳින් අවධානය යොමු කරන ඕනෑම ඔලමොට්ටලයෙකුට වුවත් තේරෙන එක් කාරණයක් ඇත. එනම් ප‍්‍රභාකරන්ගේ අරමුණ කුමක්දැයි යන්නයි. ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ ඊළාම් රාජ්‍යයකට යෑමටය. එම නිසා ප‍්‍රභාකරන් සමඟ කුමන වර්ගයේ සාකච්ඡාවක් පැවැත්වුවාට වැඩක් නැත.
රාජ්‍ය නායක උපාය
සියලු සටන් විරාම, සියලු සාකච්ඡා ප‍්‍රභාකරන් සිදු කරනු ලබන්නේ වෙනම රාජ්‍යයක් දක්වා ගමන් කිරීමටය. තම ඊළාම් රාජ්‍ය අත්හැරියොත් ඕනෑම කෙනෙකුට වෙඩි තබා තමා ඝාතනය කළ හැකි බව ප‍්‍රභාකරන් ප‍්‍රකාශ කරනුයේ ආවාට ගියාට නොවේ. මේ දක්වා ප‍්‍රභාකරන්ගේ උපදෙස් අනුව සටන් කර මිය ගිය කොටි සාමාජිකයන්ගේ සංඛ්‍යාව අති විශාලය.
කළු කොටි කණ්ඩායම්, මරාගෙන මැරෙන කණ්ඩායම්, මුහුදු කොටි කණ්ඩායම් ප‍්‍රභාකරන් ඇති කරන්නේ ඊළාම් රාජ්‍ය දක්වා ගමන් කිරීම කෙටි මාර්ග ඔස්සේ වඩාත් පහසු කර ගැනීමටය. ප‍්‍රභාකරන් දිගින් දිගටම තම ඉලක්ක සපුරා ගැනීම සඳහා මරාගෙන මැරෙන කොටි සාමාජිකයින් එවනු ලබන්නේ
ඔවුන් හොඳටම මුරුංගා අත්තේ තබාගෙන. මෙම කරුණු වලින් ගම්‍ය වන්නේ කොටි සාමාජිකයන් රැවටීමට ප‍්‍රභාකරන් යෙදු උපාය උපක‍්‍රමය. මරාගෙන මැරෙන කොටි සාමාජිකයන් සමග රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයකට සහභාගි වෙන ප‍්‍රභාකරන් ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටී. මෙසේ හැසිරෙන ප‍්‍රභාකරන්ගෙන් ඊළාම් රාජ්‍යයකට මෙපිට විසඳුමක් බලාපොරොත්තු විය හැකිද ? නොහැක.
මේ යථාර්ථය තේරුම් ගැනීමට වඩාත්ම නොහැකි වූ නායකයා වන්නේ රනිල් වික‍්‍රමසිංහය. ඔහුට පාඩම් ඉගෙන ගැනීමට ඕනෑ තරම් හේතු සාධක තිබුණද රනිල් වික‍්‍රමසිංහ ඒවා කිසිම ගණනකට නොගෙන තම හිතුමනාපයට සටන් විරාම ගිවිසුමක් ඇතිකර ගත්තේය.
සටන් විරාමය
ප‍්‍රභාකරන් අනිවාර්යෙන්ම ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් කි‍්‍රයා කරනවා නම් ඔහු සමඟ අතරමැද ගිවිසුම් වලට යාමෙන් ඵලක් නැත. ඔහු සමග සටන් විරාම ඇති කර ගැනීමෙන්ද ඵලක් නැත. ඔහු සමඟ සාම සාකච්ඡා පවත්වා ද ඵලක් නැත. මේ තත්ත්වයන් නොදැන 2002 පෙබරවාරි 22 වෙනි දින අස්සන් තැබුණු සටන් විරාම ගිවිසුමෙන් මේ රටට සිදු වූ පාඩුව අති මහත්ය.
සටන් විරාමය ඇති කර ගැනීමෙන් පසුව 2002 හා 2003 වසරවලදී ප‍්‍රභාකරන් විරුදින කතාව කෙළේ ඔදතෙද වඩවාගෙනය. විරුදින කතාව හා සැමරුම මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වූයේ 2002, 2003 යන වසරවලදීය. කිලිනොච්චිය පුරා සැණකෙළි සිරියක් ගත් අතර විශාල පිරිසක් ඒ සඳහා එක්කර ගැනීමටද කොටි සංවිධානය උපක‍්‍රමශීලීව කි‍්‍රයා කර කෙළේය. කිලිනොච්චිය අවට ප‍්‍රදේශවල පාසල් ළමයින් විශාල වශයෙන් මේ සඳහා සහභාගිකරගෙන තිබුණේ ද බලහත්කාරයෙනි.
පෙළපාළියෙන් පැමිණි පාසල් ළමයින්ට යුද මානසිකත්වයක් ඇති කිරීමට කොටි සංවිධානය කි‍්‍රයා කර තිබූ අතර පාසල් ළළමයින්ට ප‍්‍රභාකරන්ගේ විශාල ප‍්‍රමාණයේ ඡායාරූපද බෙදා දී තිබුණි. යුද මානසිකත්වය ඉහළ නැංවීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී ආකාරයෙන් පැවැත්වෙන මෙවැනි සැමරුම් උත්සව වලට පාසල් ළමුන් සහභාගි කර ගැනීම යුක්ති සහගත නොවේ. ඊට අමතරව මුදා නොගත් ප‍්‍රදේශවල රජයේ හා පෞද්ගලික ආයතන වල කාර්යය මණ්ඩලවලටද මහවිරු දින සැමරුමට සහභාගි වන ලෙස නියෝග කොට තිබුණි.
ඔවුන් මහවිරු දින සැමරුමට සහභාගි වූයේ මරණයට ඇති බිය නිසා මිසක කිසිදු කැමැත්තකින් නොවේ. මීට පෙර පැවති මහවිරු දින සැමරුම් විවේචනය කළ පිරිස් හා ඊට සහභාගි නොවූ පිරිස් වලට කොටි සංවිධානය ප‍්‍රතිචාර දැක්වූයේ තුවක්කු බටයෙනි.
මාධ්‍ය ප‍්‍රචාර
2002, 2003 වසරවලදී මහවිරුදින සැමරුම් උත්සවය සඳහා විශාල ප‍්‍රසිද්ධියක් ලබාදීමටද එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කි‍්‍රයා කෙළේ කැමැත්තෙන්ද නැත්නම් නොකර බැරි නිසාද කියා දන්නේ ඔවුන්ම පමණි. රාජ්‍ය මාධ්‍ය ඇතුළු පෞද්ගලික විද්්‍යුත් මාධ්‍ය රැසකින්ද ඒ වගේම පුවත්පත් රැසකින්ද මහා විරු දින කතාවට ඉතා ඉහළ ප‍්‍රසිද්ධියක් ලබා දී තිබුණි. ප‍්‍රභාකරන් දෙමළ ජනතාවගේ නියම වීරයෙකු කිරීමට මෙම මාධ්‍ය වාර්තා සකස් වී තිබුණි.
හැකිනම් ඇතැම් මාධ්‍ය මහාවිරුදින කතාව සජීවී ලෙස වාර්තා කිරීමටද සූදානම් වී සිටි බව රහසක් නොවේ. ඒ වගේම ප‍්‍රභාකරන්ගේ විරුදින කතාවට අන්තර්ජාතික ඉහළ ප‍්‍රසිද්ධියක් ලැබුණේද මේ වසර දෙක තුනේදීය. වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වදින ප‍්‍රභාකරන්ගේ මේ කතා වලට මේ තරම් ප‍්‍රසිද්ධියක් ලබා දුන්නේ කාගේ වුවමනාවකටද යන්න අදටත් ගැටලුවකි.
සටන් විරාම ගිවිසුමක් ඇති කරගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමඟ කොටි සංවිධානය සාකච්ඡා කෙළේ එක්සත් ශ‍්‍රී ලංකාවක් ෆෙඩරල් විසඳුමක් යටතේ මේ ගැටලුව විසඳ්‍ර ගැනීමටය. එවැනි අරමුණක් සඳහා සාම සාකච්ඡා එක් පැත්තකින් පැවැත්වෙන අතරතුර තවත් පැත්තකින් මහවිරු සැමරුම් පැවැත්විණි.
එහෙත් මේ සිද්ධිවලදී කොටි සංවිධානයේ දෙබිඩි පිළිවෙත ගැන ඕනෑ තරම් ප‍්‍රශ්න වූවද එවකට පැවති ආණ්ඩුවේ නායකයන් සිටියේ ඇස් කන් පියාගෙනය. කොටි සංවිධානයේ දෙබිඩි පිළිවෙත ගැන ප‍්‍රශ්න කළ යුතු ප‍්‍රධානතම සිදුවීම් 2 ක් මහවිරු දින
සීමා සිතියම්
සැමරුම් උත්සවලදී සිදු විය. ඊළාම් රාජ්‍යයේ සීමාවන් දැක්වෙන විශාල ප‍්‍රමාණයේ සිතියම් ගණනාවක්ම මෙහිදී ප‍්‍රදර්ශනය කෙරිණි. පෙළපාළි එන අතරතුරේදී පාසල් ළමුන් කෑ ගසමින් කියා සිටියේ ඊළාම් රාජ්‍යයේ නායකයාට ජය වේවා යි යනුවෙනි. එක්සත් ශ‍්‍රී ලංකාවක කි‍්‍රයාකරනවා නම් මෙසේ වෙනම රාජ්‍යයක් ගැන විරුදින සැමරුම් උත්සවයේදී ප‍්‍රභාකරන් කතා කෙළේ ඇයිද ? කියා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කිසිවෙකුත් ප‍්‍රභාකරන්ගෙන් හෝ කොටි සංවිධානයෙන් ඇසුවේ නැත.
මෙමගින් ප‍්‍රභාකරන්ගේ දෙබිඩි පිළිවෙත තේරුම් ගැනීමට හැකි වූයේ නම් කෙතරම් වටින්නේද ? සාම මන්තරය කෙතරම් ජප කළත් ප‍්‍රභාකරන්ගේ අරමුණු වෙනස් වී නොමැති බව තේරුම් ගැනීමට නොහැකි වීම නිසා කොටි සංවිධානය ශක්තිමත් වූවා වාගේම එක්සත් ජාතික පක්ෂයද දේශපාලන වශයෙන් අන්ත පරාජයට පත් විය.
ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සියලු ත‍්‍රස්ත කි‍්‍රයා සිදුකැරමින් වසර ගණනාවක් අපේ ඇතැම් රාජ්‍ය නායකයන් අල්ලේ නටවමින් ගෙරෙව්ව ප‍්‍රභාකරන් කෙඳිරි ගෑමට පටන් ගත්තේ 2005 වසරේ සිටය. එම කෙඳිරිගෑම ප‍්‍රභාකරන් පටන් ගන්නේ ඔහුගේ දෙබිඩි පිළිවෙත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වඩා හොඳින් තේරුම් ගෙන තිබූ නිසාය.
ප‍්‍රභාකරන් විරුදින සැමරුම් වලදී කෙතරම් ගෙරෙව්වද ඉන් එකකටවත් ජනාධිපතිතුමා බිය වූයේ නැත. 2005 ජනාධිපතිවරණයෙන් පසුව සාම සාකච්ඡාවලට පිවිසෙන ලෙසට ජනාධිපතිතුමා ආරාධනා කරද්දී ප‍්‍රභාකරන් පිළිතුරු ලබා දුන්නේ කැබිතිගොල්ලෑව, දිගම්පතන ප‍්‍රදේශවල බෝම්බ පුපුරුවා ජනතාව ඝාතනය කරමිනි.
ක‍්‍රීඩාංගණය
කොටි සංවිධානය මේ වන විට අන්ත පරාජයක් අත් කර ගනිමින් සිටී. මෙවර විරුදින සැමරුමද පුස්සක් වූ අතර පසුගිය වසරවල විරුදින සැමරුම් උත්සව පැවැත්වූ කී‍්‍රඩාංගණයද මේ වන විට ආරක්ෂක අංශ යටතේය. එම නිසා ප‍්‍රභාකරන්ට විරුදින කතාව පැවැත්වීමට වෙනත් තැනක් සොයා ගන්නට සිදුවූ අතර විරුදින කතාවක් පැවැත්වූවද නැත්නම් පරණ කතාවක් සකස් කොට ප‍්‍රචාරය කළාද කියාත් සැකයක් පවතී.
එළිමහනට වී කොටි ගෙරවිලි කරමින් විරුදින කතා කළ ප‍්‍රභාකරන් මෙවර විරුදින කතාව පැවැත්වූයේ බිං ගෙයක සැඟවී කෙඳිරිගාමින්ය. ප‍්‍රභාකරන් දැන් කෙඳිරිගාමින් ඉන්නේ ඔහුට ගොක් කොළ පෙනෙන නිසාය. විදෙස් රටවල සිටින දෙමළ ජනතාවට ප‍්‍රභාකරන් අඬ අඬා ප‍්‍රකාශ කියන්නේ යහමින් මුදල් හදල් එවන ලෙසටය.
අරන්තලාවේදී මහා සංඝරත්නය එක පෙළට තියා ඝාතනය කළ ප‍්‍රභාකරන්ට බුද්ධාගම ප‍්‍රථම වරට මතක් වී තිබෙන්නේ මෙවර විරුදින කතාවේදීය. ප‍්‍රභාකරන් මෙතරම් වැටුණු විරුදින සැමරුමක් ඉතිහාසයේ තිබීනැත. ඔහු වඩාත් බලු වූයේ වන්නියේ දෙමළ ජනතාව ද කිසිම සැමරුම් උත්සවයක් සඳහා සහභාගි නොවීමෙන්ය. අඩුම ගණනේ කඩ සාප්පු වසා දමා කළු කොඩි එසවීමට ද ඔවුහු කි‍්‍රයා නොකළහ.
මෙවර රාජ්‍ය මාධ්‍ය ඇතුළු මාධ්‍ය මගින්ද කොටි නායකයාගේ ප‍්‍රකාශයට ප‍්‍රසිද්ධියක් ලබා නොදුන්නේය. කොහේවත් යන ත‍්‍රස්තවාදී නායකයෙකුගේ කතාවලට ප‍්‍රසිද්ධියක් ලබාදීමට කිසිදු වුවමනාවක් නැත. මේ කරුණු හේතුවෙන් ප‍්‍රභාකරන් ලෝකයෙන් ඈත් වී දෙමළ ජනතාවගෙන් ඈත් වී බිං ගෙයක කොටු වී සිටී. සමහර විට ප‍්‍රභාකරන් ගේ අවසන් විරු දින කතාව පසුගිය 27 වෙනිදා සැඟවී සිට කළ කතාව වීමට බොහෝ දුරකට ඉඩ ඇත.
- ජනතා මිත‍්‍ර

Subscribe to:
Posts (Atom)