කුමුදු ජයසේකර ඉත්තෑපාන සමූහ
කෝටි 20කට වැඩි මුදල් ප‍්‍රතිපාදන යොදවා අගලවත්ත ඡන්ද කොට්ඨාසයේ සංවර්ධන කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවත් ලබන වර්ෂයේ ගංවතුර පාලනය අවම කිරීම සහ විපතට පත්වන ජනතාවට සහන ලබාදීමට පෙර සූදානම් කි‍්‍රයාවලියක් ගමේ පන්සලෙන් ආරම්භ කරන බව ආපදා කළමණාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ වළල්ලාවිට ප‍්‍රාදේශීය සභාවට ලක්ෂ අසූවක් වටිනා බැකෝ යන්ත‍්‍රයක් ලබාදීම සහ තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම සඳහා පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
පසුගියදා අරලියගහ මන්දිරයේදී තමා ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති තුමා කියා හිටියා අධිවේගී මාර්ග හැදුවට කමක් නෑ ගොවියා ගේ කුඹුරුවලට හානිවෙන්න ඉඩ දෙන්න එපා කියලා අපි ඒ නිසා ගංවතුර අඩුකරන්න හානි අවම කරන්න කටයුතු කරනවා.
ගංවතුර තර්ජන වලට මුල ජනතාවගේ නොදැනුවත්කම කදුමුදුන් හරස් කිරීම වැනිදේ ජනතාව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ සඳහා අධිවේගී මාර්ගය එක්ක එකතුවෙළා. මාර්ග සංවර්ධන අමාත්‍යාංශය සමඟ එකතුවෙළා දේශපාලන පරිපාලන ව්‍යුහ ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයන ප‍්‍රදේශ සිතියම් ගතකරලා තිබෙනවා.
ලබන වසරේ මෙම විපත් සිදුවෙන ප‍්‍රදේශ හදුනාගෙන ඒවා අවම කිරීමට අදහස් කරනවා. සැලකිය යුතු මුදලක් ඒ සඳහා වෙන් කොට මෙම කටයුතුª ඉක්මනින් ආරම්භ කරන බවත් පැවසීය.
සෑම ප‍්‍රාදේශීය සභාවකට අපි ජෙනරේටර් ලබාදී තිබෙන වා. ජල විපත් සිදුවන ප‍්‍රදේශයට ඒ සඳහා අවශ්‍ය වියළි සලාක පිසූ ආහාර පිසීමට අවශ්‍ය භාජන බඩු බාහිරාදිය ලබාදෙනවා යැයි පැවසීය.
වළල්ලාවිට ප‍්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරල අගලවත්ත ප‍්‍රා / සභා උපසභාපති ඩී.ඩී.දර්ශන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් මතුගම සහකාර පොලිස් අධිකාරී , මිගහතැන්න පොලිස් ස්ථානාධිපති හිමාල රාජපක්ෂ ව/ ප‍්‍රා ලේකම් ඉන්ද්‍රාකාන්ති මහත්මිය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Friday, November 21, 2008
ශී‍්‍ර ලංකාව-ඉන්දියාව අතර විදුලි හුවමාරු පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කැර තිබෙනවා- ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර විදුලිය හුවමාරු සම්ප්‍රේෂණ පද්ධතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කැර තිබෙන බව විදුලි බල හා බලශක්ති ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) ප‍්‍රකාශ කෙළේ ය.
ඇමැතිවරයා එසේ පැවැසුවේ අය – වැය කාරක සභා අවස්ථාවේ සාකච්ඡාවට එක්වෙමිණි.
වේත‍්‍රධාරී අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කථානායක වි. ජ. මු. ලොකු බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (20) පෙරවරු 9.30 ට රැස්විය.
නිවේදන ඉදිරිපත් කිරීමෙන් හා වාර්තා පිළිගැන්වීමෙන් අනතුරුව මන්තී‍්‍රවරුන් පිළිගන්වන ලද මහජන පෙත්සම්, පෙත්සම් කාරක සභාවට යොමු කැරිණි. වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසා තිබූ ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබා දුන්හ.
පශු සම්පත් නියෝජ්‍ය ඇමැති බායිස් මහතා වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් ඉදිරිපත් කෙළේ ය.
විසර්ජන පනත් කෙටුම්පත (අය වැය) කාරක සභා අවස්ථාවේ හතර වැනි දිනයේ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව කාරක සභාව වශයෙන් රැස්විය.
විදුලි බල හා බලශක්ති, සහ ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් සංවර්ධන යන අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ විවාදයට ගැනිණි.
මාතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සාගල රත්නායක මහතා (එ. ජා. ප.) වැය ශීර්ෂවලින් රුපියල් දහය බැගින් කපා දමන්නැයි යෝජනා කරමින් මෙසේ පැවැසීය.
මෙය සාක්කු වලින් පොකට් ගහන අය වැයක් බව මා අය වැය විවාදයේ දී කීවා. පෙට‍්‍රල් හා ඩීසල් මිල රජයේ බදු නිසාම නැවත වැඩිවෙන බව භාණ්ඩාගාර උපදේශකයෙක් ම කියා තිබුණා. විදුලි බල ඉල්ලුම වැඩිවීම හැම විටම ආර්ථිකයට සමානුපාතිකව සිදුවී තිබෙනවා.
නොරොච්චෝලේ බලාගාරය සුදු අලියෙක් වෙනවා. ගල් අඟුරු ගොඩට ගෙන ඒමට ක‍්‍රමයක් තවම හදලා නැහැ. ගල් අඟුරු නැව් ගොඩ බිම ආසන්නයට ගේන්න බැරි නිසා ක‍්‍රම කිහිපයක් ගැන කියා තිබුණා. මේ බලාගාරය සඳහා වන චීන තාක්‍ෂණය පැරැණියි.
බටහිර ලෝකයේ මට්ටමේ තාක්‍ෂණය සඳහා වියදමක් දරනවා. කෙරවලපිටිය වේලාවට කලින් නිම කර විදුලිය සපයනවා. ඉහළ කොත්මලේ යෝජනාවට මා එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. එහි බලවත් පරිසර ප‍්‍රශ්න ඇතිවෙනවා.
ඛනිජ තෙල් සංස්ථාව අප බාරගන්නා විට කෝටි දෙදහස් ගණනක ණය තිබුණා. අප යද්දී කෝටි එක් දහසක පමණ අතිරික්තයක් ඉතිරි කැර තිබුණා. අද කෝටි 21800 ක් ණයයි. 2002 දී ඉදිරිපත් කළ මිල සූත‍්‍රය 2006 දක්වා පැවැතුනා. එහෙත් 2006 දී අවශ්‍ය පරිදි මිල වැඩි කිරීම සඳහා මිල සූත‍්‍රය වෙනස් කළා.
ලංකා ඉන්දියා ඔයිල් සමාගම අධික ලාභ ලබන බව කියා සෙස් බදු හා ආනයන බදු පැනෙව්වා.
අද වන විට ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත වැටිලා. මෙතෙක් යොදා ගත් මිල සූත‍්‍ර අනුව හා නව බදු දෙක අනුව පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 107/= ක්විය යුතුයි. ආනයනික පෙට‍්‍රල්වලින් සියයට 70 ක් හා ඩීසල් වලින් සියයට 40 ක් මෙහි පිරිපහදු කරනවා. එ.ජා. ප ආණ්ඩුව අද හිටියා නම් එදා පැවැති මිල සූත‍්‍රය අනුව පෙට‍්‍රල් මිල රුපියල් 72/= යි. මැයි 28 වැනිදා දක්වා සූත‍්‍රය අනුව ඩීසල් ලීටරයක මිල බදු සමග රුපියල් 55/= යි.
බහු ජාතික සමාගමකට අඩු මිලට තෙල් දෙනවා නම් ධීවර ජනතාවට ඒ මිලට දෙන්න බැරි ඇයි?
භූමිතෙල් ගුවන් යානා ඉන්ධන වශයෙන් විකිණීම නිසා අධික ලාභයක් ලබනවා. ඒ අධික ලාභය යොදා ගෙන ජනතාවට සහනයක් ලබා දෙන්න.
විදුලිබල හා බලශක්ති ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා - සාගල මන්තී‍්‍රතුමාගේ කතාව ඇහුවම මට මතක් වෙන්නෙ මිදි කන්න බැරිවුණ නරියගෙ කතාව. එදා එ.ජා.ප කාලෙදිත් මේ අය නොරොච්චෝලේ ආරම්භ කරන්න උත්සාහ කළා නමුත් එය අසාර්ථක වුණා. දැන් අහනවා ඇයි ඒක ආරම්භ කරන්නේ කියලා.
කෙරවලපිටිය කඩිනමින් වැඩ අවසන් කළ ඉංජිනේරුවන්ට මගේ ප‍්‍රණාමය. නමුත් කෙරවළපිටිය වගෙ ඉක්මනින් නොරොච්චෝලෙ වැඩ අවසන් කරන්න බැහැ. ඒක විශාල ව්‍යාපෘතියක්.
විදුලි බිල වැඩිවීමත් සමඟ විදුලි පරිභෝජනය අඩු වී තිබෙනවා. ති‍්‍රකුණාමලයේ සිට ගල් අඟුරු ගෙන ඒමේ වැඩපිළිවෙළ අත්හැර දමා තිබෙනවා. එය කරන්නේ නෑ. ඉහළ කොත්මලේ වැඩකටයුතු නිවැරැදි ආකාරයෙන් සිදු වෙනවා. අපි තැනින් තැන ජලාශ ඉදිකරන්නෙ නෑ. අපි හැම දෙයක්ම කරන්නේ පරිසර හානි අවම වන පරිදි. නොරොච්චෝලේ බලාගාරයට තාක්ෂණය භාවිත කරන්නෙත් පරිසර හානි අවම වන පරිදි. බලශක්ති සංරක්ෂණය නොකර සංවර්ධනය ළඟා කර ගැනීම අපහසුයි.
රටේ විදුලි අවශ්‍යතාවයෙන් 82% ක් පමණ පිරිසකට අපි විදුලි අවශ්‍යතාවය ලබාදී තිබෙනවා. දකුණු ආසියාතික රටක් ලෙස අපට සතුටු විය හැකියි. ජනාධිපතිවරයා බලයට පත්වන විටත් බලශක්ති අර්බූදයක් ගොඩනැගී තිබුණා. නමුත් මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ඒ අර්බූදය අද අවසන් වී තිබෙනවා.
ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා තම දේශපාලන අරමුණ මත රටේ සංවර්ධනය නවතා දැමුවේ නැහැ. ඒ වගේම එතුමාගේ සංවර්ධන වැඩපිළිවෙළට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ඇතුළත්. එමෙන්ම මෙවැනි කෙටි කාලයක් තුළ විදුලි බල අමාත්‍යංශය යටතේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීම අප ලැබූ ජයක්. අතීතයේ දී විදුලිය ලබා දුන්නෙ සීමා සහිතව. එ.ජා.ප රජය කාලෙදි පැය ගණන් විදුලිය කප්පාදු කළා. නමුත් කැලණි තිස්ස බලාගාරයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වුණත් අපි අඛන්ඩව විදුලිය ලබා දුන්නා.
2010 වන විට නොරොච්චෝලේ බලාගාරයෙන් විදුලිය ලබා ගත හැකියි. ඉහළ කොත්මලේ බලාගාරයට අදාළව තලවකැලේ සිට නියංගම්දොර දක්වා උමං මාර්ගය ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. ඒ වගේම 2011 වෙනකොට ඉදිකිරීම් ආරම්භ කරනවා. ඒ වගේම කෙළවරපිටිය මෙගාවොට් 300 ධාරිතාවයකින් යුත් බලාගාර යේ මේ මාසය අවසානයට පෙර විදුලි ජනන කටයුතු ආරම්භ කරනවා.
විදුලිබල අමාත්‍යාංශය මම භාර ගන්නා විට ජාතික ප‍්‍රතිපත්තියක් වත් තිබුනෙ නැහැ. නමුත් මේ වන විට ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කර අවසන් පුනර්ජන නීය ප‍්‍රභවයන් කෙරෙහිත් අවධානය යොමුකර තිබෙනවා. ස්වභාවික බලශක්ති ප‍්‍රභේදයන්ගේ ආරක්ෂාව උදෙසා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ආරම්භකර තිබෙනවා. ස්වාභාවික බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමේ අයදුම් පත් රැසක් අමාත්‍යාංශයට ලැබී තිබෙනවා. එයින් යම් ප‍්‍රමාණයකට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ වගේම කුඩා විදුලි බලාගාර 111ක් සඳහා අනුමැතිය ලබා දුන්නා. එයින් මෙගාවොට් 168ක් ඉපයීමට අපේක්ෂිතයි.
බලශක්තිය සංරක්ෂණය කිරීමේ වැඩසටහන්ද අප අමාත්‍යාංශ මගින් සිදු කෙරෙනවා. විදුලිය සංරක්ෂණයේදී විදුලි උපපොළ ආරක්ෂා කිරීමද ඉතා වැදගත්.
2016 වන විට මෙරට නිවාස වලින් 96%කට විදුලිය ලබා දීම අපගේ ඉලක්කයක්. ත‍්‍රස්තවාදී ගැටලු නිසා උතුරු නැගෙනහිර විදුලි අවශ්‍යතාව මුළුමනින්ම සැපිරීමට අපට හැකිවූයෙ නැහැ. ඒ වුනත් නැගෙනහිර නවෝදය යටතේ රුපියල් මිලියන 2400ක වැය කරමින් විදුලි අවශ්‍යතාව හැකි අයුරින් සපුරාතිබෙනවා. යාපනයේ ඉදි වූ චුන්නාකම් බලාගාරය ලබන මාසයේදී ජනතා අයිතියට පත්වෙනවා.
එමෙන්ම නැෙඟනහිරට මෙන්ම උතුරේ විදුලි අවශ්‍යතාවද මුළුමනින් සපුරාලීම අපගේ අරමුණක්. දකුණු ආසියා කලාපීය බලශක්ති සහයෝගිතාවයෙන් අපේ බලශක්ති ඉලක්ක සපුරාලීමට අවධානය යොමුකර තිබෙනවා.
ඉන්දු - ශ‍්‍රී ලංකා අන්තර් විදුලි හුවමාරු සම්පේර්ෂණ පද්ධතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙනවා. මේ යටතේ මෙගා වොට් 1000ක විදුලිය පළමු අදියර යටතේ ඉන්දියාවෙන් ලබා ගැනීමටත් දෙවැනි අදියර යටතේ ශ‍්‍රී ලංකාවේ අතිරික්ත විදුලි ධාරිතාවය ඉන්දියාවට ලබාදීම ව්‍යාපෘතියේ අරමුණයි. දෙරට අතර ඒකාබද්ධ ව්‍යාපෘතිය ගැන අවබෝධතා ගිවසුමක් අස්සන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
නිදහසින් පසු බලශක්ති ක්ෂේත‍්‍රයේ සිදුවූ වේගවත්ම සංවර්ධනය මහින්ද චින්තන ප‍්‍රතිපත්ති යටතේ ඉටු කිරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා.
නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මූලාසනයට පැමිණියේය
කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගාමිණී රත්නායක මහතා (ජ.වි.පෙ) ඛනිජතෙල් අමාත්‍යාංශය සහ විදුලිබල අමාත්‍යාංශය අතර වැය ශීර්ෂය ඉදිිපත් කරනව කියන්නෙ
ණය හිමියා හා ණය කරුවා පිළිබඳව කතා කිරීමක්. ණය හිමියා ඛනිජ තෙල් අමාත්‍යංශය. ණය කරුවා විදුලිබල මණ්ඩලය.
ඛනිජතෙල් අමාත්‍යංශයෙන් ලබා දෙන ඉන්ධන මැනීමට හෝ එහි සංයුතිය බැලීමට අදාළ උපකරණ විදුලි බල මණ්ඩලයට නැහැ. ඛනිජතෙල් සංස්ථාව ඉන්ධන පරිහරණය කිරීම විධිමත් නැහැ.
ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා ගාමිණී රත්නායක මහතා කතා කෙළේ කරන්ට් වැදිල වගේ. ඒ වගේම පාඩු ලබන තත්ත්වයේ තිබුන විදුලි බල මණ්ඩලය අද යටි
දියුණුවක් ලබා තිබෙනවා. නොරොච්චෝලේ තාප බලාගාරය ඉදිකිරීමේදී බරපතළ විරෝධයක් ඇතිවුණා. කතෝලික සභාවත් මෙයට විරුද්ධ වුණා. නමුත් මේ විරෝධතාව ඉවත් කිරීමට මමත් මූලික වී කටයුතු කළා.
ඉහළ කොත්මලේ වගේ ව්‍යාපෘති වලටත් බරපතළ විරෝධයක් පැන නැග්ගා. නමුත් ඒ විරෝධතාවයන් අද වෙන කොට ඉවත් වෙලා. විශේෂයෙන්ම විදුලි බල ක්ෂේත‍්‍රය ආශ‍්‍රිතව දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කැර තිබෙනවා. ඒ වගේම සී.එෆ්.එල්. බල්බ් භාවිත කරන්නට කියල නීතියක් ගෙනාවා. ඒ නීතියත් සමග විදුලි පරිභෝජනයේ සංකේෂරායන් සහ විදුලි බිලෙහි අඩුවීමක් දක්නට ලැබෙනවා.
අපි දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු කරල නැහැ කියල කියන්නට කාටවත් බෑ. ඉස්සර වගේ නෙවෙයි යාපනයට අද විදුලිය කප්පාදු කරන්නෙ නෑ. පැය විසිහතර පුරාම විදුලිය ලබා දෙනවා.
වන්නි දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. කිෂෝර් මහතා (ද්‍ර.ජා.සං) අපගේ ප‍්‍රදේශ වලට විදුලිය ලබා දීමේදී ඔබලා අවධානය යොමුකරන්නෙ ප‍්‍රධාන මාර්ගය දෙපසට විතරයි. නමුත් අතුරු මාර්ග වල නිවාස රැසක් තිබෙනවා. ඔවුන්ගේ විදුලි අවශ්‍යතාවත් අප සපුරාලිය යුතුයි.
රේණුකා හේරත් මහත්මිය මූලාසනයට පැමිණියාය
ජල සම්පාදන ඇමැති මහින්ද අමරවීර මහතා
මඩකළපුවේ සිංහල වෙද්‍යවරයාගේ ඝාතනයෙන් එල්.ටී.ටී.ඊ ය නිදහස් කිරීමට කිෂෝර් මන්ත‍්‍රීතුමා කතා කිරීම ගැන කනගාටුයි. අද තියෙන්නේ ත‍්‍රස්තවාදයට එරෙහි සටනක්. එය ජය ගැනීමේ ශක්තිය ජනාධිපතිතුමාට තිබෙනවා. ප‍්‍රශ්නයට දේශපාලන විසදුමක් තිබෙන්න ඕනෑ. ඒ අහිංසක දෙමළ ජනතාවටයි. සාකච්ඡා පටන් ගන්නැයි කියන්නේ මොකටද කියා අප දන්නවා. ඒ එල්. ටී. ටී. ඊ. යට ශක්තිමත් වෙන්නයි.
ඛනිජතෙල් බෙදාහැරීමේ දී පිරවුම්හල්වල ඉන්ධන කලවම් කරනවා. තවම ඒ ගැන ගත්තාවූ කි‍්‍රයාමාර්ග මදි. පෙට‍්‍රල්වලට වතුර හෝ භූමිතෙල් මිශ‍්‍ර කිරීම නිසා වාහන හිමියන්ට විශාල පාඩුවක් සිදුවෙනවා.
දේශීය වෙද්‍ය ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා බලශක්තිය, විදුලි බලය රටේ දියුණුවට තීරණාත්මක ලෙස බලපානවා. ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ඉහළ යෑමෙන් වැඩිම බලපෑමක් එල්ල කළේ මේ අමාත්‍යංශවලටයි. එහෙත් කෙසේ හෝ ජනතාව පිට මුළු බරම පටවන්නේ නැතිව ඉන්ධන ලබාදීමට සමත් වුණා. පසුගිය මාසයේ පමණක් අඩු මිලට ඉන්ධන දීම නිසා ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන 20ක් පාඩු වුණා.
අද නැඟෙනහිර සංවර්ධන වැඩපිළිවෙල යටතේ එම ප‍්‍රදේශයේ විදුලිබලය විශාල වශයෙන් සංවර්ධනය වෙනවා. උතුරු ප‍්‍රදේශයත් සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කරලා තිබෙනවා. ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය විසඳූ විගස එම සැලසුම් කි‍්‍රයාත්මක කරනවා. උතුරු - නැඟෙනහිර විතරක් සංවර්ධනය කරලා හරියන්නේ නෑ. අනුරාධපුර - පොළොන්නරුව වැනි දිස්ති‍්‍රක්කවලත් විදුලි ව්‍යාපෘති කි‍්‍රයාත්මක කළ යුතුයි.
ත‍්‍රස්තවාදීන් රට සංවර්ධනය වනවාට කැමති නැහැ. මොකද ඔවුන්ට ඕන ජනතාව දුක් විඳින බව පෙන්වීමටයි. මාර්ග හැදෙනවාට, රෝහල්, පාසල් හැදෙනවාට ඔවුන් කැමති නැහැ. ඒ නිසා තමයි ත‍්‍රස්තවාදය විනාශ කොට ජනතාව වෙත සංවර්ධනයේ ප‍්‍රතිලාභ ගෙන යෑමට රජය කටයුතු කරන්නේ.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා (එ. ජා. ප.) ඛණිජතෙල් අමාත්‍යංශය සහ විදුලිබල අමාත්‍යංශය ජනතාවට වඩාත් වැදගත් ආයතන දෙකක්. මේ දෙක ජනතාවගේ ජීවනාළිය වගෙයි. මේ ඛණිජතෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය කූඩැල්ලන් දෙදෙනකු වගේ ජනතාවගේ ලේ උරා බොනවා. ජනතාවට වැඩිම පීඩාවක් එල්ල කරන ආයතන 2ක් බවට මේ ආයතන පත්වී තිබෙනවා.
අපි විකල්ප බලශක්ති පිළිබඳ මීට වඩා උනන්දු නොවන්නේ ඇයි. අපට සුළඟ තිබෙනවා. වසර පුරා හිරු එළිය ලැබෙනවා. බලශක්ති නිෂ්පාදනය ඛ්ලමට යොදා ගන්නා ශාඛ වර්ග තිබෙනවා. මේ විකල්ප බලශක්ති උත්පාදන මාර්ග දියුණු කළ යුතුයි. ලංකාවේ ගංගා 103ක් තිබෙනවා. මේවායේ ජලය නිකරුණේ මුහුදට ගලාගෙන යනවා. ඇයි මේවායෙන් ප‍්‍රයෝජන නොගන්නේ? මේ අය කියන තරම් දේවල් කරන්නෙ නෑ. විදුලි බල ආයතනය අද පාඩු ලබන තැනට පත්වෙලා.
අලුත්ගමගේ මහතා ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා මහවැලි අමාත්‍යාංශයේ හිටපුකාලේ ඒකේ ආයතනටික විකුණන්න පිඹුරුපත් හදපු වාර්තාව මගෙ ළඟ තියෙනවා.
කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පියසිරි විජේනායක මහතා (ජා. නි. පෙ.)
විදුලි බල පනත වෙනස් කරගන්නට එක්සත් ජාතික පක්‍ෂය උත්සාහ කළා. ඒ පනත නැවත වරක් ගෙනඒමට චන්ද්‍රිකා රජයත් උත්සාහ කළා. නමුත් එය කි‍්‍රයාත්මක වූයේ නැහැ. එමෙන්ම මෙම පනත වෙනස් නොකිරීම සම්බන්ධයෙන් රජයට අපි ස්තුතිවන්ත විය යුතුයි. විදුලි සැපයීමේ කි‍්‍රයාවලිය අනුන් සතු කිරීමට පියවර ගන්නට එපා.
විදුලිය හා බලශක්තිය පිළිබඳ බරපතළම අවස්ථාව උදාවෙලා. බලශක්ති හිමිකාරිත්වය රජය සතුවිය යුතුයි. මෙරට බලශක්තිය බහුජාතික සමාගම්වලට යටත් වුණොත් රජය සතු වගකීම ඉටුකරන්න බෑ. මිහින් එයාර් ගුවන් සමාගමට කෝටි 600ක් වෙන් කරළා. ඒ කෝටි හයසීයය විදුලිබල මණ්ඩලයට දෙන්න. රටේ බලශක්තියෙහි අයිතිය පිටරටටම දෙන්න එපා.
උඩවත්තේ නන්ද හිමියෝ මූලාසනයට වැඩම කළහ
විජේනායක මහතා විදුලිබල මණ්ඩලය පස්පව්වලට අහුවෙලා. ආණ්ඩුව යුද්ධය හොඳට කරගෙන යනවා. නමුත් බලශක්තිය කළමනාකරණය කිරීමේදී රජයට විධිමත් භාවයක් නැහැ.
ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අජිත් කුමාර මහතා (ජ. වි. පෙ.) අය-වැයෙන් මිල අඩුවිය යුතු දෙයක් නෙවෙයි ඛනිජතෙල්. අය-වැයක් සකස් කරන්නෙ වසරකට. නමුත් ඉන්ධන මිල එහා මෙහා නොකරයිද? ඉන්ධන මිල අයවැයෙන් අඩුකිරීම අසාධාරණයි වගේම අඩුකළ මුදල සාධාරණද? ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙන්න.
කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලලිත් දිසානායක මහතා (එ.ජ.නි.ස)
නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 320ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක්වෙනවා. එදා මෙය ආරම්භ කිරීමට බැරිවුණා. ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද ඒ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකයි. ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය එදා විවිධ විරෝධතා නිසා ආරම්භ කළ නොහැකි වුණත් අද එය ආරම්භ වී තිබෙනවා. හැම දේම නැහැ කියන ධර්මයෙන් වැඩක් නැහැ. අප ජාතියට යම් දෙයක් දිය යුතුයි.
ගාල්ල දිස්ති‍්‍ර මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා (එ.ජා.ප)
පසුගිය මාස කිහිපය පුරාම ලෝකයේ තෙල් මිල ශීඝ‍්‍රයෙන් අඩු වුණා. පසුගිය මැයි මාසයේදිත් මේ රටේ තෙල් මිල වැඩි කළා. මාස 5ක් තිස්සේ ලෝක තෙල් මිල අඩු වෙද්දී මෙහේ මිල අඩු කළේ නෑ. අයවැයේ දී තෙල් මිල අඩු කෙළෙත් ඉතා සොච්චම් ප‍්‍රමාණයකින් පමණයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන හැට දාහක් පමණ අය වීමට තිබෙනවා. එහෙත් මේ මුදල් ගෙවීම මේ ආයතන පැහැර හැර තිබෙනවා. තෙල් මිල අඩුවට දීමෙන් මසකට රුපියල් මිලියන 23,000ක් පාඩු ලබන බව සංස්ථා සභාපතිවරයා කියා තිබුණා. ඒත් මෙය අපි පිළි ගන්නේ නෑ.
මුතුරාජවෙල තෙල් ගබඩාවේ ඩීසල් ලීටර් එක්ලක්‍ෂ හැත්තෑපන්දහසක් වැඩි මිලට ගෙන ගබඩා කරගෙන සිටිනවා. මේ තෙල් මාස 7කට ප‍්‍රමාණවත් . මේ ගබඩාවෙන් මුදා හරින්නේ දිනකට ලීටර් දාහක් විතරයි.
ඇමැති ෆවුසි
මුතුරාජවෙල ගබඩාවල තියෙන්නේ දින 28කට භාවිත කළ හැකි තෙල් ප‍්‍රමාණයක් විතරයි. බොරු කියන්න එපා.
කරුණාතිලක මහතා :-
තෙල් මිලදී ගැනීමේදී හෙජිත්වලට යෑම නිසා මේ වන විට ඩොලර් මිලියන 28ක් පාඩු වී තිබෙනවා. ඉදිරි වසරටත් බලපාන අයුරින් ගිවිසුම් අස්සන් කරලා තිබෙන නිසා මිලියන 300 ක් විතර පාඩු වෙනවා.
ඉරානයෙන් ණයක් අරගෙන තෙල් පිරිපහදුවක් හදන්න යනවා. ඩොලර් මිලියන 1.5ක්. මේ සඳහා වැය වෙනවා. මෙය විනිවිදභාවයෙන් යුක්තව ටෙන්ඩර් කැඳවා සිදු කරන්න. නැත්නම් මෙයින් තවත් පාඩුවක් වනු ඇත.
ගයන්ත කරුණාතිලක මහතා මූලාසනයට පැමිණියේය.
දිගාමඩුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කේ. පද්මනාදන් මහතා (දෙ. ජා.සං) දෙමළ ජනතාව ජීවත්වන ප‍්‍රදේශවලටත් විදුලිබලය ලබා දෙන්න. නැඟෙනහිර උදානය යටතේ විදුලිය දෙන බව කියනවා. අම්පාර දිස්ති‍්‍රක්කයේ ගම්මාන කීයකට විදුලිය දුන්නාද? සුනාමියෙන් අවතැන්වූවන්ට තවම විදුලිය දීලා නැහැ. සාම්පුර් බලාගාරය සඳහා දෙමළ ජනතාවගේ සශි‍්‍රක ඉඩම් අත්පත් කරගෙන සිංහල ජනාවාස හදන්න යනවා.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා (එ.ජා.ප) විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව අද රාක්‍ෂයන් කන පරාක්‍ෂයන් බවට පත්වෙලා. ලංකා ට‍්‍රාන්ෆෝමර් සමාගම, කොප් කමිටුවට ගෙන්වන්න බැහැ. ටෙන්ඩර් දෙනකොට රජයේ සමාගමක් බව කියනවා.
සෙනෙවිරත්න මහතා කෝප් කමිටුවට ගෙන්වන්න නම් ස්ථාවර නියෝග සංශෝධනය කරන්න වෙනවා.
ජයසේකර මහතා සංශෝධන නොකර ගෙන්වමු. එන්න බැහැයි කියු මිහින් එයාර් ලංකා සමාගම් ගෙන්නුවෙ. නොරොච්චෝලේ බලාගාරය ඉඳි කරන්නේ අඩු වියදමින් විදුලිය නිපදවීමටයි. එහෙත් ගල් අගුරු මිල දැන් ඉහළ ගහින් ඩීසල්වලින් නිපදවන විදුලිබල ඒකකයකට වඩා රුපියල් 20ක් වැඩියෙන් වැය වෙනවා.
නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය.
දයාසිරි ජයසේකර මහතා - තෙල් මිලදී ගැනීමේ දී ෆෙජින්ස් වලට යෑම නිසා අද විශාල ලෙස පාඩු ලබනවා. සාමාන්‍යයෙන් රටක ෆෙජින්ස් වලට යන්නේ සියයට 3 ක විතර ප‍්‍රමාණයක්. එහෙත් විශාල ප‍්‍රමාණයකට හෙජ් කිරීම නිසා අද මේ පාඩුව ඇති වෙලා. මාස හතකට සෑහෙන ඉන්ධන තියෙද්දිත් තමයි ඉන්ධන මිල මේ ආකාරයට මිල වැඩි කරන්නෙ.
ෆවුසි මහතා - බොරු කියන්න එපා. අපට ගබඩා පහසුකම් තියෙන්නෙ දින 28 කට
ප‍්‍රමාණවත් ඉන්ධන ගබඩා කිරීමට විතරයි. මුතුරාජවෙලට ඉන්ධන අරංගියාම ඩොලර් තුනක් අපට ඉතිරියි.
ජෝන් සෙනෙවිරත්න මහතා - දයාසිරි ජයසේකර මහතා කෙරවළපිටිය බලාගාරය ගැන කරුණු නොදැන ප‍්‍රකාශ කරනවා. කෙරවළපිටියට අදාළව ගෑස් ටර්බයිනයක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි. මෙහිදී රුපියල් 22.68 කට ඒකකයක් දෙන්න එකඟ වෙල තියෙනවා. විදුලි කැපීම වළක්වන්න තිබෙන විකල්පය තමයි කෙරවලපිටිය බලාගාරය ආරම්භ කරන්නේ.
බලශක්ති ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා - අද විවාදය ආරම්භ කෙළේ එ ජා ප යේ අනාගත විදුලිබල ඇමැති සාගල රත්නායක මහතා. එතුමා නොරොච්චෝලේ බලාගාරය ගැන කතා කෙළේ වෙරයෙන්. නොරොච්චෝලේ බලාගාරයට විරෝධය දැක්වීමට ජනතාව පාරට යැව්වෙ එ ජා ප ය යි.
ගයන්ත යමක් කියයි.
අලුත්ගමගේ මහතා - එජාපයේ මාධ්‍ය ප‍්‍රකාශක කියනවා මාස හතකට සෑහෙන තෙල් ගබඩා පහසුකම් අපට තිබෙනව කියලා. අපට එහෙම පහසුකම් නෑ. ඉන්ධන ගබඩා කළ හැක්කේ දින 28 කට විතරයි. ෆවුසි ඇමැතිතුමා කිව්වා කන්න දෙන්න පුලුවන් මොලේ දෙන්න බෑ කියලා.
මේ රටේ විදුලි අවශ්‍යතාවයෙන් 82% ක් පමණ අවශ්‍යතාවය සපුරා තිබෙනවා. ඒ වගේම නැගෙනහිර පළාතේ මුදාගත් සියලුම ප‍්‍රදේශවල විදුලි අවශ්‍යතාවය අපි සපුරා තිබෙනවා. විදුලිය අපතේ යාම 21% ක් පමණ තිබුනා. නමුත් දැන් 15.5% දක්වා විදුලිය අපතේ යාම අපි අවම කර තිබෙනවා.
ඉන්දියාව සහ ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කරනවා, විදුලිය හුවමාරුව වෙනුවෙන්. විදුලි බල මණ්ඩලය පාරිභෝගික ජනතාවගේ ගැටලු වෙනුවෙන් කන් දෙනවා. විදුලි බල පනත සංශෝධනය විය යුතුයි.
මේකට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධයි. මේ පනත හරහා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණයට ලක් කිරීම හෝ විකිණීමක් කරන්නේ නෑ. මේ ආයතනය ප‍්‍රතිව්‍යුහගත කරණයක් විය යුතුයි. අපි රජයක් ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය කරන්නෙ නෑ.
ජ. වි. පෙ නායකයයි, එ. ජා. ප නායකයයි රෑට රෑට සාකච්ඡා කරනවා. මේ ගොල්ලො හෙට අනිද්දට ලකුණ වෙනස් කරනවා. අමෙරිකාව ආදර්ශයට අරගෙන අලිය වෙනුවට බූරුවා ලකුණ ලෙස යොදා ගන්නවා. ඒ වගේම අපිත් බලාගෙන ඉන්නේ ජෙ. වි. පෙ එ. ජා. ප යත් එක්ක එකතු වෙනකල් තමයි. ජ. වි. පෙ අය වෙනුවෙන් පෙනී සිටින්නෙ එ.ජා.ප ය. ජ. වි. පෙ ට පළාත් සභාවට ඕනෙ අපේක්ෂකයෝ පත්කර ගන්නවත් බැහැ. ජ. වි. පෙ ඉහළ නායකත්වයේ මේ වැඩ වලට පොඩි අය විරුද්ධයි. අද ලාල්කාන්ත තුන්වන කැරැල්ල පටන් අරගෙන.
ඛණිජ තෙල් සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතා - දයාසිරි ජයසේකර මහතාගේ සහ විපක්‍ෂයේ ප‍්‍රශ්නවලට මම දැනටමත් උත්තර දී තිබෙනවා. තෙල් මිල ඉහළ යෑම විපක්‍ෂයට හැමදාම ප‍්‍රශ්නයක්. අපි ෆෙජිත් වලට ගියත් වැරදියි. මොනවා කළත් වැරදියි.
මුතුරාජවෙල මාස 7 කට තෙල් තියෙන බව කිව්වා. ඒත් ඒක බොරුවක්. දවස් 28 කට විතරයි තියෙන්නේ. අපි ලොකු නැව්වලින් තෙල් ගේන්නේ ප‍්‍රවාහන ගාස්තු අඩු කර ගැනීමටයි. එහි වාසිය අත් වන්නේ පාරිභෝගිකයාට යි.
ලෝක තෙල් මිල වැඩි වන විට ෆෙජිත් වලින් වාසි අත් වෙනවා. ලබන වසරේ දී අපි අපේ මුළු තෙල් ප‍්‍රමාණයට හෙජ් කරන්න බලාපොරොත්තු වෙනවා. හෙජ් කළ විට තෙල් මිල කොතරම් වැඩි වුණත් අපට කමක් නෑ. මේ මගින් ලබන වසරේ තෙල් මිල ඉහළ යෑම වැළැක්වීමට කටයුතු කරනවා.
තෙල් සංස්ථා සභාපතිවරයා හොඳ කළමනාකාරිත්වයක් පවත්වාගෙන යන නිසා තෙල් මිල විශාල වශයෙන් ඉහළ යෑම වළක්වා ගැනීමට හැකි වුණා.
අහිංසක ජනතාව ගැන කැක්කුමක් තිබෙන නිසා ජනාධිපතිතුමා සහන දීලා තිබෙනවා. බිලියන 21 ක් ජනතාවට සහන දීලා තිබෙනවා. අඩු මිලට ගත් තෙල් එන්නෙ ලබන මාසෙ. හැම වෙලාවෙම මිල අඩු කරන්න කියනවා. මේක විහිළුවක් ද?
දයාසිරි ජයසේකර මහතා - (යමක් කියයි.)
ෆවුසි මහතා - දැන් තමුන්නාන්සේ කීවේ මට සිංහලෙන් කතා කරන්න බැහැ කියලා. දැන් කොහොම ද මගෙ සිංහල? බොරු විවේචන කරන්න එපා. බොරු විවේචන නම් ඔයා තියා ඔයා ගෙ තාත්තා ආවත් මා පිළිගන්නෙ නැහැ.
වැය ශීර්ෂය සම්මත විය.
පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30 ට යළි රැස්වේ.

ශ‍්‍රී ලංකාව කඩුලු 6කින් සිම්බාබ්වේ පරදවයි
‘තරගයේ වීරයා’ මුරලි ලකුණු 14ට කඩුලු 4යි
ශ‍්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ඊයේ හරාරේහි පැවැති පළමු ජාත්‍යන්තර එක්දින තරගය ශ‍්‍රී ලංකාව කඩුලු හයකින් ජය ගත්තේය.
ලකුණු 128ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම ඕවර 33. 2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේය.
කුමාර් සංගක්කාර නොැදවී ලකුණු 47ක්ද මහේල උඩවත්ත ලකුණු 38ක්ද ලබා ගත් අතර ලකුණු 14කට කඩුලු 4 ක් බිඳ හෙලූ මුත්තයියා මුරලිදරන් ‘තරගයේ වීරයා’ විය.
ආරම්භක පිතිකරු උපුල් තරංග (0) පළමු ඕවරයේදීම දුවද්දී දැවී යෑමෙන් පසුව උඩවත්ත හා කුමාර් සංගක්කාර 2 වැනි කඩුල්ල සඳහා එක් වෙමින් ලකුණු 56ක් රැස් කළහ.
ශ‍්‍රී ලංකාව 12 වැනි ඕවරයේදී මුළු ලකුණු 50ත් 27වැනි ඕවරයේදී මුළු ලකුණු 100 ත් වාර්තා කළේය.
සිම්බාබ්වේ වෙනුවෙන් ආර්. ප‍්‍රයිස් ලකුණු 24කට කඩුලු 2 ක් බිඳ හෙලීය.
කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ගේ ආරාධනයෙන් පිටියට පිවිසි සත්කාරක සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ට වැඩි වේලා පිති ඔසවන්නට ඉඩ නොදුන් මුත්තයියා මුරලිදරන් සහ අජන්ත මෙන්ඩිස් ඔවුන්ගේ ඉනිම ඕවර 31 කට සීමා කළහ. ඒ වෙද්දී සිම්බාබ්වේ කී‍්‍රඩකයෝ රැස්කරගෙන සිටියේ ලකුණු 127 ක් පමණි.
පළමු කඩුල්ලේ සිටම ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පීඩනවලට නතු වීමට සිදු වූ සිම්බාබ්වේ පිතිකරුවන් අතුරින් තරමක් හෝ හිස ඔසවා පන්දුවට පහර දුන්නේ ටටේන්ද්‍ර ටයිබු පමණි.
ඔහු පන්දු 58 ක් පිටියේ රැඳී සිටිමින් 4 පහර 2 ක් සමග නොදැවී ලකුණු 36 ක් රැස් කෙළේය. අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි ටයිබුට සිදුවූයේ අනෙක් අන්තයෙන් අසරණ වන තම පිතිකරුවන් දෙස බලා සිටිමින් තම කඩුල්ල සුරක්‍ෂිත කර ගැනීමය.
සිම්බාබ්වේ ඉනිම ගොඩනැගීමට හොඳම කඩුලු සබඳතාව රැස් කෙළේ 3 වැනි කඩුල්ල වෙනුවෙන් චමු විබාබා සහ ටටේන්ද ටයිබු ය.
ඔවුන් දෙදෙනා පන්දු61 කදී ලකුණු 43 ක් තම කණ්ඩායමට එක් කළහ. විබාබා පන්දු 35ක දී හතරේ පහර දෙකක් සමග ලකුණු 25 ක් රැස් කෙළේය.
අනතුරුව 4 වැනි කඩුල්ල සඳහා ටයිබු ට එකතු වූ ස්ටුවට් මට්සිකෙන්යරි පන්දු 36 ක දී ලකුණු 41 ක් රැස් කිරීමට දායක විය. ඔහුගේ ඉනිම ලකුණු 20 ක දී අවසාන වීමත් සමග සිම්බාබ්වේ ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.
අවසන් කඩුලු 7 ලකුණු 3කදී නැවත කී‍්‍රඩාගාරයට හරවා යැවීමට මුරලි සහ මෙන්ඩිස් සමත් වීම කැපී පෙණුනි. විසිඅටවැනි ඕවරයේ
පළමු පන්දුවේ සිට කඩුලු දඩයම ආරම්භ කළ මුරලි එම ඕවරයේ දී ස්ටුවට් මට්සිකෙන්යෙරි (21) එල්ටන් චිගුම්බුරා (0) සහ ටිම්සෙන් මරුම් (0) දවාලීමට සමත් වූයේය.
ඉන් අනතුරුව ඕවරය යැවූ අජන්ත මෙන්ඩිස් තම ප‍්‍රධාන පන්දු යවන්නාට දෙවෙනි නොවෙමින් එම ඕවරයේ දී නායක පේරාප්සර් උට්සෙයා (0) සහ රේ ප‍්‍රයිස් (0) කිසිදු ලකුණක් නොදී කී‍්‍රඩාගාරයට හරවා යැව්වේය.
අනතුරුව 30 වැනි සහ 31 වැනි ඕවරයේ ටවාන්ද මුපර්වා (0) සහ කි‍්‍රස් එම්පොහු (0) පිළිවෙළින් කී‍්‍රඩාගාරයට යැවීමට මුරලි සහ මෙන්ඩිස් සමත් වූහ.
සිම්බාබ්වේ අවසන් පිතිකරුවන් 6 දෙනාට කිසිදු ලකුණක් ලබා නොදෙමින් කී‍්‍රඩාගාරයට යැවීමට මේ සුපිරි දඟ බන්දු යුගලය වැය කර තිබුණේ පන්දු 23 ක් පමණි.
සිම්බාබ්වේ ඉනිම නිමා වන විට මුරලිදරන් ඕවර 4 ක දී ලකුණු 14 කට කඩුලු 4 ක් දවාලමින් ද මෙන්ඩිස් ඕවර 6 ක දී ලකුණු 26 කට කඩුලු 3 ක් ද දවාගෙන තිබුණි.සිම්බාබ්වේ
හැමිල්ටන් මසකඩ්සා දුවද්දී දැවී ගියා (තරංග) 15
වුසි සිබන්ඩා ඇ. කපුගෙදර බෝ. කුලසේකර 9
වමු විබාබා ඇ. කුලසේකර බෝ.මහරුෆ් 25
ටටේන්ද ටයිබු නොදැවී 36
ස්ටුවට් මට්සි කෙන්යෙරි බෝ. මුරලිදරන් 21
එල්ටන් විගුම්බුරා කඩුල් මුවා කළා බෝ. මුරලිදරන් 0
ටිම්සෙන් මරුමා ඇ.කපුගෙදර බෝ. මුරලිදරන් 0
පේරාප්සර් උට්සෙයා කඩුල්ල මුවා කළා බෝ. මෙන්ඩිස් 0
රේප‍්‍රයිස් ස්.සංගක්කාර බෝ. මෙන්ඩිස් 0
ටවාන්ද මුපරිවා ඇ. තරංග බෝ. මුරලිදරන් 0
කි‍්‍රස් වම්පොහු බෝ. මෙන්ඩිස් 0
අතිරේක 21
ඕවර 31.0ක දී සියලුම දෙනා දැවී 127
කඩුලු වැටීම :- 1 – 28 (සිබන්ඩා 7.5) 2 – 40 (මසකඩ්සා 10.6) 3 - 83
(විබාබා 21 .1 ) 4 – 124 (මට්සිකෙන්යෙරි 27 . 1) 5 – 124
(විගුම්බුරා 27.2) 6 - 124 (මරුම් 28.0) 7 – 125 (උට්සෙයා 28.2) 8 – 125
(ප‍්‍රයිස් 29.0) 9 – 126 (මුපරිවා 29.5) 10 – 127 (එම්පොහු 31.0 )
පන්දු යැවීම : මහරුෆ් 8 - 0 - 26 – 1 කුලසේකර 7 - 1 – 25 – 1
තුෂාර 6 – 0 - 28 – 0 මෙන්ඩිස් 6 – 0 – 26 – 3 මුරලිදරන් 4 – 1 – 14 - 4
ශී‍්‍ර ලංකාව
යූ. තරංග දුවද්දී දැවීගියා 0
එම්. උඩවත්ත ඇ. මට්සිකෙන්යෙර් බෝ. චිගුම්බුරා 38
කේ. සංගක්කාර නොදැවී 51
එම්. ජයවර්ධන බෝ. ප‍්‍රයිස් 12
සී. කපුගෙදර ඇ. චිබාබා බෝ. ප‍්‍රයිස් 16
ජේ. මුබාරක් නොදැවී 0
අතිරේක 14
එකතුව (කඩුලු 4ට, ඕවර 33.2) 130
කඩුලු බිඳ වැටීම - 1 – 0, 2 – 57, 3 – 95, 4 - 122
පන්දු යැවීම - මොෆු 8 – 1 – 28 – 0, මුසාරිවා 7 – 0 – 28 – 0,
චිගුම්බුරා 5 – 0 – 19 – 1, ප‍්‍රයිස් 7 – 1 – 24 – 2,
උට්සෙයා 6.2 – 1 – 28 - 0

Thursday, November 20, 2008
ඊළාම් කොඩි වෙනුවට සිංහ ධජ ලෙළවති
TRO ගිණුම්වල තිබූ ලක්ෂ 710ක් රාජසන්තකයි
ජයසිරි මුණසිංහ
දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ (ටී. ආර්. ඕ.) ගිණුම්වල තිබූ රුපියල් ලක්ෂ 710 කට ආසන්න මුදලක් රාජ සන්තක කොට තිබේ.
මූල්‍ය ගනු දෙනු වාර්තා කිරීමේ පනතෙහි සහ ත‍්‍රස්තවාදය සඳහා අරමුදල් සැපැයීම මැඬ පැවැත්වීමේ සම්මුති පනතෙහි වගන්තිවලට අනුකූලව මේ තීරණය ගත් බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඊයේ (19) ප‍්‍රකාශ කෙළේය.
උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ සුබ සාධනය සඳහා මානුෂීය ආධාර ලෙස දෙස් විදෙස් වලින් ලබා ගන්නා මුදල් ත‍්‍රස්තවාදී කටයුතු වලට යොදා ගන්නා බව හෙළි වීමෙන් පසුව රජය මේ තීන්දුව ගෙන තිබේ. ටී. ආර්. ඕ. සංවිධානය තහනම් කිරීමට රජය ඉකුත් 2006 වසරේ අගෝස්තු මාසයේදී කටයුතු කළේය. ඒ හදිසි නීතිය යටතේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ තීරණය ගනු ලැබුවේය. එදින පටන් ටී. ආර්. ඕ. සංවිධානයට මුදල් ලැබෙන මාර්ග සහ ඒවා යොදා ගන්නා කි‍්‍රයාකාරකම් පිළිබඳ දැඩි නිරීක්ෂණයක නිරත වූ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මේ තීරණය ගැනීමට අවශ්‍ය නීතිමය තත්ත්වයන් රජයට පෙන්වා දෙනු ලැබුවේය.
වසර දෙකකට ආසන්න කාලයක් සිදු කළ දැඩි සුපරීක්ෂා කිරීම් මැද මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට හඳුනා ගැනීමට හැකි වූයේ ටී. ආර්. ඕ. අරමුදල් ත‍්‍රස්තවාදයට යොදා ගන්නා බවය.
මානුෂීය ව්‍යාපෘති කටයුතු වෙනුවෙන් යැයි සඳහන් කරමින් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, විදේශීය ආයතන හා පුද්ගලයන් සහ ටී. ආර්. ඕ. සංවිධානයේ විදේශීය ශාඛාවන්ගෙන් ලද මුදල් එලෙස යොදා ගෙන ඇති බවද මහ බැංකුවේ නිගමනය වී තිබේ.
ටී. ආර්. ඕ. සංවිධානය සතුව පැවැති මුදල්, සුරැකුම් සහ වෙනත් අරමුදල් ත‍්‍රස්තවාදී කටයුතු සඳහා භාවිතා කිරීම, එසේ භාවිතා කිරීමට ඉදිරියේ දී කි‍්‍රයා කිරීම වැළැක්වීම, රජය ගත් තීන්දුව නිසා සිදු වනු බව මූල්‍ය බුද්ධි ඒකකය කියා සිටියි.
ටී. ආර්. ඕ. සංවිධානයට අයත් අරමුදල් සහ වෙනත් වත්කම් තහවුරු කර රාජසන්තක කිරීමට අදාළ විමර්ශනයන් තවදුරටත් කි‍්‍රයාත්මක කරන බවද බුද්ධි ඒකකය ප‍්‍රකාශ කරයි. තහනම් සංවිධානයක් සමඟ මුදල් සම්බන්ධතා ඇතුළත්ව කුමන ආකාරයක ;හ¤ සම්බන්ධතාවන් පැවැත්වීම සාපරාධි වරදක් වන බවද බුද්ධි ඒකකය පෙන්වා දෙයි.
ටී. ආර්. ඕ. සංවිධානය සමග හෝ එහි නිලධාරීන් සමග කුමන හෝ මුදල් ගනු දෙනුවක නිරත වීම හෝ වෙනත්අයුරක සම්බන්ධතා පැවැත්වීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරක් බවද මහ බැංකුව අවධාරණය කරයි.

කොටි නායක ‘ස්වර්ණම්’ ගේ භූගත බංකරය හමුදා අතේ
කාන්තා ඇඳුම් හා භාණ්ඩ රැසක් සොයාගනී
විජයානි එදිරිසිංහ
කොටි සංවිධානයේ මුල් පෙළේ නායකයකු වන ‘ස්වර්ණම්’ නමැත්තා මාන්කුලම් ප‍්‍රදේශයේ සැඟවී සිටි භූගත බංකරයක් යුද හමුදාව අල්ලා ගෙන තිබේ.
මේ අතර පෙරේදා යුද හමුදාව කොටි නායකයෙකු ගමන් කළ කැබ් රථයකට ප‍්‍රහාර එල්ලකර ඇත. එහිදී රථයේ සිටි කොටි නායකයා තුවාල ලබා හෝ මිය ගොස් ඇති අතර, ඔහු රැගෙන අනෙක් පිරිස පළා ගොස් තිබේ. මෙම කොටි නායකයා ස්වර්ණම් යැයි හමුදාව විශ්වාස කරයි.
මොහු සැඟවී සිටි භූගත බංකරය විශාල නුග ගසක් යට සකසා ඇත. එම ස්ථානයේ එවැනි විශාල බංකරයක් ඇතැයි පිටතට නොපෙනෙන ආකාරයට තේක්ක කොටන් දමා තට්ටු දෙකක් සිටින සේ එය සකසා තිබී ඇත. කොටි නායකයා සමඟ එම බංකරය තුළ තිබී කාන්තා ඇඳුම් සනීපාරක්‍ෂක තුවාද හමුවී තිබේ. භූගත බංකරයේ සිටි කොටි නායකයා සමඟ කාන්තාවක්ද සිටින්නට ඇතැයි හමුදාව පවසයි.
විශාල ප‍්‍රමාණයේ යකඩ ඇඳක්, මේසයක්, ආහාර ද්‍රව්‍ය ඇතුළු බොහෝ දේ මේ බංකරය තුළ තිබී ඇත.
කොටි නායක ස්වර්ණම් නැඟෙනහිර පළාතේ හිටපු කොටි සන්නද්ධ අංශ නායකයාය. නැඟෙනහිර කොටි බලය අහිමිවීමත් සමඟ ඔහු උතුරට පලාගියේය.

යාපනේ ජනතාව වීදි බැස පුනරින් විරුවන්ට සුබ පතති
ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සිදුවූවක්
ඊළාම් කොඩි වෙනුවට සිංහ ධජ ලෙළවති
ප‍්‍රභාකරන්ට එරෙහිව සටන් පාඨ රැව් දෙයි
විජයානි එදිරිසිංහ
යුද හමුදාව පුනරින් අත්පත් කර ගැනීම පිළිබඳ සතුට පළ කරන යාපනයේ සාමාන්‍ය ජනතාව වීදිවලට බැස ජාතික කොඩිය ඔසවා ජය ඝෝෂා කරමින් යුද හමුදාව ලබා ගත් විශිෂ්ට ජයග‍්‍රහණයට සුබ පතති.
කොටි ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක‍්‍රියාවලින් දැඩි මානසික පීඩනයකට පත්ව සිටි උතුරේ ජනතාව ක‍්‍රමයෙන් එම බැම්මෙන් නිදහස් වීමත් සමඟ මෙසේ සතුටට පත්ව සිටිති.
මේ තාක් කල් පැවැති කුරිරු යුද්ධයේ ශාපයට ලක්ව සිටි යාපනයේ ජනතාව ඉතිහාසයේ ප‍්‍රථම වරට හමුදාව ලැබූ ජයග‍්‍රහණයන් සැමරීම සඳහා මෙසේ වීදි බැස පෙළපාළි පවත්වා ඇත.
ඊලාම් කොටි කොඩිය වෙනුවට දැන් ඔවුන්ගේ දෑතට සිංහ කොඩිය ලැබී තිබේ. එම පෙළපාළියට සහභාගි වූ ජනතාව නොබියව කෑ ගසමින් ප‍්‍රභාකරන් ගෙන ගිය යුද්ධය බොරුවක් බවත් ඔහුට ඊලමක් ගොඩ නැගීමට නොහැකි වූ බවත් සටන් පාඨ ලෙස ප‍්‍රකාශ කර තිබේ.
තවද සෑම පවුලකින්ම එක් සාමාජිකයකු හෝ කොටි සංවිධානයට බැඳී යුද්ධයට සම්බන්ධ කළ යුතු යැයි කියන ප‍්‍රභාකරන් තම පුතා හෝ දියණිය මේ සංවිධානයට එවන්නේ නැතැයි සඳහන් බැනර් ද එම පෙළපාළියේ ගෙන ගොස් ඇත.
මන්නාරම සිට යාපනය දක්වා යන ඒ 32 මාර්ගය විවෘත වීම නිසා උතුරේ ජනතාවට බාධාවකින් තොරව දකුණට පැමිණීමට හැකිවීම ඔවුන් ලද විශාල ජයග‍්‍රහණයක් ලෙස සලකන බව යාපනයේ ආරක්ෂක අංශ පවසයි.
දකුණට යාමට ඔවුන්ට නැව් ගාස්තුවලට විශාල මුදලක් වැය කිරීමට සිදු විය. දකුණේ සිටින ඥාතීන් දැකබලාගැනීම, වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම, දරුවන් උසස් අධ්‍යාපන කටයුතුවලට යොමුකරවීම, විදේශ ගමන්වලට සහභාගි වීම සහ ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමට හැකිවීම පිළිබඳව ඔවුහු ප‍්‍රසාදය පළ කරති.
එමෙන්ම යාපනයේ දැනට තිබෙන බඩු මිල පහත යන තත්ත්වයක් ඇතිවේයැයි ඔවුන්ගේ විශ්වාසයක් ද පවතී.

Subscribe to:
Posts (Atom)