Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Thursday, May 15, 2008
රජය ජාතිවාදය ඇති කිරීමට ක්‍රියා කළ බවට වන චෝදනා අසත්‍යයි
ජනපතිට ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය ඇමතීමට ලැබීම ශ්‍රී ලංකාවට වාසිදායකයි
කැබිතිගොල්ලෑවේ ආරක්‍ෂක වැට විශේෂ කාර්ය බලකායට
එම බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්.සරත්චන්ද්‍ර මහතා ප්‍රකාශ කෙළ් එම පියවරට අනුව යකාවැව ගම්මානයට ආරක්ෂාව සැපයීම තම බලකායට පැවරුණු බවය.
දුටුවැව සිට මහනිකවැව දක්වා ඉදිරි ආරක්ෂක වළල්ලේ කිලෝමීටර් 7 කට ආසන්න ප්‍රමාණයකට අද සිට විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව සපයනු ඇත.
ඒ අනුව අදාළ ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකායේ කඳවුරු 4 ක් ඉදිකිරීමට නියමිතය
කැටපේආරච්චිගේ නිවසින් ලිපි ගොනු පැහැරගෙන
මැයි 15 - පේෂකර්ම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් සම්පත් කැටපේආරච්චි මහතාගේ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ රාත්‍රි කිසියම් ආයුධ සන්නද්ධ පිරිසක් කඩාවැදී තිබේ.
හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් තමාගේත්, බිරිඳගේ දෙඅත්බැද පසුව ලිපිගොනු කිහිපයක් රැගෙන ගිය බව සම්පත් කැටපේආරච්චි මහතා පැවසීය.
සම්පත් කැටපේආරච්චි මහතා මීට කලකට ඉහතදී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.
මෑත කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් ඔහු කළ ඇතැම් කරුණු හෙළි කිරිම් හේතුවෙන් ඔහු වඩාත් කථාබහට ලක් විය.කැටපේආරච්චි මහතාගේ නිවසට ආයුධ සන්නද්ධ පිරිසක් කඩාවැදීම පිලිබදව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
වැලිකඩ පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරික්ෂණ මෙහෙය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පැවසීය.

රත්නපුරේ රෝහල් සේවකයින්ටත් චිකුන්ගුන්යා
මැයි 15 - රෝහල් කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී බාධා පැමිණ තිබේ.
සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ බොහෝ රෝහල්වල කාර්ය මණ්ඩල සාමාජිකයින් ද චිකුන්ගුන්යා රෝගයට ගොදුරු වී ඇති බවය.
දැනටමත් දෛනිකව රෝගීන් 1000, ත් 1,200 ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනිම සඳහා රෝහල් වෙත ඇතුළු වන බවද සබරගමුව පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

මුතුර් ස්ථානාධිපතිගේ මාරුව කොමිසමට දන්වා නැහැ
මැයි 14 - නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවති දිනයේ මුතුර් ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය මත එම පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසියේ මාරු කිරීම පිළිබඳව ජාතික පොලිස් කොමිසම දැනුවත් කර නැතැයි එම කොමිසම පවසයි.
පොලිස් කොමිසමේ සභාපති නෙවිල් පියදිගම මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව තමාට දැන ගන්නට ලැබුණේ, මාධ්‍ය තුළින් බවය.
පොලිස් ස්ථානාධිපතිවරයෙකු හදිසියේ මාරු කිරීමේදී දුරකතන මාර්ගයෙන් හෝ පොලිස් කොමිසමේ අවසරය ලබා ගත යුතු බව සභාපතිවරයා පවසයි.
ඔහු සඳහන් කළේ, මෙම හදිසි මාරුව පිළිබඳව තමා පොලිස් පතිවරයාගෙන් වාර්තාවක් ද කැඳවා ඇති බවය.

ඊපීඩීපී උපදේශිකාවගේ අවසන් කටයුතු කොළඹදී
මැයි 15 - වෙඩිතබා ඝාතනය කෙරුණු ඊ.පී.ඩී.පී. සංවිධානයේ උපදේශිකාවක වූ නීතිඥ මහේෂ්වරී වේලායුදන් මෙනෙවියගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
මේ වනවිට ඇයගේ දේහය කොළඹ උද්‍යාන පාරේ පිහිටි ඊ.පී.ඩී.පී සංවිධාන ප්‍රධාන කාර්යාලයේ තැන්පත් කර තිබේ.
යාපනයේ කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටියදී පෙරේදා රාත්‍රි (මැයි 13) ඇය නාදුනන තුවක්කරුවන්ගේ වෙඩි පහරට ලක්වූවාය.
1953 ජූලි 17 වනදා යාපනය පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රදේශයේදී උපත ලද මහේෂ්වරී වේලායුදන් මෙනෙවිය, යාපනය පේදුරුතුඩුව හින්දු විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන හැදෑරූ අතර කොළඹ නිතී විද්‍යාලයෙන් නිතීඥවරියක ලෙස සිය අධ්‍යාපනය හමාර කළාය.
තමිල් අරසු පක්ෂයේ ක්‍රියාකාරිනියක ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ ක ඇය දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය නැංවීම වෙනුවෙන්ද කැපිපෙනෙන සේවාවක නිරත විණි.
එම සේවාවන් වෙනුවෙන් ඉන්දියාවේ සංවිධාන 6 ක් එක්ව සිවනේරිසෙන් තමිල් සෙල්වි යන ගෞරවනාමයද ඇයට පිරිනැමූහ.

Subscribe to:
Posts (Atom)