විජයානි එදිරිසිංහ
කොටි ත්රස්තවාදීන් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය වාහන අංගණයක් සහ සොහොන් පිටියක් 57 වැනි බලසේනාංකය සොයාගෙන තිබේ.
මුලතිව් ප්රදේශයේ ඒ 35 මාර්ගයට ආසන්න ඝන කැලෑවේ අක්කර භාගයක පමණ එම සොහොන පිහිටා තිබෙන බව හමුදා ප්රකාශක බි්රගේඩියර් උදය නානායක්කාර පැවැසීය.
එම ඩිපෝවේ ටයර් කන්ටේනර් දෙකක්, අබලන් වූ වාහන, වාහන අමතර කොටස් ඉන්ධන ඇතුළු තවත් උපකරණ රැසක් තිබී ඇත.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Friday, February 6, 2009
කොටි පණිවිඩ මධ්යස්ථානය විනාශයි
විජයානි එදිරිසිංහ සහ චන්ද්රිකා පෙරේරා
පුදුකුඩිඉරිප්පු ප්රදේශයේ පිහිටි කොටින්ගේ පණිවිඩ හුවමාරු මධ්යස්ථානය සහ ප්රාදේශීය නායකයන් අණ දීමට රැස්වන මෙහෙයුම් මධ්යස්ථානයක් ගුවන් හමුදාවේ ජෙට් යානා එල්ල කළ ප්රහාරයකින් සම්පූර්ණයෙන් විනාශ විය.
ඊයේ (05) පෙරවරුවේ එම ගුවන් ප්රහාර එල්ල වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්ය මධ්යස්ථානය පවසයි.

කොටින්ගේ ගෑස් හමුදාව යටතට
චන්ද්රිකා පෙරේරා
මුලතිව් විශ්වමඩු සහ උදයාර්කට්ටු ප්රදේශයේ පසුගියදා ඇතිවූ ගැටුම්වලින් අනතුරුව කොටි ත්රස්තවාදීන් සතු ගෑස් සිලින්ඩර්, පෝර හා භූමිතෙල් බැරල් තොගයක් සමඟ කැන්ටර් රථ දෙකක් යුදහමුදා භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙසේ අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ගෑස් සිලින්ඩර් 36ක්, කිලෝ පනහ බැගින් වූ යූරියා පෝරමලු 1500 ක් භූමිතෙල් බැරල් 40 ක්, ජල බවුසරයක්, ජෙනරේටරයක් හා යතුරුපැදියක් ද ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්ය මධ්යස්ථානය පැවැසීය.
එහි දී එදින පෙරවරු 9.30 සිට 12.30 දක්වා කාලය තුළ ත්රස්තවාදීන් සමඟ ගැටුම් හටගෙන තිබිණි. පුදුකුඩිඉරුප්පු දකුණ ප්රදේශයේදීත් එදින පුරාම ගැටුම් හටගත් බව යුද හමුදාව පවසයි.

ඉන්දියා පිතිහරඹය හමුවේ ශී්ර ලංකාව යළිත් පසුබසී
වර්නන් ගුණසේකර
ඉන්දියා ආරම්භක පිතිකරු ගෞතමි ගාම්භීර් හා නායක මහේන්ද්ර සිං ද්රෝනී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 188 ක අගනා සබඳතාවයක් වර්තා කරමින් ශී්ර ලංකාවට එරෙහිව පිට පිට සිවුවැනි ජයග්රහණය කරා ඉන්දියාව ඊයේ මෙහෙය වූහ.
ගාම්භීර් ලකුණු 150 ක් ලබා ගනිමින් ඔහුගේ කී්රඩා දිවියේ හොඳම එක්දින ඉනිමේ නියලුණු අතර ද්රෝනි ලකුණු 94 ක් රැස් කෙළේය.
ලකුණු 333 ක ජයග්රාහී ඉලක්කය හඹා ගිය ශී්ර ලංකා පිලට ඕවර 48 ක් ඇතුළත සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 265 ක් පමණි. ඒ අනුව ඉන්දියාව ලකුණු 67 කින් තරගය ජයග්රහණය කෙළේය.
තරගයේ වීරයා ගෞතම් ගාම්භීර්
ඉන්දියාව වෙනුවෙන් ඉර්ෆාන් පතන් ලකුණු 58 කට කඩුලු 3 ක් බිඳ හෙළීය.
නුවන් කුලසේකර තරගයේ අවසන් අවස්ථාවේ දර්ශනීය පිතිහරඹයක නියැලෙමින් පන්දු 22 කදී ලකුණු 39 ක් රැස් කෙළේය. ඔහුගේ නොදැවුණු ඉනිමට හතරේ පහර 4 ක් හා හයේ පහර 2 ක් ඇතුළත් විය.
ලකුණු 333 ක ජයග්රාහී ඉලක්කය හඹා යාමේදී ශ්රී ලංකාව සිය ඉනිමේ හරි අඩක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 136 ක් රැස්කර ගෙන සිටියේය.
ඉන්දියාව ඔවුන්ගේ පළමු ඕවර 25 නිමාවනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 151 ක් ලබාගෙන සිටියේය.
කෙසේ වෙතත් පළමු ඕවර 20 අවසන් වනතෙක් ලකුණු ලබාගැනීමේ වේගය අතින් ශ්රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිිටියේය. ශ්රී ලංකා ඉනිමේ ආරම්භය වේගවත් එකක් විය.
ආක්රමණශීලී පිති හරඹයක නියැළුණු තිලකරත්න ඩිල්ෂාන් හා සනත් ජයසූරිය පළමු පන්දු 44 ඇතුළත ලකුණු 55 ක් රැස් කිරීමට සමත්වූහ. පළමු ඕවර 10 අවසන් වනවිට මේ පිතිකරුවන් දෙදෙනා ඕවරයකට ලකුණු 7 කට වැඩි වේගයක් වාර්තා කොට සිටියහ.
මුලින්ම දැවී ගියේ ජයසූරියයි. යුසුෆ් පතාන්ගේ පන්දුවකට ෂෝට් මිඩ් ඕෆ් හි රෝහිත් ෂර්මා අතට උඩ පන්දුවක් දෙමින් 8 වැනි ඕවරයේ දී දැවී ගියේය. ජයසූරිය ලකුණු 27 ක් ලබා ගත්තේ පන්දු 15 කට පමණක් මුහුණ දෙමිනි. හයේ පහර 2 ක් හා හතරේ පහරක් ඔහු එල්ල කෙළේය.
පන්දු 35 කදී හතරේ පහර හයක් සමඟ ලකුණු 38 ක් ලබා ගත් තිලකරත්න ඩිල්ෂාන් මුළු ලකුණු 79 දී දැවී ගියේය. අනතුරුව කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන (28) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක් රැස් කරමින් සිටියදී විරේන්ද්ර ෂෙවාග් ජයවර්ධන දවාලමින් ඒ සබඳතාවය බිඳ දැමීය.
ශ්රී ලංකා පිල කඩුලු 2 කට ලකුණු 108 ක් ලබාගෙන සිටියදී (ඕවර 17.2) තරගය මද වේලාවකට ඇන හිටිණි. නරඹන්නෙක් විසින් යම් ද්රව්යයක් පිටියට විසි කළ බවට හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි ඉන්දියා කී්රඩකයෙක් පැමිණිලි කිරීම හේතුවෙන් ඉන්දියා කී්රඩකයෝ පිටියෙන් ඉවතට ගියහ.
කෙසේ වෙතත් හතරේ සීමාව වටා මුරකාවල් තර කිරීමෙන් පසුව තරගය මිනිත්තු විස්සකට පමණ පසුව යළි ආරම්භ වූයේ එකම ඕවරයක් හෝ අඩු නොකරය.
තිළිණ කණ්ඩම්බි හට ඊයේ ලබාගත හැකිවූයේ ලකුණු 10 ක් පමණි. සංගක්කාර පන්දු 74 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සමඟ ලකුණු 56 ක් වාර්තා කළේය.
ශී්ර ලංකාව ඊයේ තරගය සඳහා අජන්ත මෙන්ඩිස් වෙනුවට තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන කී්රඩක ඇන්ජලෝ මැතිව්ස් කැඳවා තිබිණි. ඉන්දියාව සචින් ටෙන්ඩුල්කාර් හා සහීර් ඛාන් වෙනුවට රෝහිත් ෂර්මා සහ ඉර්ෆාන් පතන් නම් කර තිබිණි.
මේ තරගාවලියේ පිට පිට සිවුවැනි වතාවටත් මහේන්ද්ර සිං දෝනි ඊයේ කාසියේ වාසිය දිනාගත්තේය. ප්රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඉන්දියානුවෝ කඩුලු 5 ක් දැවී ලකුණු 332 ක් වාර්තා කළහ.
ගෞතම් ගාම්භීර් හා මහේන්ද්ර සිං දෝනි ගේ ලකුණු 188 ක දෙවැනි කඩුලු සබඳතාවය මෙන් ම ගාම්භීර්ගේ පෞද්ගලික ලකුණු 150 වටා ඉන්දියා ඉනිම ගොඩනැගිණි.
ඉන්දියා පිලේ පළමු කඩුල්ල බිඳ වැටුණේ මුළු ලකුණු 14 දීය. නුවන් කුලසේකර යැවූ තරගයේ තෙවැනි ඕවරයේදී විරේන්ද්ර ෂෙවාග් (5) “ෂෝට් මිඩ් විකට්” ස්ථානයට දුන් උඩ පන්දුවක් සනත් ජයසූරිය විසින් අති විශිෂ්ට අයුරින් රැකගැනිණි.
පිතිකරු පෙළේ ඉහළට පිවිසෙමින් නායක මහේන්ද්ර සිං දෝනි ඊළඟට පිටියට පැමිණියේය.
නිරායාසයෙන් පන්දුවට පහර දුන් දෝනි සහ ගෞතම් ගාම්භීර් හතරේ හයේ පහර එල්ල කරමින් ප්රදර්ශනීය පිතිහරඹයක නියැළුණහ. ඉන්දියා ඉනිමට ශක්තිමත් අත්තිවාරමක් දමමින් මේ දෙදෙන දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 188 ක් එක්කරමින් සිටියදී ඒ සබඳතාවය බිඳ දැමුවේ ජයසූරියයි.
ඔහුගේ දඟ පන්දුවකට දිල්හාර ප්රනාන්දු අතට උඩ පන්දුවක් ලබා දෙමින් දෝනි ලකුණු 94 දී දැවී ගියේය. 34 වැනි ඕවරයේදී දැවී යාමට පෙර දෝනි හතරේ පහර 4 ක් හා මුරලිට සහ ජයසූරියට එරෙහිව හයේ පහර 2 ක් ද එල්ල කළ අතර ඔහු ලකුණු 94 වාර්තා කළේ පන්දු 96 කදීය.
ඊළඟ ඕවරයේදී කි්රයාත්මක වූ වේග පන්දු යවන නුවන් කුලසේකර පිට පිට කඩුලු 2 ක් දවාලීමට සමත් විය. ඔහුගේ තෙවැනි හා සිව්වැනි පන්දු කෙළින්ම වැදීමෙන් පළමුව යුවරාජ් සිං (5) ද, දෙවැනුව යූසුෆ් පතාන් (0) ද දැවී ගියහ.
මුළු ලකුණු 207 දී එම කඩුලු ද්විත්වය බිඳ වැටීමෙන් පසුව ගාම්භීර් හා සුරේෂ් රයිනා එක්ව 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 103 ක් රැස්කරමින් සිටියදී ගාම්භීර් දැවී ගියේය.
පන්දු 147 කට මුහුණ දුන් ඔහු හතරේ පහර 13 ක් හා හයේ පහරක් සමඟ ලකුණු 150 ක් රැස් කළේය. එය ගාම්භීර්ගේ ;හාඳම එක්දින ඉනිම වූ අතර ආර්. පේර්මදාස කී්රඩාංගණයේ වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරුවා බවටද ඔහු පත් විය.
නුවන් කුලසේකර ලකුණු 63 කට කඩුලු 3 ක් ද, මුරලිදරන් ලකුණු 66 කට එක් කඩුල්ලක් ද, ජයසූරිය ලකුණු 46 කට එක් කඩුල්ලක් ද ලබා ගත්හ.ඉන්දියාව
වී.ෂෙවාග් ඇ. ජයසූරිය බෝ. කුලසේකර 05
ජී.ගාම්භීර් ඇ.ත සංගක්කාර බෝ. මුරලිදරන් 150
එම්. දෝනි ඇ. ප්රනාන්දු බෝ. ජයසූරිය 94
වයි.සිං බෝ. කුලසේකර 05
වයි. පතාන් බෝ.කුලසේකර 00
එස්. රයිනා නොදැවී 49
ආර්.ෂර්මා නොදැවී 04
අතිරේක 25
එකතුව (කඩුලු 5 ට) 332
කඩුලු බිඳ වැටීම 1 – 14, 2 – 202, 3 – 207, 4 – 207, 5 - 310
පන්දු යැවීම: කුලසේකර 10 – 0 – 63 – 3, මහරූෆ් 10 – 0 – 60 – 0, ප්රනාන්දු 9 – 0 – 64 – 0,
මැතිව්ස් 3 – 0 – 24 – 0, මුරලිදරන් 10 – 0 – 66 – 1, ජයසූරිය 8 – 0 46 - 1
ශී්ර ලංකාව
ටී.ඩිල්සාන් ඇ.සිං බෝ.කුමාර් 38
එස්. ජයසූරිය ඇ.ෂර්මා බෝ. පතාන් (ඉරිෆාන්) 27
කේ. සංගක්කාර ඇ.ගාම්භීර් බෝ.ෂෙවාග් 56
එම්. ජයවර්ධන ඇ. දෝනි බෝ. ෂෙවාග් 28
ටී. කණ්ඩම්බි කඩුල්ල මුවා කළා බෝ.පතන් (යුසුප්) 10
සී. කපුගෙදර බෝ.ඔජා 16
ඒ.මැතිව්ස් ඇ. දෝනි බෝ.යුවරාජ් 06
එෆ්.මහරූෆ් ඇ. ෂර්මා ප පතාන් 28
එන්. කුලසේකර නොදැවී 39
එම්. මුරලිදරන් ඇ. රේනා ප පතාන් (ඉර්ෆාන්) 00
ඩී. ප්රනාන්දු ප කුමාර් 09
අතිරේක 08
එකතුව (ඕවර් 48 කදී) 265
කඩුලු බිඳ වැටීම: 1-55, 2 – 79, 3 – 140, 4 – 163, 5 – 174, 6 – 183, 7 – 207,
8 – 220, 9 – 220, 10 - 265
පන්දු යැවීම: කුමාර් 9 – 0 – 38 – 2 ඉර්ෆාන් පතන් 7 – 0 – 58 – 3 ෂර්මා 5 – 0 - 39 –0
- ඔජා 10 – 0 - 34 – 1 ෂෙවාග් 9 – 0 43 – 2 යූසූෆ් පතාන් 3 – 0 – 13 – 1 යුවරාජ් 5 – 0 – 37 - 1

මුරලි නැවත ඉතිහාසගත වෙයි
වර්නන් ගුණසේකර
ශී්ර ලංකාවේ සුපිරි දඟ පන්දු යවන කී්රඩක මුත්තයියා මුරලිදරන් ඊයේ ඔහුගේ 503 වැනි එක්දින කඩුල්ල ලබා ගනිමින් අන්තර්ජාතික එක්දින තරග බිමේ වැඩිම කඩුලුලාභියා ලෙසින් ඉතිහාසගත විය.
මුරලි ඊයේ මකා දමනු ලැබුවේ පාකිස්තානයේ වසීම් අක්රම් එක්දින කඩුලු 502 ක් ලබා ගෙන තබා තිබූ ලෝක වාර්තාවයි.
ශී්ර ලංකාව හා ඉන්දියාව අතර ආර්.පේර්මදාස කී්රඩාංගණයේ ඊයේ පැවැති සිවුවැනි අන්තර්ජාතික එක්දින කි්රකට් තරගයේදී මුරලිදරන්ගේ ලෝක වාර්තාගත ගොදුර බවට පත්වුයේ ආරම්භක පිතිකරු ගෞතම් ගාම්භීර්ය.
මුරලි ඔහුගේ ඓතිහාසික කඩුල්ල ලබා ගත්තේ ඔහුට සීමිත අවසාන 10 වැනි ඕවරයේ පලමු පන්දුවෙනි. ඔහුගේ ඒ පන්දුවට කඩුලු රකින කුමාර් සංගක්කාර අතට උඩ පන්දුවක් දෙමින් ගාම්භීර් (150) දැවී ගියේය.
මේ අනුව මුරලිදරන් දැන් අන්තර්ජාතික කි්රකට් තරගබිමේ ලෝක වාර්තා දෙකක හිමිකරුවා වෙයි. ඔහු මීට කළින් කඩුලු 769 ක් ලබා ගෙන වැඩිම ටෙස්ට් කඩුලුලාභියා බවට පත් විය.
ශී්ර ලංකා කි්රකට් නිසි බලධාරී හා කී්රඩා අමාත්යංශයේ ලේකම් එස්. ලියනගම, ශී්ර ලංකා කි්රකට් ප්රධාන විධායක දුලිප් මෙන්ඩිස් හා කාර්ය මණ්ඩලය නව ලෝක වාර්තාවේ හිමිකරු මුරලිදරන්ට සුභ පැතූහ.

දිරිය දියණිය තරග බිමෙන් සමුගනී ජනපතිගෙන් මිලියන 5ක තිළිණයක් කී්රඩාවට සේවය කරන්නැයි ඇරැයුම්
පි්රන්ස් ගුණසේකර
ශී්ර ලංකාව රනින් බැබළ වූ “ දිරිය දියණිය “ ලෙස හැඳින්වූ සුපිරි කෙටිදුර ධාවන සූරී සුසන්තිකා ජයසිංහ තරග බිමෙන් සමුගන්නා බව ඊයේ නිලවශයෙන් නිවේදනය කළාය.
මලල කී්රඩාවෙන් ඔලිම්පික් පදක්කමක් ලෝක සූරතා පදක්කමක්, ආසියාතික පදක්කම් හා දකුණු ආසියානු පදක්කම් රැසක් දිනාදුන් ඇය ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී බැහැදැක තරග බිමෙන් සමුගන්නා බව පවසා ඇත.
එහිදී ජනාධිපතිතුමා සුසන්තිකාගෙන් ඉල්ලා ඇත්තේ කී්රඩාව වෙනුවෙන් ඉදිරියේදී සේවයක් කිරීමට එක්වන ලෙසයි.
තරග බිමෙන් සමුගත් සුසන්තිකා වෙත සමරු සිහිවටනයක්ද සමග රුපියල් මිලියන 5ක් ජනාධිපතිතුමා ප්රදානය කර ඇත.
මේ අවස්ථාවට කී්රඩා අමාත්ය ගාමිණී ලොකුගේ හා කී්රඩා අමාත්යාංශයේ ලේකම් එස්. ලියනගම යන මහත්වරුද සහභාගී වී සිටියහ.
තරග බිමෙන් සමුගැනීම පිළිබඳ සුසන්තිකාගෙන් අප කළ විමසීමේදී ඇය සඳහන් කෙළේ මවක්වීමේ අපේක්ෂාවෙන් පසුවන හෙයින් මේ තීරණය ගත් බවයි.
“ ජනාධිපතිතුමා මගේ කී්රඩා දිවියට විශාල සහයෝගයක් දුන් අයෙක්.
ඒ නිසා එතුමා හමු වී මාගේ සමුගැනීම දැන්වූවා.” යනුවෙන් සුසන්තිකා පැවැසුවාය.
“ මා ලැබූ අත්දැකීම් හා දැනුම අනුව කී්රඩාවට සම්බන්ධ වී කුමන හෝ සේවයක් කරන ලෙස ජනාධිපතිතුමා මාගෙන් ඉල්ලා සිටියා.
තවත් වසර කිහිපයකින් ඒ ඉල්ලීම ඉටු කරනවා. මා දැන් ඉන්නේ මවක් වීමේ අපේක්ෂාවෙන්. රට වෙනුවෙන් දුවලා රටට කීර්තියක් අත්කර දුන්නා.
සමුගන්නේ සතුටෙන් යුතුවයි. විවිධ බාධක හැලහැප්පීම් මැද ඉදිරියට පැමිණීමේදී උපකාර කළ සැමට සිය ස්තූතිය පළ කරන බවද ඇය පැවැසුවාය.
“ මම රටට ණය නෑ “ සුසන්තිකා වැඩිදුරටත් කීවාය.
සුසන්තිකා 2000 වසරේ පැවැති සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර් 200 තරගයේදී ලෝකඩ පදක්කම දිනාගත් අතර, 1997 ඇතැන්ස් ලෝක සූරතා මලල කී්රඩා තරගාවලියේදී මීටර් 200 රිදී පදක්කම ඇතුළු පදක්කම් රැසක් දිනා ගත් කී්රඩිකාවකි.
ඇය තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනාවක් එල්ල වුවද පසුව කෙරුණු පරීක්ෂණවලදී නිදොස් වූවාය.

Tuesday, February 3, 2009
Subscribe to:
Posts (Atom)