Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, February 3, 2009

ප‍්‍රභාකරන්ගේ භූගත මාලිගය ඇතුළත...






















කොටි විශාල පිරිසක් හමුදාවට බාර වේවි

විජයානි එදිරිසිංහ
කොටි සංවිධානයේ සාමාජිකයන්ට එම සංවිධානය අතහැර පැමිණ හමුදාවට බාර වන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාර ලැබෙමින් පවතින බව උතුරේ ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.
කොටි සාමාජිකයන් මේ වන විට ඔවුන්ගේ නිල ඇඳුම් අතහැර දමා සාමාන්‍ය වැසියන් සේ ආරක්ෂක අංශ වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
කොටි සාමාජිකයන් ගලවා දැමු කොටි නිළ ඇඳුම් තොග වශයෙන් ඊයේ (02) හා ඊට පෙර දිනත් විශ්වමඩු, පුදුකුඩිඉරිප්පු, ධර්මපුරම් ප‍්‍රදේශවලින් සොයා ගැනීමට හැකි වී තිබේ.
පුදුකුඩිඉරිප්පු, චලෙයි හා කොටින්ට ඉතිරිව ඇති සීමිත බිම් ප‍්‍රමාණයේ රැඳී සිටින කොටි ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් ඉදිරි සතියේදී යුද හමුදාවට බාරවෙනු ඇතැයි 57 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් ජගත් ඩයස් පැවැසීය.
ඔවුන් බොහෝ දුරට සාමාන්‍ය වැසියන් සමඟ පැමිණ බාර වීමට ඉඩ ඇති බව මේජර් ජනරාල්වරයා දිනමිණට කීය.
කොටි ත‍්‍රස්තවාදීන්ට උතුරේ තිබූ වර්ග කිලෝමීටර් පහළොස්දහසකින් දැනට ඉතිරිව තිබෙන්නේ වර්ග කිලෝමීටර් 230ක් පමණය.
ඉන් චලෙයි ප‍්‍රදේශය ආසන්නයේ රැඳී සිටින හමුදාවට ඊයේ සහ පෙරේදා කොටි ත‍්‍රස්තවාදීන් බරපතළ ලෙස ප‍්‍රහාර එල්ල කැර තිබේ.
සාමාන්‍ය මිනිසුන් අතරේ සිට ප‍්‍රහාර එල්ල කරන කොටි ත‍්‍රස්තවාදීන් ආරක්ෂක අංශ ලවා සිවිල් වැසියන් සිටින ප‍්‍රදේශවලට ප‍්‍රහාර එල්ල කරවා ගැනීමේ දැඩි උත්සාහයක යෙදී සිටින බවද මේජර් ජෙනරාල් ජගත් ඩයස් පැවැසීය.
කොටි ත‍්‍රස්තවාදීන් සාමාන්‍ය මිනිසුන් අතරේ සිට මොනයම් ආකාරයක ප‍්‍රහාර එල්ල කළත් ආරක්ෂක අංශ කෙසේවත් එම අධි ආරක්ෂක ප‍්‍රදේශවලට ප‍්‍රහාර එල්ල නොකරයි.
තවත් කොටි දහසක් හෝ ඊට වඩා සුළු ප‍්‍රමාණයක් සිටිය හැකි බව ආරක්ෂක අංශවල විශ්වාසයයි. කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ද ඇතැම් විට එම ප‍්‍රදේශයේ සැඟවී සිටිය හැකි බව ආරක්ෂක අංශවල විශ්වාසයයි. කවුරුන් හෝ මැදිහත් වී තමා බේරාගනු ඇතැයි යන විශ්වාසය මත අවසන් මොහොත දක්වාම ඔහු සැඟවී සිටිය හැකි බව ආරක්ෂක අංශවල විශ්වාසයයි.
ආරක්ෂක අංශ පවසන ආකාරයට ප‍්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් විඳි පහසුකම් සාමාන්‍ය වැසියන්ට පමණක් නොව සෙසු සාමාජිකයන්ට ද ලැබී නොමැත.
කොටි ත‍්‍රස්තවාදීන්ගේ තවත් නිල ඇඳුම් තොගයක් ඊයේ සොයාගෙන ඇත.
කොටි දරුණු ප‍්‍රහාර එල්ල කළත් යුද හමුදා භට පිරිස් ඒවාට සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරන බව මේජර් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය

මුදා නොගත් පෙදෙස්හි පූජකවරුනට ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්

ගැටුම් පවතින ප‍්‍රදේශවල සිට පැමිණෙන ආගමික පූජකවරුන්ගේ සහ ජනතාවගේ සුබසාධනය උදෙසා රජය පියවර ගෙන ඇති බැවින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටී.
ජනාධිපතිවරයා මේ ඉල්ලීම කෙළේ ශී‍්‍ර ලංකාවේ වතිකානු තානාපති මොන්සිග්නර් මාරියෝ සෙනාරි පූජක තුමා අරලියගහ මන්දිරයේදී ඊයේ (2) පෙරවරුවේ මුණගැසුණු අවස්ථාවේදීය.
ගැටුම් පවතින ප‍්‍රදේශ ආශි‍්‍රතව වෙසෙන පූජ්‍ය පක්‍ෂය වෙත මේ පණිවිඩය ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා වතිකානු තානාපතිවරයාගෙන් ඉල්ලා ඇත.
උතුරේ ජනතාව ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වීමට එය ඉවහල් වන බවත් ජනපතිවරයා මෙහිදී පැවැසීය.

තමාගේ මුහුණ යෙදූ මුද්දරයක්

සමන්මලී පි‍්‍රයශාන්ති
හෙටින් (4) ආරම්භ වන දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ දී නවතම ආකාරයේ මුද්දරයක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා තිබේ. පුද්ගලකාරක මුද්දර ක‍්‍රමය යටතේ හඳුන්වා දෙන මේ නවතම මුද්දර ක‍්‍රමය Stamp Tag ලෙස නම් කැර තිබේ.
ප‍්‍රදර්ශනය නැරැඹීමට පැමිණෙන ඕනෑම අයකුට තමන්ගේ මුහුණේ ඡායාරූපයක් මේ මුද්දරයට ඇතුළත් කැර ගත හැකිය.
මේ නව මුද්දර වර්ගයේ පළමු මුද්දරය ප‍්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණෙන ප‍්‍රධාන ආරාධිත අමුත්තාගේ මුහුණේ ඡායාරූපයක් සහිතව නිකුත් කිරීමට නියමිතය.
විනාඩි 3ක් වැනි කෙටි කලකින් නව මුද්දරය සකස් කර දීමට මුද්දර කාර්යාංශය එක් අයකුගෙන් රුපියල් 500ක මුදලක් අය කිරීමට තීරණය කැර තිබේ.
මුද්දර කාර්යාංශය මින් පෙර නිකුත් කර ඇති මුද්දර 9ක් නව මුද්දරය සඳහා භාවිතා කෙරෙන අතර එම මුද්දර වර්ග නවයෙන් තමන් කැමැති මුද්දර නිර්මාණයකට තමන්ගේ මුහුණ යොදා ගැනීමට නරඹන්නන්ට හැකියාව ලැබේ.
මේ පුද්ගලකාරක මුද්දර ක‍්‍රමය පිටරටවල් වල භාවිත කළත් ලංකාවේ මෙතෙක් භාවිත නොවූ බව මුද්දර කාර්යාංශය පවසයි. නව මුද්දර වර්ගය ලිපි යැවීමේ දී ද භාවිත කළ හැකි බවත් කාර්යාංශය කියයි.

මොන බලවතා බලපෑම් කළත් මෙහෙයුම් නවත්වන්නේ නැහැ

ස්වර්ණා විජේකෝන්
ලෝකයේ සිටින දැවැන්තම බලවතා පැමිණ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස රජයට බල පෑම් කළත් කිසිදු හේතුවකට හමුදා මෙහෙයුම් නතර කිරීමට රජයේ සූදානමක් නැතැයි ජාතික නිදහස් පෙරමුණේ සභාපති විමල් වීරවංශ මහතා පැවැසීය.
ඒකීය දේශයක් බිහිකැර සෑම ජනකොටසකටම සාමය, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ සහ හමුදා මෙහෙයුම් නතර නොකරන බවට ජාතික නිදහස් පෙරමුණ දැඩිව විශ්වාස කරන හෙයින් වරින් වර මෙරටට පැමිණෙන විදේශ නියෝජිතයින් සම්බන්ධයෙන් සිය පක්ෂයට ගැටලුවක් නොමැති බවත් හෙතෙම පැවසීය.
වීරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනා දෙන මව්බිම ඒකීය දේශයක් ලෙස ආරක්ෂා විය යුතු බවත්, කිසි ලෙසකින් හෝ රටේ ඒකීය භාවය අහිමි වීමට ජාතික නිදහස් පෙරමුණ ඉඩ නොතබන බවත් වීරවංශ මහතා කීවේය.
යම් හෙයකින් සන්ධීය ක‍්‍රමයක් දක්වා රට ගෙන යාමට කවර පාර්ශ්වයක් හෝ කටයුතු කළ හොත් ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවකු ලෙස නොසිට වහාම ඉවත්වන බවද වීරවංශ මහතා පැවැසීය.
කෙසේ වුවද රට දෙකඩ කිරීමට හෝ සන්ධීය ක‍්‍රමයක් දක්වා රට ගෙනයාමට රජයේ කිසිදු සූදානමක් නොමැති සේම විදේශ නියෝජිතයකු මෙරටට පැමිණි වහාම උණ විකාරෙන් මෙන් නන් දොඩවන ඇතැම් දේශපාලන පක්ෂ නැති අවදානමක් නිර්මාණය කරන්නට උත්සාහ දරන බවද කීය.
රටක් ලෙස විදේශයන් සමඟ සබඳතා පැවැත්වීමට සිදුවන අතර විදේශීය නියෝජිතයන්ගේ පැමිණීම නතර කිරීමට කිසිවකුට නොහැකි බවත් කීය.
විදේශීය නියෝජිතයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණට කිසිදු ගැටලුවක් නොමැති අතර විමසිලිමත් විය යුත්තේ පැමණීම සම්බන්ධයෙන් නොව කි‍්‍රයාත්මක වීම සම්බන්ධයෙන් බවද වීරවංශ මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ පාලන වකවානුවේදී මෙරටට පැමිණි නෝර්වේ නියෝජිතයන්ගේ මැදිහත් වීම මත සටන් විරාම ගිවිසුමක් අස්සන් කළ බවත් කොටින්ට අවශ්‍ය සන්නිවේදන උපකරණ ඇතුළු සියලු උපකරණ ලබාදුන් බව අමතක නොකළ යුතු බවද වීරවංශ මහතා කීවේය.
හමුදා මෙහෙයුම් සිදුකරන විට හමුවන එල්.ටී.ටී.ඊ.ය සතු උපකරණ තාක්ෂණය ආදිය දෙස බලන විට සටන් විරාම වකවානුවේදී මෙරටට පැමිණි රටවල් සහ සංවිධාන කොටි සංවිධානය පෝෂණය කර ඇති ආකාරය මනාව පැහැදිලි වන බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පැවැසීය.

අද අපි දිනන්නම ඕනෑ

ජගත් පේ‍්‍රමචන්ද්‍ර
සංචාරක ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අතර තෙවැනි එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගය අද (3) දිවා / රාති‍්‍රයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ලක්ෂ්මිපති බලාජි
තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය දැනටමත් 2 – 0ක් ලෙස ඉදිරියෙන් සිටින ඉන්දීය කී‍්‍රඩකයෝ අද තරගයට පිවිසෙන්නේ ජයග‍්‍රාහී මානසිකත්වයෙනි.
පසුගිය වසරේදී ද දෙරට අතර පැවැති එක්දින තරගාවලියේ සූරයන් වූ ඉන්දියානුවන් මේ තරගාවලියද වේලාසනින් ම ජය ගැනීමට තම උපරිම ශක්තිය අද තරගයේ දී ද යොදවනු ඇත.
සත්කාරක ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට අද තරගය තීරණාත්මක වීම නිසා දැඩි පීඩනයකින් යුක්තව පිටියට පිවිසීමට සිදුවනු ඇත.
තරගාවලියේ ජයග‍්‍රහණය සඳහා බලාපොරොත්තු තබාගැනීමට නම් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ අද තරගය අනිවාර්යයෙන් ම ජය ගත යුතුව තිබේ.
ඒ සඳහා යම් තරමකට හෝ අස්වැසිල්ලක් ලැබෙනුයේ මේ වන විට පිතිකරු ලැයිස්තුව තරමක ප‍්‍රගතියක් දැක්වීම ය.
පිතිකරුවෙකු ලෙස දිගින් දිගටම අසාර්ථකව සිටි නායක මහේල ජයවර්ධන පසුගිය තරගයේදී ලකුණු අතරට පිවිසීම කණ්ඩායමේ ප‍්‍රගමනයට හේතුවී තිබේ.
එම තත්ත්වය දිගින් දිගටම පවතින්නේ නම් අද තරගය එතරම්ම අභියෝගයක් විය නොහැකිය. ලෝක වාර්තාවක් අභියස සිටින මුත්තයියා මුරලිදරන්ට අද නැවත වතාවක් වාර්තාව කරා යාමට අවස්ථාව උදාවී තිබේ.
ලොව වැඩිම ටෙස්ට් කඩුලු (769) ලාභියා වන මුරලිදරන්ට ලොව වැඩිම එක්දින ජාත්‍යන්තර කඩුලුලාභියා වීමට තවත් ඇත්තේ කඩුලු 2ක අඩුවකි.
පසුගිය තරගයේ දී මුරලිදරන්ට කිසිදු කඩුල්ලක් නොලැබුණු අතර අජන්ත මෙන්ඩිස්ට හිමිවූයේද අවසන් කඩුලු ද්විත්වයයි.
ඒ පිළිබඳව ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි මාධ්‍ය හමුවේ උදම් ඇනුවේ “ශී‍්‍ර ලංකා දඟ පන්දුයවන්නන්ට අපේ පිතිකරුවෝ හොඳින් මුහුණදුන්නා” කියාය.
ඒ සමඟම ඔහු “ඔවුන්ට අපි කඩුලු ලබා දුන්නෙ නෑ. ඒ වගේම ඔවුන් අපිට ලෙහෙසියෙන් ලකුණු ලබාගන්න දුන්නෙත් නෑ” යන ගෞරවය ද ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන්නන්ට ලබා දුන්නේය.
මේ පිළිබඳව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන ප‍්‍රකාශ කෙළේ “මුරලි යමක් කරාවි. එය ඉතා ඉක්මනින් ම සිදුවේවි” කියාය.
එමෙන්ම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අලුත්ම දඟ පන්දු තුරුම්පුව වන අජන්ත මෙන්ඩිස් පිළිබඳව මහේල ප‍්‍රකාශ කළේ “අඩු වයසෙ ඉන්න අජන්තගෙන් නිතරම කඩුලු ලබාදෙන්න කියල කියන්න බෑ.
නමුත් ඔහු ඉතා හොඳ මෙහෙයක් කරනවා. ඔහු නැවැත කඩුලුලාභී පන්දුයන්නෙක් වේවි” කියාය. මේ අතර පළමු තරගයට කී‍්‍රඩා කරද්දී ආබාධයකට ගොදුරුවී දෙවැනි තරගයට කී‍්‍රඩා නොකළ මුනාෆ් පටෙල් වෙනුවට 27 හැවිරිදි දකුණත් මදවේග පන්දුයවන ලක්ෂ්මිපති බලාජි ඉන්දීය කණ්ඩායමට කැඳවා ඇත.
ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 8කට සහ එක්දින ජාත්‍යන්තර තරග 29 කට මුහුණදී ඇති බලාජි අවසන් වරට එක්දින තරගයකට සහභාගී වී ඇත්තේ 2005 වසරේදී ය. ඒ ද ශී‍්‍ර ලංකාවට එරෙහිව ය.
අද තරගයේදී ඉන්දීය වේගපන්දු යවන සහීර් කාන් කඩුලු 2ක් ලබාගතහොත් ඔහු ශී‍්‍ර ලංකාවට එරෙහිව වැඩිම කඩුලු ලබාගත් කී‍්‍රඩක ලැයිස්තුවේ දෙවැනියා බවට පත්වේ. ඔහු මේ වන විට තරග 29කට සහභාගී වී කඩුලු 42ක් ලබා සිටී.
එම ලැයිස්තුවේ පළමු වැනියා ලෙස තරග 25කදී කඩුලු 49ක් ලබාගත් අජිත් අගාකාර් ද දෙවැනියා ලෙස තරග 36කදී කඩුලු 43ක් ලබාසිටින හර්බජන් සිංද ශ්‍රේණිගතව සිටී.
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් කඩුලු 70 බැගින් ලබා සම තත්ත්වයේ පසුවෙති.
මේ කී‍්‍රඩකයෝ අද තරගයේදී තම වාසනාව උරගා බලද්දී මහේල ද අද තරගයේදී වාසනාව තමා වෙත නතු කරන ගැනීමට ප‍්‍රබල උත්සාහයක නිරත වෙනු ඇත.
ඒ ඉතිරි තරගවල තරගකාරිත්වය රැකගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්ය වන නිසාය. මහේලට එතැනින් නොනැවතී සෙසු තරග දෙකේදී ද මේ සෑම අභියෝගයකටම මුහුණදීමට සිදුවනු ඇත.
ඒ ඉන්දු - ශී‍්‍ර ලංකා එක්දින තරගමාලාවක ජයග‍්‍රහණ පිපාසාවෙන් පෙළෙන කි‍්‍රකට් කී‍්‍රඩා ලෝලීන් නිසාය.
ශී‍්‍ර ලංකාව ඉන්දියාවට එරෙහිව අවසන්වරට එක්දින තරගාවලියක් ජයගෙන ඇත්තේ 1997 වසරේ තරම් ඈතකය. එය ‘මෑතක’ ලෙස ළඟා කර ගැනීමට නම් මහේලට මේ තරග තුනම ජයගැනීමට සිදුවනු ඇත.

චැම්පියන්ස් කුසලාන කි‍්‍රකට් ශ‍්‍රී ලංකාවේදී

පසුගිය වසරේ පකිස්තානයේදී පැවැත්වීමට නියමිතව තිබූ චැම්පියන්ස් කුසලාන කි‍්‍රකට් තරගාවලිය ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය වී තිබේ.
ඒ අනුව එම තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මස 25 සිට ඔක්තෝබර් මස 5 දක්වා පැවැත්වීමට නියමිතය.