මුලතිව් වට කර ඇති හමුදා සේනාංක අට වේගයෙන් එම ඉලක්කය වෙත ළඟා වෙමින් සිටිති. මුලතිව්, පුදුකුඩිඉරිප්පු ඇතුළු වර්ග කිලෝමීටර් හාරසිය පනහක භූමියකට කොටි ත‍්‍රස්තවාදීහු කොටු වී සිටිති.
ලෝකයේ සිටින ප‍්‍රබලම හමුදාවක් ලෙස ශ‍්‍රී ලංකා හමුදාව නම් කළ හැකිය. කොටි ත‍්‍රස්තවාදීන් යුද පලිහක් ලෙස යොදා ගන්නා අහිංසක සිවිල් වැසියන් කිසිවෙකුටත් හානියක් නොකර ඔවුන් කොටි ග‍්‍රහණයෙන් මුදා ගැනීමට ද හමුදාව සමත් වී තිබේ.
ශ‍්‍රී ලංකා යුද ඉතිහාසයේ වැදගත් ම සහ ජයග‍්‍රාහිම වසර 2009 වශයෙන් හැඳින්විය හැකිය. ජනවාරි පළමුවැනිදා වන විට කොටි ත‍්‍රස්තවාදීන් කිලිනොච්චිය පරන්තන් වැනි ප‍්‍රධානතම කොටි බළකොටු අත්පත් කර ගත් යුද හමුදාව ගත වූ සති දෙකේ දී තවත් ජයග‍්‍රහණ රැසක් ලබා ගත්තේය.
දෙමළ ජනතාවගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින දෙමළ විමුක්තිය උදාකරන එකම සංවිධානය කොටි සංවිධානය යැයි පැවැසූ ප‍්‍රභාකරන් දෙමළ ජනතාව වෙනුවෙන් කිසිදු වැඩක් නොකළ බව මේ වන විට ඔප්පු වී හමාරය.
අහිංසක දෙමළ වැසියා පොල් අතු පැලක රඳවා ඔහුගෙන් ලේ උරා බොමින් තලා පෙළා දැමූ කොටි නායක ප‍්‍රභාකරන් සුර සැප විදි බව අද ලෝකයාම දැන ගෙන හමාරය.
ධර්මපුරම් ප‍්‍රදේශයෙන් ප‍්‍රභාකරන්ගේ භූගත මාලිගාවෙන් හමුවීමෙන් පෙනී යන්නේ ඔහු බියගුළු නායකයෙකු බවයි. මෙවැනි මාලිගා කිහිපයක් ඉදිරි මෙයෙයුම්වල දී යුද හමුදාව සොයා ගනු ඇතැයි අනුමාන කළ හැකිය.
ප‍්‍රභාකරන්ගේ කොටි සංවිධානයට කප්පම් මුදල් ගෙවමින්, කොටින්ගේ නොයෙක් වධහිංසාවලට ලක්වෙමින් සිටි උතුරේ ජනතාවට තමන්ගේ පාඩුවේ, නිදහසේ සිටිය හැකි කාලය උදාවෙමින් තිබේ.
මවුබිම බේරාගැනීම වෙනුවෙන් තම ජීවිතය කැප කර සටන්වල නිරතව සිටින වීර හමුදා සෙබලුන් ඒ අවස්ථාව තව නොබෝ දිනකින් උදා කරනු ඇත.
ජයග‍්‍රාහී ලෙස ඉදිරියට ඇදෙන හමුදාවෝ ඉකුත් සතියේ ද කොටි බළකණු රැසක් සියතට ගත්හ. දශක තුනකට දිවෙන කොටි ඊළාම් යුද්ධයේ මෙතෙක් ළඟා වීමට නොහැකි වූ ප‍්‍රදේශ රැසක් අත්පත් කර ගැනීම හමුදාව ලැබූ විජයග‍්‍රහණයක් ලෙස ද හැඳින්විය හැකිය.
මේජර් ජෙනරාල් ජගත් ඩයස් මෙහෙයවන 57 වැනි සේනාංකය කිලිනොච්චිය අත්පත් කර ගැනීමෙන් පසු රාමනාදන්පුරම් බලය ඉකුත් සිකුරාදා (18) තහවුරු කර ගත්තේය.
දරුණු සටන් මැද පැති කිහිපයකින් ඇතුළු වූ 3 වැනි ගජබා, 9 වැනි ගජබා කොටින්ට පන්න, පන්නා පහර දුන් හ. කිලිනොච්චියට නැඟෙනහිරින් වූ රාමනාදන්පුරම් කිලෝමීටර් 08ක් විහිදුණු ප‍්‍රදේශයකි.
3 වැනි ගජබා රෙජිමේන්තුව මේ ප‍්‍රදේශයට උතුරෙන් ද, 9 වැනි ගජබා රෙජිමේන්තුව දකුණු ප‍්‍රදේශයෙන් ද මෙයට ඇතුළු විණි. නගරය අත්පත් කර ගන්නා මොහොත වන විටත් එහි රැඳී සිටි කොටි ත‍්‍රස්තවාදීහු හමුදා ප‍්‍රහාරවලින් දැඩි ලෙස බැට කෑහ. කොටින් ට සිදු වූයේ බංකර් අත හැර දමා තුවාලකරුවන් සහ මියගිය කොටින්ගේ මළ සිරුරු රැගෙන පලා යාමට ය.
‘ඉලක්ෂියා’
රාමනාදන්පුරම්හි පිහිටි බංකරයක සැඟව සිටි කොටි නායිකාවක් අත්අඩංගුවට ගැනීමට හමුදාවෝ සමත් වූහ. ‘ඉලක්ෂියා’ නමැති කොටි නායිකාවක් වන මැයට කොටි සංවිධානය ලුතිනන් කර්නල් තනතුරක් ද ලබා දී තිබුණි. ඕනෑම මොහොතක බෝම්බයක් සෑදීමට, බෝම්බයක් නිෂ්කී‍්‍රය කිරීමට හැකි ඉලක්ෂියා කොටින්ගේ බෝම්බ අංශයේ ප‍්‍රධානියෙකු බව අනාවරණය වේ.
හමුදාවේ ගමන අඩපණ කිරීම සඳහා බෝම්බ වැළලීම තම කාර්යභාරය වූ බව ඇය අවධාරණය කළා ය. මේ ප‍්‍රදේශවල ඇති වූ ගැටුම්වල දී කොටි ත‍්‍රස්තවාදීන් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව භූමියේ භටයෝ තහවුරු කළ හ.
මියගිය කොටි ත‍්‍රස්තවාදීන් 5දෙනකුගේ සිරුරු ටී 56 තුවක්කු, බිම්බෝම්බ, අත්බෝම්බ, ජීව පතරොම් ඇතුළු අවි ආයුධ රැසක් හමුදා සෙබලුන් සෝදිසි මෙහෙයුම්වල දී සොයා ගැනිණි.
මුර අඩවිය සටහන් තබන මොහොත වන විට 57 වන සේනාංකයේ රණවිරුවෝ කිලිනොච්චියට නැගෙනහිරින් වන්නට මෙහෙයුම් දියත් කරමින් මුලතිව් දෙසට ඇදෙමින් සිටිති.
බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යටතේ ඉදිරියට ගමන් කරන 58 වැනි සේනාංකය පරන්තන් සිට මුලතිව් දෙසට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරයි. මේ වන විට එම සේනාංකය මුරුසමුඩෙයි අත්පත් කර ගැනීමෙන් පසු විශ්වමඩු දෙසට සිය මෙහෙයුම් කි‍්‍රයාත්මක කරයි.
ඉකුත් 15 දා පෙරවරු වන විට මේ සේනාංකයේ රණවිරුවෝ ධර්මපුරම් ගම්මානය කොටි ග‍්‍රහණයෙන් මුදාගත් හ. මුලතිව් සීමාවේ නිජබිමක් ලෙස සැලකෙන ධර්මපුරම් කොටින්ගේ පරිපාලන කටයුතු සඳහා යොදා ගෙන තිබිණි.
මේ වන විට පරන්තන් සිට නැඟෙනහිර දිශාවට කිලෝමීටර් 15ක දුරක් ගමන් කර ඇති 58 වැනි සේනාංකයේ සෙබලුන් වර්ග කිලෝමීටර් 180ක් කොටි ග‍්‍රහණයෙන් මුදාගෙන ඇත.
කිලිනොච්චි සිට මුලතිව් දෙසට 57 වැනි සේනාංකයෙන් එල්ල වන ප‍්‍රහාර ද පරන්තන් සිට මුලතිව් දක්වා ගමන් කරන 58 වැනි සේනාංකයෙන් ද එල්ලවන ප‍්‍රහාර හමුවේ කොටි ත‍්‍රස්තවාදීන් දැඩි අර්බුදයකට පත් වී තිබේ.
වඩිඩකච්චි ප‍්‍රදේශය සිය ග‍්‍රහණයට ගත් 583 වැනි බළ සේනාව 7 වැනි සිංහ, 11 වැනි පාබල, 10 වැනි ගජබා සිය ජයග‍්‍රහණයට දායක කර ගැනිණි. මෙහි දී 5 වැනි සන්නාහ සන්නද්ධ බළකායේ යුද ටැංකි මඟින් 583 වැනි බළසේනාවට සිය උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණි.
11 වැනි පාබල රෙජිමේන්තුව ඒ 35 මාර්ගයේ දකුණින් ධර්මපුරම් වෙත ගමන් කළ අතර 7 වැනි සිංහ රෙජිමේන්තුව ධර්මපුරම්වලට උතුරින් ඉදිරියට ඇදුනෝය.
උපායශීලිව ධර්මපුරම් ගම වටකර ගත් බළඇණි කොටි නොසිතූ මොහොතක දිගට හරහට කොටින්ට ප‍්‍රහාර එල්ල කළහ. ගම්මානයේ සිටි සිවිල් ජනතාව මුලතිව් දෙසට පලවා හරිමින් කොටි ත‍්‍රස්තවාදීහු ධර්මපුරම් ප‍්‍රදේශය අතහැර පසුබැස ගියහ.
මේ සටන අතරතුර හමුදාවෝ සිය මානුෂිකත්වය ලොවට පෙන්වීමට සමත් වූහ. කිසිදු ගැටලුවකින් තොරව යුද පිටියේ දී ඝාතනය කිරීමට හැකියාව තිබූ කොටි ත‍්‍රස්තවාදීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
11 වැනි පාබල රෙජිමේන්තුවේ භට පිරිස් කොටි තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගත් බව සටනේ නිරත උසස් හමුදා නිලධාරියෙක් මුර අඩවියට පැවසීය.
‘මම ප‍්‍රභාකරන්ගේ ළඟින් ම සිටිමින් ඔහුට ආරක්ෂාව ලබාදුන් කෙනෙක්. කොටි සංවිධානය මට කපිතාන් නිලයක් ලබා දී තිබුණා. මේ මොහොත වන විට ප‍්‍රභාකරන් සිවිල් වැසියන් දස, දහස් ගණනක් ඔහුගේ ග‍්‍රහණයේ තියාගෙන සිටිනවා.
ප‍්‍රභාකරන් ඉන්න තැන වටකරලා මේ සිවිල් වැසියන් ප‍්‍රභාකරන්ගේ ආරක්ෂාවට යොදවලයි තිබෙන්නේ. හමුදා ප‍්‍රහාරවලින් අපේ සාමාජිකයන් ගොඩාක් මැරුණා. තව ගොඩාක් තුවාල වුණා. මේ මොහොත වන විට කොටි සාමාජිකයන්ට කෑමවත් නැහැ.
ඒත් සංවිධානයේ අය වෙඩි තියයි කියන බය නිසා කොටි සෙබලුන් සටන් කරනවා. මම වසර 10කට වැඩි කාලයක් කොටි සාමාජිකයෙක් වෙලා හිටියා. මට ලැබුණු දෙයක් නැහැ. දුක, වේදනාව ඕන තරම් අත්වින්දා’ යැයි අත්අඩංගුවට පත් කොටි සාමාජිකයන් තිදෙනාගෙන් එක් අයෙක් හමුදා නිලධාරීන් හමුවේ පැවැසීය.
මෙලෙස අත්අඩංගුවට පත් වූ කොටි තිදෙනා කොටි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් බව අනාවරණය විය. හැම විට ම මිනිස්කම අගයන, මිනිස්කම වෙනුවෙන් කැපවෙන අප වීරෝදාර සෙබලුන් මෙම කොටි සාමාජිකයන් තිදෙනාට ආහාරපාන, වෛද්‍ය පහසුකම් වහා ලබාදීමට පියවර ගැනිණි.
ධර්මපුරම් ගමේ නැෙඟනහිර කොටසේ තිබී කොටි පුහුණු කඳවුරක් 58වැනි සේනාංකයේ භට පිරිස් විසින් සොයා ගන්නා ලදී. භූමියේ දක්නට ලැබුණු බොහෝ දේවල්වලින් පෙනී යන්නේ කොටි ත‍්‍රස්තවාදීන් තම සාමාජිකයන්ට නොයෙක් වදහිංසා පමුණුවමින් යුද පුහුණුව ලබාදුන් බව යැයි භූමියේ සිටින උසස් හමුදා නිලධාරියෙක් මේ තීරයට පැවැසීය.
ධර්මපුරම් ගමේ තිබුණු භූගත බංකරයක් ද භටපිරිස් විසින් සොයා ගන්නා ලදී. මෙම බංකරයට පිවිසීම සඳහා අඩි 40ක පමණ උසකින් යුක්ත වූ පඩිපෙළක් තනා තිබිණි. බංකරයේ 75 දෙනෙකුට පමණ සිටිය හැකි අතර කොටි නායකයකු මෙහි රැඳී සිටින්නට ඇතැයි හමුදාව සැක කරයි.
ඉහළින් බැලූවිට පොල් අතු මඩුවක් සේ පෙනෙන මෙය වටා සිවිල් වැසියන් පදිංචිකරවූ පැල්පත් රාශියක් ද දැක ගත හැකිය.
ධර්මපුරම් ගම්මානයේ බලය සම්පූර්ණයෙන් තහවුරු කළ 58 වැනි සේනාංකයේ සෙබලු 17 දා වන විට විශ්වමඩු දෙසට ගමන් කළහ. ඊයේ වන විට 58 වැනි සේනාංකය විශ්වමඩු දෙසට ළගාවෙමින් කොටින්ට ප‍්‍රබල ප‍්‍රහාර රැසක් එල්ල කිරීමට සමත්විය.
බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත යටතේ 59 වන සේනාංකය ඉකුත් 10දා කොටින්ගේ තවත් ගුවන් පථයක් අත්පත් කර ගත්තේය. මුලතිව් පුදිකුඩිඉරිප්පු කේපාපිලව් ප‍්‍රදේශයේ තිබූ මෙම ගුවන් පථය ඉතා රහසිගත ලෙස සකස් කර තිබුණි. ගුවනට පවා නොපෙනෙන අයුරින් ඉදිකළ ගුවන්යානා අංගන දෙකක් මෙහි තිබී සොයාගැනිණි.
592 වැනි බළසේනාවත්, 593 වන බළසේනාවත් ගුවන් අංගනයට දෙපැත්තෙන් වට කරමින් කොටින්ට පහරදුන් අතර 9 වැනි සිංහ රෙජිමේන්තුවේ රණවිරුවෝ ගුවන් පථය අල්ලා ගත්හ.
මේ අතර ඉරණමඩු වැවට නැඟෙනහිරින් වූ කොටින්ගේ ප‍්‍රධාන ගුවන් පථය ලෙසින් සැලකෙන ඉරණමඩු කොටි ගුවන් පථය කාර්යසාධක බළකාය – 3 විසින් අත්පත් කර ගන්නා ලදී. බි‍්‍රගේඩියර් සත්‍යපි‍්‍රය ලියනගේ අණදෙන කාර්යසාධක බළකාය – 3 යටතේ වූ 632 වැනි බලසේනාව මේ ප‍්‍රදේශයේ කොටි බලය සුණු විසුණු කෙළේය.
කොටි ගුවන් පථ
කොටින්ගේ ඊළාම් රාජ්‍යයේ කිලිනොච්චි අගනගරයේ ප‍්‍රධාන ගුවන් තොටුපොළ ලෙස කොටි ත‍්‍රස්තවාදීන් මෙය නම් කර තිබූ අතර දිගින් කිලෝමීටර් 02 කට වැඩි මෙම ගුªවන් පථය පළලින් මීටර් 200 කි.
632 බළසේනාව මඟින් මීට ඉහතදී අම්පකාමම් ප‍්‍රදේශයේ තිබී තවත් කොටි ගුවන් පථයක් මුදා ගත්හ. ඉරණමඩු ගුවන් පථය කරා ළංවන අවස්ථාවේ කොටි අතිරේක කණ්ඩායම් කැඳවා හමුදා ගමන වැළැක්වීමට කිහිප විටකදී උත්සාහ දැරුවද එය අසාර්ථක විය.
මේ අතර මේ ප‍්‍රදේශයේ හාරසියයකට ආසන්න කොටි සාමාජිකයන් පිරිසක් සිටින බව ඉදිරි මෙහෙයුම්වල නිරතව සිටින කුඩා කණ්ඩායම් දන්වා තිබුණි. එම තොරතුරු ඔස්සේ කාර්ය සාධක – 3 සේනාංකය සිය මෙහෙයුම් උපක‍්‍රමශීලීව ආරම්භ කෙළෙය.
එහිදී කොටි ත‍්‍රස්තවාදීහු 35 දෙනෙක් මරුමුවට පත්වූහ. කොටින්ගේ මෘතදේහ 64ක් ද සොයා ගත්හ.කොටින්ගේ 5 වැනි ගුවන් පථය කාර්යසාධක සේනාංක – 3 මගින් අත්පත් කරගෙන පැය 24ක් යෑමට පෙර 57 වැනි සේනාකයේ භට පිරිස් විසින් කොටින්ගේ තවත් ගුවන් පථයක් සොයාගන්නා ලදී.
ඉරණමඩු වැවට නැඟෙනහිරට වන්නට මෙය සකස් කර තිබූ අතර කිලෝමීටරයක් පමණ දිගින් යුත් මෙම ගුවන් පථය මීටර් 50ක පළලකින් සමන්විත වෙයි.
මීට පෙර පරන්තන් සහ කොකාවිල් ප‍්‍රදේශවලදීද කොටින්ගේ ගුවන් පථ දෙකක් අල්ලාගැනීමට යුද හමුදාවෝ සමත්විය.
කොටි ත‍්‍රස්තවාදීහු මේ ආකාරයට ගුවන් පථ කිහිපයක් සකස් කර ඇත්තේද හමුදාව නොමඟ යැවීම සඳහා විය හැකි බව ආරක්‍ෂක අංශ ප‍්‍රධානියෙක් අවධාරණය කෙළේය.
කොළඹ, වව්නියාව, අනුරාධපුරට කොටි ගුවන් ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවල කොටි ගුවන් යානා එක් ගුවන් පථයකින් ඉහළට ඔසවා තවත් ගුවන් පථයකින් ගොඩබස්සවන්නට ඇතැයි සැක කළ හැකිය.
කොටි සතු ගුවන්යානා මේ මොහොත වන විට මුලතිව්වලට ගෙනගොස් ඇති අතර කොටි මේවා යොදාගෙන ඉදිරියට එන හමුදාවන්ට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමේද ඉඩකඩක් තිබෙන බවත් ඒ සඳහා ආරක්‍ෂක අංශ සීරුවෙන් තබා ඇති බවත් උසස් හමුදා නිලධාරියෙක් මුරඅඩවියට පැවැසීය.
කර්නල් නිශාන්ත වන්නිආරච්චි අණදෙන කාර්ය සාධක බළකාය – 4 යටතේ වූ 641 වැනි බළසේනාව මුත්තියන්කඩ්ඩිකුලම් වැවට නැඟෙනහිරින් වූ කොටින්ගේ පුහුණු කඳවුරක් ඇතුළු කඳවුරු සංකීර්ණයක් අත්පත් කර ගත්හ.
14 වැනි සිංහ, 20 වන පාබල, 21 වන සිංහ යන රෙජිමේන්තු මේ සඳහා දායක වූහ. කඳවුරු සංකීර්ණයේ භූගත බංකරයක ඉතා සුව පහසු ආකාරයට සකස් කළ කාමර දෙකක් විය.
මින් එක් කාමරයක් සම්පූර්ණයෙන් පිඟන් ගඩොල් අල්ලා තිබූ අතර එහි වූ නවීන නාන කාමරයක්ද තිබිණි. ප‍්‍රභාකරන් හෝ වෙනත් ප‍්‍රබල කොටි නායකයකු මෙහි රැඳී සිටින්නට ඇතැයි රණවිරුවෝ සැක පහළ කරති.
මෙම කඳවුරු සංකීර්ණය අත්පත් කර ගැනීමේදී කොටි සාමාජිකයන් සහ හමුදාව අතර මුහුණට මුහුණලා දරුණු සටන් පැවති අතර එහිදී කොටින්ට බරපතළ හානි සිදු විය.
කොටි ග‍්‍රහණයෙන් පලා එන සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීමට යුධ හමුදාව පියවර රැසක් කි‍්‍රයාත්මක කර ඇත. ඉකුත් සති දෙකේ තුන් දහසකට ආසන්න සිවිල් වැසියන් ප‍්‍රමාණයක් කොටි ග‍්‍රහණයේ සිට හමුදාව වෙත පැමිණ තිබේ.
කොටි ත‍්‍රස්තයන් අනාරක්ෂිත ප‍්‍රදේශවල සිටින සිවිල් වැසියන් ප‍්‍රමාණය විශාල කරමින් ලෝකයාට පෙන්වා තිබේ. අනාරක්‍ෂිත ප‍්‍රදේශවල ලක්‍ෂ දෙකහමාරකට ආසන්න පිරිසක් සිිටින බව කොටි ප‍්‍රකාශ කර ඇතත්, ඊට බෙහෙවින් අඩු ප‍්‍රමාණයක් එහි සිටි.
භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Monday, January 19, 2009
කොටින්ගෙන් මිදී 181ක් පැමිණෙති
මහින්ද කුලතුංග
මුලතිව් මුදා නොගත් ප‍්‍රදේශවල සිට කිලිනොච්චියේ මුදාගත් ප‍්‍රදේශයට ගත වූ දින දෙකේදී සාමාන්‍ය වැසියන් 181 දෙනකු පැමිණි බව යුද හමුදාව කියයි.
මේ අනුව පුලියන්පොක්කාරේ ප‍්‍රදේශයට සාමාන්‍ය වැසියන් 164, ධර්මපුරම් ප‍්‍රදේශයට 7 සහ වවුනියාව ඕමන්තේ ප‍්‍රදේශයට 10 ක් පැමිණ තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.

මෝටාර් අංගනයකට ප‍්‍රබල ගුවන් ප‍්‍රහාරයක්
මහින්ද කුලතුංග
කොටි ත‍්‍රස්තවාදීන්ගේ මුලතිව් ඉදිරි ආරක්ෂක වළල්ලට සහ ඉරණමඩු වැවට කිලෝ මීටර් 8 ක් නැගෙනහිරින් පිහිටි කොටි මෝටාර් මධ්‍යස්ථානයකට ඊයේ (18) උදේ ගුවන් හමුදාව ගුවන් ප‍්‍රහාර එල්ල කර තිබේ.
එම්.අයි.24 හෙළිකොප්ටර් මගින් මෙම ප‍්‍රහාර එල්ල කර තිබේ.
මුලතිව් නගරයට කිලෝ මීටර් 4ක් නුදුරින් පිහිටි කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට ගුවන් හමුදාව ප‍්‍රහාර එල්ල කර ඇත්තේ යුද හමුදාවේ 59 වැනි සේනාංකයට සහාය සඳහා බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

‘රාමනාථපුරම්’ හි බලය හමුදාව අතට
මහින්ද කුලතුංග, චන්ද්‍රිකා පෙරේරා
යුදහමුදාවෙන් කිලිනොච්චිය දිස්ති‍්‍රක්කයේ රාමනාථපුරම්, ප‍්‍රදේශය පෙරේදා (17) සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන තිබේ.
රාමනාථපුරම් නගරය ඇතුළු ප‍්‍රදේශය ඒ - 9 මාර්ගයට නැගෙනහිරින් පිහිටා ඇති අතර දින කීපයක් තිස්සේ පැවති දැඩිසටහනකින් පසු පෙරේදා එම ප‍්‍රදේශය අත්පත් කරගත් බවත් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
යුදහමුදාවේ 57 වන සේනාංකයේ රණවිරුවන් විසින් මෙම ප‍්‍රදේශය ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන ඇත.

කොටි ඉලක්ක දෙකකට දැඩි ගුවන් ප‍්‍රහාර
මහින්ද කුලතුංග, චන්ද්‍රිකා පෙරේරා
ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට්යානා මගින් මුලතිව් දකුණේ කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට සහ චුණ්ඩිකුලම් දකුණේ කොටි තිප්පොලකට පෙරේදා (17) දැඩි ගුවන් ප‍්‍රහාර එල්ලකර තිබේ.
උදේ 11.00 ට පමණ දකුණු මුලතිව් කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට ප‍්‍රහාර එල්ල කැර තිබේ. චුන්ඩිකුලම් දකුණේ කොටි ඉලක්කයට එදින දවල් 12.00 ට ප‍්‍රහාරය එල්ලකර තිබෙන අතර මේ ප‍්‍රහාර නිවැරදි ඉලක්කයට සාර්ථකව එල්ලකළ බවත් ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන්ට බරපතල හානි සිදුවූ බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

අපේ ආර්ථිකයේ කඩාවැටීමක් කොහෙත්ම සිද්ධ වෙන්නේ නෑ මෛතී‍්‍රපාල සිරිසේන - කෘෂිකර්ම සංවර්ධන සහ ගොවිජන සේවා අමාත්‍ය
ඉදිරියේදී කි‍්‍රයාත්මක විමට නියමිත “උතුරේ වසන්තය” සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳත්, සර්වපාර්ෂික කමිටුවේ යෝජනාවලිය පිළිබඳත් ඉන්දීය ලේකම් ශිව සංකර් මෙනන් මහතාගේ ශී‍්‍ර ලංකා ගමන පිළිබඳත් කෘෂිකර්ම සංවර්ධන සහ ගොවිජන සේවා අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙසේ අදහස් දක්වයි.
මේ වසරේදී ත‍්‍රස්තවාදය අවසන් කරන බවට රජය ප‍්‍රකාශ කරලා තියෙනවා. එහෙත් ත‍්‍රස්තවාදය අවසන් කළ පමණින් උතුරු - නැඟෙනහිර අර්බුදය අවසන් කළ නොහැකි බවට විද්වතුන් මත පළ කරනවා. මෙහෙයුම් වල ජයග‍්‍රහණයෙන් දශක ගණනාවක් පීඩාවට පත්වු ඒ ප‍්‍රදේශවල ජනතාවට මොනවගේ වැඩපිළිවෙළක්ද කි‍්‍රයාත්මක කරන්නේ?
නැඟෙනහිර ප‍්‍රදේශ මුදාගන්න යන ගමනේදීත් ඒ ප‍්‍රදේශවල සංවර්ධනය සඳහා රජය විශාල වැඩ කොටසක් කරගෙන ගියා. නැඟෙනහිර නිදහස් කරගත්තට පස්සේ ඒ ප‍්‍රදේශවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළා.
පළාත් පාලන ආයතන පිහිටුවලා පළාත් සභා පිහිටවලා ඒ ප‍්‍රදේශවල සංවර්ධන කාර්යන් කඩිනම් කළා. අද වෙන විට නැඟෙනහිර නවෝදයක් ඇතිවෙලා තියෙනවා.
ඒක කවුරුත් පිළිගන්නවා. ඒවගේම තමයි උතුරු නිදහස් කරගැනීමෙන් පසුවත් අපට මුලින්ම තියෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ස්ථාපනය කිරීමයි. එය අපේ රජයේ මූලික වගකීමක් සහ යුතුකමක්.
ඊළඟට අපි විශ්වාස කරනවා විදේශීය වශයෙන් අපිට විශාල ලෙස මුදල් ලැබෙයි කියලා. උදාහරණයක් වශයෙන් ගත්තාම නැඟෙනහිරට රජය වියදම් කරනවාට වඩා විශාල වශයෙන් ජාත්‍යන්තර සංවිධානවලින් ආධාර ලැබිලා තියෙනවා.
ඒ වාගේම උතුරේ සංවර්ධනයටත් දේශීය වශයෙන් කරන ආයෝජන මෙන්ම විදේශීය ආධාර විශාල ප‍්‍රමාණයක් ලැබේ. ඒවායින් සම්පූර්ණයෙන්ම ජනතාවගේ ජන ජීවිතයේ ආර්ථිකයේ විශාල පරිවර්තනයක් කරන්න පුළුවන් වේවි.
උතුරු නැඟෙනහිර සම්පූර්ණයෙන්ම වගේ කෘෂි කාර්මික ප‍්‍රදේශ තිබෙන්නේ. ඒ ප‍්‍රදේශවල ජීවත්වන ජනයාට අවශ්‍ය කෘෂි කාර්මික පහසුකම් ලබාදීලා සංවර්ධනය පිළිබඳ යන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කරන්න ඕනේ.
උදාහරණ වශයෙන් කෘෂි කර්මය සම්බන්ධ මධ්‍යස්ථාන ගත්තම පසුගිය කාලයේ සිද්ධවුණ ත‍්‍රස්තවාදී කි‍්‍රයා නිසා නිලධාරීන් නැහැ සේවකයෝ නැහැ සම්පත් නැහැ.
ත‍්‍රස්තවාදී පාලන කාලයේදීත් අපි ඒ ස්ථාන වලට අවශ්‍ය ආධාර දුන්නා. ඒත් ඒ ආධාර එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් අතට ගියා මිසක් ජනතාවට ලැබුණේ නැහැ.ඒත් ඒ ප‍්‍රදේශ මුදාගත්තට පස්සේ අපිට අපේ වගකීම හරියට ඉෂ්ට කරන්න පුළුවන්.
එතෙන්දී අපි නැඟෙනහිර නවෝදය කි‍්‍රයාත්මක කළා වගේ උතුරට “උතුරේ වසන්තය” කියන වැඩසටහන කි‍්‍රයාත්මක කරනවා. මම මුලදී කිව්ව විදිහට නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය නංවන්න යටිතල පහසුකම් නංවන්න ආර්ථිකය නංවන්න රජය කටයුතු කළා වගේම උතුරේත් ඒ කි‍්‍රයාවලිය වඩාත් ශක්තිමත් ව සිදු කරන්න අවශ්‍ය සැලසුම් අපට තියෙනවා.
අමාත්‍ය තිස්ස විතාරණ මහතා ප‍්‍රකාශ කර තිබෙන පරිදි සර්ව පාර්ශික කමිටුවේ යෝජනාවලියට තවමත් එකඟවෙලා තියෙන්නේ 90%ක් පමණයි. ඒ අනුව දේශපාලන විසඳුම ගැන සැකයක් මතුවෙනවා නේද?
සියයට සියයක එකඟතාවකට එන්න කිසිම දෙයකදී බැහැනේ. 10% අයින් කරලා එකඟවුණු 90 පිළිබඳවයි අවසානයේ කටයුතු කරන්න වෙන්නේ. විශේෂයෙන්ම ඔය වගේ කාරණයකදී සියලු දෙනාගේම සිත්දිනාගෙන කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ.
වඩා හොඳ ගැළපෙන බහුතර පිරිසක් පිළිගන්නා දේ ඉටු කිරීම තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයකදී සිද්ධ වෙන්න ඕනේ. ඒනිසා සර්ව පාර්ශික කමිටුවට එන සියලු දේශපාලන පක්ෂවල එකඟතාව ගන්න අසීරුවෙයි.
ඒක ශී‍්‍ර ලංකාවේ විතරක් නොවේ ලෝකයේම තියෙන පොදු තත්ත්වයක් එහෙත් අපි එතෙන්දි බහුතරයක් පිළිගන්න තීරණය තමයි කි‍්‍රයාත්මක කළ යුත්තේ
අනික උතුරුටත්, නැඟෙනහිරට වගේම පළමුවෙන්ම 13 වෙනි සංශෝධනය කි‍්‍රයාත්මක කරන්න ඕනේ. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය කවදාවත් උතුරේ කි‍්‍රයාත්මක වෙලා නැහැ.
ඒක හදුන්වා දුන් පිරිසටත් කි‍්‍රයාත්මක කරගන්න බැරිව ගියා. ඒ නිසා 13 වෙනි සංශෝධනය පළමුවෙන්ම කි‍්‍රයාත්මක කරලයි . අනික් ඒවාට යොමු වෙන්න සිදුවෙන්නේ.
සර්වපාර්ශික කමිටුවට විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂ දෙක නැහැ. එවැනි තත්ත්වයක රටටම වැදගත් තීරණයක් ගන්නේ ප‍්‍රධාන විපක්‍ෂය නොසලකා හැරලද?
සර්ව පාර්ශික කමිටුවට මුලදී එජාපයයි ජවිපෙයි සහභාගිවුණා. ඒ අය ඔවුන්ගේ අදහස් දීලා ගියා. එක්සත් ජාතික පක්ෂයේ අද ඉන්න නායකයාගේ හැටියට ඔහු මේ රටේ පොදු යහපතට තීරණ ගන්න කෙනෙක් කියලා හිතන්න බැහැ.
එජාපයේ නායකයා හැම වෙලාවේම ප‍්‍රකාශ කරන්නේ ඔලුවෙන් හිටගෙන වගෙයි. ඇත්තෙන්ම අද එක්සත් ජාතික පක්ෂයට අකුණු ගහලා තියෙන්නෙත් ඒනිසයි.
එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකත්වය මේ රටේ දේශපාලනයේ ප‍්‍රධාන සාධකයක් හැටියට ගන්න බැහැ. එජාපයේ රට ගැන ආදරයක් තියෙන නායකත්වයක් තිබුණු කාලවල ඔවුන්ගේ මතය ඉතා වැදගත් ලෙස ප‍්‍රබල වුණා.
ඒත් අද එහෙම තත්ත්වයක් ඔවුන් පෙන්නුම් කරලා නැහැ. අද එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ ඔලුවේ වැඩකරන්නේ වෙනත් දේවල් දැන් බලන්න කිලිනොච්චිය ජයග‍්‍රහණය කරපුවාම රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා දැන් කිලිනොච්චිය අල්ලා ගත්තා ඒ නිසා යුද්ධයට යන වියදම නැහැ, තෙල් මිල අඩ කළහැකියි කියලා.
ඒ වගේම හරිම බොළඳ පටු අදහස් තියෙන නායකයෙක් මෙතෙන්දී සහය දෙයිද කියන ගැටලුවක් තියෙනවා.
එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සිටින පක්ෂ අතරත් සර්ව පාර්ශික කමිටුවේ යෝජනා සම්බන්ධයෙන් එකඟත්වයක් නැහැ නේද?
ආණ්ඩුව ඇතුළේ ඉන්න හැම කෙනෙක්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් සහ මහින්ද චින්තන මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුවයි එකතුවෙලා ඉන්නේ. ඒවාගේම ජනාධිපතිතුමාත් රජයත් අපි කවුරුත් පැහැදිලිව මහින්ද චින්තන මැතිවරණ ප‍්‍රකාශනයේ තිබෙන වැඩපිළිවෙළ අනුව තමයි කටයුතු කරන්නේ. රටේ ජනතාව අපිට බලය දීලා තියන්නේ ඒ මැතිවරණ ප‍්‍රකාශනයටයි. ඒ නිසා මැතිවරණ ප‍්‍රකාශනයට අනුවයි අපි කටයුතු කරන්නේ.
ත ඉන්දියාව මෙහෙයුම්වල අවසාන බාගයේ ශ‍්‍රී ලංකාවට බලපෑම් කරයිද කියන මතය නිතරම දේශපාලන වේදිකාවල ඇසුණා. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු ලේකම් වරයාගේ ශ‍්‍රී ලංකා ගමන පිළිබඳව යම් සැකයක් මතු වෙනවා නේද ?
නැහැ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉන්දියාව මේ අවස්ථාවේ අපේ මෙහෙයුම් ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ රටේ තිබෙන අභ්‍යන්තර ප‍්‍රශ්න බලාගන්න වෙලා තියෙන්නේ ඒවා සැඳ්‍රගන්න කටයුතු කරනවා හැරෙන්න අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දියාව ඇගිලි ගහන්නේ නැහැ.
ඉදිරියේදී ආර්ථික අර්බුදයක් ඇතිවෙන ලකුණු පහළවෙලා තිබෙන බවට මතයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් රජය කටයුතු කරන්නේ කොහොමද ?
ඉදිරියේදී කිසිදු ආර්ථික ප‍්‍රශ්නයක් අපිට ඇතිවෙන්නේ නැහැ. මේවා එක එක අය පේන බලලා කියන කතායි. අමෙරිකාවේ ආර්ථිකය කඩා වැටුණට අපි කලබල වෙන්න ඕනේ නැහැ.
අපි අපේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය දේ කරලා තියෙනවා. ඔය ප‍්‍රකාශ සියල්ලම අසුබවාදී ලෙස දකින හිතන අයගේ ප‍්‍රකාශයි. ඒ නිසා ඉදිරිය සුබවාදී මිසක් අසුබවාදී නැහැ. අපේ ආර්ථිකයේ කඩාවැටීමක් නොහෙත්ම සිද්ධවෙන්නේ නැහැ.
එස්.බී.දිසානායක මහතා මෑතකාලීනව ප‍්‍රකාශ කර තිබුණු ආණ්ඩුව ගමන් කරමින් ඉරන්නේ 1970 සමගි පෙරමුණු සිදුකළ වැනි හාල් පොසු යුගයකට බව ?
එයාගේ මොළය හොඳ නැහැ. එයා කියන දේවල්වලට අපි උත්තර දෙන්නේ නැහැ. ආඥාදායක නායකත්වයක් රටට අවශ්‍යයි කියන එස්.බී.දිසානායක මහත්තයා තමන් ඉන්නේ කොහෙද කියලවත් දන්නේ නැතිවයි ඔයවගේ ප‍්‍රකාශ කරන්නේ.
සිරස මාධ්‍ය ආයතනයට ගිනි තැබීම සහ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකියන්න ඕනේ කියලා විපක්ෂය ප‍්‍රකාශ කරනවා ?
ආණ්ඩුවට චෝදනාකිරීම විපක්ෂයේ ප‍්‍රතිපත්තිය සහ සම්ප‍්‍රදාය බවට පත්වෙලා තියෙනවා. මේ රටේ ප‍්‍රධාන පක්ෂය කියන්නේ අද බරපතළ ලෙස දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච නැගිටින්න බැරි තරමට කඩා වැටුණු පක්ෂයක්.
තමන්ගේ පක්ෂය යම් පොදු එකගතාවට තමන්ගේම මතයකට ගේන්න බැරි විපක්ෂයෙක් අද තියෙන්නේ. ඉතින් මොකක් හරි සිදුවීමක් වෙද්දී ඒක ආණ්ඩුව පැත්තට දානවා.
දැන්ඔය කියන සිද්ධි ආණ්ඩුව අතින් සිද්ධවුණා කියලා අපි පිළළිගන්නේ නැහැ. මොකද අපට කිසිම අවශ්‍යතාවක් නැහැ. මේවගේ සිදුවීම් ඇතිකරන්න. අද අපේ රජය ත‍්‍රස්තවාදයට එරෙහිව කරගෙන යන මෙහෙයුම් නිසා ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතිකවත් විශාල කීර්තියකට පත්වෙලා ඉන්නේ.
ඉන්දීය හමුදාවට වත් කරන්න බැරිවුණු දේ අපේ ආරක්ෂක හමුදා කරලා තියෙනවා. එහෙම රජය ජනප‍්‍රියත්වයේ ඉහළම මට්ටමකට පත්වෙලා තියෙන අවස්ථාවක මාධ්‍ය මර්දනයක් කරන්න අපිට වුවමනාවක් නැහැ.
මේ සියල්ල රජයේ ජනප‍්‍රියත්වය විනාශ කිරීම සඳහා කරන දේශපාලන කුමන්ත‍්‍රණයි. ඒ නිසා සිද්ධියක් සිදුවුණු ගමන් බොහොම පහසුවෙන් එක්පැත්තකට අත දික් කරලා ආණ්ඩුව තමයි කළේ කියන එක වැරැදියි.
අපි හොයලා බලන්න ඕනේ කොහෙන්ද මේවා සිද්ධවුණේ කියලා. දැන් මේ සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා.
ජනාධිපති තුමා පොලිස්පතිතුමාට උපදෙස් දීලා තියෙනවා. පරීක්ෂණණ විධිමත් කරන්න කියලා.ඒ පරීක්ෂණ වල ප‍්‍රතිඵළ ආවම කවුද මේ සිද්ධිය පිටුපස්සේ ඉන්නේ කියලා සොයාගන්න පුළුවන් වේවි. එහෙම නැතුව ළඟබලලා චෝදනා එල්ල කරන එක ඉතාමත් අසාධාරණයි.
ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්න පිළිබඳ ප‍්‍රකාශ නිකුත් කරන අමෙරිකානු තානාපතිවරයා පිළිබඳ රාජ්‍යතාන්ති‍්‍රක කි‍්‍රයාමාර්ගයක් ගන්නා ලෙස විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කුමක්ද ?
රජයේ ඇමැතිවරයෙක් වශයෙන් මම ඔයවගේ ප‍්‍රකාශ ගැන කතාකරන්න යන්නේ නැහැ. මම වැඩ කරන්න ඕනේ රාජ්‍ය ප‍්‍රතිපත්තිත් සමඟයි. එතෙන්දි රාජ්‍ය තාන්ති‍්‍රක නියෝජිතයෙක් සම්බන්ධයෙන් අපි වගකීමෙන් කටයුතු කරන්න ඕනේ.
තානාපතිවරු සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට තිබෙන බලතල සහ වගකීම අනුව තීන්දු ගනීවි. එහිදී ජනාධිපතිතුමාගේ තීරණවලට අපේ එකඟතාව තියෙනවා.
සාකච්ඡා කෙළේ මලික් චමින්ද ධර්මවර්ධන

ජවිපෙ නායකත්වය ගැන කළකිරී මන්තී‍්‍ර සරත් විජේසිංහ ආණ්ඩුවට එක්වෙයි
ජයසිරි මුණසිංහ
ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ති‍්‍රක් කණ්ඩායම් උප නායක හිටපු පළාත් සභා මන්තී‍්‍ර සරත් විජේසිංහ මහතා මාතලේ නාවුල මහජන කී‍්‍රඩාංගණයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) පැවැති මහජන රැලියේ දී රජය සමඟ එක්විය.
ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරමින් එළඹෙන මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී රජයට සහයෝගය දීම සඳහා විජේසිංහ මහතා තීරණය කොට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකත්වය පිළිබඳ කළකිරීමෙනි.
විජේසිංහ මහතා පසුගිය කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ජයග‍්‍රහණ වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ ප‍්‍රාදේශීය නායකයෙකි. ඒ මහතා මධ්‍යම පළාත් සභාව සඳහා මෙවර ද තරග කරයි.

Subscribe to:
Posts (Atom)